Saturday, July 11, 2015

පාරුවට පවා සැනසුම දැනේ!




තෙරක් නොපෙනෙන විසල් වැව් මත පාරු පැද යමි          සීරුවේ
ඇතත් සිත තුළ හැඟුම් රොද බැඳ උහුල ගෙන ඉමි            පාළුවේ
නුඹත් සිහිවිය තනිව සිටි කල නිසල වැව මත                  පාරුවේ
ඉමක් දුටු විට සතුට ගෙන දේ  වෙහෙස හෙමිහිට            මාරුවේ



canvas by Karen Tarlton
වැරදි හැදුවෙ නිහඬ සිත්තරාවි

31 comments :

  1. ලස්සනයි මනෝ........................

    ReplyDelete
  2. බොලා ලියපු කයියක් කියෙව්වමද මන්දා...මොකද දැන් ගිටාර් පාඩම් නතර වෙලා...

    ReplyDelete
    Replies
    1. කවි වගේ ඒවා ලියල තියෙනවා. ඒත් කවිද මන්දා :D. තාම පුරුදු වෙනවා කවි ලියන්න. ගිටාර් පාඩම නම් දැනට නැවතිලා. ආයෙ එකක් දාන්න ඕනෙ.

      Delete
  3. ලස්සන චිත්‍රය කවියට නියමට ගැලපෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට :). සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට.

      Delete
  4. බොහෝත් සුන්දර් හෛ්....

    ReplyDelete
  5. තෙරක් නොපෙනෙන නිසළ විල් මත පැද ගියත් නුඹ යාළුවේ
    ආතොරක් නැති සිතුම් වෑහෙන පෙමක් රැඳි සිත සීරුවේ
    ඉමක් කොනකුත් නොපෙනෙනා දිවි කතර බෝ දුක් සෑදුවේ
    පහන් සිලක්මය සුළඟ අභිමුව නොපවතින ප්‍රේමේ ලොවේ

    ReplyDelete
    Replies
    1. මාර ලස්සන වචන නොවැ ගළපා දමා ඇත්තේ නගේ
      පිස්සු කොර වෙයි මේව දැක්කම බොරු නෙමේ ඇත්තයි අනේ
      කොහොමැ නුඹ මේ වචන ගළපා ගත්තෙ කියලා මට සිතේ
      නුඹගෙ කවි හරි ලස්සනයි කියවන්නෙ ආසාවෙන් හිතේ

      Delete
    2. මේ දෙන්නටම තනිවෙන්න හිතුනේ මොකද කියල මන් මේ කල්පනා කලේ.
      http://nelumyaya.com/?p=3634

      Delete
    3. තෙරක් නොපෙනෙන නිසළ විල් මත පැද ගියත් නුඹ යාළුවේ
      ආතොරක් නැති සිතුම් වෑහෙන පෙමක් රැඳි සිත සීරුවේ
      ඉමක් කොනකුත් නොපෙනෙනා දිවි කතර බෝ දුක් සෑදුවේ
      පහන් සිලමය සුළඟ අභිමුව නොපවතින ප්‍රේමේ ලොවේ


      මෙතන සිලමය කියල දැම්මොත් හොඳ නැත්ද නඟේ

      Delete
    4. .
      පහන් දැල්ලකි සිහින් සුලඟක් වැදෙන ගානේ සසැලෙනා
      සහන් එළියකි නුවන් දල්වා මගත් - නොමගත් දන්වනා
      පවන් වැද මියගියත් ස්නේහෙක දුම් රළත් උණුසුම ගෙනා
      නිවන්නට සිත නිවෙන්නට මග වදන් නැතිවම මුමුණනා
      .

