Sunday, August 2, 2015

ශ්‍රී ලංකා පකිස්තාන දෙවෙනි විස්සයි විස්ස තරඟයේ රහස් කතාව.


තරඟයට පෙර පැවති පුහුණු සැසියේදී 

මාලිංග: මචන්ලා අපි මේ පක්කොන්ට නැති වෙන්නම පැරදිලා ඉන්නෙ. උඹල ඒක දන්නවනේ? ඒත් අද අපි   උන්ට පාඩමක් උගන්නන්න ඕනෙ.

මැතිව්ස්: ඒක හරි. මාලි අයිය කීවා වගේ අද අපේ උපරිමයෙන් සෙල්ලම් කරන්න ඕනෙ. 

මාලිංග: අනිවා අපි එහෙම සෙල්ලම් කරනවා. ඒත් ඇන්ජි අද එලියෙ.

කපුගෙදර: හිකිස්. හතර විලි ලැජ්ජාව(රහසින් මිලින්දගේ කනට ලංවෙමින්).

මැතිව්ස්: මේ #කයා මටත් ඇරියා එහෙනං(තමන්ටම කියා ගනියි).

මාලිංග: අද අපි අපේ අළුත් මල්ලිලා එක්ක තමා සෙල්ලම් කරන්නෙ. මායි, දිල්ශාන් අයියයි තිසරයි      කපුගෙදරයි විතරයි ජේෂ්ඨ අය විදිහට ටීම් එකේ ඉන්නෙ. 

අළුත් ක්‍රීඩකයෝ: අද අපිට දෙයියො බැලුවා. ලැබිච්ච අවස්ථාවෙන් බොක්කෙන්ම සෙල්ලං කරල රට       දිනවන්න ඕනෙ.

+++++++++++++++++++++++++

තරඟය ආරම්භ කිරීමට ප්‍රථමයෙන්...

නිවේදකයා: ජාතික වකුගඩු අරමුදල වෙනුවෙන් සන්නාම තානාපතිවරු පත්කිරීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික       සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රීඩාංගනයට පැමිණෙන මොහොතයි මේ.

මාලිංග: අම්මට #කෙයි කිව්වලු. ලොක්ක මැච් එක බලන්න ඇවිල්ල. මල්ලිලා අද ලොක්කා අපේ මැච් එකට  ආශිර්වාද කරන්න ඇවිල්ලා. ඉස්සර හිටපු එකා වගේ නැතුව ඇති.  මේ මනුස්සයා සැදැහැ සිතින් ආව ගමනක්. අද අපිට අනිවා මැච් එක දිනන්න පුළුවන්.

අලුත් ක්‍රීඩකයෝ: අද අපිට ආශිර්වාද කරන්න රටේ පළවෙනි පුරවැසියත් ඇවිත්. අද නම් මැරීගෙන සෙල්ලං  කරනවා.

තිරිමාන්න සහ චන්දිමාල්: අදත් කෙල වෙලාම පල. අදත් කෙල වෙලාම පල. අදත් කෙල වෙලාම පල. (ගෙදර ඉඳන්)

නිවේදකයා: දැන් කණ්ඩායම් දෙකේ නායකයන් දෙපල තම කණ්ඩායම හඳුන්වාදෙන මොහොත.

මාලිංග: ගුඩ් ඊවිනින් සෑර්. ඉස්සර නම් ජනාධිපති ග්‍රවුන්ඩ් එක ලඟින් ගියත් අපි පරදිනවා කියල ෂුවර් සෑර්. ඒත් අද අපේ හිත් වල ඒ තිබ්බ බය නැති වෙලා. සෑර් ආවා කියන්නෙ අපි දිනුම්. 

ජනාධිපතිතුමා: මං මාලිංගලා වින්ද පීඩනය ගැන නොදන්නව නෙමේ. මොකද මටත් ඔය විදිහෙම පීඩනයක්   ඔය යකාගෙන් තිබ්බා හිටං. දැන් අපි ඒ අඳුරු යුගය පරාජය කරල ඉවරයි. යහපාලනය යටතේ හැමදේම හරියනව හිටං.

