Friday, October 31, 2014

සංගීතයේ ඇති කෝඩ්ස් (chords) පිලිබඳව මූලික අවබෝධයක් ලබා ගනිමු,



සුභ දවසක් ඔයාල සියලු දෙනාටම.අද මනා ඔයාලට සංගීතය සම්බන්ධ පෝස්ට් එකක් තමා ගෙනාවේ. මනා ගෙනාව මුල්ම සංගීතය සම්බන්ධ පොස්ට් එක ස්වර පිලිබඳව හඳුන්වල තිබ්බේ. ඒ පෝස්ට් එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. අද පෝස්ට් එකෙන් කතා කරන්නෙ එම පාඩමේ සිට ඉදිරියටයි. මතකනේ කලින් පෝස්ට් එකෙන් කිව්වා ප්‍රධාන වශයෙන් සංගීත ශයිලීන් දෙකක් ගැන අපට කතා කරන්න පුළුවන් කියල. පෙරදිග සංගීතය සහ අපෙරදිග (බටහිර) සංගීතය තමා ඒ ශයිලීන් දෙක. මෙහිදී පෙරදිග සංගීතය ලෙස හදුන්වන්නේ උතුරු ඉන්දියානු සංගීතය සහ දකුණු ඉන්දියානු සංගීතය මුල් කරගත් සංගීත ශයිලීන්ට. පෙරදිග සංගීතය ගැන මේ කියන්න යන ටික මේ ලිපියට ගැලපෙන්නෙ නෑ.නමුත් එය කිව යුතුම කාරණයක් බැවින් මෙසේ සටහන් කරල දාන්න මනා කල්පනා කලා

දැනට ලංකාවේ තිබෙන පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිට උසස් අධ්‍යාපනය දක්වාම පෙරදිග සංගීතය උගන්වන්නේ සහ අනුගමනය කරන්නේ ඉන්දීයානු සංගීතය මුල් කරගෙන සහ පදනම් කරගෙනය. එම ක්‍රමය ගැන මනාට කිසිම පැහැදීමක් නම් ඇතිවෙන්නෙ නෑ. ලංකාවේ ඉන්න අපි ඉන්දියාවේ සංගීතයක් ඉගෙනගන්නේ මොකටද? එතකොට ලංකාවට අවේණික සංගීතයක් නැද්ද? පාසල් අධ්‍යාපනයේ සිටම හින්දි භාෂාවෙන්ම ඇති රාග හෝ සිංහල වචන දමා සකසන ලද එම රාග ටිකම ඉගැන්වීමෙන් ලංකාවට අවේනික සංගීතයක් නිර්මාණය කරන්නේ කෙසේද? යන කරුණු මානාගෙ හිතේ ඇති ගැටළු කිහිපයකි. අද ලංකාවේ පෙරදිග සංගීතය ඉගෙන ගන්නේ නම් ඔහු/ඇය ගේ එකම අරමුණ සංගීත විශාරද වීම සහ නිපුන් වීමය. එවන් විභාගයන් සමත් වී දක්ෂයෙක්  උනාට මනාට කිසිම ඉර්ශ්යාවක් හෝ තරහක් නැත.නමුත් එසේ විශාරද වුන බොහෝ දෙනෙක් ඉන්දියානු සංගීතයට එහා කිසිවක් නොදන්නවා වගේම හැසිරෙන්නේ ද ඉන්දියානු සම්ප්‍රදායේ හැදී වැඩුණු පුද්ගලයෙකු ලෙසටයි(එසේ නැති හොඳ දක්ෂ පුද්ගලයනුත් ඉන්නවා කියල මනා දන්නවා :D ). ඉතින් මනාට  ඇති එකම ප්‍රශ්නය ලංකාවට අවේනික සංගීතය දියුණු මට්ටමකට ගෙනත් එයට රටම පිළිගන්නා වටිනාකමක් ලබා නොදෙන්නේ ඇයි යන්නයි. එය පාසල් අධ්‍යාපන ක්‍රමයේ සිට ඇති කලයුතු වැදගත් ක්‍රියාමාර්ගයකි. 
ඇත්තටම ලංකාවට අවේනික සංගීතයක් තියෙනවද? ඔව්  අනන්ය වුන අපේම සංගීතයක් තිබෙනවා.එය ජන සංගීත ශයිලියයි.අප අතරින් වෙන්වුන ලයනල් රන්වල ශුරින්, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා ලංකාවට අවේනික සංගීතයක් ඇති බව ඔප්පුකර පෙන්වූ මහා ඝන්ධර්වයෝ දෙදෙනෙකි. නමුත් එය හඳුන්වන්නේ සරල සංගීත ශයිලියක් ලෙසට වීම මහත් දුකකි. ඉතින් මනා පෙරදිග සංගීතය ගැන ඔයාලට වැඩි දෙයක් කියල දෙන්න අපේක්ෂා කරන්නේ නෑ.
මනා ඔයාලට කියන්න යන්නෙ අපේ රටට කොහොමත් අයිති නැති මුළු ලෝකෙම අනුගමනය කරන මුලික බටහිර සංගීත ශයිලිය ගැනයි. ඒ ගැන කතා කරද්දී ස්වර හැඳින්වීම සිංහල ක්‍රමයට සහ අනෙක් ක්‍රමයට යොදා ගන්න මනා බලා පොරොත්තු වෙනවා.  සාමාන්‍යයෙන් මනා දකින විදිහට බටහිර සංගීතය කියන්නේ තරමක් සංකීර්ණ ශයිලියක්. නමුත් එය පහසුවෙන් ඉගෙන ගැනීමට පුළුවන්. 
ඔයාලට මතක ඇති නෙ මානාගෙ පළවෙනි පොස්ට් එකේ කිව්වා chords (කෝඩ්ස්) කියල වචනයක්.ගොඩ දෙනෙක් මේ ගැන නම් දන්නවා ඇති. අද බලාපොරොත්තු වෙන්නෙ මේ කෝඩ්ස් ගැන ඔයාලට මුලික අවබෝධයක් දෙන්න.

