Friday, October 31, 2014

සංගීතයේ ඇති කෝඩ්ස් (chords) පිලිබඳව මූලික අවබෝධයක් ලබා ගනිමු,



සුභ දවසක් ඔයාල සියලු දෙනාටම.අද මනා ඔයාලට සංගීතය සම්බන්ධ පෝස්ට් එකක් තමා ගෙනාවේ. මනා ගෙනාව මුල්ම සංගීතය සම්බන්ධ පොස්ට් එක ස්වර පිලිබඳව හඳුන්වල තිබ්බේ. ඒ පෝස්ට් එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. අද පෝස්ට් එකෙන් කතා කරන්නෙ එම පාඩමේ සිට ඉදිරියටයි. මතකනේ කලින් පෝස්ට් එකෙන් කිව්වා ප්‍රධාන වශයෙන් සංගීත ශයිලීන් දෙකක් ගැන අපට කතා කරන්න පුළුවන් කියල. පෙරදිග සංගීතය සහ අපෙරදිග (බටහිර) සංගීතය තමා ඒ ශයිලීන් දෙක. මෙහිදී පෙරදිග සංගීතය ලෙස හදුන්වන්නේ උතුරු ඉන්දියානු සංගීතය සහ දකුණු ඉන්දියානු සංගීතය මුල් කරගත් සංගීත ශයිලීන්ට. පෙරදිග සංගීතය ගැන මේ කියන්න යන ටික මේ ලිපියට ගැලපෙන්නෙ නෑ.නමුත් එය කිව යුතුම කාරණයක් බැවින් මෙසේ සටහන් කරල දාන්න මනා කල්පනා කලා

දැනට ලංකාවේ තිබෙන පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම පෙරදිග සංගීතය උගන්වන්නේ සහ අනුගමනය කරන්නේ ඉන්දීයානු සංගීතය මුල් කරගෙන සහ පදනම් කරගෙනය. එම ක්‍රමය ගැන මනාට කිසිම පැහැදීමක් නම් ඇතිවෙන්නෙ නෑ. ලංකාවේ ඉන්න අපි ඉන්දියාවේ සංගීතයක් ඉගෙනගන්නේ මොකටද? එතකොට ලංකාවට අවේණික සංගීතයක් නැද්ද? පාසල් අධ්‍යාපනයේ සිටම හින්දි භාෂාවෙන්ම ඇති රාග හෝ සිංහල වචන දමා සකසන ලද එම රාග ටිකම ඉගැන්වීමෙන් ලංකාවට අවේනික සංගීතයක් නිර්මාණය කරන්නේ කෙසේද? යන කරුණු මානාගෙ හිතේ ඇති ගැටළු කිහිපයකි. අද ලංකාවේ පෙරදිග සංගීතය ඉගෙන ගන්නේ නම් ඔහු/ඇය ගේ එකම අරමුණ සංගීත විශාරද වීම සහ නිපුන් වීමය. එවන් විභාගයන් සමත් වී දක්ෂයෙක්  උනාට මනාට කිසිම ඉර්ශ්යාවක් හෝ තරහක් නැත.නමුත් එසේ විශාරද වුන බොහෝ දෙනෙක් ඉන්දියානු සංගීතයට එහා කිසිවක් නොදන්නවා වගේම හැසිරෙන්නේ ද ඉන්දියානු සම්ප්‍රදායේ හැදී වැඩුණු පුද්ගලයෙකු ලෙසටයි(එසේ නැති හොඳ දක්ෂ පුද්ගලයනුත් ඉන්නවා කියල මනා දන්නවා :D ). ඉතින් මනාට  ඇති එකම ප්‍රශ්නය ලංකාවට අවේනික සංගීතය දියුණු මට්ටමකට ගෙනත් එයට රටම පිළිගන්නා වටිනාකමක් ලබා නොදෙන්නේ ඇයි යන්නයි. එය පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිට ඇති කලයුතු වැදගත් ක්‍රියාමාර්ගයකි. 
ඇත්තටම ලංකාවට අවේනික සංගීතයක් තියෙනවද? ඔව්  අනන්ය වුන අපේම සංගීතයක් තිබෙනවා.එය ජන සංගීත ශයිලියයි.අප අතරින් වෙන්වුන ලයනල් රන්වල ශුරින්, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා ලංකාවට අවේනික සංගීතයක් ඇති බව ඔප්පුකර පෙන්වූ මහා ඝන්ධර්වයෝ දෙදෙනෙකි. නමුත් එය හඳුන්වන්නේ සරල සංගීත ශයිලියක් ලෙසට වීම මහත් දුකකි. ඉතින් මනා පෙරදිග සංගීතය ගැන ඔයාලට වැඩි දෙයක් කියල දෙන්න අපේක්ෂා කරන්නේ නෑ.
මනා ඔයාලට කියන්න යන්නෙ අපේ රටට කොහොමත් අයිති නැති මුළු ලෝකෙම අනුගමනය කරන මුලික බටහිර සංගීත ශයිලිය ගැනයි. ඒ ගැන කතා කරද්දී ස්වර හැඳින්වීම සිංහල ක්‍රමයට සහ අනෙක් ක්‍රමයට යොදා ගන්න මනා බලා පොරොත්තු වෙනවා.  සාමාන්‍යයෙන් මනා දකින විදිහට බටහිර සංගීතය කියන්නේ තරමක් සංකීර්ණ ශයිලියක්. නමුත් එය පහසුවෙන් ඉගෙන ගැනීමට පුළුවන්. 
ඔයාලට මතක ඇති නෙ මානාගෙ පළවෙනි පොස්ට් එකේ කිව්වා chords (කෝඩ්ස්) කියල වචනයක්.ගොඩ දෙනෙක් මේ ගැන නම් දන්නවා ඇති. අද බලාපොරොත්තු වෙන්නෙ මේ කෝඩ්ස් ගැන ඔයාලට මුලික අවබෝධයක් දෙන්න.

