Monday, March 30, 2015

නෙළුම් යාය සම්මාන උළෙලේ තේමා ගීතය හැදුණු හැටි.




නෙළුම් යාය සම්මාන උළෙල මාර්තු 26 පැවැත්වුන බව ඔයාල හැමදෙනාම වගේ දන්නව ඇතිනෙ. ඉතිං ඒකට මමත් සහභාගී වුනා. එතනදි මට බ්ලොග් ලියන කීප දෙනෙක්ම හම්බවෙන්න අවස්ථාවත් උදාවුණා. කොළඹ ගමයා ලියන අජිත් අයියා, මාතලන් අයියා, ඉවාන් අයියා, සුදීක අයිය, අටං අයියා, බස්සි, කල්‍යාණ මිත්‍ර, කටුස්සා, මනෝගේ ලෝකය ලියන මනෝජ් ෆර්නැන්ඩු, අපේ දිලිනි, සජ්ජා, ගන අඳුර ලියන මහේෂ්, හිත හීලෑ නෑ ලියන මලයා, ඊළඟට වෙනියා ඔය වගේ තව කීප දෙනෙක්ම හිටියා. ඉතිං ඒ උත්සවය ඉතාමත්ම හොඳට පැවැත්වුනා කීවොත් වැරැද්දක් නෑ. ඔය උළෙලට මට යන්න සෙට්වුනේ තව වැදගත් වැඩක් බාර දීල තිබ්බ නිසා. ඒ වෙන මොකක්වත් නෙමේ ඉතිං නෙළුම් යාය තේමා ගීතය ගායනය කරන්න :D. 

ඔය අවස්ථාව උදාවුනේ අහම්බෙන් කීවොත් හරි. මෙහෙමනෙ සීන් එක. අපේ අජිත් අයියා මේ සම්මාන ප්‍රධානය ගැන කියල ඒ සම්මාන ලබන අයගේ නම් ලිස්ට් එකක් එහෙම දාල තිබ්බ මතක ඇතිනෙ. ඉතිං ඔය ලිස්ට් එකේ දිලාගෙ ලෝකය ලියන අපේ දිලිනිටත් සම්මානයක් තියෙනව කියල තිබ්බා. 

මෙතන ඉඳන් කියන්නෙ මට හිතුන විදිහට හරිද :D. ඉතිං ඕක දැක්ක ගමන් දිලිනිට මාරෙට හැපි හිතෙන්න ඇති. මොකද ඉතිං සම්මානයක් හම්බෙනවා කියන්නෙ කාටත් සතුටු හිතෙන දෙයක්නෙ. ඒක මටත් එහෙමයි කියවන ඔයාලටත් එහෙමයි. ඉතිං ඒ කික් එකටම තව දවස් දෙක තුනකින් දිලිනි ලියනවා යායට පායනා කියල ලස්සන කවි සෙට් එකක්. (දැන් මම හිතපු විදිහ අවසානයි)

ඕකට ඉතිං වෙනද වගේම කට්ටිය කමෙන්ට් කරනවා. මාත් ඉතිං කමෙන්ට් එකක් දාල ආව වෙනද වගේම. ඔන්න පහුවදා මගෙ ජීමේල් එකට ලොග්වුනාම ඊමේල් එකක් තියෙනව දිලිනිගෙන් "මොකද කියන්නේ කියල". මාත් ඉතිං මොකද්ද දන්නෑ අහල තියෙන්නෙ කියල බලන්න ඕපන් කළා මේල් එක. ඒකෙ තියෙන්නෙ එයාගේ බ්ලොගේ කමෙන්ට්ස් ටිකක ප්‍රින්ට් ස්ක්‍රීන් එකක්. බැලින්නම් මෙන්න මම දාල ආව කමෙන්ට් එකේ අපේ අජිත් ධර්මා අයියා කමෙන්ට් එකක් දාලා.

"දිලා සහ මනා , මෙහෙම යෝජනාවක් තිබෙනව. අපි කැමතියි මේ කවි පන්තිය සින්දුවක් ලෙස මනා ලව්වා ගායනා කරන්න. මේක තමා නෙළුම් යායේ තෙමා ගීතය. මොකද කියන්නේ?"

ඊට යටින් දිලිනිත් ඒට කැමතියි කියල දාල තිබ්බා.  

