Wednesday, October 29, 2014

සංගීතයේ ස්වර පිලිබඳව සරලව අවබෝධයෙන් ඉගෙන ගනිමු.



සුභ දවසක් යාලුවනේ.අද මනා ඔයාලට ගේන්නේ සංගීතය පිළිබඳව ලිපියක්.මේ ලිපිය කියවන සමහර අයට සංගීතය පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර යට කිසිම  දැනුමක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ ලිපියේ කොතැනක හරි වැරද්දක් තිබුනොත් ඒ ගැන කොම්මේන්ටුවකින් මනාට දැනුම් දෙන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.හරි අපි අපේ මාතෘකාවට යමු.


සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියල ඔයාල කවුරුත් අහල ඇතිනෙ. ඒකනේ අපිට ඕනෑම සංගීත ශයිලියක් රස විඳිද්දී විවිදාකාර වුන හැගීම් ඇති වෙන්නේ.විරහව, ආදරය, භය, ඔය වගේ හැඟීම්. ඉතින් ඔය හැම හැඟීමක්ම ඇති කරන සංගීතය නිර්මාණයට මුලික හරය වෙලා තියෙන්නේ සංගීතයේ තියෙන ස්වර.ඉතින් ඔය ස්වර භාවිතා කරන ආකාරය අනුව තමයි සංගීතයේ එක එක ශයිලින් බිහි වෙන්නේ. මුලික වශයෙන් අපි දන්න ශයිලින් තමයි පෙරදිග සහ බටහිර සංගීත ශයිලීන්. ඒ ශයිලීනුත් නැවත එක එක කොටස් වලට බෙදෙනවා. අපි ඒ ශයිලීන් ගැන වෙනම ලිපියකින් කතා කරමු.

හරි දැන් අපි කතා කරමු සංගීතයේ තියෙන ස්වර ගැන.පෙරදිග සංගීතයේදී මුලිකව ස්වර හතක් හදුනා ගන්න අපිට පුළුවන්.ඔයාල කාගෙන් ඇහුවත් කියයි "ස රි ග ම ප ධ නි" කියල නේද :D. ඔව් ඒ තමා සංගීතයේ තිබෙන ශුද්ධ ස්වර.එම ස්වර හත ස්වර ස්වප්තකය ලෙස හඳුන්වනු ලබනවා. ඉතින් ඔයාලට කියන්න ඔය ප්‍රධාන ස්වර හතට තව ස්වර පහක් එකතු වෙන්න ඕනේ. ඒ ස්වර පහ තමයි කෝමල රි , කෝමල ග , තීව්ර ම ,කෝමල ධ ,කෝමල නි. එතකොට ඔක්කොම ස්වර දොළහයි. මෙහෙම ස්වර දොළහේ කොටස් ප්‍රධාන වශයෙන් කොටස් 3(තුනක්)ට බෙදනවා.මන්ද්‍ර, මධ්‍ය, උච්ච ලෙස එම කොටස් තුන හඳුන්වන්න පුළුවන්.

හරි දැන් එතකොට ඔය ස්වර පහ කොහෙද ස්වර ස්වප්තකයේ  තියෙන්නේ කියල කාට හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේ.ඒක දැන ගන්න කලින් මොනවද මේ කෝමල සහ තීව්ර කියල ස්වර වර්ග දෙකක් තියෙන්නේ කියල දැනගෙන ඉමු.මෙහෙමයි වෙන්නේ. අපි දන්නා ස්වර තුනක් ගමු උදාහරණයක් විදිහට.මම "ස","රි","ග" කියන ස්වර තුන ගන්නම්.
දැන් ඔතැනින් "" සහ "රි" ස්වර දෙක අතර තව ස්වරයක් තියෙනවා.හැබැයි ඒ ස්වරය "ස" වල තියෙන හඬ ඉඳන් හරියටම හඬ භාගයකින් වැඩියි. ඒ වගේම "රි" වල තියෙන හඬ ඉඳන් හරියටම හඬ භාගයක් අඩුයි. එහෙම කිව්වට ඕක  තේරුම් යන්නේනැති  නැති වෙන්න පුළුවන්. 


       
1 රූපය
             

එහෙම යම් සවරයක ඉඳන් හඬ භාගයක් වැඩි වෙන ස්වරයකට අපි කියනවා තීව්ර ස්වර කියල. ඒ වගේම යම් සවරයක ඉඳන් හඬ භාගයක් අඩු වෙන ස්වරයකට අපි කියනවා කෝමල ස්වර කියල.
ඒ ස්වර ලියන ආකාරය මෙම photo එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

2 රූපය


මම ඒ කතා කරපු ස්වර පහ පෙරදිග සංගීතයේදී අපට මේ විදිහට බෙදන්න පුළුවන්.
කෝමල ස්වර = 4 (කෝමල රි , කෝමල ග , කෝමල ධ ,කෝමල නි)
තීව්ර  ස්වර = 1 (තීව්ර ම )