මොකද්ද කෝඩ්(chord) එකක් කියල කියන්නේ?

සංගීතයේ තියෙන්නෙ ස්වර දොළහයි නේ.මේ ස්වර වලින් ස්වර තුනක් හෝ ඊට වැඩි ගණනක් යොදා ගනිමින් සංගීත භාණ්ඩයක් ඇසුරින් එකවර වාදනය කරන ස්වර කිහිපයේ එකතුවට අපි කෝඩ් (chord) එකක් කියල කියනවා.සාමාන්‍යයෙන් සංගීත නිර්මාණයක් කරනකොට එම නිර්මාණය  රඳා පවතින්නේ එකිනෙකට සම්බන්ධ ස්වර සමුහයක් මත. මෙන්න මේ ස්වර සමුහයට අපි බටහිර සංගීතයේදී කියනවා ස්කේල්(scale) එකක් කියල. එහෙම තියෙන ස්කේල් එක අයිති වෙන්නෙ මේ අපි කතා කරන්න යන කෝඩ් වර්ගයකට. එතකොට එම නිර්මාණය රඳා පවතින ප්‍රධානතම කෝඩ් එක අනුව තමා අපිට දැනෙන හැඟීම් තීරණය වන්නේ.  ඒ වගේම දැනගන්න ඕන දෙයක් තමා නිර්මාණයක් රඳා පවතින්නෙ එක කෝඩ් එකක් මත උනාට එය ලස්සන කරන්න ප්‍රධාන කෝඩ් එක සමග ගැලපෙන තවත් කෝඩ්ස්(relative chords)  කිහිපයක් යොදා ගන්නවා.ඒ ගැන වෙනම ලිපියකින් ඉදිරියේදී කතා කරමු.


සංගීතයේදී කෝඩ්ස් වර්ග රාශියක් තියෙනවා.සමහර ඒවා ඔයාල අහලත් ඇති.මේජර් (major) කෝඩ්ස්, මයිනර් (minor) කෝඩ්ස්, සෙවන්ත් (seventh) කෝඩ්ස්,මේජර් සෙවන්ත්(Major seventh), මයිනර් සෙවන්ත්(minor seventh) කෝඩ්ස්, ඩිමිනිෂ්(diminish) කෝඩ්ස්, ඕගමෙන්ටඩ්(augmented) කෝඩ්ස්, සස්(sus) කෝඩ්ස්, මයිනර් නයින්ත්(minor nineth) කෝඩ්ස් ආදී තවත් කෝඩ්ස් වර්ග ගොඩක්  තියෙනවා. නමුත් මෙම කෝඩ්ස් වර්ග අතරින් මුලිකවම දැනගත යුත්තේ මේජර් සහ මයිනර් කෝඩ්ස් වර්ග දෙකයි. මෙම වර්ග දෙක හැර අනිත් සියලුම කෝඩ්ස් නිර්මාණය වන්නේ මෙම මුලික මේජර් කෝඩ්ස් සහ මයිනර් කෝඩ්ස් වලට අලුත් ස්වර එකතු වීමෙන් හෝ ස්වර කිහිපයක් වෙනස් වීමෙනි.මේ විදිහට විව්දාකර වූ කෝඩ්ස් භාවිතා කරල විවද වූ හැඟීම් සංගීතය මගින් ඉස්මතු කරල පෙන්වන්න පුළුවන්.ආදරය, විරහව, භය, දුක ප්‍රබෝධය වගේ විවිදාකාර වූ හැඟීම් මෙන්න මේ කෝඩ්ස් භාවිතා කරල ඉස්මතු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මයිනර් කෝඩ්ස් ගොඩක් වෙලාවට යොදා ගන්නේ දුක විරහව වගේ හැඟීම් ඉස්මතු කරන්න.ඊළඟට දැනගන්න ඕනේ කරුණ තමයි මේ සෑම කෝඩ්(chord) වර්ගයකටම කෝඩ්ස් දොළහ ගානේ තියෙනවා.මොකද සංගීතයේ ස්වර දොළහක් තියෙනවනේ. දැන් අපි බලමු මොනවද මේ මේජර් කෝඩ්ස් සහ මයිනර් කෝඩ්ස් කියන්නෙ කියල.

මේජර් කෝඩ් එකක් හැදෙන්නෙ කොහොමද?

මේජර් කෝඩ් එකක් කියන්නේ කිසියම් ස්වරයක් මුලික කරගෙන එයට තව ස්වර දෙකක් යොදාගනිමින් නිර්මාණය කරන ස්වර පන්තියටයි.එය මෙසේද පැහැදිලි කල හැකියි. ඔයාට C මේජර් කෝඩ් එක වාදනය කල යුතුනම්,  මුලින්ම C(ස) note (ස්වරය) එක ගත යුතුයි.මෙහිදී සංගීතයේ තියෙන ස්වර දොළහ ගැන අවබෝධයක් තිබිය යුතුයි.(C  C# D  D#  E  F  F# G  G#  A Bь B) මෙම උදාහරණයට අනුව C(ස) note එක අපි ගන්නවා අංක එක(1) ලෙසට.එතැන් සිට පස්(5) වෙනි ස්වරය (E /ග) සහ  අට(8) වෙනි ස්වරය (G/ප) යන ස්වර තුන යොදා ගනිමින් C මේජර් කෝඩ් එක නිර්මාණය කරගන්න පුළුවන්. පහත රුපය බැලුවම තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්.

  
මේජර් කෝඩ් එක හඳුන්වනු ලබන්නේ:  අදාල ස්වරයේ(note එකේ) නම මුලින් පැවසීමෙනි (උදා. C මේජර් ).
මේජර් කෝඩ් එකක් ලියන්නේ: අදාල ස්වරය(note) පමණක් ලිවීමෙනි (උදා: C ).

දැන් බලමු කොහොමද මේ ස්වර දොළහටම අදාල මේජර් කෝඩ්ස්(major chords) ටික ලියන්නෙ කියල.



.

