Saturday, March 14, 2015

බලාපොරොත්තු පොදි බැඳගෙන බලාගෙන ඉන්නවා

balaaporoththuwa

ක්‍රිකට් ලෝක කුසලානෙත් ගැට්ටටම ඇවිත් තියෙන වෙලාවේ මට හිතුන පාළුවට ගිහින් තිබ්බ මගේ බ්ලොග් එකේ මොකක් හරි දාන්න ඕනෙ කියල.  මම හිතල බැලුව මෙහෙම කාලෙකින් බ්ලොගක් දාද්දි මගෙ ආදරණිය රසික රසිකාවියන්ට දෙන්න පුළුවන් හොඳම දේ මොකද්ද කියල. ඕක ගැන හිතල හිතල අන්තිමේට මතක් උනා " අඩේ අප්පා මොකක්වත් නෑ නොවැ ලියන්න කියල".  ඔන්න ඔය සිතුවිල්ල ගැන මම ලත වේවි ඉන්දෙද්දී මට සෙට් උනා පට්ට මූවි ට්‍රේලර් එකක්. හෑ මොකා කිව්ව ට්‍රේලරයක්. නෑ නෑ එහෙම එකක් නෙවේ ආයුබෝවන්ඩ. මම කිවේ චිත්‍රපට පූර්ව දර්ශණ පටයක් ගැන. 

ඉතින් චිත්‍රපටියක් ගැන කීවාම කවුද කැමති නැත්තෙ මන් අහන්නෙ. ඒවගෙත් තියෙනවනේ එක එක වර්ග. බය හිතෙන එව්වා, ත්‍රාසජනක එව්වා, රොමැන්ටික් එව්වා, ඊළඟට කොමඩි, සයිෆයි (මොකක් සයිෆයි ???? ඒ කිව්වෙ සයන්ටිෆික් ෆික්ෂන් එහෙම නැති නම් විද්‍යා ප්‍රබන්ධ), ඊළඟට ඉතිහාස කතා ඔය වගේ තව තව ජාති තියෙනවනෙ. අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඇයි අර නිල් චිත්තරපටි :P.

කොහොම හරි ඔය ඔක්කොගෙන්ම මම කැමති ඉතිහාසය කියන කැටගරි එකට. ඒකෙදි ඇත්තම ඉතිහාස කතා වගේම ඉතිහාස කතාවට තව අතින් පයින් දාල හදපු ඒවත් තියෙනවනෙ ආයුබෝවන්ඩ. ඒවගෙනුත් ඓතිහාසික යුධ කතා වලට මම පට්ටම කැමතියි. ඔය Brave Heart, King Arthur, Troy, 300, Gladiator, Kingdom of Heaven, Robin hood, The Last Samurai වගේ ෆිල්ම් ඒවගෙන් කිහිපයක් විතරයි. ඉතින් අර මාර්ටින් ලූතර් කිං මහත්තය කිව ප්‍රසිද්ධ කතාවේ වගේ වාක්‍යයක් මටත් තිබ්බා. ඒ මහත්තය කිවේ I have a dream. මටත් මුලින්ම ඔය උඩින් කියල තිබුන ෆිලුම් බලද්දී තිබ්බේ ඔය කතාවම තමා :D. යකෝ අපේ රටේ කවද්ද අප්පා මේ වගේ ෆිල්ම් එකක් හදන්නෙ කියලා. ඉතින් ඔහොම ඉද්දි ඔය හීනෙ 2008 දි විතර හැබෑ වෙන්න පටන් ගත්ත. කාට කාටත් මතක ඇති නොවැ ජැක්සන් ඇන්තනි මහත්තයගෙ "අබා" චිත්‍රපටිය. එකෙ තරමක් දුරට සාර්ථකව කතාව වගේම තාක්ෂනය හොඳ මට්ටමින් කරල තිබුන. ඉතිං ඔන්න ඔතනින් අපේ රටේ චිත්‍රපට ක්ෂේත්‍රයේ එක හැරවුම් ලක්ෂයක් උදාවුණා කිවොත් මම හරි. එතන ඉඳන් ඉතිහාස කතා රැගත් චිත්‍රපට රැල්ලක් අපේ රටේ ඇති වුනා. මම ඒවගේ නම් කියන්න යන්නෙ නෑ ඔං. ඉතින් එහෙම බිහිවෙච්ච චිත්‍රපට අතරින් සමහර ඒවා ඉතා දියුණු මට්ටමේ තිබුන. 