එතකොට මේ ඔක්කොම ස්වර දොළහ ලියන්නේ මෙහෙම.
(ස , කෝමල රි ,  රි , කෝමල ග,  ග , ම  , තීව්ර ම ,  ප , කෝමල ධ , ධ , කෝමල නි,  නි )


දැන් අපි පොඩ්ඩක් බලමු විදුලි ඕගනයක ස්වර පුවරුවක්.එතකොට ඔයාලට මේ  තිබෙන ස්වර පිලිබඳ  අවබෝධයක් ගන්න පුළුවන්

3 රූපය


ඔය අපි කතා කලේ පෙරදිග සංගීතයේදී ස්වර හඳුන්වන ආකාරයයි. දැන් අපි බලමු බටහිර සංගීතයේදී ස්වර යෙදෙන ආකාරය. බටහිර සංගීතයේදීත් අපි කලින් කතා කල ස්වර දොළහම තමයි තියෙන්නේ :D.
එකම වෙනස තමයි ඒ ස්වර දොළහ ලියන ආකාරය  සහ කොමල , තීව්ර ස්වර වලට කියන නම් සහ සලකුණු යනාදිය යෙදෙන ආකාරය. මෙහිදී මුලික ස්වර හත ලියන ආකාරය අපි බලමු.

ස = C , රි = D , ග = E , ම = F , ප = G , ධ = A , නි = B  

ඒ වගේම මේ ස්වර 3(තුනක්)ක් හෝ ඊට වැඩි ගණනක් භාවිතා කරගෙන බටහිර සංගීතයේදී chords (කෝඩ්ස්) නිර්මාණය කිරීම කරගනු ලබයි.chords පිලිබඳ අපි වෙනමම ලිපියකින් ඉදිරියේදී කතා කරමු.

බටහිර සංගීතයේදී කෝමල ස්වර හඳුන්වනු ලබන්නේ Flat notes ලෙසට සහ තීව්ර ස්වර හඳුන්වනු ලබන්නේ Sharp notes ලෙසටයි. එම ස්වර ලියන ආකාරය තරමක් වෙනස් ආකාරයකට සිදු කල හැක.
එනම් පෙරදිග සංගීතයේදී මෙන් නිශ්චිත ලෙසටම කෝමල සහ තීව්ර ස්වර මෙහිදී යොදා නොගැනීමයි. තවත් විස්තරාත්මකව සඳහන් කලොත් එය පහත රූපයේ පරිදි ලිවිය හැකිය.

4 රූපය


බටහිර සංගීතයේදී එක් සවරයක සිට එහි හඬ භාගයකින් වැඩි වීම හෝ අඩු වීම  semi tone ( සෙමි ටෝන් ) එකක් ලෙස හඳුන්වයි. එක්  සවරයක සිට තවත් එවැනි හඬ භාග  වැඩිවීම් දෙකක් tone ( ටෝන් ) එකක් ලෙස හඳුන්වනු ලබයි.  

5 රූපය


5 රුපය සැලකිල්ලට ගත් විටදී ඔබට තරමක් අවුල් සහගත බවට  පත් උන බව මනාගේ වැටහීමයි. එය මෙසේ සරල ලෙස තේරුම් ගත හැක.උඩින් වක්‍ර ඊතල මගින් පෙන්වා ඇත්තේ එක් සවරයක සිට එහි හඬ මෙන් භාගයක් වැඩි වන අවස්ථා වනුයි. එවිට සෙමි ටෝන් (semi tone) එක බැගින් අවස්ථා 11 (එකොළහක්) කදී බටහිර සංගීතයට අනුව ස්වර දොළහ නිර්මාණය කර ගත හැකිය.(පෙරදිග සංගීතයේදී ද මෙලෙස භාවිතා කිරීමේ හැකියාව ඇත.[මෙම tone , semi tone සිද්දිය ඔබ ගිටාරයක්  (Guitar) වාදනය කිරීමට යාමේදී ගොඩක් උපකාරී වනු ඇත.]

එලෙසම එම රුපයේම පහලින් ඇති වක්‍ර ඊතල මගින් පෙන්වා ඇත්තේ එක් සවරයක සිට එහි හඬ භාග වැඩිවීම් දෙකක් ඇති අවස්ථාවයි.ඒ ආකාරයට ගත් විට "ස" ස්වරයේ සිට ටෝන් 2(දෙකක්)ක් සහ එතනින් තව සෙමි ටෝන් එකකුත්, තවත් ටොන් 3(තුනක්)උත් ලෙස අවස්ථා 6(හය) කදී මුලික ස්වර හත නිර්මාණය කර ගන්න පුළුවන්. 