මයිනර් කෝඩ් එකක් හැදෙන්නෙ කොහොමද?

මයිනර් කෝඩ් එකක් හැදෙන කොට තිබෙන එකම වෙනස්කම වන්නේ මේජර් කෝඩ් එකේ තිබෙන දෙවෙනි ස්වරය (note) එක semi tone(සෙමිටෝන්)එකකින් අඩු වීමයි. උදාහරණයක් විදිහට ඔයාට C මයිනර් කෝඩ් එක වාදනය කල යුතුනම්,  මුලින්ම C(ස) note (ස්වරය) එක ගත යුතුයි. මෙම උදාහරණයට අනුව C(ස) note එක අපි ගන්නවා අංක එක(1) ලෙසට.එතැන් සිට හතර(4) වෙනි ස්වරය (D#/කෝමල ග) සහ  අට(8) වෙනි ස්වරය (G/ප) යන ස්වර තුන යොදා ගනිමින් C මයිනර් කෝඩ් එක නිර්මාණය කරගන්න පුළුවන්. පහත රුපය බැලුවම තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්.



මයිනර් කෝඩ් එක හඳුන්වනු ලබන්නේ:     අදාල ස්වරයේ(note එකේ) නම සමග අගට මයිනර් යන්න           පැවසීමෙනි. (උදා: C මයිනර්).
මයිනර් කෝඩ් එකක් ලියන්නේ:   අදාල ස්වරය(note) ඉදිරියෙන් සිම්පල් එම්(m) අකුර ලිවීමෙනි (උදා: Cm).

මයිනර් කෝඩ්ස්(minor chords) ලියද්දිත් කලින් වගේම ස්වර දොළහට අදාලව ලියන්න ඕනේ.



මෙම කෝඩ්ස් ගැන දැනීම පමණක් තිබිල මදි.ඒවා සංගීත භාණ්ඩයක් ඇසුරින් වාදනය කිරීමේ හැකියාව සහ අත්දැකීමත් තරමක් හෝ තිබිය යුතුයි.එතකොට තමා මෙම කෝඩ්ස් වර්ග වල තියෙන වෙනස්කම් හොඳට දැනෙන්නෙ. ඉතින් ඒ අත්දැකීම ලබා ගන්න නම් නිවැරදි තාක්ෂණික ක්‍රමයන්ට අනුකුලව සංගීත භාණ්ඩයක් ඉගෙන ගැනීම සිදු කල යුතුයි. මුලිකවම ඉගෙන ගන්නට සුදුසු භාණ්ඩ වන්නේ විදුලි ඕගනය (Electric Keyboard) සහ ගිටාරය (Guitar) යි. මෙම භාණ්ඩ වාදනය කරන නිවැරදි ක්‍රම ගැන ඉදිරි ලිපියකින් කතා කරන්න මනා හිතන් ඉන්නවා. එතකන් මෙම කෝඩ්ස් ගැන මුලික අවබෝධයක් ලබා ගන්න කියල මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.

මෙම පොස්ට් එකේ දෝෂයක් හරි අපැහැදිලි තැනක් හරි තියෙනවනම් පහළින් comment එකක් දාන්න මතක් කරල.ඒක ගොඩක් වටිනව මනාට. එහෙනම් තවත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු.ජය වේවා !!!!

Thursday, October 30, 2014

Windows Registry කියන්නේ මොකද්ද කියල දැනගනිමු.




windows_registry
මේ ලිපිය මගින් මනා කියන්න යන්නෙ windows ඔපරේටින් සිස්ටම්ස් (windows xp ,7 සහ 8)   භාවිතා කරන අය දැන ගන්න ඕන වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි Windows Registry(වින්ඩොව්ස් රෙජිස්ට්‍රි). සමහර අය මේ registry ගැන අහන්නෙ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගැන දන්න ගොඩ දෙනෙකුත් ඉන්න පුළුවන්. කොහොම හරි මනා බලාපොරොත්තු වෙන්නේ මේ ගැන මුලික දැනුමක් අවබෝධයක් ඔයාලට ලබාදෙන්න. 


මොකද දන්නවද, මනා දැක්ක ගොඩක් සිංහල බ්ලොග්ස් වල මේ registry ගැන කිසිවක් කියල දෙන්නෙ නැතුව ඒවා පාවිච්චි කරල කරන්න පුළුවන් පොඩි පොඩි වැඩ මහා වැඩ හැටියට පෙන්නල දීල තිබුණු අවස්ථා :D ඉතින් ඒවා දකින ගොඩක් දෙනෙක් කිසිම තේරුමක්  නැතිව ඒවා අනුගමනය කරන්න ගිහින් තමන්ගේ පරිගණකය අප්සෙට් කරගත්ත අවස්ථා ඕනෙ තරම් තිබුන.දැන් ඉතින් අනිත් බ්ලොග් ලියන අය මනාගේ පින්තාරුව එක්ක තරහ ගන්න එපා :).    



 Windows Registry(වින්ඩොව්ස් රෙජිස්ට්‍රි) පිළිබඳව ඔයාල දැනගත යුත්තේ ඇයි?
   
   Registry(රෙජිස්ට්‍රි) කියල කියන්නෙ වින්ඩොව්ස් සහිත PC එකක් වැඩ කරන්න  නැතිනම් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන අනිවාර්ය අංගයක්. වින්ඩෝස් පාවිච්චි කරන ඔයාලට මේ registry ගැන මුලික අවබෝධයක් හරි අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ කියල මනාට හිතෙනවා.මේ registry ගැන දැන ගැනීම මගින් පරිගණකයේ ඇති වන දෝෂ ගොඩක් නිවැරදි කරගන්නත් තවත් බොහෝ දේත් කරන්න පුළුවන්.

මොකද්ද මේ Windows Registry(වින්ඩොව්ස් රෙජිස්ට්‍රි) කියන්නෙ?

