Monday, August 3, 2015

වාසියටද? අවාසියටද?

ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කිව්වට අපේ රටේ මිනිස්සුන්ගෙ ඔය කියන තරම් වෙනසක් නෑ කියල තමා මට නම් පේන්නේ. ලංකාවේ මූලිකවම ඉන්නෙ වාසියට වැඩ කරන සහ වාසියට වැඩ නොකරන කියන මූලික වර්ග දෙකට අයත් මිනිස්සු විතරයි. මං අපේ මිනිස්සුන්ව පිට රටවල් වල ඉන්න මිනිස්සු එක්ක සංසන්දනය කරන්න යන්නෙ නෑ. ඒ කීවෙ සුද්දො එක්ක. එහෙම කිවේ මොකද මම රට ගිහින් නැති නිසා. 

මම මුලින්ම කීව වර්ග දෙක යටතේ තවත් උප වර්ග කීපෙකට මේ මිනිස්සු වර්ග කරන්න පුළුවන්. 

මුලින්ම ගනිමු වාසියට වැඩ කරන පිරිස. මේ පිරිස යටතේ තවත් උප වර්ග ගණනාවක් තියෙනවා. අපි බොහොම සුළු දේකින් පටන් ගමු. මේ දවස් වල ප්‍රසිද්ධ මාතෘකාවනෙ ඡන්දෙ. දැන් ඔය ඡන්දෙට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් සීයට අනූ නමයකටත් වඩා පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නේ වාසිය බලාගෙන. එකඟ නැතුව ඇති බහුතරයක් ;). ඒත් ඒක තමා ඇත්ත. දැන් කවුද ඔතනින් රට ගැන හිතල රටට වැඩ කරන්න ඉදිරිපත් වෙලා ඉන්නෙ. කවුරුත් නැති තරම් නේද? බහුතරයක් වෙච්ච වාසිය බලන් ඡන්දෙට ඉදිරිපත් වුනු අපේක්ෂකයන් බලන් ඉන්නෙ ඇමති කෙනෙක් උනාම "පර්මිට් එක අරං හොඳ වාහනයක් ගන්න, හොඳට සල්ලි හම්බ කරන්න, පවුලට කරන්න, අවුරුදු ගානකට විඳින්න බැරිවුන සැප විඳින්න, බෙදාගන්න බැරි උනු රට බෙදා හදාගන්න, තරහ පිරිමහගන්න " වගේ ඒවනේ. ඔය යටි අරමුණු මුදුන්පත් කරගන්න ඡන්දෙ ඉල්ලනකන් පෙන්නන්නෙ රට දියුණු කරන විවිධාකාරවු ප්‍රතිපත්ති මාලා, පපුවට වදින කතා, හීන පෙන්වන ඇඩ් වගේ ඒවා.  ඡන්දෙ සම්බන්ධ කරගත්තම නම් වාසියට වැඩ නොකරන කියන පිරිසට කවුරුවත්ම හොයා ගන්න නැති තරම්. 

තව උදාහරණයක් ගමුකො. වෙන මොකක්වත් නෙමේ ඡන්දෙ දෙන ජනතාව. මේ අයගෙත් උඩින් කීව වාසිය බලාගෙන සහ නොගෙන කියන වර්ග දෙක ඉන්නව. ඔය එක එක අපේක්‍ෂකයාගේ නමයි මුණයි ගහගත්ත කැප් ටී ෂර්ට් ඇඳන් කට්ටිය කැන්වසින් යන්නෙ, මීටින් වලට යන්නෙ මොකද? ඒ මිනිහා ඇමති කෙනෙක් වෙලා ඇවිල්ලා රට හරි විදිහට හදයි කියල හිතලද. නෑ . තමන්ගෙ මොකක් හරි වැඩකට උදව්වක් ගන්න. "රස්සාවක්, ව්‍යාපාරයක්, නීති විරොධී බලපත්‍ර" ඔය වගේ ඒවා ගන්න තමා බහුතරයක්. ඒ අතර රටට වැඩක් කරයි කියල හිතල ඕවට යන අයත් සිටින්නට පුළුවන්. ඔය කියපු ඒවා අපි කවුරුත් දන්න ප්‍රසිද්ධ රහස්.

ඒ විතරක් නෙමේ. තව ඕන තරම් උදාහරණ තියෙනවා. සමහර මිනිස්සු කෙනෙක්ට උදව් කරන්නෙ ප්‍රති උපකාරයක් බලාගෙන. සමහර ප්‍රේමවන්තයෝ ප්‍රේම කරන්නෙ සල්ලි වලට, සමහරු දෙයක් කරන්නෙ මුදල් බලාගෙන විතරමයි, සමහරු රට ගිහිං සල්ලි හම්බ කරන්නෙ තමන්ගෙ දියුණුවට.

