Thursday, September 17, 2015

මචං කටුස්සා සහ රූපේ...


ඉතිං මචං උඹලට කොහොමද? මේ වෙද්දි උඹල මාත් එක්ක අමනාපෙන්වත්ද කියලත් හිතෙනවා. එහෙම කිව්වම සමහරවිට බලයි මොකද එහෙම කියන්නෙ කියල. ඒ තරමටම උඹලටත් සෑහෙන්න වැඩ රාජකාරි තියෙනවා කියල මම දන්නවා. එහෙම ඉද්දිත් කීප පාරක්ම අපේ උන්ගෙ විවිධ වැඩසටහන් වලට යන්න, තව පොඩි පොඩි පාටි වලට සෙට් වෙන්න අමතක කරේ නෑ. 

මට මතකයි මුලින්ම අපේ බ්ලොග් ලියන රූපෙ කෝල් එකක් දීලා "මචං මේ මනාද? මචං අද ගම්මිරිස් කුරුල්ලා පොත එළිදක්වනවා හවස 3ට. පුළුවන් නම් වරෙන්" කියල කිව්වා. රූපෙ කවදත් තව එකෙක්ගෙ දෙයකට බොක්කෙන්ම සහයෝගෙ දෙන සුන්දර මනුස්සයෙක් කියල රූපෙ දාන කමෙන්ට්ස් වලින් ඕන කෙනෙක්ට හිතා ගන්න පුළුවන්. මගෙ ෆෝන් නොම්මරේ කොහෙන් හොයා ගත්තද දන්නෙත් නෑ. ඒත් එහෙම හොයාගෙන ගත්ත කෝල් එකට මට දෙන්න උන උත්තරේ "අඩේ මචං මට එන්න පුලුවන් වෙයිද කියල ෂුවර් නෑ.  මම ට්‍රයි එකක් දාල බලන්නම්" කියල විතරයි. ඒකට යන්න වෙලාවක් තිබ්බෙත් නෑ. රූපෙ මොනවා හිතුවද දන්නෙත් නෑ. පස්සෙ මම දැක්කා බුකියෙන් කමි, බස්සි එහෙම ඒ පොතේ පිටකවරේ ෆොටෝ දාල තියෙනවා.

ඊට පස්සෙ දවසකත් මොකක් හරි උත්සවේකට යන්න ඔය විදිහෙම කෝල් එකක් රූපෙ දුන්නා. මට ඒකටත් කළින් වගේම උත්තරයක් තමා දෙන්න සිද්ද උනේ. මට කෝල් කිරීමෙන් කිසිම වැඩක් නැති බව තේරුම් ගත් රූපෙ ඊට පසු කිසිම දවසක කිසිම උත්සවයක් ගැන කියන්න කෝල් කළේ නැහැ කියන එකත් මෙතනදී කියන්න ඕනෙ මිත්‍රවරුණි :D. 

ඊළඟට මට මතක් වෙන්නෙ අපේ කසුට්ටා. පොර නම් ඉතිං කතා කළොත් ඔය නොහොඹිනා වැඩකටනේ කතා කරන්නෙ. දවසක් මූ සිකුරාදා හවසක එක පාරට කතා කරල කියපි "මචං අද අපි අටමගේ ගෙදර සෙට් වෙනවා. තව එවුනුත් එනවා වරෙන්" කියල. එකට නම් ඉතාම දුකින් "බැහ්" කියන්න සිද්ද උනේ කළින්ම යන්න දාගත්ත ගමනක් නිසා. ෆෝන් එකෙන් නම් ඒකට කමක් නෑ මචං කියල සාන්ත දාන්තව කතා කරාට, කෝල් එක කට් කරපු ගමන් හොඳ එවුවයින් දෙක තුනක් ඇද බාන්න ඇති  :D. ඊට පස්සෙ කසුට්ටත් කිසිම කෝල් එකක් නම් දුන්නෙ නෑ. සමහර විට ඌටත් රූපෙට හිතුණු දේම හිතෙන්න ඇති. 

කොහොම උනත් කටුස්සා, රූපෙ මචං මට සමා වෙයල්ලා. අපි ළඟදීම දවසක සෙට් වෙමු. 

