Sunday, November 9, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2




guitar_lesson_managepintharuwa



සුභ දවසක් ඔයාල හැම දෙනාටම. මම අද කතා කරන්නේ මිට කලින් සංගීතය සම්බන්ධ පෝස්ට් එකේ තිබුණු ගිටාර් වාදනය හා සම්බන්ධවයි. එම පොස්ට් එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.  අද එම පෝස්ට් එකේ සිට ඉදිරියට කතා  කරන් යන්න තමයි මනා හිතන් ඉන්නේ. අද දින සිට ගිටාරය මගින් කෝඩ්ස් (Chords) වාදනය කරන විවිද ආකාරයන් ගැන ඉගෙන ගන්න ඔයාලට පුළුවන්. කෝඩ්ස් සම්බන්ධව මුලික වශයෙන් තිබිය යුතු දැනුම සම්බන්ධව මම මිට කලින් පෝස්ට් එකක් මගින් කතා කලා ඔයාලට මතක ඇති. එක බලපු නැති ය මෙතනින් ගිහින් ඒ පෝස්ටුවත් බලන්න.



මනාට මිට කලින් පොස්ටුවෙන් මෙන්න මේ දේ කියන්න අමතක උනා. ඔයාලට මතක ඇතිනෙ මම කෝඩ්ස් ගැන කතා කරද්දී කිවා ප්‍රධාන වශයෙන් කෝඩ්ස් වර්ග දෙකක් තියෙනව කියල මේජර් සහ මයිනර් වශයෙන්.  අමතරව තවත් කෝඩ්ස් වර්ග ගොඩක් තියෙනව කියල කිව බවත් මතක ඇති නෙ.  අන්න ඒ කීව කෝඩ්ස්  වර්ග වැඩි හරියක් එක් සංගීත නිර්මාණයක් (ගීතයක්, වෙනත් සංගීතමය නිර්මාණයක්) තුලදී භාවිතා කරනවා. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට එක නිර්මාණයක් තුලදී සමහර විට මේජර්, මයිනර්, සෙවන්ත් සහ සස් කියන කෝඩ්ස් වර්ග විවිධ හැඟීම් ඉස්මතු කරන්න යොදා ගන්න පුළුවන්. අන්න ඒක හොඳට මතක තියා ගන්න. ඉතින් හොඳ නිර්මාණයක් කරන්න හරි, තියෙන නිර්මාණයක් ඒ ආකාරයෙන් වාදනය කරන්න හරි මෙම කෝඩ්ස් වර්ග ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එකට මනාට පුළුවන් උපරිමයෙන් මෙම පොස්ට් ටික ඉදිරියටත් ඔයාල වෙනුවෙන් ගෙන්න තමා හිතන් ඉන්නෙ. 

හරි දැන් අපි අද මාතෘකාවට යමු. මම මෙහෙම කියන්නම්. මම කලින් කීව කෝඩ්ස් වර්ග වලින් එක් එක් කෝඩ් වර්ගයන් ගිටාරයේ ස්වර පුවරුවේ තිබෙන  විවධ ෆ්රෙට්ස් (frets) භාවිත කරල විවිධ ආකාර වලට වාදනය කරන්න පුළුවන්. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට අපි මේජර් කෝඩ්ස් වාදනය කරනවනම් මේජර් කෝඩ් එකක් ගිටාරයෙන් අල්ලන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ගැන ඉදිරියේදී පැහැදිලිව ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වේවි. 

මම අද ඔයාලට කියල දෙන්නෙ ලෝකයේ සිටින බොහෝ දෙනෙක් අකොස්ටික් (acoustic) ගිටාරය ඉගෙන ගනිද්දී මේජර් සහ මයිනර් කෝඩ්ස් වාදනය කරන ආකාරය ගැනයි. මෙයට ඕපන් (Open) කෝඩ්ස් යැයි කියනු ලබනවා. එහෙම ඉගෙන ගන්න බොහෝ දෙනෙක් එම කෝඩ්ස් ටික අල්ලන ක්‍රමය පමණක් ඉගෙන ගෙන සෑම සංගීත නිර්මාණයක්ම වාදනය කරනු ලබනවා. එසේ කරන්නේ ගිටාරයට සවි කරන වෙනත් උපකරණයක් අධාරයෙනි. එම උපකරණයට කැපෝ (capo) එක කියල කියනවා. මෙම උපකරණයෙන් සිදු කරන්නේ ගිටාරයේ තත් (Strings) හය විවිධ ස්කේල් වලට හරවා ගැනීමයි (සුසර කර තිබෙන ආකාරය වෙනස් කර ගැනීමයි). ඒ සම්බන්ධවත් දැනගෙන සිටීම වැදගත් නෙ. 







