Saturday, April 1, 2017

ඔබට හැගෙන්නේ කුමක්ද?

ලොකු කුඩා, ජාති ආගම් භේදයකින් තොරව සියල්ලන්ම කුමන ආකාරයකින් හෝ ඇලුම්කමක් දක්වන විශ්ව භාශාවක් ලෙස සංගීතය හදුන්වා දුනහොත් එය නිවැරදි යැයි සිතීමට සියල්ලන්ම නොපැකිලෙන බව මාගේ විශ්වාසයයි. සංගීතයේ විකාශය කවදා කෙසේ ආරම්භවුනි දැයි නිශ්චිතව කිව නොහැකි වුවත් එය අරුමයක්මැයි සිතේ. මිනිස් සිතේ ඇතිවන හැගීම් සමුදායක් ඉස්මතු කර පෙන්වීමට මෙන්ම ස්වභාවික පරිසරයේ ඇතිවන සිද්දීන් සමුදායක් පවා මතුකරදී අපගේ සිත් පතුලටම කාවැද්දවීමට හැකියාවක් සංගීතයට ඇති බව ඔබ තරමක් සිතුවොත් වැටහෙනු ඇත.
 
මෙලොවට බිහිවූ පසු මවගෙන් ලැබෙන උණුසුම ආදරය අතරින් අප සංගීතයේ චායාවන් දකින්නට පටන් ගනු ලබන්නේ ස්වභාවිකවමය. එය මව සහ දරුවා යන දෙදෙනා අතර පවතින ලොව අපූරුතම සබඳතාවය මූලික කරගෙනය. දරුවාගේ හැඩීම හෝ දරුවා සනසවා ගැනීම හමුවේ මවගේ මුවින් පිටවන නැළවිලි ගීයේ හැඩය එසේත් නොමැති නම් තාලය ඔස්සේ අප සියලු දෙනාම සංගීතයේ මූලික හැඩතලයන් දැක ඇති බව මාගේ විශ්වාසයයි. එම හැඩතලයන් වල ස්වභාවය සහ එවා බිළිඳු මනසට දැනෙන ආකාරය අනුව ඔහු හෝ ඇය කෙරෙන් ඇතිවන ප්‍රතිචාරයන් වෙනස් වන බව නොරහසකි. එනම් බිළිඳා තම මවගේ නැළවිලි ගීය ඔස්සේ තම මව සමග සන්නිවේදනය කිරීමට මුලපුරා ඇති බව නොවේද? සත්‍ය වශයෙන්ම පුද්ගලයෙකුට සංගීතය කෙරෙහි තම අවධානය යොමු වන්නේ ඔහු තම මවගේ කුස තුළ සිටියදීමය. ගර්භනීය මවක් ඇවිදින විටදී එම ඇවිදීමේ රටාවද සංගීතයේ ඇති තාලයකට අනුව සිදුවේ. එය කුසෙහි හොවාගෙන සිටින නූපන් ළදරුවාගේ මනසට දැනෙන බව ඔබ මීට කලින් අසා නැතුවාට සැක නැත. එසේ නොමැතිනම් ඔබ ඒ පිළිබඳව අවධානයක් දක්වූයේ නොමැති වීමට පුලුවන. මෙසේ පුද්ගලයෙකු තුළ ආරම්භ වන මූලික සංගීත හැඩතලයන් ඔහු සිටින පරිසරය, ඔහුගේ ආකල්ප සහ අනිකුත් හේතුන් මත වෙනස් වීමට මෙන්ම ඇතැම් විටෙක නැති වීමටද හැකියාවක් ඇති බව පෙනීයයි.

