Sunday, December 7, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 5


guitar_lesson_managepintharuwa
සුභ දවසක් ඔයාල සියළු දෙනාටම. පසු ගිය පෝස්ටුවෙන් අපි මෙතෙක් ඉගෙන ගත්ත ඕපන් කෝඩ්ස් වලින් අභ්‍යාසයක් කතා කලා ඔයාලට මතක ඇති. ඉතින් ඔයාල ඒක පුරුදු වෙන්න උත්සහයක් දැරුවානම් තේරුම් යන්න ඇති ඒ තිබ්බ කෝඩ්ස් ටික මාරු කරන්න ටිකක් අපහසු බව. මම කලින් පෝස්ට් එකකදී කීව මතක ඇති එක කෝඩ් එකක් ඇල්ලිය හැකි ආකාරයන් කිහිපයක් තිබෙන බව. අන්න ඒ විදිහට විවිධ ක්‍රම ගොඩක් තියෙන්නෙ කෝඩ්ස් මාරු කිරීමේදී ඇති විය හැකි අපහසුතාවයන් අඩු කර ගැනීමටයි. ඒ කියන්නෙ අපි වාදනයක් ඉදිරිපත් කරද්දී තිබෙන කෝඩ්ස් සියල්ලම ෆ්රෙට් බෝර්ඩ් එකේ ෆ්රෙට්ස් කිහිපයක් අතර වාදනය කිරීමට පුළුවන් කමක් තියෙනව. එහෙම කරද්දී අර කීව ක්‍රම සියල්ලම යොදා ගෙන ඉතා පහසුවෙන් කෝඩ්ස් මාරු කිරීම සිදු කල හැකියි. ඉතින් ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2, 3 කියන පෝස්ට් වලදී අපි එහෙම ක්‍රම කීපයක් ගැන කතා කලා. අද පෝස්ට් එකෙනුත් ඒ වගේ තවත් ක්‍රමයක් ගැන තමා කතා කරන්න යන්නෙ.     

මෙම ක්‍රමයත් ඕපන් කෝඩ්ස් වලදී කතා කරපු E මේජර්/මයිනර් සහ  F  මේජර්/මයිනර්  කෝඩ්ස් අල්ලන ආකාරයම ෆ්රෙට් බෝර්ඩ් එක ඉදිරියට විකාශනය වන හැටි තමා කතා කරන්නෙ. සරළවම කිවොත් ඕපන් කෝඩ්ස් වලදී කතා කරපු  E මේජර්/මයිනර් කෝඩ් එකේ ඉඳන් ෆ්රෙට් බෝර්ඩ් එක ඉදිරියට යන්නෙ කොහොමද කියල තමා අද කතා කරන්නෙ.

මේ තියෙන්නෙ ඕපන් කෝඩ්ස් වලදී කතා කරපු  E මේජර්/මයිනර් සහ  F  මේජර්/මයිනර් කෝඩ්ස් පිහිටල තියෙන ආකාරය.

E_Major
E_minor

F_major

F_minor


දැන් අපි ගිටාරයේ ස්වර පුවරුව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. මේ තිබෙන ස්වර පුවරුවේ හයිලයිට් (Highlight) කරල තියෙන ස්වර ටික මුලික කරගෙන හැදෙන මේජර් සහ මයිනර් කෝඩ්ස් අල්ලන ආකාරය තමා අපි අද කතා කරන්නෙ. එතැනදී ඉහත සඳහන් කරපු E මේජර්/මයිනර් සහ  F  මේජර්/මයිනර් කෝඩ්ස් හැදිලා තියෙන්නෙ ඔය හයිලයිට් වෙලා තියෙන ස්වර වල උඩින්ම තියෙන E (ග) සහ F (ම) මුලික කරගෙනයි. එලෙස හයිලයිට් වෙලා තියෙන ස්වර ටිකට අදාළව මේජර් සහ මයිනර් කෝඩ්ස් සියල්ලම අල්ලන අකාරය ගැන තමා අද අපි කතා කරන්නෙ.

guitar_fret_board_managepintharuwa

මෙන්න මේ ආකාරයට තමා ඔය ක්‍රමය යොදාගෙන කෝඩ්ස් අල්ලද්දී ඇඟිලි තබා ගන්නෙ.