        


කැපෝ (capo) එක




මෙම ක්‍රමයට ඉගෙන ගනිද්දී ගිටාරයේ ස්වර පුවරුවේ  ඇති 1, 2 ,3 සහ 4 වෙනි ෆ්රෙට්ස් පමණක් බොහෝ විට යොදාගනු ලබනවා. මෙහිදී ගිටාරයේ ස්වර පුවරුවේ ඇති  ෆ්රෙට්ස් හඳුන්වන්නේ පහත ආකාරයටයි.


frets

තත් ලකුණු කරන්නේ පහත ආකාරයටයි.

frets



එලෙසම ගිටාරයේ කෝඩ්ස් අල්ලන පිළිවෙල අඳින විට පහත සලකුණු යොදා ගනු ලබනවා.

marks_for_guitar


මා විසින් ඉදිරිපත් කරනු ලබන කෝඩ් සියල්ලෙහිම අදාල ස්වර සහ එම ස්වරය තිබෙන ෆ්රෙට් එකේ ඇති තත(String) ඇල්ලිය යුතු ඇඟිල්ලේ අංකයද සටහන් කර ඇත.

කෝඩ්ස් අල්ලන ආකාරය රූප සහිතව ඊළඟ පිටුවෙ සඳහන් කරල තියෙනවා. ඔතන පහලින් තිබෙන අංක 2 ක්ලික් කරල ඒ පිටුවට යන්න.


Pages: 1 2

18 comments :

  1. ජය වේවා මචෝ ..දිගටම ලියමු .ඔන්න මාත් ගිටාර් එකේ දුවිලි එහෙම පිහදලා ගත්තා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරිගැන්වීමට :) අනිවා දීගටම ලියනව. දැන් එහෙනම් පටන් ගමු අයෙත් ගීටාර් එක ප්ලේ කරන්න ;

      Delete
  2. මට ෆ්රෙට්ස් දිහා බලගෙන් නම් කොහොම හරි කෝඩ්ස් ප්ලේ කරන්න පුලුවන් ඇඟිලි හරියට තියලා.
    ඒත් බලන්නේ නැතුව ගහන්න බැහැනේ. ඒකට මොකද කරන්න පුලුවන්?

    තැන්ක් යූ. දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. පුජිත ඔය අවුල හරි යනවා. කෝඩ්ස් ටික දිගටම පුරුදු වෙන්න. ෆ්රෙට්ස් දිහා බලන්නෙ නැතුව ටික ටික වාදනය කරන්න උත්සහ කරන්න. එතකොට ඔය ගතිය හදා ගන්න පුළුවන්.

      Delete
  3. නියමයි සනා..
    දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. මචං සෙටින්ග්ස් වලට ගිහිල්ල වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න..
      කමන්ට් කරනකොට අවුල්..

      Delete
    2. බොහොම ස්තුතියි මචෝ :) word verification එකත් අයින් කලා . පින්තාරුව බලන්න එන්න දිගටම :)

      Delete
  4. මම නම් සංගීතය රසවිඳින කෙනෙක් විතරයි. මේ වැඩේට ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබට බොහොම ස්තුතියි :) දිගටම පින්තාරුව බලන්න එන්න :)

      Delete
  5. මේ වගේ තාක්ෂණික අතින් ඉහල සංගීත පාඩම් මාලාවක් සිංහලෙන් ඉදිරිපත් කිරීම ඉතාමත් අගය කලයුතු කටයුත්තක්. මෙය නවත්තන්නේ නැතිව දිගටම කරගෙන යන්න. ලංකාවේ සංගීතය උගන්වන බහුතරයක් කරන්නේ බොරුව. දන්නේ නැතිද? දන්නා දේ උගන්වන්නේ නැතිද? දෙකමද? කියන ගැටලුව තියෙනවා. මේ බ්ලොග් අඩවිය එම ගැටලුවට විසඳුමක් වේවි. ඔබට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි Jeevana Fernando මහත්මයා. මේ බ්ලොග් එක දිගටම කරගෙන යනවා අනිවාර්යයෙන්ම. ඔබතුමා මගෙ බ්ලොග් එක ගැන දැනුවත් කරන්න ලියපු ලිපිය ලොකු ශක්තියක්. දිගටම පින්තාරුව බලන්න එන්න කියල ගෞරවයෙන් ඉල්ලා සිටිනවා :)

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අනේ ඇගිලි හුරුකරගන්න විදියක් කියල දෙන්ටෝ

    ReplyDelete
  8. පිස්සු හැදෙනව අෆ්ෆා. ඒ උනාට අතෑරින්නේ නෑ. එක්කො ගිටාර් එක. නැත්තං මම. ඔයාට ගොඩක් පින් අප්පා...

    ReplyDelete
  9. C marjor බටහිර ක්‍රමයේ photo එකේ වෙනසක් තියෙනවා නේද..

    ReplyDelete
    Replies
    1. මා ඔබගේ ලිපි මගින් ඉගෙන ගනිමින් සිටින අයෙකි.. නොමිලේ කරන සත්කාරයට ගොඩක් පින්..

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.