එමෙන්ම පුද්ගලයෙකුගේ සංගීතය කෙරෙහි ඇති රුචිකත්වය මෙන්ම එම රුචිකත්වය දක්වන සංගීත ආරයන් කෙරෙහි මූලිකව තමා හැදී වැඩුනු පරිසරය, තමා ලද අත්දැකීම් මෙන්ම තමාගේ මානසික මට්ටම බලපාන බව මාගේ අදහසයි. එසේම තවත් වෙනත් සාධකද තිබීමට පුලුවන. එම කරුණු මත පදනම්ව පුද්ගලයෙකුගේ රසඥතාවය විවිදාකාර අයුරින් ගොඩනැගෙන බව පෙනී යයි. එමෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට සංගීත රසඥතාවය වෙනස් වේ. නමුත් එක් එක් ශෛලියන් කෙරෙහි රුචිකත්වයක් දක්වන විශාල පිරිසක් සිටින බව දැකිය හැකිය.

එම හේතුව මත තමන් "ශාස්ත්‍රීය, රොක්, ජෑස්..." යන ආදී ලෙසට පුද්ගලයාගෙන් පුද්ගලයාට රසඥතාවය විවිධ අයුරින් විහිදෙන බව පෙනී යන කරුණකි. ඒ අනුව විවිද සංගීත ශෛලීන් වටා පිරිස් විවිධ ආකාරයෙන් එක්කාසු වී සිටිනු දැකිය හැකිය. ඇතැමෙක් එක් ශෛලියකට දෙකකට පමණක් සීමාවී සංගීතය රසවිදින අතර ඇතැමෙක් මේ සියලුම ශෛලීන්ට ඇල්මක් දක්වනු ලබන බව පෙනී යයි.  එම කරුණු කාරණා අනුව වාණිජමය ඇසකින් බලන විට විවිධ ශෛලීන් වලට අනුගතවී ඇති සංගීතඥයන්, ගායකයන්  වටා එක්වී ඇති රසික ප්‍රජාව මගින් ඔවුන්ගේ හැකියාවන් හැරෙන්නට ඔවුන්ගේ තෘප්තිය හෝ ආර්ථිකමය වශයෙන් ලාභ ඉපැයීම ඉහළ හෝ පහළ යා හැකිය. වත්මනෙහි සංගීතය හුදෙක්ම වාණිජ කරණයට ලක් වී ඇත.

හුදෙක්ම කිසියම් හෝ ශිල්පයක් ප්‍රගුණ කරගත් පුද්ගලයෙකු එය යොදාගෙන ආර්ථිකමය වාසි ලබා ගැනීම සාමාන්‍ය සිද්ධියකි. ආර්ථිකමය වාසි පසෙකින් තබා තමාගේ වින්දනයට හා තවෙකෙකු වින්දනයට පත් කිරීම අදිටන් කරගෙන සංගීතය හෝ කිසියම් කලාවක් ඉදිරිපත් කරනු ලබන පුද්ගලයන් සොයා ගැනීමට පවා අපහසුය. එසේ සිටින්නවුන් ශ්‍රේෂ්ඨ සංගීතඥයන්ය. එසේ නොමැතිනම් විශිෂ්ට කලාකරුවන්‍ ය. සැබැවින්ම මෙසේ සදහන් කරනු ලැබූ කරුනු ඔබ තරමක් දුරට විමසා බැලුවහොත් සංගීතය පිළිබඳව ඔබගේ රුචිකත්වය ඇත්තේ කොතැනද එය එසේ වන්නට ඇත්තේ කවර හේතූන් නිසාදැයි ඇතැම් විටෙක ඔබට සොයා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරමි.

ස්තූතියි!!!

16 comments :

  1. හ්ම්ම් කාලෙකින් නව මුහුණුවරකින් ජයවේවා

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් සෑහෙන කාලෙකට පස්සෙ ආවෙ :D
      ජය වේවා!!!

      Delete
  2. වෙල්කම් බැක් . දැක්ක කල්

    ReplyDelete
    Replies
    1. ඔව් අයියා.පහුගිය කාලෙම එන්න බැරිවුණා.