Windows Registry කියන්නෙ පරිගණකයේ තිබෙන දෘඩාංග(hardware) සහ මෘදුකාංග(software) ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන සියලුම තොරතුරු ඇතුලත් වෙලා තිබෙන ප්‍රධාන දත්ත ගබඩාවට. අපි පරිගණකය මගින් වින්ඩොව්ස් භාවිතා කරමින් කිසියම් වැඩක් කරන විට ඒ වැඩේ කිරීම සඳහා තොරතුරු ලබා ගැනීමට මේ වින්ඩොව්ස් රේජිස්ට්‍ර් වලට ප්‍රවේශ වීම සිදුකරනු ලබයි. ඒ සියලුම තොරතුරු සැඟවුණු system binary files කීපයක් අතර බෙදල තියෙන්නෙ. ඒ කියන්නේ මේ තොරතුරු ඇතුලත් කරලා තියෙන්නේ binary(එක බින්දුව) ක්‍රමේට. මේවා එක්ක ගොඩක් වෙලාවට වැඩ කරන්නේ මේ සම්බන්ද විශාරද පුද්ගලයන්. නමුත් මේ registry වල සමහර කොටස් අපිට බලාගන්න පුළුවන් Registry Editor Accessory එහෙම නැත්නම් Regedit.exe භාවිත කරල. මේ regedit එකේදී කරන්නේ අර binary ක්‍රමේට තියෙන තොරතුරු අපිට කියවගන්න පුළුවන් ආකාරයට හදල දෙන එක. මොකද අපිට binary ෆොර්මැට් එක කියවල තේරුම් ගන්න බෑ නේ :D. 

නමුත් මේ Registry එක්ක වැඩ කරන එක ටිකක් අවදානම්.මොකද දන්නවද කිසිම අවබෝධයක් නැතුව මේ registry වෙනස් කරන්න ගියොත් අපේ පරිගණකය නිවැරදිව ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්.ඒ හින්ද ගොඩක් වෙලාවට registry එක්ක වැඩ කරන්න කලින් පරිගණකයේ backup(බැකප්) එකක් අරන් තියාගන්න එක සාමාන්‍ය සිද්දියක් :). හදිස්සියේ හරි අපි අතින් වැරද්දක් උනොත් අර backup(බැකප්) එක  පාවිච්චි කරලා පරිගණකය යථාතත්වයට ගන්න පුළුවන්.  


Windows Registry ආරක්ෂාකාරීව edit(සංස්කරණය) කිරීමේදී අනුගමනය කලයුතු ක්‍රියාපටිපාටිය.

1) ඔබ Registry edit කිරීමට පෙර ඉහත සඳහන් කල පරිදි ඔබගේ පරිගණකයේ Backup එකක් ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු කරන්න. මෙහිදී System Restore Point එකක් සදා ගැනීම ඉතාමත්ම හොඳයි.

2) ඊළඟ කාරණේ තමයි කොහොමද මේ හදාගත්ත Backup එක Restore(නැවත ස්ථාපනය) කරන්නේ කියන එක දැනගෙන සිටීම.

3) සෑම විටම එක පාරකට එක register එකක් පමණක් edit කරන්න.එහෙම edit කලාට පස්සෙ හැම වෙලේම ඉඳල බලන්න  ඕනෙ අපි අපේක්ෂා කරපු දේ උනාද කියල. අනෙක් කාරණය තමයි එකවරකට registries කිහිපයක් වෙනස් කලොත් අනිවාර්යයෙන්ම පරිගණකය restart කිරීම කල යුතුයි කියන එක.

4) මෙම කාරණය ඉතාම වැදගත්. සැමවිටම registry එකක් edit එකක් සිදු කිරීම කලයුත්තේ විශ්වසවන්ත සහ නිර්දේශ කරලා තියෙන මුලාශ්‍රයක් පාවිච්චි කරල. ඒ කියන්නේ ඔය internet එකේ තියෙන එක එක tricks අරව මෙව්වා දැක්ක ගමන් කරන්න එපා කියන එක. මොකද ඒවා කරලා හානි වෙන්නේ ඔයාලගේ පරිගනකයටමනේ :p.

කොහොමද මේ registry edit කරන්නෙ?

මේ registry එඩිට් කරන්නේ Registry Editor එක පාවිච්චි කරල.

1) වින්ඩෝස්(Windows) key එකයි R key  එකයි එකවර press (Windows key + R) කරල Run එක open කරගන්න.
2) දැන් මෙන්න මේක type කරන්න regedit 
3) ok කරන්න.
4) ඊට පස්සේ එන User Account Control එකට Yes click කරන්න.

regedit



ඔය පියවර ටික අනුගමනය කරල Reistry Editor එක open කරගත්තම මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්න ඕනේ.

registry_editor


මේකේ පෙනුම හරියට වින්ඩොව්ස් එක්ස්ප්ලෝර(Windows Explorer) එක වගේ. මේකෙ වම් පැත්තෙ තියෙන ටිකට කියන්නේ Keys කියල.  දකුණු අත පැත්තෙ  තියෙන ඒවට කියන්නේ values කියල.  මේ values වෙනස් කිරීම මගින් තමයි අපිට අවශ්‍ය කරන දේ සිදුකර ගන්නෙ (එහෙම කරන්න පුළුවන් දේවල් අපි වෙනම පෝස්ට් එකකින් කතා කරමු). මේකෙ යටින්ම තියෙන තීරුවේ පෙන්නන්නේ දැනට highlight වෙලා තියෙන Key එකේ පාත් එක.

Registry Editor එකේ මුලිකව Keys පහක් තියෙනවා.ඒවා මොනවද කියල කෙටියෙන් බලමු. 


Keys                                                                                    විස්තරය                                                          

HKEY_CLASSES_ROOT         file ආශ්‍රයන් සහ  COM  object රේජිස්ට්‍රේෂන්  තැන්පත් කිරීම. 

HKEY_CURRENT_USER             දැනට ලොග් වෙලා තියෙන user account එකේ දත්ත තැන්පත් කිරීම. 

