Sunday, October 18, 2015

වර්ණකුලකයේ ආදරය ගිනි ගනී



ඔන්න හදිස්සියෙන්ම  පෝස්ට් එකක් දාන්න මතක් උනා.ඒ මීට සති කීපයකට කලින් අපේ කුරැටු ගෑ ගී පවුර මගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා කරපු ඉල්ලීමක් ඉෂ්ඨ කරන්න. 

ඒ අපේ වර්ණ කුලකය බ්ලොග් එක ලියන  වර්ණකුලසූරිය ලියපු ලස්සන පද පේලියක් ගීතයක් විදිහට නිර්මාණය කරන්න කියලා. 

ඇත්තටම හරිම ලස්සන පද පේලි ටිකක් ඒ පෝස්ට් එකේ තිබ්බෙ. ප්රවීන රචකයෙක්ගෙ ලක්ෂණ ඒ නිර්මාණයේ මම දැක්කා. ඉතින් මට පුළුවන් උපරිමයෙන් එම ගීතයට සාධාරණයක් කරන්න උත්සහ කලේ සම්පූර්ණ සංගීතය සහිතවම නිර්මාණය කරන ගමන්මයි. මොකද මේක මා විසින් නිර්මාණය කරපු ප්රථම විරහ ගීතය නිසා. 

නමුත් මට මේ ගීතයට වීඩියෝ එකක් නිර්මාණය කරන්න බැරිවුණා. 

මෙන්න <<මෙතන ක්ලික් කරල>> ඔන්ලයින් මේ ගීතය අහන්න පුළුවන්.

මේ තියන්නෙ ඒ ලස්සන වචන ටික.

ආදරය ගිනි ගනී
ඇගේ රුව ඇති ඇගේ සුවඳැති
මා තැනූ රෝමයම අළු අතර සඟවා
ආදරය ගිනි ගනී

ඇගේ අත් අකුරු හැඩ
විෂ ඝෝර සර්පයන්
වෙළාගෙන මා සිරුර
පෙළයි මා විෂ දළින්
හෙළා උන් ගින්දරට කෙසේ හෝ මිදෙන්නෙමි
කිසිත් කරගත නොහී වීනාව වයන්නෙමි

ඇගේ සිහිනිඟට සම
පුළිඟු වීදුරු බඳුන්
සොයාවිත් මා මුවඟ
දවයි මා මීවිතින්
හෙළා එය ගින්දරට මීවිතෙන් මිදෙන්නෙමි
කිසිත් කරගත නොහී වීනාව වයන්නෙමි

30 comments :

  1. මනා. අවම පහසුකම් පාවිච්චි කරලා කරපු හොඳ නිර්මාණයක්. මමත් ඔයවගේ සින්දු කිහිපයක්ම රෙකෝඩ් කරා. හැබැයි මම කියලා, ලියලා, මියුසික් කරලා නෑ. පොඩි එඩිට් පාරක් දැම්මා විතරයි. මේකට පාවිච්චි කරපු අවම පහසුකම් නිසා වෙන්නැති සමහර වචන පැහැදිලිව එන්නෙ නෑ. මන්ද්‍ර ස්වර කියන ඒවා විශේෂයෙන්. කොහොම උනත් අන්තිම ප්‍රතිඵලය ඉතා හොඳයි. මම මේක කලිනුත් ඇහුව. වර්නයගෙන් ඉල්ලගෙන. මනාගෙ ස්ටුඩියෝ කරපු එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. කසුන්
      මට ස්ටුඩියෝ එකක් නෑ මචන්. මගෙ ස්ටුඩියෝ එකෙ මයික් එක තමා ෆෝන් එක. ඔක්කොම ටික එකලස් කරන්නෙ ඇඩෝබි ඔඩිෂන් සොෆ්ට්වෙයා එක. කවද හරි මේ නිර්මාණ ස්ටුඩියෝ එකක කරල එලිදක්වන්න ලොකු ආසවක් හිතේ තියෙනව. අඩුපාඩු තියෙන බව මටත් තේරුම් ගියා.
      බොහොම ස්තුතියි අදහස් දැක්වුවට.
      ජය වේවා!!!

      Delete
  2. සිංදු අහන්න පහසුකම නෑ බං

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ මෙන්ඩා අයියෙ. ආව එක ගොඩක් වටිනවා.
      ජය වේවා!!!

      Delete
  3. ලස්සනයි මනා මම මනා කියපු සින්දුවක් මීට කලින් අහල තිබුනේ නෑ. කසුන් කල්හාරගේ කට හඬ මට ඇහුනේ. ගොඩක් ලස්සනයි. ඔය දෙන්න‍ගෙම හැකියාව ගොඩක් ඉහළයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍ර. සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට.
      ජය වේවා!!!

      Delete
  4. මනා මනා http://warnakulakaya.blogspot.com/2015/10/blog-post_18.html
    මේක බලපන් හොඳ නම් සින්දුවක් හදමු
    ජයවේ මනා!

    ReplyDelete
  5. තමන්ගෙ පද පේළියක් ගීයක් වෙනවා කියන්නේ ලොකු සතුටක්...
    ගොඩක්ම තුති මනා
    එලෙසින්ම කුරුටු ගෑ ගී පවුරටත් තුති
    ජයෙන් ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අපිටත් ඔය සතුට දැනෙනව වර්ණ මලයෝ.අපේ කොල්ලෙක්ගේ පද රචනයක් සිංදුවක් විදියට අහන්න ලැබෙනකොට ඇත්තටම පිරිලා යන සතුටක් දැනෙන්නේ.