මෙම tone ,semi tone  කතාව තේරුම් ගැනීමට අපහසු අය ඒ සම්බන්ධව හිතිමෙන් වලකින්න :D. එය ඇතැම් සංගීත භාණ්ඩ වාදනය කිරීමේ පහසුව පිණිස යොදා ගනු ලබයි. 

ඉතින් මේ පෝස්ටුව මගින් මනාට උවමනා උනේ, සංගීතයේ ඇති ස්වර පිලිබඳ මුලික අවබෝධයක් ඔයාලට ලබා දීමටයි. ඉතින් මනා හිතනවා ඒ වැයම සාර්ථක වෙයි කියල. මෙහි කිසියම් වැරද්දක් ඇත්නම් එය මෙහි කොමෙන්ටුවකින් පෙන්වා දෙන්න.මනා ඔබගේ අදහස් ආදරයෙන් භාරගන්න කැමතියි.එහෙනම් තවත් ලිපියකින් අපි හමු වෙමු. ජය වේවා!!! 

ප .ලි: මෙය මනා විසින් ස්වයං  අද්යනයෙන් තේරුම් ගෙන නිර්මාණය කරන ලද්දකි. වැරදි ඇතොත් සමාවන්න :D   

10 comments :

  1. නියමයි... තව ලියමු.

    අනිවා මම එනවා බලන්න.
    ගිටාර් පැක්ටිස් කරන්න පුලුවන් ආටිකල් ටිකක් ලියන්න පුලුවන් නම් මරේ මරු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පුජිත.අනිවාර්යෙන්ම ගිටාරය වාදනය කරන ආකාරය පිළිබඳව ඉදිරියේදී ලිපි පෙළකින් සාකච්චා කරන්න තමයි හිතන් ඉන්නෙ :) දිගටම මනාගේ පින්තාරුව බලන්න එන්න :)

      Delete
  2. Niyamai. Aththatama obe uthaahaya gena sathutui. Api iscole wath sangitaya karala tibune ne. Me lipiyen godak dewal gaththa. Mula indan sangithaya gena thawath lipi liyanna kiyala illanawa. Mokada sinhala madhyen me denuma ganna godak blog adui. Obata jaya. Mama http://bmdanu.blogspot.com blog eka liyana danushka

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ධනුෂ්ක ඔබගේ දිරිගැන්වීමට :) අනිවාර්යයෙන්ම මේ බ්ලොග් එක දිගටම කරගෙන යන්න තමයි හිතන් ඉන්නේ. ඔබත් දිගුකාලයක් තිස්සේ හොඳට බ්ලොග් එක කරන් ඇවිල්ල තියෙනවා.තවත් හොඳ දේවල් දිගටම ලියන්න :) ඒ ගමන් පින්තාරුව පැත්තෙත් බලන්න එන්න :) ජය වේවා!!! :)

      Delete
  3. wow niyamai, godak watina lipiyak

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි :) සාදරයෙන් පිලිගන්නවා පින්තාරුවට. දිගටම මේ පැත්තෙ එන්න.

      Delete
  4. නියමයි අයියෙ ගොඩක් අය බ්ලොග් මගදි නවත්තල දානව මේකත් එහෙම නොකර දිගටම කරගෙන යන්න ලැබේවා කියල සුභපතනවා....ඔන්න ගිටාර් play කරන්න තිබ්බ ආසාව නිසාම ගිටාර් එකක්නම් ගත්තා හැබැයි ඉතින් සංගීතය ගැන මෙලෝදෙයක් දන්නෙනම් නෑ....මනා අයියා තමා දැන් මගේ ගුරුතුමා...සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. පින්තාරුවට සාදරයෙන් පිළිගන්නවා අරුණ. බය වෙන්න එපා මේක මගින් නම් දාල යන්නෙ නෑ. ඔයාට සංගීතය ගැන මූලික අවබෝධයක් මම ලිව්ව සංගීතය සම්බන්ධ පෝස්ට් ටික කියෙව්වම ගන්න පුළුවන් වේවි. ඊට අමතරව වෙලාවක් තියෙනවනම් තව ඒ පිළිබඳව ඉගෙන ගන්න මහන්සි වෙන්න. ගිටාරය වාදනය කරන්න පුළුවන් ඉක්මනටම. දිගටම මේ පැත්තෙ එන්නකො. ජය වේවා!!!

      Delete
  5. godak watina deyak oya karanne. good luck

    ReplyDelete
  6. මනා මේ ලිපි ටික ලියල ගොඩක් කල් වගේ
    නියමයි ලිපි පෙල
    ගිටාර් එකක් ප්ලේ කරන්න ලොකු ආසාවක් තිබුන ලිපි ටික ඔක්කොම වගේ කියෙවුවා
    ඉංග්‍රිසියෙන් අන්තර්ජාලය පුරා තිබෙන ලිපි කියවල තේරුමි ගන්න අවශ්‍ය දැනුම දැන් තිබෙන බවක් දැනෙවන ට ගොඩක් ස්තුතයි මනා

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.