      Delete
  3. මනා ගොඩක් කාලෙකින්
    ඉස්සරෝම තැන්කු කියන්න ඔනේ ගිටාර් පාඩමට
    පලවෙනියටම යමක් ඉගෙනගත්තේ ඒක හරහා
    දැන් ඉතින් තරමක් දුරට පුලුවන්
    ඒකට පින්සිද්ද වෙන්න මගේ කවිවලට මමම දැන් ලස්සන හැඩයන් දෙනව

    ReplyDelete
    Replies
    1. මගෙ පෝස්ට් එකක් බලලා මොනව හරි දෙයක් ඉගෙන ගන්නට හැකි වුනානම් ඒක ගැන මම ගොඩක් සතුටු වෙනවා. බොහොම ස්තුතියි විරාජ් අගය කලාට.
      ජය වේවා!!!

      Delete
  4. දිගමට ලියපන් බන්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ. ආයෙත් දිගටම ලියන්න හිතන් ඉන්නවා. සඩරයෙන් පිළිගන්නවා පින්තාරුවට.
      ජය වේවා!!!

      Delete
  5. සංගීත කණ්ඩායම් කිහිපයක ප්ලේ කරලා ඉවර වෙලා ආයේ බෑන්ඩ් ගහන්නේ නැහැ කියන තීරණයට එන්න හේතුවුනේ රසඥ්ඥතාවය කියන ප්‍රශ්නේ තමා මනා. බහුතරයක් බෑන්ඩ් කාරයෝ වේදිකාවේ ඉදිරිපත් කරන්න උත්සහ කරන්නේ තමුන් ආස කරන සංගීතය මිසක් රසිකයන් ආස කරන සංගීතය නෙවෙයි. ඒ ගැන හිතුවාම උන් ගැන දැනෙන්නේ අපුලක්.. පිරිසක් වින්දනයට පත්කරන්නට යාමේදී තමුන්ගේ රුචිකත්වයට මුල්තැන දීම මම අනුමත කරන්නේ නැහැ. විශේෂයෙන්ම මුදලට කෙරෙන ගනුදෙනුවක් ඇතුලේ එහෙම කරන එක එතිකල් නැහැ කියලයි මම හිතන්නේ.

    දවසක් ඩිනර් ඩාන්ස් එකක් අවසාන වෙන්න ඔන්න මෙන්න මිනිස්සු බොහොම සන්තෝසයෙන් ඩාන්ස් කරන අතරේ අපේ සංගීත කණ්ඩායමේ ලොක්ක බොබ් මාලේගේ redemption song ගහන්න ඕන කියල හර්තාල් දාන ගත්ත ස්ටේජ් එකේ. ඒ උගේ ආසාව.. ඒත් එදා ඒ සිංදුව ඒ වෙලාවේ ප්ලේ කෙරුවානම් මිනිස්සුන්ගෙන් ගුටි කන්න තමා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සංගීත කණ්ඩායමක් විදිහට වැඩ කරද්දි ශෝ එකකට ගියාම ඕඩියන්ස් එක පත්තෙන් බලල ප්ලේ කරන්න ඕන. ඕඩියන්ස් එක අකමැති වෙලා අපි ආතල් අරන් හරි යන්නෙ නෑ. අම්බලන්ගොඩ කතා සාදරයෙන් පිළිගන්නවා.
      ජය වේවා!!!

      Delete
  6. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියන එකට මමත් එකඟ වෙනවා.දැන් බලපන් අපිට මෙලෝ දෙයක් නොතේරුණත් අපි හින්දි සින්දු එහෙම අහනවානේ.අපි එතැනදී රස විදින්නේ වචන වල අර්ථය නෙමේ සංගීතයේ ඇති මිහිර.

    කාලෙකින් උඹව දැක්කේ.

    ReplyDelete
    Replies
    1. මනෝ. කාලෙකට පස්සෙ ආව ඉතින්. ඔව් ඒක ඇත්ත. අපි හැම කෙනාටම සංගීතය කියන දේ ඇගට දැනෙනව. ඒකයි අර මනෝ කීව දේ වෙන්නෙ

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.