      Delete
    2. වර්ණ ගෙ හකියාව නියමයි. ඔය විඩිහට දිගටම නිර්මාණ කරන්න.
      ජය වේවා!!!

      Delete
    3. අපේ කියන හැඟීමම ඇති මනෝ මන්දිරයෝ
      ජයවේවා!

      Delete
  6. ...//ප්‍රවීන රචකයෙක්ගෙ ලක්ෂණ ඒ නිර්මාණයේ මම දැක්කා.//...
    ඒකනේ වර්ණ,සබරේ දෙන්නා අලුත් පෝසට් එකක් දැම්ම හැටියේම අපි ඒ පැත්තට දුවන්නේ.මේ ඩබල සුපිරි හැකියාවන් තියාගෙන ඉන්නව අපිනම් මොනවත් දන්නේ නෑ වගේ.

    සිංදුව බාගෙන අහලා බලන්නම් මනා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. අහල බලන්න හොඳද කියලා.සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට ඔබව.
      ජය වේවා!!!

      Delete
  7. //මා තැනූ රෝමයම අළු අතර සඟවා//

    මේ කෑල්ල හරිම ලස්සනයි... මුල් කොටස ම ලස්සනයි.... ඒ වගේ ම උඹ අරන් තියෙන පදනම් පාට් ඒක හරි ම ලස්සනයි....

    //අාදරය ගිනි ගනී// කියලා කියන විදිහත් හරිම පට්ටයි......

    මචං මනා......

    උඹේ වැඩේ නං පට්ට.... මේක තව දුරටත් ඉදිරියට ගෙන යෑම හෝ ප්‍රසිද්ධ ගීතයක් කර ගැනීම වර්ණට භාරයි.....
    මොනවා වුණත් උඹේ කැපකිරීම සහ නිර්මාණ හැකියාවට අපි හිස නමා අාචාර කරනවා මචං.... පට්ටයි..... සුපිරියි....

    අපි ඉල්ලපු ඉල්ලීම හරිම සුන්දර විදිහට භාර ගෙන කරපු මේ කාර්යයට ස්තූතියි මචං.....

    වර්ණ ඉතුරු ටික ඔබට භාරයි.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු අගය කිරිමට. කුරුටු මේක ගැන කීවෙ නැත්තම් මේ නිර්මාණය බිහි වෙන්නෙ නෑ.
      නැවත වාරයක් ස්තුතිය.
      ජය වේවා!!!

      Delete
  8. ගීතය කරන්නේ ගායකයනේ කුරුට්ටෝ.... අසරණ මම මොනා කරන්නද?

    ReplyDelete
  9. වෙල්ඩන් මනා ඇන්ඩ් වර්ණ ඇන්ඩ් අසංක/තුෂාර/කසුප් (අනවශය වචන කපාහරින්න) ෆෝ ද අයිඩියා!
    මම කියනන්නෙත් විවිධ හැකියාවන් තියෙන අය මෙහෙම එකතුවෙලා අලුත් දේවල් තව තව කරමු. වකූර්ගෙ හැම කවියටම මේ වගේ ගායනයක් එක්ක දාංට ඇහැක්නං...වර්ණයා මං මේ උඹලාගේ කවි වල වරදක් කියනවා නෙමේ. මට හිතුනු දේ කිව්වා.

    ReplyDelete
    Replies
    1. මධුවෝ උඹල වගේ මගේ බ්ලොග් යාළුවො නොහිටින්න මම ලියන ගී පද මමම විතරයි කියවන්නේ... ඒත් මගේ ගී පද වලට ලොකු වටිනාකමක් ලැබුණා.. බ්ලොග් ලෝකෙට ඇවිත්. ඒකෙ ගෞරවය මගෙ බ්ලොග් මිතුරො සේරටම අයිතියි... කවදහරි මගේ ගීතයකුත් ගුවනෙන් අහන්න ලැබෙයි කියලා මම හිතනවා.
      ජයවේවා

      Delete
    2. බොහොම ස්තුතියි මධූ. උඹලගෙ දිරි ගැන්වීම ගොඩක් වටිනවා.
      ජය වේවා!!!

      Delete
  10. බොහොම ලස්සනයි ගැඹුරු කටහඬින්

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අජිත් අයියේ.
      ජය වේවා!!!

      Delete
  11. සැබෑ වෙනසක් . හඬෙත් සංගීතයෙත්. ලස්සන වචනත් සුබ පතමි මිස්ටර් මනෝජ්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගය කිරීම ගැන මිස් හන්සමාලි.
      ජය වේවා!!!

      Delete
    2. :D :D :D U R welcome Mr. Manoj

      Delete
  12. නොමනා මනා ගෙන් මනා වැඩක්.. සුපිරි වර්ණ..

    ReplyDelete
  13. මනා අයියේ ඔයා හදපු අනිත් සින්දු අහන්න ගන්නේ කොහොමද...

    ReplyDelete
  14. මාගෙ බ්ලොග් එකේ දකුණු පැත්තෙ උඩ තියෙනවා මනා හදපු සින්දු කියල ගැජට් එකක්. ඒක ප්ලේ කරන්න. එකෙ තියෙන්නෙ මගෙ යූ ටියුබ් චැනල් එක.
    සාදරයෙන් පිළිගන්නව ඔයාව පින්තාරුවට :)
    ජය වේවා!!!

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.