Sunday, December 21, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 6


managepintharuwa_guitar_lesson

සුභ දවසක් සියළු දෙනාටම. අද මම මේ පෝස්ට් එකෙන් කතා කරන්නෙ අපි මෙතෙක් කතා කරපු ගිටාර් කෝඩ්ස් අල්ලන ක්‍රම සියල්ලම ආවරණය වන විදිහේ පොඩි අභ්‍යාසයක්. මම මෙතෙක් කතා කරලා තියෙන්නෙ ඕපන් කෝඩ්ස් සහ එම ඕපන් කෝඩ්ස් වලින්ම ඉදිරියට විකාශනය වන තවත් ක්‍රම දෙකක් ගැනයි. එම ලිපි බලපු නැති අය සහ එම කරුණු අමතක අය නැවත ගිහින් පරණ ලිපි ටික බලල එන්න කියල ඉල්ලීමක් කරනව. අදත් මම මේ අභ්‍යාසය වීඩියෝස් කිහිපයකට තමා කරල තියෙන්නෙ. මුලින්ම කියන්න ඕනෙ, මෙම පෝස්ටුව පුරාවටම කතා කරන්නෙ කෝඩ්ස් හතරක් ගැන පමණයි. අපි මෙතෙක් කතා කරපු ක්‍රම වලට එම කෝඩ්ස්හතර අල්ලන ක්‍රම තමා අභ්‍යාස හැටියට තියෙන්නෙ. අද අපි යොදාගන්න බලාපොරොත්තු වන කෝඩ්ස් තමා,

D මේජර් , B මයිනර් , G මේජර් , A මේජර්   


මුලින්ම බලමු මෙම එක් එක් කෝඩ්ස් අපි මෙතෙක් කල් කතා කරපු ක්‍රම වලට අල්ලන්නෙ කොහොමද කියල.

                                                              

                                                                   D මේජර් 




                                                               B මයිනර්




                                                               G මේජර්




                                                               A මේජර්

හරි දැන් ඔයාලට මෙම කෝඩ්ස් අල්ලන හැටි ගැන දැන් ප්‍රශ්නයක් නැහැ කියල මනා හිතනවා.දැන් තමයි අපේ අභ්‍යාසයට යන්නෙ. මෙහිදී මුලින්ම කියන්න ඕනෙ, මම මේ කෝඩ්ස් හතර අල්ලන ආකාර තුනක් තමා අද අභ්‍යාස විදිහට කරන්නෙ. මේ හැම ක්‍රමයක්ම ඉතාම වැදගත්. ඒක නිසා ටිකක් අවධානයෙන් සහ උවමනාවෙන් මේ අභ්‍යාස පුරුදු වෙන්න.
පළවෙනි අභ්‍යාසයෙන් කතා කරන්නෙ කොහොමද මේ D මේජර් , B මයිනර් , G මේජර් , A මේජර් කියන කෝඩ්ස් ඕපන් කෝඩ්ස් විදිහට භාවිතා කරල වාදනය කරන්නෙ කියල.






මේ තියෙන්නෙ දෙවන අභ්‍යාසය. මෙම ක්‍රමයේදී D මේජර් , B මයිනර්  කියන කෝඩ්ස් දෙක ඕපන් කෝඩ්ස් වන අතර G මේජර් , A මේජර් යන කෝඩ්ස් මිට කලින් පාඩමේදී කතා කරපු ආකාරය භාවිතයෙන් තමා අල්ලනනෙ.





මේ තියෙන්නෙ අන්තිම අභ්‍යාසය. මෙහිදී අපි ඕපන් කෝඩ්ස් වෙනුවට එමගින් ඉදිරියට විකාශනයවුනු කෝඩ්ස් අල්ලන ක්‍රම භාවිත කරල තමා වාදනය කිරීම සිදු කරන්නෙ. මෙම ක්‍රමය ගොඩක්ම ගැලපෙන්නෙ ඉලෙක්ට්‍රික් ගිටාරයක් යොදා ගනිමින් වාදනය කරන්නටයි. නමුත් බොක්ස් ගිටාර් එකෙනුත් මේ අභ්‍යාසය හොඳට වාදනය කරන්න පුළුවන්. හරි එහෙනම් මේකත් හොඳට පුරුදු වෙන්නකො.