මාලිංග: සෑර් මේ ඉන්නෙ මැතිව්ස්,දිල්ශාන්,තිසර,කුසල්....

ජනාධිපතිතුමා: මම පෞද්ගලිකව සනත්ට කැමති උනත් දැන් වැඩිය මිනිහව දිරවන්නෙ නෑ. ඒත් කුසල් සෙල්ලං කරන හැටි බලන්න ගොඩක් කැමතියි හිටං. දිල්ෂාන් නම් ඒ කාලෙ ලොකු පාටි එකක් එහෙම දුන්නනෙ. ඒකට මගෙ අමනාපයක් නෑ.



+++++++++++++++++++++++++

තරඟය ආරම්භ වී ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කර ලකුණු 172 ක ඉලක්කයක් ලබා දුන්නා. නවක ක්‍රීඩකයන් ඉතාම ඉහළ දක්ෂතා දක්වමින් මෙම ලකුණු ප්‍රමාණය ලබා ගත්තා.

මාලිංග: අද නම් බඩු හරි වගේ. සාපෙ ඉවරයි. අනිවා දිනනවා.

ජනාධිපතිතුමා: මං බයේ හිටියෙ. අරූට තිබ්බ සාපෙ මගෙනුත් තිබ්බද කියල. මොකද අවුරුදු ගානක් එකට හිටිය ඒකානේ හිටං.

තිරිමාන්න, චන්දිමාල්: අඩේ මුන් ටික අපේ ප්ලේස් වලටත් කෙලියා නේද? අනේ පැරදියන්. අනේ පැරදියන්.   අනේ පැරදියන්.

++++++++++++++++++++++++++

පකිස්තානු කණ්ඩායම පිළිතුරු ඉණිම ආරම්භ කල අතර, පන්දුවාර දහයක් අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු හතලිස් ගණනක් ලබා ගනිමින් ඉතාමත්ම අසීරු තත්වයක සිටියහ. මේ සඳහාද වැඩි හරියක්ම මුල් උනේ නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතාය. 

මාලිංග: අද නම් අපි ගොඩ. අම්මේ ඇති. දැන් ඉතිං මන් බෝල් කරලා ඉතුරු විකට් ටික සුටුස් ගාල කඩල         දාන්න ඕනෙ.

තිරිමාන්න, චන්දිමාල්: අනේ පැරදියන්. අනේ පැරදියන්. අනේ පැරදියන්.

මාලිංග ගේ පන්දුවාරයකට පකිස්තානු නායක අෆ්රිඩී හයේ පහර දෙකක් එල්ල කරන ලදී.

මාලිංග: මේකා කිසි ගේමක් නැතුව කෙලියනේ. අපි පරදියි වත්ද?

චමින්ද වාස්: හොඳ වැඩේ ඕකට. ෆිට්නස් නැතිව විකට් ගන්න බෑ කියල කී පාරක් මං කෝච් කරද්දි කිව්වද.     ඇහුවෙ නෑනෙ. #කයා. 

ජනාධිපතිතුමා: (දුරකතනයෙන්) රාජිත අපි පරදියිද හිටං?

රාජිත: පිස්සු කතා කරන්න එපා. අපි මේ උගුරේ ලේ රහ වෙනකං ඉස්ටෙජ්වල කෑ ගහන්නෙ පරදින්න නෙමේ සර්. එහෙම උනොත් පාරෙ බැහැල යන්නෙ කොහෙමෙයි. අපි දිනනවා. ඒ ගැන බය වෙන්න එපා.