HKEY_LOCAL_MACHINE          අපේ පරිගණක පද්දතියේ ඇති තොරතුරු තැන්පත් කිරීම.

HKEY_USERS                                අපේ පරිගණකයේ ඇති සියලුම user accounts ගැන තොරතුරු                                                                                                                                             තැන්පත් කිරීම.

HKEY_CURRENT_CONFIG      දැනට අප පරිගණකයේ ඇති ආකෘතිය(configurations එහෙම) සම්බන්ධ                                                                                                                           තොරතුරු  තැන්පත් කිරීම.                             

Registry Editor එකේ ඇති මෙනුස්(Menus)

මෙහෙදී මනා කතා  කරන්නෙ File සහ Edit මෙනු  පමණයි.

File මෙනුව                                                                             Edit මෙනුව 

                         
                                       
                                               


මෙහිදී File මෙනුවේ ඇති Import සහ Export භාවිත කරමින් තනි තනි Keys, Registry files සමග බැකප්(backup) සහ රීස්ටෝර් (Restore) කිරීම සිදු කරන්න පුළුවන්.

Edit මෙනුව භාවිත කරමින් Registry එකේ වෙනස්කම් සිදු කල හැකියි. මෙහිදී Keys සහ values delete(මකා දැමීම), add(එකතු කිරීම) සහ rename කිරීම සිදු කල හැක.

ඉතින් Registry Editor එක ගැන මේ ලිපියේ තියෙන කරුණු ටික දැනගෙන සිටීම ඔයාලට ගොඩක් වැදගත් වේවි. මේ registry values වෙනස් කරල විවිදාකාර වැඩ කරන්න පුළුවන්.ඒවානම් ඔයාල දන්න්නවත් ඇති මේ වෙද්දී :p  මම මේ පෝස්ට් එක පටන් ගනිද්දී කිව වගේ :D. ඒ උනාට මනා හිතාගෙන ඉන්නවා එහෙම කරන්න පුළුවන් පොඩි පොඩි වැදගත් වැඩ ටිකක් ඔයාලට පෝස්ට් එකකින් ඉදිරියේදී ගෙන්න. මේ ලිපිය ගොඩක් දික් ගැස්සුනා. එහෙනම් මේ කරුණු ටික ගැන හොඳට අවබෝධයක් අරගන්න. ජය වේවා හැමෝටම!!!
   


    

Wednesday, October 29, 2014

සංගීතයේ ස්වර පිලිබඳව සරලව අවබෝධයෙන් ඉගෙන ගනිමු.



සුභ දවසක් යාලුවනේ.අද මනා ඔයාලට ගේන්නේ සංගීතය පිළිබඳව ලිපියක්.මේ ලිපිය කියවන සමහර අයට සංගීතය පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර යට කිසිම  දැනුමක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ ලිපියේ කොතැනක හරි වැරද්දක් තිබුනොත් ඒ ගැන කොම්මේන්ටුවකින් මනාට දැනුම් දෙන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.හරි අපි අපේ මාතෘකාවට යමු.


සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියල ඔයාල කවුරුත් අහල ඇතිනෙ. ඒකනේ අපිට ඕනෑම සංගීත ශයිලියක් රස විඳිද්දී විවිදාකාර වුන හැගීම් ඇති වෙන්නේ.විරහව, ආදරය, භය, ඔය වගේ හැඟීම්. ඉතින් ඔය හැම හැඟීමක්ම ඇති කරන සංගීතය නිර්මාණයට මුලික හරය වෙලා තියෙන්නේ සංගීතයේ තියෙන ස්වර.ඉතින් ඔය ස්වර භාවිතා කරන ආකාරය අනුව තමයි සංගීතයේ එක එක ශයිලින් බිහි වෙන්නේ. මුලික වශයෙන් අපි දන්න ශයිලින් තමයි පෙරදිග සහ බටහිර සංගීත ශයිලීන්. ඒ ශයිලීනුත් නැවත එක එක කොටස් වලට බෙදෙනවා. අපි ඒ ශයිලීන් ගැන වෙනම ලිපියකින් කතා කරමු.

හරි දැන් අපි කතා කරමු සංගීතයේ තියෙන ස්වර ගැන.පෙරදිග සංගීතයේදී මුලිකව ස්වර හතක් හදුනා ගන්න අපිට පුළුවන්.ඔයාල කාගෙන් ඇහුවත් කියයි "ස රි ග ම ප ධ නි" කියල නේද :D. ඔව් ඒ තමා සංගීතයේ තිබෙන ශුද්ධ ස්වර.එම ස්වර හත ස්වර ස්වප්තකය ලෙස හඳුන්වනු ලබනවා. ඉතින් ඔයාලට කියන්න ඔය ප්‍රධාන ස්වර හතට තව ස්වර පහක් එකතු වෙන්න ඕනේ. ඒ ස්වර පහ තමයි කෝමල රි , කෝමල ග , තීව්ර ම ,කෝමල ධ ,කෝමල නි. එතකොට ඔක්කොම ස්වර දොළහයි. මෙහෙම ස්වර දොළහේ කොටස් ප්‍රධාන වශයෙන් කොටස් 3(තුනක්)ට බෙදනවා.මන්ද්‍ර, මධ්‍ය, උච්ච ලෙස එම කොටස් තුන හඳුන්වන්න පුළුවන්.

හරි දැන් එතකොට ඔය ස්වර පහ කොහෙද ස්වර ස්වප්තකයේ  තියෙන්නේ කියල කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේ.ඒක දැන ගන්න කලින් මොනවද මේ කෝමල සහ තීව්ර කියල ස්වර වර්ග දෙකක් තියෙන්නේ කියල දැනගෙන ඉමු.මෙහෙමයි වෙන්නේ. අපි දන්නා ස්වර තුනක් ගමු උදාහරණයක් විදිහට.මම "ස","රි","ග" කියන ස්වර තුන ගන්නම්.
දැන් ඔතැනින් "" සහ "රි" ස්වර දෙක අතර තව ස්වරයක් තියෙනවා.හැබැයි ඒ ස්වරය "ස" වල තියෙන හඬ ඉඳන් හරියටම හඬ භාගයකින් වැඩියි. ඒ වගේම "රි" වල තියෙන හඬ ඉඳන් හරියටම හඬ භාගයක් අඩුයි. එහෙම කිව්වට ඕක  තේරුම් යන්නේනැති  නැති වෙන්න පුළුවන්. 


