Thursday, October 30, 2014

Windows Registry කියන්නේ මොකද්ද කියල දැනගනිමු.




windows_registry
මේ ලිපිය මගින් මනා කියන්න යන්නෙ windows ඔපරේටින් සිස්ටම්ස් (windows xp ,7 සහ 8)   භාවිතා කරන අය දැන ගන්න ඕන වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි Windows Registry(වින්ඩොව්ස් රෙජිස්ට්‍රි). සමහර අය මේ registry ගැන අහන්නෙ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගැන දන්න ගොඩ දෙනෙකුත් ඉන්න පුළුවන්. කොහොම හරි මනා බලාපොරොත්තු වෙන්නේ මේ ගැන මුලික දැනුමක් අවබෝධයක් ඔයාලට ලබාදෙන්න. 


මොකද දන්නවද, මනා දැක්ක ගොඩක් සිංහල බ්ලොග්ස් වල මේ registry ගැන කිසිවක් කියල දෙන්නෙ නැතුව ඒවා පාවිච්චි කරල කරන්න පුළුවන් පොඩි පොඩි වැඩ මහා වැඩ හැටියට පෙන්නල දීල තිබුණු අවස්ථා :D ඉතින් ඒවා දකින ගොඩක් දෙනෙක් කිසිම තේරුමක්  නැතිව ඒවා අනුගමනය කරන්න ගිහින් තමන්ගේ පරිගණකය අප්සෙට් කරගත්ත අවස්ථා ඕනෙ තරම් තිබුන.දැන් ඉතින් අනිත් බ්ලොග් ලියන අය මනාගේ පින්තාරුව එක්ක තරහ ගන්න එපා :).    



 Windows Registry(වින්ඩොව්ස් රෙජිස්ට්‍රි) පිළිබඳව ඔයාල දැනගත යුත්තේ ඇයි?
   
   Registry(රෙජිස්ට්‍රි) කියල කියන්නෙ වින්ඩොව්ස් සහිත PC එකක් වැඩ කරන්න  නැතිනම් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන අනිවාර්ය අංගයක්. වින්ඩෝස් පාවිච්චි කරන ඔයාලට මේ registry ගැන මුලික අවබෝධයක් හරි අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ කියල මනාට හිතෙනවා.මේ registry ගැන දැන ගැනීම මගින් පරිගණකයේ ඇති වන දෝෂ ගොඩක් නිවැරදි කරගන්නත් තවත් බොහෝ දේත් කරන්න පුළුවන්.

මොකද්ද මේ Windows Registry(වින්ඩොව්ස් රෙජිස්ට්‍රි) කියන්නෙ?

Windows Registry කියන්නෙ පරිගණකයේ තිබෙන දෘඩාංග(hardware) සහ මෘදුකාංග(software) ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන සියලුම තොරතුරු ඇතුලත් වෙලා තිබෙන ප්‍රධාන දත්ත ගබඩාවට. අපි පරිගණකය මගින් වින්ඩොව්ස් භාවිතා කරමින් කිසියම් වැඩක් කරන විට ඒ වැඩේ කිරීම සඳහා තොරතුරු ලබා ගැනීමට මේ වින්ඩොව්ස් රේජිස්ට්‍ර් වලට ප්‍රවේශ වීම සිදුකරනු ලබයි. ඒ සියලුම තොරතුරු සැඟවුණු system binary files කීපයක් අතර බෙදල තියෙන්නෙ. ඒ කියන්නේ මේ තොරතුරු ඇතුලත් කරලා තියෙන්නේ binary(එක බින්දුව) ක්‍රමේට. මේවා එක්ක ගොඩක් වෙලාවට වැඩ කරන්නේ මේ සම්බන්ද විශාරද පුද්ගලයන්. නමුත් මේ registry වල සමහර කොටස් අපිට බලාගන්න පුළුවන් Registry Editor Accessory එහෙම නැත්නම් Regedit.exe භාවිත කරල. මේ regedit එකේදී කරන්නේ අර binary ක්‍රමේට තියෙන තොරතුරු අපිට කියවගන්න පුළුවන් ආකාරයට හදල දෙන එක. මොකද අපිට binary ෆොර්මැට් එක කියවල තේරුම් ගන්න බෑ නේ :D. 

නමුත් මේ Registry එක්ක වැඩ කරන එක ටිකක් අවදානම්.මොකද දන්නවද කිසිම අවබෝධයක් නැතුව මේ registry වෙනස් කරන්න ගියොත් අපේ පරිගණකය නිවැරදිව ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්.ඒ හින්ද ගොඩක් වෙලාවට registry එක්ක වැඩ කරන්න කලින් පරිගණකයේ backup(බැකප්) එකක් අරන් තියාගන්න එක සාමාන්‍ය සිද්දියක් :). හදිස්සියේ හරි අපි අතින් වැරද්දක් උනොත් අර backup(බැකප්) එක  පාවිච්චි කරලා පරිගණකය යථාතත්වයට ගන්න පුළුවන්.  


Windows Registry ආරක්ෂාකාරීව edit(සංස්කරණය) කිරීමේදී අනුගමනය කලයුතු ක්‍රියාපටිපාටිය.

1) ඔබ Registry edit කිරීමට පෙර ඉහත සඳහන් කල පරිදි ඔබගේ පරිගණකයේ Backup එකක් ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු කරන්න. මෙහිදී System Restore Point එකක් සදා ගැනීම ඉතාමත්ම හොඳයි.