ඇත්තටම රට ගිහිං හම්බ කරන එක වාසියට වැඩ කරන පිරිස කියන එකට දාන්න බෑ. ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. තමන්ගෙ උගත් කමට සරිලන රැකියාවක් නොමැති වීම, රැකියාවක් තිබුණත් තෘප්තිමත් විය හැකි වැටුපක් නොලැබීම, ඊට අමතරව ලංකාවෙ වැඩක් කරන්න තරම් සුදුසුකම් නැති උනත් පිටරටකට ගිහිං ඉහල වැටුපක් ලබා ගැනීමට හැකි රැකියාවල් තිබීම. ලංකාවේ ජීවන වියදම ඉහළ මට්ටමක තිබීම වැනි කරුණු රට යන්න හේතු වෙන්න පුළුවන්.

එතකොට වාසිය බලාගෙන වැඩ නොකරන මිනිස්සු මේ රටේ නැද්ද? කවුද දන්නෙ ;). එහෙම මිනිස්සු හිටියා, ඉන්නවා සහ ඉදිරියටත් ඉඳීවි. ඒත්  ඒ මිනිස්සුන්ට අපේ සමාජයේ පවතින්න දෙන්නෙ නෑ. ඒ කියන්නෙ ඒ මිනිහට කරන්න පුළුවන් ඔක්කොම  එපා කරපු වැඩ ටික කරලා ඒ මිනිහවත් අනිත් පැත්තට ඇදල ගන්නව. ඒකට මුල් වෙන්නේ අනිත් පැත්තෙ එහෙම නැත්තම් වාසියට වැඩ කරන පැත්තෙ උන්ම තමා. හරියට අර කුපාඩි වැඩ කරන කොල්ලො කෙල්ලො ඉන්න ගමක ඒ මුකුත් නොකර හොඳට ඉන්න එකාව කුපාඩි සෙට් එකට ඇදල ගන්නවා වගේ. ඇදල ගන්න බැරි උනොත් ඒකාට ඒ ගමේ වසන්න දෙන්නෙ නෑ. මේ රටේ වාසියට වැඩ නොකර ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න ඕනෙ නම් ඒ මිනිහට හොඳ ආර්ථික මට්ටමක් තියෙන්න ඕනෙ. ඒ විතරක් මදි, ඒ මිනිහට හොඳ මිනිස්සු පිරිසකුත් ඉන්නම ඕනෙ. ඕක කොයි තැනටත් අදාළයි. ඒ කියන්නෙ අපි රැකියාවක නිරත වෙන කාර්යාලයකට පවා. ඒත් පවතින්න බැරි උණොත් ඒ මනුස්සයත් ස්වයන්ක්‍රීයවම වාසිය බලාගෙන වැඩ කරන්නෙක් බවට පත් වෙනවා. 

හත්තිලව්වයි. ඒ කියන්නෙ අපේ රටේ ඉන්න බහුතරයක් වුනු වාසිය බලාගෙන වැඩ කරන මිනිස්සු, වාසිය බලාගෙන වැඩ නොකර ජීවත් වෙලා ඉඳලා, එහෙම සමාජයේ පවතින්න බැරුව ස්වයන්ක්‍රීයව පරිවර්තනය උනු අයද?   

    

30 comments :

  1. ඔව් ඉතින් බුදු හාමුදුරුවොත් කිව්වේ ඉස්සෙල්ලා තමන්ට මෛත්‍රී කරලා ඊට පස්සෙ අනිත් අයට මෛත්‍රී කරන්න කියලනේ. ඉතින් හැමෝම තමන්ට මෛත්‍රී කරනවා ඊට පස්සෙ අනිත් අයට.........

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා. තමන්ට මෛත්‍රී කරල ඉවර වෙද්දි අනිත් අය ගැන හිතන්න වෙලාවක් නැති එක තමා අවුල.
      ජය වේවා!!!

      Delete
  2. එකනේ කියන්නේ , කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම්, මොන කෙන්ගෙඩියද තව ඕන කියන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. හරියට හරි. මට ඕක දැන් තමා හරියටම තේරුම් ගියෙ :D.

      Delete
  3. මමත්නම් මීයක් කැඩුවත් කඩන්නේ අතවත් ලෙවකන්න බලාගෙන.. නැත්නම් මොන උලව්වකටද.. හැක්..