මොකද්ද කෝඩ්(chord) එකක් කියල කියන්නේ?

සංගීතයේ තියෙන්නෙ ස්වර දොළහයි නේ.මේ ස්වර වලින් ස්වර තුනක් හෝ ඊට වැඩි ගණනක් යොදා ගනිමින් සංගීත භාණ්ඩයක් ඇසුරින් එකවර වාදනය කරන ස්වර කිහිපයේ එකතුවට අපි කෝඩ් (chord) එකක් කියල කියනවා.සාමාන්‍යයෙන් සංගීත නිර්මාණයක් කරනකොට එම නිර්මාණය  රඳා පවතින්නේ එකිනෙකට සම්බන්ධ ස්වර සමුහයක් මත. මෙන්න මේ ස්වර සමුහයට අපි බටහිර සංගීතයේදී කියනවා ස්කේල්(scale) එකක් කියල. එහෙම තියෙන ස්කේල් එක අයිති වෙන්නෙ මේ අපි කතා කරන්න යන කෝඩ් වර්ගයකට. එතකොට එම නිර්මාණය රඳා පවතින ප්‍රධානතම කෝඩ් එක අනුව තමා අපිට දැනෙන හැඟීම් තීරණය වන්නේ.  ඒ වගේම දැනගන්න ඕන දෙයක් තමා නිර්මාණයක් රඳා පවතින්නෙ එක කෝඩ් එකක් මත උනාට එය ලස්සන කරන්න ප්‍රධාන කෝඩ් එක සමග ගැලපෙන තවත් කෝඩ්ස්(relative chords)  කිහිපයක් යොදා ගන්නවා.ඒ ගැන වෙනම ලිපියකින් ඉදිරියේදී කතා කරමු.