       
1 රූපය
             

එහෙම යම් සවරයක ඉඳන් හඬ භාගයක් වැඩි වෙන ස්වරයකට අපි කියනවා තීව්ර ස්වර කියල. ඒ වගේම යම් සවරයක ඉඳන් හඬ භාගයක් අඩු වෙන ස්වරයකට අපි කියනවා කෝමල ස්වර කියල.
ඒ ස්වර ලියන ආකාරය මෙම photo එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

2 රූපය


මම ඒ කතා කරපු ස්වර පහ පෙරදිග සංගීතයේදී අපට මේ විදිහට බෙදන්න පුළුවන්.
කෝමල ස්වර = 4 (කෝමල රි , කෝමල ග , කෝමල ධ ,කෝමල නි)
තීව්ර  ස්වර = 1 (තීව්ර ම )

එතකොට මේ ඔක්කොම ස්වර දොළහ ලියන්නේ මෙහෙම.
(ස , කෝමල රි ,  රි , කෝමල ග,  ග , ම  , තීව්ර ම ,  ප , කෝමල ධ , ධ , කෝමල නි,  නි )


දැන් අපි පොඩ්ඩක් බලමු විදුලි ඕගනයක ස්වර පුවරුවක්.එතකොට ඔයාලට මේ  තිබෙන ස්වර පිලිබඳ  අවබෝධයක් ගන්න පුළුවන්

3 රූපය


ඔය අපි කතා කලේ පෙරදිග සංගීතයේදී ස්වර හඳුන්වන ආකාරයයි. දැන් අපි බලමු බටහිර සංගීතයේදී ස්වර යෙදෙන ආකාරය. බටහිර සංගීතයේදීත් අපි කලින් කතා කල ස්වර දොළහම තමයි තියෙන්නේ :D.
එකම වෙනස තමයි ඒ ස්වර දොළහ ලියන ආකාරය  සහ කොමල , තීව්ර ස්වර වලට කියන නම් සහ සලකුණු යනාදිය යෙදෙන ආකාරය. මෙහිදී මුලික ස්වර හත ලියන ආකාරය අපි බලමු.

ස = C , රි = D , ග = E , ම = F , ප = G , ධ = A , නි = B  

ඒ වගේම මේ ස්වර 3(තුනක්)ක් හෝ ඊට වැඩි ගණනක් භාවිතා කරගෙන බටහිර සංගීතයේදී chords (කෝඩ්ස්) නිර්මාණය කිරීම කරගනු ලබයි.chords පිලිබඳ අපි වෙනමම ලිපියකින් ඉදිරියේදී කතා කරමු.

බටහිර සංගීතයේදී කෝමල ස්වර හඳුන්වනු ලබන්නේ Flat notes ලෙසට සහ තීව්ර ස්වර හඳුන්වනු ලබන්නේ Sharp notes ලෙසටයි. එම ස්වර ලියන ආකාරය තරමක් වෙනස් ආකාරයකට සිදු කල හැක.
එනම් පෙරදිග සංගීතයේදී මෙන් නිශ්චිත ලෙසටම කෝමල සහ තීව්ර ස්වර මෙහිදී යොදා නොගැනීමයි. තවත් විස්තරාත්මකව සඳහන් කලොත් එය පහත රූපයේ පරිදි ලිවිය හැකිය.

4 රූපය


බටහිර සංගීතයේදී එක් සවරයක සිට එහි හඬ භාගයකින් වැඩි වීම හෝ අඩු වීම  semi tone ( සෙමි ටෝන් ) එකක් ලෙස හඳුන්වයි. එක්  සවරයක සිට තවත් එවැනි හඬ භාග  වැඩිවීම් දෙකක් tone ( ටෝන් ) එකක් ලෙස හඳුන්වනු ලබයි.  

5 රූපය


5 රුපය සැලකිල්ලට ගත් විටදී ඔබට තරමක් අවුල් සහගත බවට  පත් උන බව මනාගේ වැටහීමයි. එය මෙසේ සරල ලෙස තේරුම් ගත හැක.උඩින් වක්‍ර ඊතල මගින් පෙන්වා ඇත්තේ එක් සවරයක සිට එහි හඬ මෙන් භාගයක් වැඩි වන අවස්ථා වනුයි. එවිට සෙමි ටෝන් (semi tone) එක බැගින් අවස්ථා 11 (එකොළහක්) කදී බටහිර සංගීතයට අනුව ස්වර දොළහ නිර්මාණය කර ගත හැකිය.(පෙරදිග සංගීතයේදී ද මෙලෙස භාවිතා කිරීමේ හැකියාව ඇත.[මෙම tone , semi tone සිද්දිය ඔබ ගිටාරයක්  (Guitar) වාදනය කිරීමට යාමේදී ගොඩක් උපකාරී වනු ඇත.]

එලෙසම එම රුපයේම පහලින් ඇති වක්‍ර ඊතල මගින් පෙන්වා ඇත්තේ එක් සවරයක සිට එහි හඬ භාග වැඩිවීම් දෙකක් ඇති අවස්ථාවයි.ඒ ආකාරයට ගත් විට "ස" ස්වරයේ සිට ටෝන් 2(දෙකක්)ක් සහ එතනින් තව සෙමි ටෝන් එකකුත්, තවත් ටොන් 3(තුනක්)උත් ලෙස අවස්ථා 6(හය) කදී මුලික ස්වර හත නිර්මාණය කර ගන්න පුළුවන්. 