ඉතිං මේක දැක්ක ගමන් මම ආයෙ දෙපාරක් හිතුවෙ නෑ කෙලින්ම ගියා අදාළ පෝස්ට් එකට. දැම්ම  මම වැඩේට කැමතියි කියල. ඉතිං ඊට පස්සෙ අපි තුන්දෙනා මේ සීන් එක ගැන තව දුරටත් ඊමේල් කීපයක් මගින් කතා කරගත්තා. මම එතැනදී දවසක් දෙකක් ඇතුලත සාම්පල් එකක් එවන්නත් පොරොන්දු වුණා. ඉතිං එහෙම කිව්වට මම මේකට මෙලඩි එකක් දාන්නත් ඕනනෙ. ඒකත් එදා රෑම ඉවර කරල කියන්න ඕන මෙලඩි එක ශේප් එකේ හදා ගත්තා. මම පහුවදාම මගෙ ෆෝන් කට්ටෙන් පොඩි රෙකොඩින් පාරක් දාල අදාළ බලධාරීන්ට යැව්වා. මෙන්න දවස් දෙකකට විතර පස්සෙ මට මේල් ඇවිත් තිබ්බා එයාල මොනවද ඒක ගැන හිතන්නෙ අනං මනං කියල. ඔන්න ඊට පස්සෙ මරු සීන් එක. මම ඒක හදල සතියකට දෙකකට  විතර පස්සෙ ඒ කියන්නෙ පෙබරවාරි මැද වගේ ඉඳං ආගිය අතක්  නෑ. සැරින් සැරේ ඉක්මනට ඇවිත් ගියාට කමෙන්ට් එකක් දාන්නවත් වුනේ නෑ. හැබැයි ඒ අතරේ මට මොකද වුනේ, ඇයි එනනෙ නැත්තෙ, බ්ලොග නවත්තලද අනං මනං අහල කීප දෙනෙක්ම ඊයවල් විදල තිබ්බ. ඔය අතර තුර මට අජිත් අයියත් ඊයක් දෙකක් එවල තිබ්බා. මුලින්ම වැඩේ සෙට් වෙලා තිබ්බේ වෙන දවසකටනෙ. මෙන්න එක ඊයක තියෙනවා වැඩේ කල් ගියා 26 වෙනිදට කියල. දැන් මාර සීන් එක. මට දැන් ෂුවර් එකක් නෑ එදාට එන්න පුළුවන් වෙයිද කියල. මට මොකක් හරි තව වැඩක් සෙට් වෙන්න වගේ සීන් එකක් තමා ඒ වෙද්දී තිබ්බෙ. මම ඕක කියල අජිත් අයියට ඊයක් විද්දා. මට එදාට එන එක සුවර් නැත කියල :D. මෙන්න දැන් අජිත් අයියා එවනව "මල්ලි එදාට ඔයා එන්නම ඔනෙ. එන්නෙ නැතුව ඉන්න එපා කියල". දැන් ඔය සිද්දියෙන් පස්සෙ මට බ්ලොග පැත්තෙ එන්නම වුනේ නෑ මර්තු 20 පහු වෙනකං. ඔන්න මාර්තු 24 වගේ මම ආව ආයෙත් බ්ලොග් පැත්තෙ. ඇවිත් බැලුවම තියෙනවා අජිත් අයිය ලංකාවට ඇවිත් කියල ෆෝන් නොම්මරයක් එහෙම දාල ඕන වුනොත් අමතන්න කියල. මම ඊට පහුවදා යැව්ව හරි අයියා හෙට (26) එහෙනම් සෙට් වෙමු කියල. මම හිතන්නෙ ඒ මේල් එක දැක්කම වෙන්න ඇති අජිත් අයියගෙ ඔළුවේ තිබ්බ තව බරක් නිදහස් වෙන්න ඇත්තෙ. මොකද දන්නවද මම 26 ගිහිං අපේ කමියල එක්ක කතා කරද්දී තමා දැන ගත්තෙ අජිත් අයියා මම එන එකක් නෑ කියල හිතිල ෆෝන් නොම්මරයක් හොයල තියෙන විත්තියක් මට කතා කරන්න :D. ඉතිං කොහොමින් කොහොම හරි තේමා ගීතෙත් ගායනා කළා. ඒක ලියපු දිලිනිව දැක්කෙත් හරියටම ස්ටේජ් එක උඩදි. සිංදුව ඉවර වෙනකං දිලිනිත් ස්ටේජ් එකේ හිටිය. ඒ හිටිය එක ගොඩක් හොඳයි මොකකටවත් නෙමේ එවෙලෙ මම ටිකක් බයේ හිටියෙ සිංදුව හරියට කියා ගන්න බැරි වෙයි වත්දෝ කියල :D. 