සංගීතයේදී කෝඩ්ස් වර්ග රාශියක් තියෙනවා.සමහර ඒවා ඔයාල අහලත් ඇති.මේජර් (major) කෝඩ්ස්, මයිනර් (minor) කෝඩ්ස්, සෙවන්ත් (seventh) කෝඩ්ස්,මේජර් සෙවන්ත්(Major seventh), මයිනර් සෙවන්ත්(minor seventh) කෝඩ්ස්, ඩිමිනිෂ්(diminish) කෝඩ්ස්, ඕගමෙන්ටඩ්(augmented) කෝඩ්ස්, සස්(sus) කෝඩ්ස්, මයිනර් නයින්ත්(minor nineth) කෝඩ්ස් ආදී තවත් කෝඩ්ස් වර්ග ගොඩක්  තියෙනවා. නමුත් මෙම කෝඩ්ස් වර්ග අතරින් මුලිකවම දැනගත යුත්තේ මේජර් සහ මයිනර් කෝඩ්ස් වර්ග දෙකයි. මෙම වර්ග දෙක හැර අනිත් සියලුම කෝඩ්ස් නිර්මාණය වන්නේ මෙම මුලික මේජර් කෝඩ්ස් සහ මයිනර් කෝඩ්ස් වලට අලුත් ස්වර එකතු වීමෙන් හෝ ස්වර කිහිපයක් වෙනස් වීමෙනි.මේ විදිහට විව්දාකර වූ කෝඩ්ස් භාවිතා කරල විවද වූ හැඟීම් සංගීතය මගින් ඉස්මතු කරල පෙන්වන්න පුළුවන්.ආදරය, විරහව, භය, දුක ප්‍රබෝධය වගේ විවිදාකාර වූ හැඟීම් මෙන්න මේ කෝඩ්ස් භාවිතා කරල ඉස්මතු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මයිනර් කෝඩ්ස් ගොඩක් වෙලාවට යොදා ගන්නේ දුක විරහව වගේ හැඟීම් ඉස්මතු කරන්න.ඊළඟට දැනගන්න ඕනේ කරුණ තමයි මේ සෑම කෝඩ්(chord) වර්ගයකටම කෝඩ්ස් දොළහ ගානේ තියෙනවා.මොකද සංගීතයේ ස්වර දොළහක් තියෙනවනේ. දැන් අපි බලමු මොනවද මේ මේජර් කෝඩ්ස් සහ මයිනර් කෝඩ්ස් කියන්නෙ කියල.

මේජර් කෝඩ් එකක් හැදෙන්නෙ කොහොමද?

මේජර් කෝඩ් එකක් කියන්නේ කිසියම් ස්වරයක් මුලික කරගෙන එයට තව ස්වර දෙකක් යොදාගනිමින් නිර්මාණය කරන ස්වර පන්තියටයි.එය මෙසේද පැහැදිලි කල හැකියි. ඔයාට C මේජර් කෝඩ් එක වාදනය කල යුතුනම්,  මුලින්ම C(ස) note (ස්වරය) එක ගත යුතුයි.මෙහිදී සංගීතයේ තියෙන ස්වර දොළහ ගැන අවබෝධයක් තිබිය යුතුයි.(C  C# D  D#  E  F  F# G  G#  A Bь B) මෙම උදාහරණයට අනුව C(ස) note එක අපි ගන්නවා අංක එක(1) ලෙසට.එතැන් සිට පස්(5) වෙනි ස්වරය (E /ග) සහ  අට(8) වෙනි ස්වරය (G/ප) යන ස්වර තුන යොදා ගනිමින් C මේජර් කෝඩ් එක නිර්මාණය කරගන්න පුළුවන්. පහත රුපය බැලුවම තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්.

  
මේජර් කෝඩ් එක හඳුන්වනු ලබන්නේ:  අදාල ස්වරයේ(note එකේ) නම මුලින් පැවසීමෙනි (උදා. C මේජර් ).
මේජර් කෝඩ් එකක් ලියන්නේ: අදාල ස්වරය(note) පමණක් ලිවීමෙනි (උදා: C ).

දැන් බලමු කොහොමද මේ ස්වර දොළහටම අදාල මේජර් කෝඩ්ස්(major chords) ටික ලියන්නෙ කියල.



.

මයිනර් කෝඩ් එකක් හැදෙන්නෙ කොහොමද?

මයිනර් කෝඩ් එකක් හැදෙන කොට තිබෙන එකම වෙනස්කම වන්නේ මේජර් කෝඩ් එකේ තිබෙන දෙවෙනි ස්වරය (note) එක semi tone(සෙමිටෝන්)එකකින් අඩු වීමයි. උදාහරණයක් විදිහට ඔයාට C මයිනර් කෝඩ් එක වාදනය කල යුතුනම්,  මුලින්ම C(ස) note (ස්වරය) එක ගත යුතුයි. මෙම උදාහරණයට අනුව C(ස) note එක අපි ගන්නවා අංක එක(1) ලෙසට.එතැන් සිට හතර(4) වෙනි ස්වරය (D#/කෝමල ග) සහ  අට(8) වෙනි ස්වරය (G/ප) යන ස්වර තුන යොදා ගනිමින් C මයිනර් කෝඩ් එක නිර්මාණය කරගන්න පුළුවන්. පහත රුපය බැලුවම තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්.