+++++++++++++++++++++++++++++++++

අවසාන පන්දුවාරය තෙක් තරඟය ඇදගෙන ආවත් ප්‍රතිවාදීන් ඉතාමත්ම ප්‍රභල ලෙස ලකුණු හඹා ගිය අතර ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ පන්දුවාර වලට එක පිට එක ප්‍රහාර එල්ල කරමින් තරඟයේ පීඩනය ශ්‍රී ලංකා පිළට යොමු කළේය. ජයග්‍රාහි ලකුණු වාර්තා කළේ හයේ පහරකිනි.

+++++++++++++++++++++++++++++++++

තිරිමාන්න, චන්දිමාල් : හුරේ.................

මැතිව්ස්: ලොල් 

වාස්: සාදු 

මාලිංග: දැන් ඉතිං දීපන්කො අර මාධ්‍යවේදියෝ අහන ඒවට උත්තර. 

ජනාධිපතිතුමා: මලහත්තිලව්වයි. ජනතාවගෙ විශ්වාසය මට නැති උනාද මංදා හිටං.

+++++++++++++++++++++++

ටික වේලාවකින් ජනාධිපතිතුමාගෙ ජංගම දුරකතනයට පික්චර් මැසේජ් එකක් ලැබුණි. පහත දැක්වෙන්නේ එම පික්චර් එකය.



ඒවා තිබුනේ හිටපු ජනපති, වෙන්න අගමැති මරා. 

+++++++++++++++++++++ නිමි +++++++++++++++++++++

සැළකිය යුතුයි:

මෙම සිදුවීම සම්පුර්ණයෙන්ම මනසින් මැවූ සිදුවීමක් පමණි. කිසිඳු කෙනෙක්ට අපහාස කිරීමට, මඩ ගැසීමට, මඩ සේදීමට, කඩේ යාමට හෝ දේශපාලනයට සම්බන්ධව අදහසක් පළ කිරීමේ ඡේතනාවෙන් මේ සිදුවීම නිර්මාණය නොකළ බව මෙයින් සහතික කර ප්‍රකාශ කර සිටිමි.

ජාතික වකුගඩු අරමුදලේ සන්නාම තානාපතිවරු වශයෙන් මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න දිල්ෂාන් යන මහත්වරු ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිළ වශයෙන් පත් කරන ලදි. 

ස්තූතියි.






26 comments :

  1. මැච් ටික ඔක්කොම පැරදියි ,ඉස්කොතුයි

    ReplyDelete
    Replies
    1. ඉස්කොතුයි ප්ලේන් ටී දෙකයි :D. වස නෝන්ඩිය නේද උනේ?
      හැබැයි අළුත් දක්ෂ ක්‍රීඩකයෝ ටිකක් හොයා ගත්තා. ඒ වගේම කපුගෙදර ආයෙ ෆෝම් උනා. බලමුකෝ ඉස්සරහට තියෙන මැචුත්.

      Delete
  2. අර්ජුනයාවවත් ජනාධිපති කරමුද හිටං?

    ReplyDelete
    Replies
    1. දිනූ කප් එක අනතුරේ. අර්ජුණ ඇතුළු 96 ක්‍රිකට් ටීම් එකම නැවත පත් කරමු හිටං :D

      Delete
  3. ඊ මේල් බලන්න නං උන්නැහෙට මේ දවස්වල වෙලාවක් නෑ හිටං. මේකේ ප්‍රින්ට් එකක් යවමුද හිටං.'මලිංගා' උන්නැහේ දැන් පොවුර්ති සාකච්චා වලදී නිදහසට කරුණු කීම ලස්සනට කිරීම නිමිත්තෙන් 'කොලටි මල්' මිටි කීපයක් තෑගී දෙන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ට් එක දැක්කට පස්සෙ පින්තාරුවෙ දාපු අන්තිම පෝස්ට් එකත් මේකම වෙයිද දන්නෙ නෑ හිටං :D.

      මාලිංග නම් මෙදා පාර චාටර් උනා. ඒත් මනුස්සය කරපු අත්හදා බැලීම් ටික සාර්ථකයි කියල හිතෙනවා. අළුත් දක්ෂයෝ ටිකක් හොයා ගත්තනෙ.