මේ තියෙන්නෙ ගීතය ගායනා කරන අවස්ථාවෙ ෆොටෝ එකක්.

දිලා සහ මනා



ලස්සනට සින්දුව කිව්වද කියල මම තාමත් හරියටම දන්නෙ නැහැ හැබැයි. සිංදුව ඉවර වුනහම ලැබුණ අත්පුඩි සද්දෙන් මට හිතෙනව මම අවුලක් නැතිව වැඩේ ගොඩ දාල කියල :D. ඔන්න ඔහොමයි ඉතිං දිලිනිගෙ යායට පායනා කවි පද ටික නෙළුම් යාය තේමා ගීතය වුනේ. එදා සම්මාන උළෙලේදී කිව්ව එකේ වීඩියෝ එක හෝ ඕඩියෝ එකක් මට හොයා ගන්න බැරිවුන නිසා මම ආයෙත් මගෙ ෆෝන් කට්ටෙන් රෙකෝඩ් කරල එඩිට් පාරක් දාල ඔයාල හැමෝටම අහන්න පුළුවන් වෙන්න යූටියුබ් එකට අප්ලෝඩ් කළා. මේ තියේන්නෙ ඒ ගීතය. අහල බලන්නකො හොඳද කියල.



එහෙනම් මම ගියා. සියළු දෙනාටම ජය වේවා!!!

36 comments :

  1. අඩේ මනා... සාස්තර කියන්නත් පටන් අරන් නොවැ... මොකද කියන්නේ සයිඩ් බිසිනොස් එකක් විදියට කරන් යන් :) ඕo ඔන්න ඔහොමයිලු වැඩේ උනේ ඈ ...
    නියමයි ජයවේවා...!

    ReplyDelete
    Replies
    1. හි හි :D. එකත් හොඳ බිස්නස් එක සුමනෙ වගේ චාටර් නොවී කරන් යන්න පුළුවන් නම් නේද.
      // ඕo ඔන්න ඔහොමයිලු වැඩේ උනේ ඈ ... // වැඩේ අවුලක් වුනේ නෑ මගෙ හිතේ ;). ජය වේවා!!!

      Delete
  2. ජය වේවා මනා. උඹ පොරොන්දුව ඉස්ට කරපු එක අපේ අජි අයියට ලොකු හයියක්..

    ReplyDelete
  3. blogspot.co.uk කියන ඒවා විතරද මේකට තෝරා ගත්තේ blogspot.com මේකට ගන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. methana blog.co.uk kiyana eke niyama lipinaya enne .com hatiyata.

      Delete
    2. @ඇනෝ මෙතන වෙලා තියෙන්නෙ අජිත් ධර්මා සහෝදරය ඉන්නෙ එංගලන්තෙ. ඔය .com කියන්නෙ කොමර්ෂල් කියන එක. දැන් අජිත් සහෝ එංගලන්තෙ ඉඳන් අපේ බ්ලොගකට ගොඩ වෙද්දී ඩොමේන් නේම් එකට .uk කියන කන්ට්‍රි ඩොමේන් එක එකතු වෙනවා .com එකත් එක්ක. එතකොට තමා ඔය blogspot.co.uk කියල පෙන්නන්නේ.
      ඔය විදිහටම ජපානෙ වගේ රටක ඉඳන් අවොත් blogspot.co.jp කියල තියෙන්න පුළුවන්. ඒ වුනාට blogspot.com කියන එක තමා ටොප් ලෙවල් ඩොමේන් එක විදිහට ලෝකෙ පුරා බල පැවැත්වෙන්නේ. ඉතිං ඔයා ඔය දැකල තියෙන්නෙ blogspot.co.uk විදිහට අජිත් සහෝ එංගලන්තෙදි එයාගෙ බ්‍රව්සර් එකේ තිබ්බ බ්ලොග් ඇඩ්රස් එක කොපි කරල දාපු එකක්.