ඔය ඔක්කොටම කලින් ඒ කාලෙදිම අපේ රටේ ප්‍රවීනතම සිනමා අධ්‍යක්ෂ වරයෙක් වන ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා එතුමා කරන්න හිතන් ඉන්න චිත්‍රපටියක තිර පිටපත (මට මතක විදිහට) ඉරිදා දිවයින පුවත්පතේ කොටස් වශයෙන් පළ කරන්න පටන් ගත්තා "මහරජ ගැමුණු" කියල. ඒ තිර පිටපත කියවන්න  පටන් ගත්ත කාලේ ඉඳන් මම ඇඟිලි ගැන ගැන හිටියේ ඊළඟ කොටස පළ වෙනකන්. ඒ තරමට ඒ කතාව රසවත්ව එතුමා ලියල තිබුනා. ඒ ලිපි කියවන හැමවෙලේම අපේ හිත් වල එම චිත්‍රපටිය මැවිලා පෙන්න පටන් ගත්තා මට තාමත් මතකයි. ඒ කාලේ එම චිත්‍රපටය කරගන්න බැරි උනේ මුදල් ප්‍රශ්නයක් හින්ද කියල තමා එතුමා පත්තරේ දාල තිබ්බේ ඒ කාලේදි. ඉතිං කොහොමින් කොහොම හරි මම හිතුවෙ ඔය ෆිල්ම් එක කවද හරි King Arthur වගේ ෆිල්ම් එකක් වේවි කියල. දැන් ඒ චිත්‍රපටය නිර්මාණය කරල හෝල් වල තිරගත වෙන බව කවුරුත් දන්නව ඇතිනෙ. මම නම් බැලුව. හොඳ කතාවක්, සංගීතයක් වගේම හොඳ කැමරාකරණයකින් ඒ ෆිල්ම් එක සමන්විත උනත් අර මම කලින් කිව එම චිත්‍රපට තිරපිටපතේ තිබ්බ යුද්ධමය දර්ශන එතරම් නොපෙන්නුවේ ඇයි කියන එක මට එවෙලෙ හිතුනත් එවැනි දර්ශණ රූගත කිරීමට අවශ්‍ය කරන තාක්ෂනය සහ වියදම අධික නිසා එම සිද්ධි ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් නොකර ඉන්නට අධ්‍යක්ෂතුමා තීරණය කළා වන්නට පුළුවන්. කොහොම හරි ඒ චිත්‍රපටය ඉතාමත්ම උසස් නිර්මාණයක් කියන එක මේ අවස්ථාවේදී කියන්නම ඕනේ.

ඉතින් ඔන්න ඔය යුධ දර්ශණ නැති එක ගැන කනස්සල්ලෙන් ඉද්දි මීට දවස් තුන හතරකට කලින් මේ ලිපිය පටන් ගද්දිම කීව සුපිරි චිත්‍රපට පූර්ව දර්ශණ පටය මට අහම්බෙන් බලන්න සෙට් උනා. මෙන්න බොලේ ඒකෙ අර හොලිවුඩ් ටයිප් එකේ සීන්ස් ගොඩක් තියෙනවා. මටනම් ඇත්තටම ඒක හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ පෙනුනෙ. තාක්ෂනය ඉතාමත්ම සුපිරියට යොදාගෙන තියෙන පාටක් තමා මටනම් පෙනුනේ. මේ චිත්‍ර පටියේ නම "ආලෝකෝ උදපාදී". වළගම්බා රජතුමා ගැන තමා මේ චිත්‍රපටය මගින් පෙනවන්නෙ. ඒ එක්කම ත්‍රිපිටකය ග්‍රන්තාරූඩ කරන එක ගැනත් කියවෙනවා. ඉක්මනටම තිරගත කරනතෙක් නොඉවසිලිමත්ව තමා ඉන්නෙ ඔං :D.කොහොම හරි මේ ෆිල්ම් එකත් ලංකා සිනමාවේ හැරවුම් ලක්ෂයක් වෙයි කියල මට හිතෙනව. පහලින් තියෙන්නෙ ඒ චිත්‍රපට පූර්ව දර්ශණ පටය. බලන්නකො කොහොමද කියල. 