මයිනර් කෝඩ් එක හඳුන්වනු ලබන්නේ:     අදාල ස්වරයේ(note එකේ) නම සමග අගට මයිනර් යන්න           පැවසීමෙනි. (උදා: C මයිනර්).
මයිනර් කෝඩ් එකක් ලියන්නේ:   අදාල ස්වරය(note) ඉදිරියෙන් සිම්පල් එම්(m) අකුර ලිවීමෙනි (උදා: Cm).

මයිනර් කෝඩ්ස්(minor chords) ලියද්දිත් කලින් වගේම ස්වර දොළහට අදාලව ලියන්න ඕනේ.



මෙම කෝඩ්ස් ගැන දැනීම පමණක් තිබිල මදි.ඒවා සංගීත භාණ්ඩයක් ඇසුරින් වාදනය කිරීමේ හැකියාව සහ අත්දැකීමත් තරමක් හෝ තිබිය යුතුයි.එතකොට තමා මෙම කෝඩ්ස් වර්ග වල තියෙන වෙනස්කම් හොඳට දැනෙන්නෙ. ඉතින් ඒ අත්දැකීම ලබා ගන්න නම් නිවැරදි තාක්ෂණික ක්‍රමයන්ට අනුකුලව සංගීත භාණ්ඩයක් ඉගෙන ගැනීම සිදු කල යුතුයි. මුලිකවම ඉගෙන ගන්නට සුදුසු භාණ්ඩ වන්නේ විදුලි ඕගනය (Electric Keyboard) සහ ගිටාරය (Guitar) යි. මෙම භාණ්ඩ වාදනය කරන නිවැරදි ක්‍රම ගැන ඉදිරි ලිපියකින් කතා කරන්න මනා හිතන් ඉන්නවා. එතකන් මෙම කෝඩ්ස් ගැන මුලික අවබෝධයක් ලබා ගන්න කියල මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.

මෙම පොස්ට් එකේ දෝෂයක් හරි අපැහැදිලි තැනක් හරි තියෙනවනම් පහළින් comment එකක් දාන්න මතක් කරල.ඒක ගොඩක් වටිනව මනාට. එහෙනම් තවත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු.ජය වේවා !!!!

7 comments :

  1. කරගෙන යමු... අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය තමයි පාර පෙන්නුවේ.....

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර ඔබගේ දිරි ගැන්වීමට :)

      Delete
  2. තෑන්ක්ස්..

    දිගටම ලියමු.
    ඊලඟ පෝස්ට් එක ඒනකල් මග බලන් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඊළඟ ලිපිය නුදුරේදීම පලකරනවා. දිගටම බලන්න එන්න :)

      Delete
  3. machan me chords keyboard eketh oya widihatama purudu wenna puluwanda naththam guitar wala witarada puluwan keyboard walatai guitar ekama chord eka kin play krnna puluwanda naththam chrord 2kak tynawada kohama unath ela wadak saho digatama yan

    ReplyDelete
    Replies
    1. @අනෝ. මචං මම ස්වර පිලිබඳ පොස්ට් එකේදී ස්වර ගැන කියද්දී කීවෙ සංගීතයේ තියෙන්නෙ ස්වර 12ඉ කියල. කෝඩ්ස් හැදෙන්නෙත් ඒ ස්වර 12න්ම විවිධ ස්වර යොදාගෙන. ඉතින් මේ කෝඩ්ස් ගිටාර් එකේ වගේම කී බෝඩ් එකෙත් ඒ විදිහටම වාදනය කරන්න පුළුවන්. කිසිම වෙනසක් නැහැ. වෙනසකට තියෙන්නෙ භාණ්ඩ දෙකේ පමණයි. ගිටාරයේ තත්, කී බෝඩ් එකේ කීස් එහෙම නැත්තම් යතුරු තියෙනවා.
      උදා: C මේජර් කෝඩ් එක (ස ග ප හෝ C E G ) ඕක කී බෝඩ් එකේදි අදාළ කීස් ටික අල්ලනවා. ගිටාර් එකේදී අදාල ස්වර ටික තත් 4ක් ආශ්‍රයෙන් අල්ලනව. එකම වෙනස එයයි. සංගීතයේදී ඇති කෝඩ්ස් භාණ්ඩ සියල්ලටම පොදුයි. ස්තුතියි. දිගටම එන්න :)

      Delete
  4. sinhala sangeethaya gana mulinma penwadun aya lesata sunil shantha Makololuwa mahatha adeen innawa. mewa ismathukaranna ida denne na loku balapam sidhdhawenawa. mana oba FB penee sitinne kohomada ?

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.