2) ඊළඟ කාරණේ තමයි කොහොමද මේ හදාගත්ත Backup එක Restore(නැවත ස්ථාපනය) කරන්නේ කියන එක දැනගෙන සිටීම.

3) සෑම විටම එක පාරකට එක register එකක් පමණක් edit කරන්න.එහෙම edit කලාට පස්සෙ හැම වෙලේම ඉඳල බලන්න  ඕනෙ අපි අපේක්ෂා කරපු දේ උනාද කියල. අනෙක් කාරණය තමයි එකවරකට registries කිහිපයක් වෙනස් කලොත් අනිවාර්යයෙන්ම පරිගණකය restart කිරීම කල යුතුයි කියන එක.

4) මෙම කාරණය ඉතාම වැදගත්. සැමවිටම registry එකක් edit එකක් සිදු කිරීම කලයුත්තේ විශ්වසවන්ත සහ නිර්දේශ කරලා තියෙන මුලාශ්‍රයක් පාවිච්චි කරල. ඒ කියන්නේ ඔය internet එකේ තියෙන එක එක tricks අරව මෙව්වා දැක්ක ගමන් කරන්න එපා කියන එක. මොකද ඒවා කරලා හානි වෙන්නේ ඔයාලගේ පරිගනකයටමනේ :p.

කොහොමද මේ registry edit කරන්නෙ?

මේ registry එඩිට් කරන්නේ Registry Editor එක පාවිච්චි කරල.

1) වින්ඩෝස්(Windows) key එකයි R key  එකයි එකවර press (Windows key + R) කරල Run එක open කරගන්න.
2) දැන් මෙන්න මේක type කරන්න regedit 
3) ok කරන්න.
4) ඊට පස්සේ එන User Account Control එකට Yes click කරන්න.

regedit



ඔය පියවර ටික අනුගමනය කරල Reistry Editor එක open කරගත්තම මෙන්න මේ වගේ එකක් තමයි තියෙන්න ඕනේ.

registry_editor


මේකේ පෙනුම හරියට වින්ඩොව්ස් එක්ස්ප්ලෝර(Windows Explorer) එක වගේ. මේකෙ වම් පැත්තෙ තියෙන ටිකට කියන්නේ Keys කියල.  දකුණු අත පැත්තෙ  තියෙන ඒවට කියන්නේ values කියල.  මේ values වෙනස් කිරීම මගින් තමයි අපිට අවශ්‍ය කරන දේ සිදුකර ගන්නෙ (එහෙම කරන්න පුළුවන් දේවල් අපි වෙනම පෝස්ට් එකකින් කතා කරමු). මේකෙ යටින්ම තියෙන තීරුවේ පෙන්නන්නේ දැනට highlight වෙලා තියෙන Key එකේ පාත් එක.

Registry Editor එකේ මුලිකව Keys පහක් තියෙනවා.ඒවා මොනවද කියල කෙටියෙන් බලමු. 


Keys                                                                                    විස්තරය                                                          

HKEY_CLASSES_ROOT         file ආශ්‍රයන් සහ  COM  object රේජිස්ට්‍රේෂන්  තැන්පත් කිරීම. 

HKEY_CURRENT_USER             දැනට ලොග් වෙලා තියෙන user account එකේ දත්ත තැන්පත් කිරීම. 

HKEY_LOCAL_MACHINE          අපේ පරිගණක පද්දතියේ ඇති තොරතුරු තැන්පත් කිරීම.

HKEY_USERS                                අපේ පරිගණකයේ ඇති සියලුම user accounts ගැන තොරතුරු                                                                                                                                             තැන්පත් කිරීම.

HKEY_CURRENT_CONFIG      දැනට අප පරිගණකයේ ඇති ආකෘතිය(configurations එහෙම) සම්බන්ධ                                                                                                                           තොරතුරු  තැන්පත් කිරීම.                             

Registry Editor එකේ ඇති මෙනුස්(Menus)

මෙහෙදී මනා කතා  කරන්නෙ File සහ Edit මෙනු  පමණයි.

File මෙනුව                                                                             Edit මෙනුව 

                         
                                       
                                               


මෙහිදී File මෙනුවේ ඇති Import සහ Export භාවිත කරමින් තනි තනි Keys, Registry files සමග බැකප්(backup) සහ රීස්ටෝර් (Restore) කිරීම සිදු කරන්න පුළුවන්.

Edit මෙනුව භාවිත කරමින් Registry එකේ වෙනස්කම් සිදු කල හැකියි. මෙහිදී Keys සහ values delete(මකා දැමීම), add(එකතු කිරීම) සහ rename කිරීම සිදු කල හැක.

ඉතින් Registry Editor එක ගැන මේ ලිපියේ තියෙන කරුණු ටික දැනගෙන සිටීම ඔයාලට ගොඩක් වැදගත් වේවි. මේ registry values වෙනස් කරල විවිදාකාර වැඩ කරන්න පුළුවන්.ඒවානම් ඔයාල දන්න්නවත් ඇති මේ වෙද්දී :p  මම මේ පෝස්ට් එක පටන් ගනිද්දී කිව වගේ :D. ඒ උනාට මනා හිතාගෙන ඉන්නවා එහෙම කරන්න පුළුවන් පොඩි පොඩි වැදගත් වැඩ ටිකක් ඔයාලට පෝස්ට් එකකින් ඉදිරියේදී ගෙන්න. මේ ලිපිය ගොඩක් දික් ගැස්සුනා. එහෙනම් මේ කරුණු ටික ගැන හොඳට අවබෝධයක් අරගන්න. ජය වේවා හැමෝටම!!!
   


    

No comments :

Post a Comment

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.