ඉතිං ඔන්න මනා ආයෙත් බ්ලොග් එකට ඇවිත් යන්න පටන් ගත්තා :D. ඒ වගේම මට මාසෙකින් විතර කාගේවත් බ්ලොගක් පැත්තෙ ගිහින් කොමෙන්ටුවක් දාන්නත් බැරි උනා ඒකට සමාව ඉල්ලනවා මේ වෙලේ බ්ලොග් ලියන සියළුදෙනාගෙන්ම.

මේ මාසේ 26 වෙනිදා නෙළුම් යාය සහෘදය මගින් පවත්වන සම්මාන උළෙලට තේමා ගීතය ගායනය කරන්න වස්තාවකුත් හම්බවුනා. ඒ වැඩේට පුළුවන් හැම කෙනෙක්ම සහභාගී වෙන්න කියල අරාධනා කරනවා. එහෙනම් සියළු දෙනාටම ජය වේවා!!!

12 comments :

  1. මේ ෆිල්ම් එක බලන්න පුළුවන් වෙයිද මේ මාසේ අග ?

    ReplyDelete
    Replies
    1. ඒක ගැන නම් කියන්න දන්නෙ නැහැ අයිය. ඉක්මනටම බලන්න පුළුවන් වෙයි කියල හිතනවා.
      මේ තියෙන්නෙ වෙබ් සයිට් එක http://www.alokoudapadi.com/

      Delete
  2. mano kohamamada ithin ko bn calz comment danne nati wunata api balan inne uba mokakda karanne kyla

    ReplyDelete
    Replies
    1. ගිටාර් පාඩම නවත්තල නෑ තාම. ඉදිරි දින වලදී තව අභ්‍යාසයක් දාන්නම්. බොහොම ස්තුතියි. ජය වේවා!!!

      Delete
  3. මනා.............. දැන්ම වෙලාවක් දා ගන්න ද මේක බලන්න..............

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි මයෙ හිතේ. මාත් එහෙම කරන්න හිතන් ඉන්නෙ :D.

      Delete
  4. අටම් දලා තිබුණ ලින්කුවක් දිගේ ආවේ අද තමා මුලින්ම ගොඩවුණේ ජය ෆලෝ ගැජට් එක කෝ ????

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. සහෝදර ව සාදරයෙන් පිළිගන්නව පින්තාරුවට. ෆලෝ ගැජට් එක ඇඩ් කරල තියෙන්නෙ. දිගටම මේ පැත්තේ එන්න. ජය වේවා!!!

      Delete
  5. මනා අයියා... උඹ සොයාගෙන ආවෙමි.. ජය වේවා!!
    දිගටම ලියමු...
    ආයෙත් දවසක සෙට් වෙමු.. ( උඹ ඉතින් මොනාත් කරන් නෑ කීවනෙ.. ශිට් )

    ReplyDelete
    Replies
    1. අඩේ මහේෂ් සාදරයෙන් පිළිගන්නවා උඹව මාගෙ බ්ලොගට. අනිවා සෙට් වෙමු මචං. එදාට මොනවහරි කරන්න බලමු ;). ජය වේවා!!!

      Delete
  6. අඩෝ මහේශ් මොනා හරි කරනවනම් මාවත් එක්ක පලයන්....
    ඔන්න මනා අයියේ මාත් ආවෝ

    ReplyDelete
    Replies
    1. අෆ්ෆටසිරි මෙන්න මේකත් ඇවිල්ල. කෝ බොල මගේ ෆෝන් එකට එවනව කිව්ව මැසේජ් එක :P. සාදරයෙන් පිළිගන්නවා මගෙ බ්ලොගට ;). ජය වේවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.