      Delete
  4. ෂඃ .. එතෙන්දි සිංදුව මිස් උනා නෙ... කොහෙද වැඩකට වෙලාවකට එන්න පුළුවන් වෙනවය කවදාවත්.. බොක්ස් එක ගෙනාවනං මටත් පොඩි බැක් එකක් දෙන්න තිබ්බ... ජයවේවා.. සිංදුව ඇහුවා... මරු!!!!

    ReplyDelete
    Replies
    1. සජ්ජව සාදරයෙන් පිළිගන්නවා මගෙ බ්ලොග් එකට. ඒ කියන්නෙ සජ්ජත් මම වගේ සංගීත කාරයෙක් :D. අඩේ දැන ගත්ත එක හොඳයි. එහෙනම් ඊළඟ එකට හොඳ වැඩක් කරන්න පුළුවන් වෙයි. ජය වේවා!!!

      Delete
    2. අපරාදේ උඹ හිටියේ නැති එක.මනාගේ කටහඬ සිරා සජ්ජා.
      මනා,මම ඒක කියන්න හිටියත් කියන්න වෙලාවක් හම්බුනේ නෑ මචෝ එදා.ඇත්තටම උඹේ කටහඬ සිරා. කම්පියුටරයක් ඉස්සරහට වෙලා ජොබක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න උඹ උඹේ හැකියාව ඒකටම දිය කරන්නනම් එපා.සිංදුවක් කියන්න ගියහම නාහෙන් අඬන එවුන් ඉන්න රටකට උඹේ කටහඬ ගොඩක් වටිනවා.
      අර සජ්ජා ගිටාර් එක අරන් එන කතාව උඹ සීරියස් ගන්න එපා.ඌ හිතන් ඉන්නේ ඊළඟ පාරත් දිලිනි හරි වෙන සහෝදරියෙක් හරි ඔතනට වෙලා හිටගන ඉඳියි කියලා මේ පාර වගේ.ඕකා ඔය දැන්ම ඉදන් ප්ලෑන් කරන්නේ ඒකටයි.ඕකා ස්ටේජ් එකේදිම ගිටාර් එකෙන් උඹේ ඔළුවට දෙන්නත් බැරි නෑ.දිලිනි,නංගි ඔයත් පරිස්සමෙන්.

      Delete
    3. දැන් නම් බයත් හිතෙනව කසුට්ටෝ :)

      Delete
    4. අනේ අම්මෝ සජ්ජෝ උඹ පරක්කුවෙච්ච එකමයි හොඳ ...... නැත්නම් අජිත් අයියට ඔක්කොම සම්මාන ටික දෙන්න වෙන්නෙ අර පව්ඩර් කෝලමට තමයි.... මොකෝ මූ බැක් කලානම් කට්ටිය විතරක් නෙමේ අර රොක් අජියත් පිස්සු හැදිල හතර අතේ දුවනව මහ වැස්සෙම .......

      Delete
    5. කටුස්සා, ඇනොපිලියා, නෙදකින් තොපි.. ඊරිසියාවට කියන කතා....

      Delete
    6. සජ්ජා සිංදුත් කියනවැයි? හොඳ වෙලාවට දැනගත්තෙ. අවුරුදු උත්සවේට එද්දි පුළුන් රෝලක් අරන් එන්න ඕන කන් දෙකේ ගහගන්න. :P :P

      Delete
    7. අම්මප මටත් හිතුන ඔය වගේ ආරක්‍ෂිත උපක්‍රම සහ ආයුධ සන්නද්ධව එන්ට. ඕ යේස් .

      Delete
    8. @කටුස්සා
      තැන්ක්යූ මචෝ :D. අනිවාර්යෙන්ම සංගීතය නම් අතහරින්නෙ නෑ. පුළුවන් උපරිමයෙන් ඒක කරන් යනව ඕ යේස් ;). අම්මටසිරි එහෙමත් එකක් තියෙනවද. ඒ කියන්නෙ සජ්ජා දැන්ම ඉඳන්ම ප්ලෑන් කරනවා මට වැඩක් දෙන්න :P. චෑ චෑ මට ඔහොම එකක් මීටර් උනේ නෑනේ.