      Delete
    5. @අජිත් අයියා

      ස්තූතියි :)

      //මේ දෙන්නටම තනිවෙන්න හිතුනේ මොකද කියල මන් මේ කල්පනා කලේ. //
      අපිට තනි වෙන්නවත් දෙන්නෙ නෑ නේ :P. හරිම කෘර ලෝකයක් අප්පා :D

      Delete
    6. @බස්සි
      කවිය මාර ලස්සනයි :). ඒ වගේම අර්ථාන්විතයි. තැන්කු.
      ජය වේවා!!!

      Delete
    7. http://sinhala.lankanewsweb.net/index.php/features/cyber-wall-lankanewsweb/17751-2015-07-14-21-59-08

      Delete
  6. මෙන්න මෙයා කවියෙක් වෙලා , නියමයි

    ReplyDelete
    Replies
    1. ඉතිං මෙයාට ඒක හෙන.... මැජික් එකක්ලු :P.
      තැන්කු :D
      ජය වේවා!!!

      Delete
  7. ඈ ලිව්ව නේද කය්යක් එහෙනම්? ලියමු ලියමු තව ලියමු. පාරුව එගොටම පදවන්න ඕනි හැබැයි. බුදුන් දෙසුවෙත් එහෙමලු නෙ?

    ReplyDelete
    Replies
    1. ලිව්වා කයියක් :D. කවියෙ අඩු පාඩු පෙන්නුවට තැන්කු ඈ.
      පාරුව එගොඩට පදවන්න ඕනෙ කොහොම හරි.
      ජය වේවා!!!

      Delete
  8. කිඳී සඳවත දියේ ගැඹුරත සෙනේ රැළි ඉපැදේ හදේ
    ඇදී සලසල නදින් ඉහළට කුඩා රැළි ඉවුරත වැදේ
    'නදී' නුඹ වත දකින රිසි පැතුමන් බුබුළු නැගි නැගි බිඳේ
    මදී මට තව මදී මදහස ඇබින්දක් දෙනවද ලඳේ

    ReplyDelete
    Replies
    1. මදී මට තව මදී බැලුවා මදී බස්සිගෙ කවී
      හිඳී මම මග බලා තව කවී ලියා එනතුරු නිවී
      බඳී පිළිතුරු බඳී ලස්සන වදන් හොඳ හැටි මැවී
      යමී එහෙනම් යමී කවියක් ලියාගෙන යලි එමී

      තැන්කු :). ජය වේවා!!!

      Delete
  9. ලස්සනයි මනා

    ReplyDelete
  10. කෙටියි ලස්සනයි
    ජයවේ මනා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්නෙ. සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට.
      ජය වේවා!!!

      Delete
  11. ලස්සනයි මනා.... කාලෙකින් ආවෙ.... වැඩ රාජකාරි බහුල වෙලාද .. සංගීතෙ සම්බන්ධ ආගිය කතා ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් සාජ්ජො. මේ දවස් ටිකේම වැඩවලට හිර වෙලා ඉන්නෙ. වීකෙන්ඩ් එකේ තමා පොඩ්ඩක් නිදහසක් හම්බුනේ. කතා සෙට් එකක් තියෙනවා. හෙමීට ලියල දාන්නම්කො.
      ජය වේවා!!!

      Delete
  12. නියමයි මනා ...
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා බිමේ //
    ඔබේ සිනා වත මගේ නවාතැන
    අරුණු විහිදුවාවී ජීවිතයේ

    රැල් නගා ගලන ගංගා දියේ
    මං වසා දමනු හැකිදෝ කෙසේ //
    සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
    සදා සැඟව යාවී සාගරයේ

    සිල් බිඳී මුවන් කැලඹූ වනේ
    බිම නොලා නෙලූ ඵල මාවතේ //
    සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
    තැවුල් සැඟව යාවී මාරුතයේ

    නිම් තෙරක් නොදුටු මේ..

    ගායනය : සුනිල් එදිරිසිංහ
    සංගීතය: රෝහණ වීරසිංහ
    පද රචනය: බන්දුල නානායක්කාරවසම්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සිංදු. මං ගොඩක් කැමති සිංදුවක්.
      ජය වේවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.