      Delete
  4. කවුරු කවුරුත් අනුන්ගෙ කරපිටින් ශ්‍රි පාද වන්දනා කරන්න හදන කාලයක් නේ මේක?
    ක්‍රීඩාවත් කාල ඉවරයි කවුරු කවුරුත්
    පොස්ට් එක නම් අගෙයි මනා. සුබ පැතුම්. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. ලියන්න අගේට ලියලා

    ReplyDelete
    Replies
    1. ක්‍රීඩාව කාලා බීල පිහිදලා දැන් කුණු බීබක්කියේ තියෙන්නෙ :D

      බොහොම ස්තුතියි හංසමාලි. කාලෙකින් මුකුත් ලියල දාන්නත් බැරි උනානෙ. ඉතිං ලිව්ව අමුතු ස්ටයිල් එකකින්.

      ජය වේවා!!!

      Delete
  5. මචං මනා.... කතාවනම් පට්ටයි....

    මොනවා වුණත් මේ තරගාවලිය ම දිනුම් ලංකාවයි... ඒ අැයි කියනවානම් අපිට සුපිරි ඝණයේ නවකයින් රැසක් හම්බුණා.... සිරිවර්ධන කියන්නේ අනාගත මහේල... හැබැයි මහේලටත් වඩා ෆෝවර්ඩ්..... අනික් අතට ධනංජය සිල්වා තමා ගුරුසිංහ..... ෂෙහාන් ජයසූරිය හැඩයෙන් නැති වුණත් ජයසූරිය කෙනෙක් වෙයි... කුසල් ඒක්ක ගත්තා ම ජයසූරියලා දෙකයි..... වැන්ඩර්සේ ගැන නම් ටිකක් හිතන්න වෙනවා...... මේ තරම් අනාගත කණ්ඩායමක් හදාගත්තු අපියි මේ මැච් ඒක දිනුම්.. මුළු පකිස්තානු ටීම් ඒකම දාලත් අපේ අලුත්ම කොල්ලන්ට ගහන්න උන් වින්ද දුක.... මේක පරාජයක් නෙමෙයි..... හිතට අවුල් තමා.. ඒත් දිනන්න නම් පරදින්නම වෙනවා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු.

      ඒක ඇත්ත. මාලිංග තිරිමාන්නයි චන්දියි අයින් කරාට මිනිස්සු එක එක කතා කිව්වත්, ඒ ගත්ත තීරණය හරියට හරි. නවක ක්‍රීඩකයො ඉතාම හොඳින් ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. අනාගතය ගැන විශ්වාසයක් තියන්න පුළුවන් ක්‍රීඩකයෝ කීපදෙනෙක්ම හම්බුණා. ඒ වගේම කපුගෙදර ආයෙත් ෆෝම් උනා. ඇත්තටම මේ තරඟාවලියෙ උපරිම වාසිය ගත්තෙ අපි තමා.

      Delete
  6. මාලිංගය අයින් වුනානං දිනන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ඔව්. මාලිංග සුපුරුදු දක්ෂතා අතර හිටියෙ නෑ තමා. බලමු ඉස්සරහට තියෙන තරඟ වලදී මොනව වෙයිද කියල.

      Delete
  7. උඹ පිට්ටනිය සුද්ද කලාද බං ෙමච්චර දවසක්?

    ReplyDelete
    Replies
    1. හි හි :D

      පහුගිය දවස් ටිකේ නිවිසැනසිල්ලේ බ්ලොගක් කියවන්න විදිහක් තිබ්බෙ නෑ මධුවො. ඒකයි කමෙන්ට්ස් දාන්නත් බැරි උනේ හරියට. මේ නිවාඩු දවස් ටිකේ තමා ආයෙ පොඩ්ඩක් මකුළුදැල් එහෙම කඩල ගත්තෙ ;)
      සතියෙ මැද නොආවත් සති අන්තෙ අනිවා එන්න හිතන් ඉන්නෙ.