      Delete
    9. @දිලිනි බය වෙන්න එපා අනේ :P. යකා කියන තරම් කළු නෑ කියල කතාවක් තියෙනවාළුනේ :D කෝකටත් ඊළඟ පාර එනකොට රෙඩී පිට එන්න ඉතිං :D

      Delete
    10. @ඇනෝපිලිස් අඩේ ඒ තරම් චාටර්ද සජ්ජ බැක් කරද්දි :D. සාදරයෙන් පිළිගන්නව පින්තාරුවට. ජය වේවා!!!

      Delete
    11. @සජ්ජා ඇත්තටම බං ඔය උඹත් එක්ක තියෙන ඉරිසියාවටම කියන කතාද? :P

      Delete
    12. @බස්සි සජ්ජගෙ හඬ කන් අඩි ගලවන් යන්න තරම් පවර් ෆුල් ඇති ඒ කියන්නෙ නේද ;)

      Delete
    13. @දිලිනි දැන්ම ඉඳන් ආත්ම ආරක්ෂක සටන් කලා දෙකක් තුනක් පුරුදු වෙන්න පටන් ගන්න :P

      Delete
  5. අනේ බං මම ලියන අර කුණුහබ්බ සින්දුවලටත් මියුසික් දාලා මේ වගේ හදලා දියන්කෝ සත්තරනේ වෙලාවක් තියේනම්... කැමති නම් මේල් එකක් දාහන්...

    ReplyDelete
    Replies
    1. හෆොයි වෙච්චි දෙයක්

      Delete
    2. අප්පට සිරි මාතෙ අයියෙ ඒක හෙන බරපතල ඉල්ලීමක් :D. මියුසික් දාන්න පුළුවන්, ඒත් කවුද සිංදුව කියන්නෙ :D. හැබැයි මොකා දම්මල කීවත් සිංදු ටික හිට් වුනොත් අනිත් එවුන් කැලේ. ඕ යස්.... කොහොමහරි මාතෙ අයියව සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට. ජය වේවා!!!

      Delete
    3. @දිලිනි ඒකනේ බලන්නකො ඔන්න තවත් සයිඩ් බිස්නස් එකකට පොටක් පෑදිලා වගේ :D.

      Delete
    4. මනාටත් සුදු වෑන් එකක යන්න චාන්ස් එකක් හම්බවෙයි වගේ.D

      Delete
    5. @කටුස්සා අඩේ දැන් සුදු වෑන් නෑ නේද? දැන් යහපාලන කාලෙනෙ තියෙන්නෙ :D

      Delete
  6. වැරි සොරි වෙන්නෝනෙ මනා.. උඹේ බ්ලොග් එක මගේ රෝලෙ තිබුනෙ නෑනෙ බං.. මේ වයසට ගිහින් බ්ලොග් ලියන්න ගත්තැයින් ඔය ගැජමැටික්ස් ටික ටික මිස් වෙනෝ.. කොහොමෙන් කොහොම හරි ඕන් මං හොයාන ආවා. ඊයෙ රෑ බුකියෙදි කියුව වගේ උඹේ මේ ටැලන්ට් එක පට්ට.. අපි නිදහසේ වෙලාවක සෙට් වෙමු මගේ ෆිටා ල ගොඩක් ඉන්නව උඹ වගේ සංගීතෙ කරන.. උන් එක්ක සෙට් වෙමු වෙලාවක. උඹට උන්ව වටීවි මටත් වඩා.

    ReplyDelete
    Replies
    1. කමි අයියව ආදරයෙන් පිළිගන්නව පින්තාරුවට. මම බුකියෙදී වැඩිය මගෙ අදහස් කියන්න යන්නෙ නෑ. ඒකයි ඔයාගේ කමෙන්ටේ එකට බොහොම කෙටි රිප්ලයි එකක් දම්මෙ. ඇත්තටම ඒ වගේ සෙට් එකක් අඳුරගන්න තියෙනවනම් ගොඩක් හොඳයි. අනිවා අපි ආයෙත් සෙට් වෙන්නම ඕනෙ.

      //උඹට උන්ව වටීවි මටත් වඩා// ඔන්න ඕකනෙ කියන්නෙ ඉතිං. මම මුල අමතක කරන ජාතියෙ ඩයල් එකක් නෙමේ.

      දිගටම ඇවිත් යන්න එන්න මේ පැත්තෙත් ;). ජය වේවා!!!