ප.ලි:

මේ ඩින්ගිත්තත් සෑහෙන්න කාලෙකට පස්සෙ ලියා ගත්තෙ. දැන් ලිපි ලියන්න හරියට වෙලාවත් හොයා ගන්න අමාරුයි. ෆෙස්බුකියේ යනවා වගේ බ්ලොග් වලට ඇවිත් කියවල ගියාට ඒවාට කමෙන්ට් කරන්න වෙලාවක් නෑ. කොහොම හරි සති අන්තෙවත් ඇවිත් පාළුවට ගියපු මේ බ්ලොග් එක ආයෙ ලියන්න පටන් ගන්න ඕනෙ. 

තව ලස්සන සිංදු 3, 4 කුත් එළිදක්වන්න තියෙනවා. අපි ඉතිං සිංදු හදල කීවට කොහෙන්ද වාසනාවක් අර පිළිතුරු ගී කියන නංගිට වගේ ;). ඔක්කොටම කළින් හම්බකරන් ඉන්න එපැයි. 

එහෙනම් සියළු දෙනාටම ජය වේවා!!! 

38 comments :

  1. අර ලස්සන සින්දු 03 04 අතරෙ මං ලියපු එකත් තියෙනවාද මනා????
    ජයවේ මනා!

    ReplyDelete
    Replies
    1. අනිවා මචං වර්ණ. උඹේ සින්දුවත් උඩින්ම තියෙනවා. ටික දවසක් ගතවෙයි හොඳේ. වැඩේ අනිවා කරනවා.
      ජය වේවා!!!

      Delete
    2. වර්ණය ගේ සිංදුව ඇතුළුව අර ලස්සන සින්දු 03 04 එළිදක්වනකල් මගබලා සිටිමි.

      Delete
    3. @දිලා
      හෙහෙ ටිකක් බලං ඉන්න හොඳේ. දවස් කීපයක් යයි :).

      Delete
  2. මේ දවස් වල කසුට්ටා ලියන්නෙත් නෑ. මොනා හරි වෙලාද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. කසුට්ටා ෆුල් බිසී.. බත් පැකට් බඳිනවා :)

      Delete
    2. දවසෙ ගාන හොයනවද?

      Delete
    3. කටුස්සාගේ පොස්ට් එක C.E.O මට්ටමේ එකක්!
      බට් ඉතින් රෝල ගහගන්ඩ බත් පැකට් ගහනවලු!

      Delete
    4. මගුලක් කතා කරනවා මුං. කසුට්ටාට බත් බැඳපු එකාව මං මේ හොයන්නෙ.

      Delete
    5. @කැමා , කමි
      කටුස්සා බත් පැකට් විකුණන තැනක ඉන්නවා මාත් දැක්කා :D. හොඳට හරි බරි ගැහිලා පෙරේත මුණක් දාගෙන.

      Delete
    6. @රූපෙ
      කටුස්සා රෝල ගහන්න තව තව ජාති කරනවලු ;)

      Delete
    7. @මධු
      ඕකට එකක් නම් මදි වෙයි නෙහ් ?

      Delete
  3. Replies
    1. හිහි පොඩ්ඩක් පැත්තක් අල්ලං හිටියා. එක්සත් ජාතික පක්ස ආණ්ඩුවක් එනකං ;)

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. එදා කටුස්සගෙ කෝල් එකට මනා දීපු උත්තරේට කටුස්ස හරියට දුක් උනා, ඒ දුකටම තුන් කාලක් බීල ඇඩුව තව මදි කියල.

    ReplyDelete
    Replies
    1. අප්පට උඩු! එකහමාරයි!

      Delete
    2. සාධාරණ හේතුවක් බන් ඕනේ!!

      Delete
    3. @කම්මලේ අයියා
      ඕකට කොච්චර බිව්වත් මදි. පේන්නැද්ද බඩේ සයිස් එක :D

      Delete
  6. මුට්ටිය දමා බැලීම!

    ReplyDelete
    Replies
    1. මුට්ටිය කියා මූ දාලා තියෙන්නෙ ඔලුව. ගහපියව් වෙං වෙන්නම.

      Delete
    2. අඩෝ මනා, මොකද බොල හොරගල් අහුලන්නෙ කසුට්ටගෙයි රූපෙලගෙයි ගෙවල් පිටිපස්සෙ? ඇයි කෝ බොගෙ මහ ලොකු බුකිය? උඹ ආපහු බුකියටම පළයං. මං තුමාගේ සභාපතිත්වයෙන් යුත් මෙන්ඩා, දිලා, කැමා, ඩ්‍රැකියා, කසුනා, පීකුදු මන්දිරයා ඇතුළු අපේ පිස්සුහුටං කමිටුව ‘2015 අංක 8 දරන පාඩු ලබන බොග් රජයට පවරා ගැනීමේ පණත‘ යටතේ මේ අඩවිය අපේ රජයට පවරාගෙන ....(අපේ සැට් එකගෙ ගෙවල්වල සැට් එක අද්දියක්සක මණ්ඩලේට පත්කොරලා ආයි ක්‍රියාත්මක කොරනවා පොදු සමාගමක් විදිහට).