guitar_left_hand_right_hand_for_major

guitar_minor_code_left_right


ඒ වගේම ඔයාල මෙහිදී සිහියේ තබා ගන්න ඕන කරුණ තමා මෙම ස්වර පුවරුවේ තිබෙන ශාර්ප් (Sharp) හෝ ෆ්ලැට් (Flat) නෝට්ස් වලට අදාළවත් ඔය ක්‍රමයට කෝඩ්ස් ඇල්ලිය හැකි බව. එම ශාර්ප් (Sharp) හෝ ෆ්ලැට් (Flat) නෝට්ස් ඉහත රුපයේ සඳහන් කරල නැත්තෙ එම රූපය සංකීර්ණ වන නිසයි. ස්වර පිලිබඳ අවබෝධයෙන් ඔයාලට ඒ ස්වර ටික ඔය රුපයේ යෙදෙන හැටි මේ වන විට හිතාගන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒ ගැන තාම අවබෝධයක් නැති අය ස්වර සම්බන්ධ පෝස්ටුව බලල එන්න කියල මතක් කරනවා. ඒ වගේම මම මේ පෝස්ටුවෙන් පෙන්වන්නෙ මුලික ස්වර හතට (C , D , E ,F ,G , A ,B ) අදාල කෝඩ්ස් ටික පමණයි. ස්වර පිලිබඳ අවබෝධයෙන් ශාර්ප් (Sharp) හෝ ෆ්ලැට් (Flat) නෝට්ස් වලට අදාළ කෝඩ්ස් යෙදෙන හැටි ඔයාලට හොයාගන්න දැන් පුළුවන්.

                                                                මේජර් කෝඩ්ස් 

F_major_G_major

A_major_B_major

C_major_D_major

E_major


                                                               මයිනර් කෝඩ්ස් 

F_minor_G_minor

A_minor_B_minor

C_minor_D_minor

E_minor


ඉහතින් සඳහන් කරපු ක්‍රමය ගොඩක් වැදගත් එකක්. මෙම ක්‍රමයට කෝඩ්ස් තිබෙන ස්ථාන මතක තබා ගැනීම ඉතාම වැදගත් වෙනව. ඔයාල මෙම කෝඩ්ස් හොඳින් මතක තබා ගැනීමට උත්සහ කරන්න. ෆ්රෙට් අංක මතක තබා ගැනීම මගින් ඔය කෝඩ්ස් තිබෙන තැන් මතක තබා ගැනීමට සහ හුරු වීමට පුළුවන්. බොහෝ දෙනෙක්ගේ ගිටාර් වල පොසිෂන් මාර්කස් තිබෙනවා. එම පොසිෂන් මාක්ස් උපයෝගී කරගෙන මතක තබා ගැනීමටත් පුළුවන්.නමුත් ඔබට පොසිෂන් මාර්කස් නොමැති ක්ලැසිකල් ගිටාරයක් ගත්විට එලෙස හුරු වීමට අපහසුයි.හොඳම ක්‍රමයනම් ෆ්රෙට් අංක මතක තබා ගෙන හුරු වීමයි. නිරන්තර පුහුණු වීම මගින් මෙම කෝඩ්ස් ඔයාලට ඉක්මනටම මතක තබා ගැනීමට පුළුවන් වේවි. ඊළඟ ගිටාරය සම්බන්ධ ලිපියේදී මම නැවතත් අභ්‍යාසයක් කිරීමට බලාපොරොත්තු වෙනව. එතකන් මෙම කෝඩ්ස් අල්ලන ආකාරයන් හොඳින් පුරුදු වන්න. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. හැම දෙනාටම ජය වේවා!!!   

12 comments :

  1. ජයවේවා බොසා ...පස්සේ හොදට කියවන්නම් .මේ දවස වල බිසියෝ .....

    ReplyDelete
    Replies
    1. නිවාඩු පාඩුවේ කියවල පුරුදු වෙයන් මචෝ. මේවා කරන්න නිදහසේ ඉන්න ඕනේ :D. ජය වේවා!!!

      Delete
  2. අඩේ......මේක මග ඇරිලනේ.......
    මට තියන ලොකුම ප්‍රශ්නේ උඹේ පෝස්ට් ගැන නෙමෙයි.උඹ කරන දේට ඇගයීමක් කරන්නේ කොහොමද කියන එක ගැනයි.ස්තූතියි කියන අකුරු 4න් විතරක් මේ දේට නිසි ඇගයීමක් ලැබෙන්නේ නෑ කියන එක මම දන්නවා.ඒත් වෙන මොකද්ද කියන්න ඉතුරුවෙලා තියෙන්නේ.......
    ජය වේවා මනා.......