    ReplyDelete
    Replies
    1. පෙනේද මුගෙ තියෙන අනාදිකම :P. ඔය අහිංසකයා වගේ හිටියට කරුණාවක් කියල එකක් ගෑවිලාවත් නෑ. තමන් ගැනම විතරයි. ඉද..කින් විතරක්.. හැක් ;)

      Delete
  4. ඒ කියන්නෙ අපේ රටේ ඉන්න බහුතරයක් වුනු වාසිය බලාගෙන වැඩ කරන මිනිස්සු, වාසිය බලාගෙන වැඩ නොකර ජීවත් වෙලා ඉඳලා, එහෙම සමාජයේ පවතින්න බැරුව ස්වයන්ක්‍රීයව පරිවර්තනය උනු අයද?
    හොඳ ප්‍රශ්ණයක්.මං නම් දකින විදියට හිතාමතා වාසි නොබලා වැඩකරන්නේ අදකාලේ පුංචි දරුවෝ විතරයි. හැක්

    ReplyDelete
    Replies
    1. මං නම් දැක්කෙ දිලා ඉඳල ඉඳල ඇඹරිලා යන්නම හොඳ කින්ඩි ටෝක් එකක් දුන්නා කියල. හැක් :P
      ජය වේවා!!!

      Delete
  5. අපි කාගේත් හිත්වල අඩු වැඩි වශයෙන් ස්වාර්ථය ගැබ්ව තිබෙනවා. හිත පාලනය කරගන්න දක්ෂ අය ස්වාර්ථය පාලනය කරගෙන අනුන්ටත් පිහිට වෙනවා. නමුත් ස්වාර්ථය සම්පූර්ණයෙන් නැතිවෙන්නේ රහත් භාවයේදී කියලයි මමනම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. විචාරක අදහස සමග මම සම්පුර්ණයෙන්ම එකඟයි.
      ජය වේවා!!!

      Delete
  6. වාසි වැසියෝ

    ReplyDelete
    Replies
    1. වාසි = ස්වාසි
      වාසි වැසියෝ = ස්වාසි වැසියෝ

      විශේෂ: ස්වාසි වැසියන් යනු ස්වාසිලන්තයේ ජීවත් වන ජනතාවටයි ;).

      Delete
  7. මැරුනත් අනිත් අය ගැන හිතන්න ඕනේ කියලා හිතෙන යුගයක් තියනවා.දැන් උඹ ගෙවන්නේ ඒ යුගය.එහෙම හිතාගන වැඩ කරනකොට අනිත් එවුන් මාමයිටුත් ගාලා පස්ස දොරින් පැනලා යද්දී මොකද්ද කරන්න ඕනේ කියලා හිතාගන්න බැරි, මමත් අනිත් එවුන් වගේ හිතන්න ඕනේ කියලා හිත රවට්ටගන්න හදන යුගයකුත් එනවා.දැන් මම ගෙවන්නේ ඒ යුගය.පස්සේ කාලෙක කසාදයක් කරගන දරුමල්ලෝ හදාගන හම්බකරන එක පවුලටම දියවෙන කොට තමන්ගේ වාසිය කවදාවත් නොබලපු එකාටත් ඒදිහා බලලා වැඩකරන්න වෙන යුගයකුත් එනවා.ඒ නිසා වැඩිය හිතන්නේ නැතුව ජීවිතේ ගෙවපන්.හිතන්න ගියොත් මේ ජීවිතේ හෙන බෝරිං වෙනවා

    ReplyDelete
    Replies
    1. @කටුසු

      බොට පිස්සුද? මං නම් මැරීගෙන අනිත් උන් ගැන හිතන්න යන්නෙ නෑ ;)

      ජීවිතේ අදියර තුන ගැන නම් කතාව ඇත්ත. වැඩිය හිතන්නෙ නැතුව ආතල් එකේ ජීවත් වෙන එක තමා හොඳම වැඩේ. එතකොට බෝරිං නෑ. නේහ්?

      ජය වේවා!!!

      Delete
  8. මනුස්ස ස්වභාවයක් ඕක. මම කියන්න ඕනි ටික කසුට්ටා කියලා.
    //ලංකාවේ ජීවන වියදම ඉහළ මට්ටමක තිබීම වැනි කරුණු රට යන්න හේතු වෙන්න පුළුවන්.// ඒ රටවල ආදායම වගේම ජීවන වියදම අපිට වඩා ඉහලයි. හැබැයි අපි ලංකාවෙ සරල ක්‍රමයට ජීවත් වන නිසා එහේදි මුදලක් ඉතිරිකරගත හැකියි. මම හිතන්නෙ රට යන්න හේතුව ඒක.

    ReplyDelete
    Replies
    1. ඔය මනුස්ස ස්වභාවය නැති වෙන්න නම් ඉතින් අර විචාරක කිවා වගේ රහත් වෙන්න ඕනේ.