ඉතින් දැන් ඔයාලට තේරුම් යන්න ඇති මම මොකද මෙච්චර කල් පාඩම් ගොඩක් විදිහට මේ එක එක කෝඩ්ස් අල්ලන හැටි ගැන වෙනම කතා කලේ සහ කරන්නෙ කියල. තව එක ක්‍රමයක් ගැන ඔයාලට මුලිකව කියල දෙන්න තියෙනව. අපි ඒක ගැන ඉදිරියේදී කතා කරමු.ඊට පස්සේ තියෙන්නේ තව හොඳට මෙම ක්‍රම ටික යොදාගෙන අභ්‍යාස කරන ගමන්, ඔයාල ආදරය කරන ආස කරන ගීත වාදනය කිරීමට ආරම්භය ලබා ගැනීමටයි. එතකන් තව ටික කාලයක් හදිස්සි වෙන්නෙ නැතුව මෙම අභ්‍යාස ටික හොඳට පුරුදු වෙන්න උත්සහ කරන්න කියල ඔයාලගෙන් ආදරයෙන් සහ අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. අද පෝස්ට් එක නම් එච්චර දිගු උනේ නැහැ :D. එහෙනම් මේ ටික හොඳට පුරුදු වෙන්න. ඇඟිලි මාරු කරද්දී ටිකක් අවධානයෙන් සහ ආයාසයෙන් කරන්න ඕන වෙනව මුලින්ම ගිටාරය වාදනය කරන කෙනෙක්ට නම්. ඒ වගේම ඔයාලගෙ ගිටාර් එකේ තියෙන්නේ මෙටල් ස්ට්‍රින්ග්ස් නම් මුලින්ම පුරුදු වෙද්දී ඇඟිලි තුඩු කැපිල නිකන් කානු වගේ වෙයි :D.එත් ඒවා හොඳ උනාට පස්සෙ ආයෙ එහෙම ලේසියෙන් වෙන්නෙ නැහැ. මුලින්ම ඉතින් පොඩ්ඩක් එපා වෙනව. ඕන දෙයක් එහෙමනෙ සාමාන්‍යයෙන්.පොඩි කැප කිරීමක් කරන්න ඕනෙ. හරි එහෙනම් දැනට මේ ඇති. ගැටළුවක් තියෙනවනම් හිතේ තියන් ඉන්නෙ නැතුව කමෙන්ට් එකක් දාල අහන්නත් අමතක කරන්න එපා. තවත් පෝස්ට් එකකින් හම්බවෙමු එහෙනම්. ජය වේවා!!! 

15 comments :

  1. පොස්ට් එක දිග නොවුනට වැඩේ දිගයි , මෙහෙම කෝඩ්ස් ගෘප් කරලා එක ලනග මාරු කරන්න පුළුවන් විදිහට , එකට ගීත වලට යෙදෙන කෝඩ්ස් වලට වෙන කරලා පාඩම කරනවා කියන්නේ වැඩේ ඉගන ගන්න ආස හිතෙනවා, නැත්තම් කෝඩ්ස් ටික පේලියට ගහනවා හැබැයි අවශ්‍ය ආකාරයට චේන්ජ් කරන්න බැහැ. ගොඩක් වෙලාට වෙන්නේ ආගන්තුක කෝඩ්ස් දෙකක් මාරු කරන්න ගියාම වැඩේ එපාවෙලා අල්ලලා දාන එක . ස්තුතියි මනා . මනා පාඩමක් මනා :D

    ReplyDelete
    Replies
    1. ඉවාන් පවුලූශා බොහොම ස්තුතියි ඔබගේ දිරි ගැන්වීමට සහ ශිෂ්‍යයෙක්ට ඇති වන ගැටළු ගැන මනා පැහැදිලි කිරීමක් :P :D. මේක බලන කෙනෙක්ට එපා වෙන්නෙ නැතිව අසාවෙන් ඉගෙන ගන්න පුළුවන් නම් ඒ ඇති. ජය වේවා!!!

      Delete
  2. මනා..............................