      ජය වේවා!!!

      Delete
  8. වමෙන් ගියත් දකුණෙ කොල්ලෙක්නෙ මාලි

    ReplyDelete
  9. මාලිංග හොඳට සෙල්ලම් නොකරපු එක ඇත්ත.නමුත් නායකයෙක් විදිහට ඉතිහාසෙ කවුරුත් නොකරපු විදිහෙ පෙරලියක් කරල අලුත් උන් ටිකකට චාන්ස් එක දීපු එක අති විශිෂ්ටයි!

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. ඔබ සමග සම්පුර්ණයෙන්ම එකඟයි.

      Delete
  10. ක්‍රිකට් වලට එච්චර කැමති නැති නිසාද මන්දා මේ පෝස්ට් එක මටනම් මදිවගේ.ආපහු ටිකක් රත්වියන්.උඹ ෆෝර්ම් වීගන ආවා විතරයි.ඈත්වෙලා ඉඳලා ෆෝර්ම් එක බස්සගන.මොනවා උනත් හම්බකරන් කන්නත් ඕනේ නිසා වරදක් කියන්නත් බෑ ඉතින්.පුළු පුළුවන් වෙලාවට කොල කෑල්ලක හරි කුරුටුගාපන්.පස්සේ ටයිප් කරගමු.

    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයෙ එකක් දැම්මා :D ඒක හොඳඳ බලහන්කෝ
      තැනකු කටුස්සො අඩුපාඩු කියල දිරි ගන්වනවට.
      ජය වේවා!!!

      Delete
  11. සුප්පා පෝස්ට එක ආහ්! මේ වගේ ඒවට පුද්ගලිකව මගේ වැඩි කැමැත්තක් තියෙනවා හිටං..අර බුකියේ එහෙම ශෙයාර් උනේ ඔබාමා යලි අගමැති කරමු,දිනූ දේශය අනතුරේ කියලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලියො. උඹේ නම කියවෙන්නෙ මාලියෝ වගේ මට :D
      සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට. ඒ පැත්තෙ හැකි ඉක්මණින් එන්නං
      ජය වේවා!!!

      Delete
  12. පොස්ට් එකේ Imagination නම් ලස්සනයි, ඒත් කවදාවත් ටීම් එකෙන් අයින් කරා කියලා අපි පැරදියන් කියන්නවත්, පැරදුනාම හුරේ කියන්නවත් තරම් පහතට අපේ ක්‍රීඩකයෝ වැටෙන එකක් නැහැ. මුලින් සමහරවිට එහෙම හිතුනත් මැච් එක උණුසුම් වේගෙන යනකොට එලියේ හිටියත් ක්‍රීඩකයෙක්ගේ ලේ නටන්න පටන් ගන්නවා තමන්ගේ කන්ඩායම වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කැස්. මං මේක නිර්මාණයක් විදිහට ලිව්ව විතරයි. මට තිරි සහ චන්දි ගැන කිසිම තරහක් නෑ. ඒ දෙන්නගෙ හැකියාව සහ නිහතමානිකම මුළු රටම දන්නව. කවදාහරි ටීම් එකේ සංගයි මහේලගෙයි පාට් එක කරන්නෙත් උන් දෙන්නම තමා. මං ඒ දෙබස් හුදෙක් රස වින්දනය සඳහා පමණක් යොදා ගත්තා පමණයි. මඩ ගැසීමක් නොවෙයි. අදහස් දැක්වීමට ස්තුතියි.
      ජය වේවා!!!

      Delete
  13. හරිම ලස්සනයි.නිර්මාණශීලියි. නියමයි මනා ජයවේවා !

    ReplyDelete
    Replies
    1. තැන්කු දිලා. පොඩි වෙනසකටත් එක්ක ලියල දැම්මා :).
      ජය වේවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.