      //ඒ රටවල ආදායම වගේම ජීවන වියදම අපිට වඩා ඉහලයි. හැබැයි අපි ලංකාවෙ සරල ක්‍රමයට ජීවත් වන නිසා එහේදි මුදලක් ඉතිරිකරගත හැකියි.//

      හ්ම්. ඔව් බහුතරයක් රට යන්න හේතුව ඒක වෙන්න පුළුවන් තමා.

      ජය වේවා!!!

      Delete
  9. මමත් ඕනම දේක ටිටර්න් එකක් බලා පොරොත්තු වෙනවා...

    මක්කටෙයි බොරු කියන්නේ...

    ReplyDelete
    Replies
    1. අපි කවුරුත් එහෙම තමා මාතෙ අයියෙ :D. මොකක් හරි බලාපොරොත්තු වෙනව.

      ජය වේවා!!!

      Delete
  10. සැම ක්‍රියාවකටම ඊට සමාන වුද ප්‍රතිවිරුද්ධවුද ක්‍රියාවක් ඇත.

    ReplyDelete
    Replies
    1. ඒක හැබෑව. ආ ඒක නෙමේ ළඟදී උපන්දිනේ සැමරුවා නේද? කෝ අපිට ට්‍රීට්ස් :D

      Delete
  11. මනා, එක අතකට බැලුවම වාසි බලාගෙන වැඩ කරන එකේ වරදකුත් නෑ බං... මිනිස්සු දුප්පත් වෙනකොටත් ඔහොම වෙනවා.. පොහොසත් එවුනුත් මළ පෙරේත කමට ඕක නොකරනවා නෙවෙයි.. හම්බවෙන්න වෙන්න ඇති වෙන එකක්යැ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමා සජ්ජා. අපේ රටේ මිනිස්සු දැන් ඒ ක්‍රමේට අනුගත වෙලා ඉන්නෙ. මිනිස්සු දුප්පත් උනත් පෝසත් උනත් ආසාව නැති වෙන්නෙ නෑනෙ. කොච්චර හම්බුනත් මදි.

      ජය වේවා!!!

      Delete
  12. අපේ රටේ දේශපාලුවන්ට ප්‍රතිපත්ති කියලා දෙයක් නෑනෙ...ඉතින් ප්‍රතිපත්තිගරුක අතලොස්සක් අයට ජනතා ආකර්ශනය ලැබෙන්නෙ අඩුවෙන්...මොකද ජනතාවට ප්‍රතිපත්ති ගරුක දේශපාලුවො දැකලා පුරුද්දක් නෑ....

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත සිරා අයියෙ. අපේ රටේ දැනට තියෙන සිස්ටම් එකත් එක්ක ප්‍රතිපත්ති ගරුක දේශපාලකයො බිහිවෙන්නෙ නෑ කවදාවත්.

      Delete
  13. මනා මේක උදව්වක් ගැන කතාවක්.... අපේ වර්ණයි මිත්‍ර වර්ණයි ලියන බ්ලොගයේ ලස්සන ලද ටිකක් තියෙනවා පළ කරාලා... මෙන්න ලින්කුව

    http://warnakulakaya.blogspot.com/2015/09/blog-post_8.html

    මනා මේක නිකං අතඅරින්න බැරි තරම් ලස්සන ලද ටිකක්... මං හිතන්නේ උඹට මේක ගීතයක් කරන්න උදව් කරන්න පුළුවන්..... හැකි දෙයක් කරන්න... උදව්වක්....

    ReplyDelete
    Replies
    1. කුරුටු
      මේ කමෙන්ට් එක නිසාමයි බොහොම කාලෙකට පස්සෙ බ්ලොග් එකට ලොග් උනේ. මං ගිහිං බැලුවා. මාර ලස්සන වචන ටිකක්. මම නම් කැමතියි යෝජනාවට. ඒත් මට කලින් ප්‍රවීනයෙක් මේ පද ටිකට අත ගහයි කියල මට හිතෙනවා. මන් වර්ණ කුලකෙටත් කීව. අපි බලමු.
      ගොඩක් ස්තුතියි පණිවිඩය කීවට. ඒ වගේම කුරුටු සිංඩියෙ මගෙ පලවෙනි පෝස්ට් එක ගැන දැම්මට :)

      ජය වේවා!!!

      Delete
    2. එඩේ එළටම කරමු මනා දිගටම වර්ණ කුලකය පැත්තේ එනවකෝ
      සෙට් වෙන පැදි පෙළවල් තිබුණොත් කරමු
      ජයවේ මනා!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.