    අගේ අැති පාඩම් පොඩ්ඩ............... අපිත් ගිටාර් පාරක් ඉගෙන ගන්න කියලා බැලුවේ......................

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර බොහොම ස්තුතියි ඔබට. එහෙනම් ඔන්න ඔහෙ ඉගෙන ගන්න පටන් ගන්න තියෙන්නෙ :D. හොඳ මට්ටමකට එන්න පුළුවන් වෙයි නෙ. ජය වේවා!!!

      Delete
  3. සින්දුත් එක්ක chords කියල දුන්නනම් හොදයි නේද??? නැත්තම් change කරන්න තේරෙන්නෙත් නෑ. ගහන්න ආසාවක් එන්නෙත් නෑ වාගේ...

    ReplyDelete
    Replies
    1. පොත් ගුල්ලා පොඩ්ඩක් ඉවසල ඉන්න. ඔය අභ්‍යාසයි සිද්දාන්ත කරුණුයි නැතුව කෙලින්ම සින්දු වලට ගියොත් නිකන් අංගවිකල ඩයල් එකක් වෙයි. කොහොමත් තව ටික දවසකින් සින්දු වලට යනව. ජය වේවා!!!

      Delete
  4. meka natara kenna epo tama meka gana minissu danne na pin sidda wei kohama hari okkoma padam tika danna mata mara satutui kenekta hitenna puluwan mehema comment danna man pissek kyla ewunata man kiwwe hithenma hitana de

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබගේ අගය කිරීමට සහ දිරි ගැන්වීමට. මේක මගින් නවත්තන්නෙ නැහැ. දිගටම කරන් යනව. දිගටම පින්තාරුව බලන්න එන්න. ජය වේවා!!!

      Delete
  5. අනේ සර් පන්තියට එන්න හොදටම පරක්කු උනා .ගෙදර වැඩ කරන්නේ නැතිව පන්ති ඇවිත් වැඩක් නැනේ .මචෝ වල්ලා පට්ට .හෙමිට බලන්නම් .කෝඩ් change කරන්න ගියාම තමයි ටැපලෙන්නේ ....ඇඟිලි හුරු කරගන්න අභ්‍යාස නැද්ද ?

    ReplyDelete
    Replies
    1. එළ එළ හෙමිට බලල පුරුදු වෙන්න. ඇඟිලි හුරු කරගන්නත් අභ්‍යාස දාන්න ඉන්නෙ. ඔය ඔක්කොම හෙමිට හදාගමු නේ ;). ජය වේවා!!!

      Delete
    2. උඹට ක්ලාස් කරන්න අදහසක් ඇත්තෙම නැද්ද ? බලපන් මෙතනම ගෝලයෝ කෙදෙක්ද කියලා, පොඩ්ඩක් හිතලා බලාපංකෝ නැද්ද සින්දු ඇනෝ ...

      Delete
    3. අනේ මචන් අමනාප වෙන්න එපා මම ක්ලාස් කරන්න කැමති නෑ :D. මම ක්ලාස් එකකට වඩා හොඳට මේකෙන් ගොඩක් දේවල් කියල දෙන්නම්. ක්ලාස් කැල්ලක් අටවගත්තනම් කියක් හරි හොයාගන්නත් පුළුවන් තමයි :D. එත් ඊට වඩා දෙයක් මේ බ්ලොග් එකේ කරන දෙයින් මම හොයනව. ඒ තමයි මම දන්න දේවල් වලින් තව එකෙක් ඉගෙන ගන්නව කියල උන්ගෙ අදහස් වලින්ම දැන ගෙන ගන්න පොඩි සතුට. මට වැරදිලාවත් ක්ලාස් එකක් කරානම් හොඳයි කියල හිතුනු දවසට එකත් මේ බ්ලොගේම දාන්නම් අනිවා :). ඉතින් මචන් තරහ ගන්න එපා හොඳද.

      Delete
  6. Replies
    1. සමාවෙන්න ඕනේ රිප්ලයි කරන්න පරක්කු උනාට. ඔන්න අළුත් ගිටාර් පොස්ට් එකක් දාල තියෙන්නෙ. ජය වේවා!!!

      Delete
  7. Ane macho me ehekawath video penwan nahane Mata. Kalin ewageth ehemai.

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.