      Delete
    3. @මධු
      අඩෝ මං මුට්ටි දාන්නෙ නෑ හොඳේ. කෙලින්ම ඔළුවම දානවා :p. මේ බබ්ලොග විතරයි ආයුබෝවන්ඩ පොඩ්ඩකට හරි සතුටු වෙන්න කියල තියෙන්නෙ. බොලා ඒක පවර ගන්න හදන්න එපා. බුකියට ඉතිං ෆෝන් කට්ටෙන් ටිකක් විතර ගොඩ වදිනවා. එච්චරයි. පදිංචි වෙලා නෑ.

      Delete
    4. @අහසෙන් එන්න
      සාදරයෙන් පිළිගන්නවා මගේ පලු වැදිච්ච බ්ලොගට. එන්නංකො ඒ පැත්තෙත් ඉක්මණටම.
      ජය වේවා!!!

      Delete
  7. මනා මනාකොටම අහගන්නයි යන්නෙ ඔන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අඩෝ එහෙම කියන්න එපා බං. මං පව් නැද්ද?
      ජය වේවා!!!

      Delete
  8. මනාගේ සින්දු මනාව කියලා නම දාමු ඒ ගීත එකතුවට.

    ReplyDelete
    Replies
    1. අනේ වැඩක් නෑ අප්පා. ඕවට දැන් තැනක් නෑ මේ කෘර ලෝකෙ :D. දැන් ඉන්න උන් කැමති කොප්පක් ගහන උන්ට විතරයි.
      හැබැයි ඒ නම ලස්සනයි.
      ජය වේවා!!!

      Delete
  9. මං නම් බෝ එන්නේ නෑ කියල කලිම්ම දාන්න නිසා කිසිම වැඩකට කතා කරන්නේ නෑ ඕන්. අපරාදෙනේ මගේ සත ගාන..

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර බොල :D. දැන් ආණ්ඩු මාරුවත් එක්කම කොල්ලා දියුණු වෙලා ;).

      Delete
  10. වෙලාවක සෙට් වෙමු අර කිව්වා වගේ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මාතෙ අයියෙ. කට්ටියම සෙට් වෙන්න ඕනෙ ඉක්මණටම.

      Delete
  11. දුප්පත් කමට හෙන අමාරුවෙන් දාගන්න කාඩ් එකෙන් කෝල් එකක් දීලා කතා කරාම හැමදාම බෑ ම තමා!!! හැමදාම ප්‍රොජෙක්ට්!
    හැබෑට බන් ඔය ඔපිසීයේ වැඩ කරන්ඩ ඉන්නේ උඹ විතරද??

    ReplyDelete
    Replies
    1. තව උන් ඉන්නව. උන්ටත් ඉතිං මට වගේම තමා :D
      ආයෙ මොකක් හරි කියන්න ඕනෙ උනාම මට රිං කට් එකක් දිහන්කෝ. මං ගන්නම්. ඉවරනෙ වැඩේ :D.

      Delete
  12. කටුස්ස නුත් වැඩි කතා බහක් නැහැ වගේ ? වැඩ ද?

    ReplyDelete
    Replies
    1. කටුස්සා විතරක් නෙමේ අජිත් අයියෙ මටත් මාස ගාණකින් කතා කරන්න බැරි උනා නෙව. අයියගේ අර සියාමා කෙටි කතාවට දාන්න හිටපු ලොකු කමෙන්ට් එකත් තාම දාන්න බැරි උනා.
      එන්න ඕනෙ කට්ටියගෙම බ්ලොග් පැත්තෙ ඉක්මණටම.
      ජය වේවා!!!

      Delete
    2. කොමෙන්ට් එක දෙන්න බ්ලොග් ලිපියකට දාන්නම්. මමත් බිසී වෙලා හිටියේ. දැන් ටිකක් වෙලා තියනවා බ්ලොග් ගානේ රස්තියාදු වෙන්න.

      Delete
  13. මචං මනා..................... ස්තූතියි අාවේ නැතුවාට

    මීට අටමා...

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.