මෙම tone ,semi tone  කතාව තේරුම් ගැනීමට අපහසු අය ඒ සම්බන්ධව හිතිමෙන් වලකින්න :D. එය ඇතැම් සංගීත භාණ්ඩ වාදනය කිරීමේ පහසුව පිණිස යොදා ගනු ලබයි. 

ඉතින් මේ පෝස්ටුව මගින් මනාට උවමනා උනේ, සංගීතයේ ඇති ස්වර පිලිබඳ මුලික අවබෝධයක් ඔයාලට ලබා දීමටයි. ඉතින් මනා හිතනවා ඒ වැයම සාර්ථක වෙයි කියල. මෙහි කිසියම් වැරද්දක් ඇත්නම් එය මෙහි කොමෙන්ටුවකින් පෙන්වා දෙන්න.මනා ඔබගේ අදහස් ආදරයෙන් භාරගන්න කැමතියි.එහෙනම් තවත් ලිපියකින් අපි හමු වෙමු. ජය වේවා!!! 

ප .ලි: මෙය මනා විසින් ස්වයං  අද්යනයෙන් තේරුම් ගෙන නිර්මාණය කරන ලද්දකි. වැරදි ඇතොත් සමාවන්න :D   

Tuesday, October 28, 2014

Facebook ද? tsu ද?





මුදල් ලැබෙන සමාජ වෙබි අඩවියකට එකතු වෙන්න ඔබත් කැමතිද? මෙතෙක් කලක් ෆේස් බුක් සමාජ ජාලය ලොව පුරා ජනපියත්වයට පත් වුයේ එහි ඇති විශේෂිත පහසුකම් සහ user ට පහසුවෙන්  ඔහුගේ/ඇයගේ පොස්ට් ,photos  සහ videos බුකියට upload කිරීමේ හැකියාවත් නිසාය.දිනපතා facebook තුලට එකතු වන නිර්මාන හේතුවෙන් විශාල වශයෙන් ආදායමක් facebook  උපයා ගනු ලැබුවද, එහි පරිශිලකයන්ට කිසිදු මුදලක් ලබා දීමට එහි හිමිකාරිත්වය කටයුතු කෙරුවේ නැත. අද වන විට ලොව විශාලතම පරිශීලකයන් ප්‍රමාණයක් facebook භාවිතා කෙරුවද කිසිදු පරිශීලකයෙකුට එහි ගත කරන කාලසීමාව සඳහා කිසිඳු මුදලක් ඔවුන් ලබා ගන්නා අදායමෙන් ලබා නොදෙයි.
එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබගේ නිර්මාණ වලට වටිනාකමක් ලබා දෙන නවතම සමාජ වෙබ් අඩවියක් මෙි වන විට සීග්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවති. එම සමාජ ජාලය හදුන්වා ඇත්තේ TSU නමිනි. ඉතා මෑතකදී ආරම්භ වූ  මෙහි වි‍ශේෂත්වය වන්නේ පරිශිලකයන්ගේ නිර්මාන වලින් ලැබෙන මුදලින් 90% ක්ම පරිශීලකයන්ට බෙදා දීමට TSU කටයුතු කිරීමයි. එහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ ඔබගේ දැනට ඇති twitter, facebook  සහ instagram ගිණුම් සමග සම්බන්ධ වීමේ හැකියාවයි.
පෙනුම facebook  හා සමාන වන අතරම මුදල් ප්‍රමාණය හා ගිනුමේ ඉතිරිය ඉහලින් පෙන්නුම් කරනු ලබයි. මෙම සමාජ වෙබි අඩවියට ෆෙස්බුක් මෙන් Status ජායාරැප වීඩියෝ වෙනත් නිර්මාන දැමිය හැකි අතර එ්වාට Like, Comment, Share කල විට ඔබට ගෙවීමක් සිදුකරනු ලබයි.
TSU හි දැමිය යුත්තේ ඔබගේ නිර්මාන පමනක් වන අතර වෙනත් අයෙකුගේ හිමිකාරිත්වය සහිත එ්වා දැමුවිට එ්වා ඉවත් කිරිමට සමාජ වෙබි අඩවි ජාලය පියවර ගනී. 2013 දී අරමිභ කර ඇති TSU සමාජ ජාලය නිර්මාණය කර ඇත්තේ Sebastian Sobczak, Drew Ginsburg, Thibault Boullenger, Jonathan Lewin යන අය  විසිනි. TSU වෙබි අඩවිය  අන්තර් ජාලයට එක්කර ඇත්තේ 2014 ඔක්තොම්බර් 13 වෙනි දිනයි.සාමාජිකයන්ට මුදල් ගෙවීම සදහා මෙහි දැනටමත් ඩොලර් මිලියන හතක අරමුදලක් තිබෙි.
TSU  වෙබි අඩවියට පිවිසීමෙන් පමනක් සාමාජිකයෙකු විමට නොහැකි අතර වෙනත් TSU පරිශිලකයෙකුගේ TSU ගිනුමකින් ලැබෙන ඇරයුමක් හරහා පමණක් මෙහි සාමාජිකයෙකු විය හැකිවීමේ හැකියාව මෙහි ඇති සුවිශේෂිත්වයයි .
එම නිසා ඔබට TSU සාමාජිකයෙකු බවට පත් වීමට මෙම මනාගේ පින්තාරුව ගිණුම හරහාද සිදු කල හැක http://www.tsu.co/managepintharuwa

සමහර අයට මෙමගින් ඇත්තටම මුදල් ගෙවනවද යන්න සැක පහල වී තිබෙන්නට පුළුවන්. එ අයට දැනගන්න ලොකයේම ප්‍රසිද්ද බිල්බෝඩ් වෙබ් අඩවි‍ය්‍ෙද මෙි ගැන ලිපියක් පලකර තියෙනවා එම ලිපිය මෙතනින් බලන්න පුළුවන් http://www.billboard.com/articles/business/6289183/tsu-launches-as-first-social-payment-platform
 නමුත් මෙම මුදල් දවස් 30 යනකල් Withdrawal කරන්න බෑ මෙි ගැන නීති මෙම ලින්කුවෙන් බලන්න http://www.tsu.co/settings/faq

දැන් මුදල් ගෙවනවා කියූ සැනින්ම ඔබ මෙහි ගිණුමක් සාදා ගන්න කලින් මෙන්න මේ කරුණු ගැනත් සැලකිලිමත් උනොතින් හොඳයි.