      Delete
  7. උඹේ වොයිස් එක මාරම ගති මනා! සිංදුවක් දෙකක් කරන්න අදහසක් නැද්ද ඇත්තටම? මාතලන් ලියන ඒව කිව්වොත් තෑග්ග විදියට සුදු වෑන් උනත් ලැබෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බස්සිව බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නව පින්තාරුවට :). බොහොම ස්තුතියි අගය කිරීම ගැන. මට සිංදුවක් දෙකක් කියන්න ආසාවක් තිබ්බා. අනේ ඊට වඩා හොඳයි කියල හිතුනා මේ ඉන්න විදිහට ඔය සින්දුවක් කියාගෙන පොඩි සංගීත වැඩකට දෙකකට සම්බන්ධ වෙලා ඉන්න එක. සංගීතය මගේ විනෝදාංශය. අනික දැන් ලංකාවේ කීයක් නම් අළුත් ගායකයො ඉන්නවද :D. මම ඉතිං ඔය මාසෙකට සැරයක් වගේ සිංදුවක් දෙකක්(Covers) රෙකෝඩ් කරල යූට්යුබ් එකට දානව. බුකියෙන් ටැග් කරන්නම්කො ඒවා :).

      ඔය පුළු පුළුවන් වෙලාවකට දිගටම ඇවිත් යන්න එන්න මේ පැත්තෙත් :). ජය වේවා!!!

      Delete
    2. මාතලන් බොස් ලියන එව්ව කීවට දැන් අවුලක් නෑනෙ බස්සියො. දැන් යහපාලනයක් නේ තියෙන්නෙ ;).

      Delete
  8. උඹේ සින්දුව අවුලක් වුනේ නැහැ.හැබැයි ලීඩ් එකෙන් නැතුව බොක්ස් එකෙන් දුන්නා නම් තවත් ගති.
    ගිටාර් එකක් තියෙනවා.හැබැයි තාමත් හරියට ගහන්න බැහැනේ බං.මොකද කරන්නේ එකට.වෙලවක් නැති එක තමයි ලොකුම හේතුව.

    ReplyDelete
    Replies
    1. මනාගේ වොයිස් එක පට්ටයි මමත් ඒකට එකෙන්ම එකඟයි. ප්‍රයෝජනයක් ගන්න අනිවාර්යෙන්ම. ටැලන්ට් එක නම් අපතේ යවන්න එපා...ජයවේවා !!! :)

      Delete
    2. @මනෝ
      මනෝව බොහොම ආදරයෙන් පිළිගන්නව පින්තාරුවට.
      ඒක තමයි මචෝ. කොහෙද, සවුන්ඩ් බැලන්ස් කරන පොර කිව්වනෙ මගෙ බොක්ස් එකට ජැක් එකක් කනෙක්ට් කරන්න බැරි නිසා නිකං මයික් එකක් දාල වැඩක් නෑ කියල. අනික පොර ළඟ බොක්ස් ගිටාර් වලටම දාන මයික්ස් තිබිල, මගෙ කරුමෙට එදා ඒව ගෙනත් නෑ. අන්තිමේට ඉතිං ඉලෙක්ට්‍රික් ගිටාර් එකක් ප්ලේ කරන්න සිද්ද වුනා.
      ගිටාර් ගහන්න මුලික පුහුණුවක් ගන්න මම දාල තියෙන පාඩම් ටික බැලුවොත් නම් පුළුවන් වේවි. හැබැයි ඉතිං පොඩ්ඩක් වෙලාව ඒ වෙනුවෙන්ම කැප කරන්න ඕනෙ. පොඩි ට්‍රයි කරල බලන්නකො.බැරි වෙන එකක් නෑ. ජය වේවා!!!

      Delete
    3. @දිලිනි තැනක් යු මගේ වොයිස් එක අගය කිරීම ගැන :). ටැලන්ට් එක නම් අපතෙ යවන්නෙ නැහැ. පුළුවන් හැම වෙලේම ප්‍රගුණ කරන්න තමා බලන්නෙ. ඉදිරියේදීත් ඔයාලගෙ තව කවි ටිකකට මියුසික් ටිකක් දාල සින්දුවක් දෙකක් නිර්මාණය කරන්න බලන්නම්කෝ :D. ජය වේවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.