    ReplyDelete
    Replies
    1. අනේ ඕක මොකද්ද මචෝ. මම මේ බ්ලොග් එක කරන්නෙ මම දන්න දේවල් උඹලටත් පුළුවන් විදිහට කියල දෙන්න හිතා ගෙන. මම මේක අසාවෙන් කරන්නෙ ඇගයීමක් විශේෂයෙන් බලාගෙන නෙමෙයි. කවුරු හරි මේක බලල දෙයක් ඉගෙන ගන්නවනම් මට ඒ ඇති. උඹල දාන කොමෙන්ට් ටිකම මදැයි අගය කිරීමක් විදිහට :).

      Delete
  3. අදයි අහම්බෙන් මේක සෙට් වුනේ , ග්‍රේට් වරක් මනෝ .. ගිටාර් පිළිඹඳ බ්ලොග් පුදුම තොගයක් තිබ්බා එත් ඔක්කොම මග නැවතුනා, මං ඒ හැම එකම බැලුවා, මේක සුපිරි වැඩක් ,මග නවත්තලා දාන්නනම් එපෝ දෙයියෝ , උඹ ක්ලාස් කරනවද?

    ReplyDelete
    Replies
    1. //ගිටාර් පිළිඹඳ බ්ලොග් පුදුම තොගයක් තිබ්බා එත් ඔක්කොම මග නැවතුනා, මං ඒ හැම එකම බැලුවා, මේක සුපිරි වැඩක් ,මග නවත්තලා දාන්නනම් එපෝ දෙයියෝ//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මුලින්ම ඉවාන් පවුලූශාව ආදරයෙන් පිළිගන්නව පින්තාරුවට. ඒකනම් ඇත්ත, ගිටාර් පිලිබඳ බ්ලොග්ස් ගොඩක් මමත් දැක්ක. පින්තාරුව නම් ඒ වගේ මගින් නවත්වන්නෙ නෑ මේක බලන අයව මග අතරමන් කරල දාල. පුළුවන් තරම් හොඳට දිගටම කරගෙන යන්න තමා උත්සාහ කරන්නෙ.මම ක්ලාස් නම් කරන්නෙ නැහැ. ඊට වඩා හොඳයි නෙ මේ විදිහට බ්ලොග් එකක් කරන එක කියල හිතල තමා මේක පටන් ගත්තෙ. එතකොට උවමනාවක් තියෙන හැම කෙනෙක්ටම නොමිලේම ඉගෙන ගන්නත් පුළුවන්නෙ. මුලික සිද්දාන්ත ඉක්මනටම ඉවර වෙනවා තව එක පෝස්ටුවකින් වගේ. ඊට පස්සෙ හොඳ අභ්‍යාස කිහිපයකින් ඔයාලටත් හොඳ ගිටාර් වාදකයෙක් වීමේ අඩිතාලම දාල දෙන්න තමා සැලසුම් කරගෙන ඉන්නෙ. අපි බලමු සාර්ථක වෙයිද කියල ඉතින් නේද :D. දිගටම මේ පැත්තෙ ඇවිත් යන්න එන්න කියල ආරාධනා කරනව. ජය වේවා!!!

      Delete
    3. @සින්දු ඇනෝ හිහි :D. මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසී. ඊළඟ පොස්ට් එක ළඟදීම දානවා. සද්දයක් නැත්තෙ මේක නවත්තල දාල එහෙම නෙමේ ඔන්න :D

      Delete
    4. ""මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසී. ඊළඟ පොස්ට් එක ළඟදීම දානවා. සද්දයක් නැත්තෙ මේක නවත්තල දාල එහෙම නෙමේ ඔන්න :D""
      ඒක මිසක් මම මේ හොඳවයින් දෙකක් කියල යන්න කියලා ආවේ :P

      Delete
  4. තව පොඩ්ඩක් හිටියත් කමක් නැහැ. සමහර කෝඩ්ස් ටිකක්‌ පුරුදු වෙනකම්.

    ReplyDelete
    Replies
    1. මම දැනට කතා කරපු ක්‍රම ටිකෙන් පොඩි අභ්‍යාසයක් දාන්න කියල බැලුවෙ. එතකොට හොඳයි නෙ. ඒ ඔක්කෝම ක්‍රම ටික මතක් කරගන්නත් පුළුවන් වෙයි.

      Delete
  5. සිරාවට මේක නියම වැඩක් මනා අයියෙ. සුපිරියි. එක යෝජනාවක් තියනව, මේකෙ තියන Videos download කරගන්ටත් පුලුවන් විදියට දාන්ට පුලුවන්නම් ලොකු දෙයක්. ඇත්තටම මෙ වගේ දෙයක් කරන එකට ගොඩක් පින් මනා අයිය.. Thank you verry much...

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.