පළමු කාරණය වන්නේ සාමාන්‍යයෙන් වෙබ් පිටුවකට පිවිසීමේදී එය පරිශිලකයා හට සුරක්ෂිත පිටුවක් බවට පත් විය  යුතුයි. විශේෂයෙන්ම සමාජ ජාලයකදී එය අනිවාර්ය විය යුතුයි .එසේ නොමැති උවහොත් ඔබගේ සියලු දත්තයන් තෙවන පාර්ශවයකට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එනම් වෙබ් ලිපිනය ඇතුලත් කරන විට එය HTTPS [Hiper Text Transfer Protocol with Secure sockets layer(SSL )] (උදා. https://www.facebook.com) ලෙස තිබිය යුතුයි. නමුත් මෙය tsu.co  මගින් ලබා නොදෙයි (ඒ වෙනුවට http://tsu.co යන්න පමණක් ඇත )(මෙම අඩුපාඩුව tsu ආරම්භයේදී පැවතුණද මේ වන විට එය නිවැරදි කර තිබෙනවා.(updated)). මුල්‍යමය කටයුතු සිදුවන ඕනෑම වෙබ් පිටුවක මෙය(https://) අනිවාර්ය අංගයකි. එමගින් පරිශිලකයා හට විශ්වාසවන්තව තම සේවය ලබා ගැනීමට හැකියාව ඇත. මෙම හේතුව නිසා මනාගෙ උපදේශය නම් ඔබ tsu ගීනුමක් සාදා ගත්තද, එයට ඔබගේ දැනට පවතින facebook, twitter සහ instagram යන ගිණුම් සම්බන්ද කිරීමෙන් වලකින්න. එය අපි කාගෙත් ඇඟට ගුණය :D

දෙවන කාරණය වන්නේ ඔබ ඉහත ලින්කුව භාවිත කර tsu ගිණුමක් සදා ගත් පසු එම ගිණුම තහවුරු කිරීම සඳහා ලැබෙන email එක සම්බන්දවයි.ඔබ ලබා දෙන email ගිණුමට tsu මගින් ලැබෙන තහවුරු කිරීමේ email  එක inbox එකට නොයාමයි.එය ඔබගේ email  ගිණුමේ  ස්පෑම් කොටසට යවනු ලබයි.එයද මනාට මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් උනා. එහි ඡායාරූපයක් මම මෙම පොස්ටුවට අමුනන්නම්.






ඉතින් මේ කරුණු දෙක පමණක් සැලකිල්ලට අරන් මෙය විශ්වාසවන්ත නැ කියල  එක  එල්ලේම කියන්න අමාරුයි. එත් මනාට අනුවනම් ඒක ටිකක් අප්සෙට් සීන් එකකි :D

ඉතින් යාලුවනේ මම මේ පොස්ට් එක දාල ඔයාලට කලේ හොඳක්ද නරකක්ද කියල ඔයාල තීරණය කරන්න. මනාට  tsu වලින්ම පොස්ටු දැමීම පටන් ගන්න හිතුනේ එක සැහෙන්න වේගෙන් ජනප්‍රිය වෙන නිසා සහ මම කලින් සඳහන් කල මා දකින ලද අවුල් දෙක නිසාය. එහෙනම් පරිස්ස්සමෙන් මේ අලුතෙන් ආපු TSU එක පාවිච්චි කරන්න කියල  ඉල්ලා  සිටිනවා.හැමෝටම ජයවේවා!!!

ප.ලී : මුලින් ආව කනට වඩා පස්සෙ ආව අඟ ලොකු කරගන්න එපා ;) (facebook ,twitter instagram ) 

මනාගෙ පළමු post එක


මනාගෙ පළමු post එක. 

මනා දකින විදිහට මනා කියනනෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න හෙන අහිංසකයෙක් :p. ඒකෙන් වැඩක් නෑ ඉතින්. කොහොමහරි මේ පෝස්ට් එකෙන් කියන්න හදන්නෙ ඉස්සරහට මනාගේ පින්තාරුව හැඩ කරන්න හිතන් ඉන්නෙ කොහොමද කියල. 

මනා ටිකක් සංගීතයට බර කෙනෙක්. ඉතින් ඔයාලට සංගීතය ගැනත් දැන ගන්න පුළුවන් වෙයි. ඒ වගේම නවීන තාක්ෂණික දැනුම සහ පරිගණක ආශ්‍රිත දැනුමත්, තව විවිදාකාර දේවල් ගැන දන්නා තරමින් ඔයාලට දැනුම ගෙනත් දෙන්න තමා හිතන් ඉන්නේ.හැබැයි මේ බ්ලොග් පිටුව එක දේකට කොටු කරන්න මනාට හිත දෙන්නෙ නැ . එහෙම උනොත් මනාගේ පින්තාරුව ලස්සන වෙන එකක් නෑ කියල හිතෙනවා. පින්තාරුව ලස්සන වෙන්නෙ එකට විවිදාකාර පාට එකතු උනහමනේ ;).












මේක කෙටි පෝස්ට් එකක් තමා :D. එත් එකෙන් මනාගේ ඉදිරි දැක්ම ගැන සරලව දැන ගන්න පුළුවන් උනානෙ ;). අපි ඉදිරියට හොඳ පෝස්ට් එකකින් හම්බෙමු.ඔයාලගේ නොමද සහයෝගය හැමදාටම මනා බලාපොරොත්තු වෙනවා.එහෙනම් ජය වේවා හැමෝටම!!! .