Saturday, December 26, 2015

~~~රොබරෝසියා~~~



ඔන්න ඉඳල ඉඳලා ආවා පොඩි පෝස්ට් එකක් දාන්න. එක දිගට බිසී වෙලා ඉඳල මේ දවස් ටිකේ තමා පොඩි නිවාඩුවක් ලැබුනෙ. ඉතිං මට හිතුනා අළුත් අවුරුද්දකුත් ලබන්න එන නිසා මොකක් හරි තෑග්ගක් දෙන්න ඕනෙ කියල. ඒ තෑග්ග එසේ මෙසේ එකක් නෙමේ. මනා හැදුව සිංදු වලින් හැදුන සාර්ථකම සිංදුව කීවොත් නිවැරදියි. සාර්ථක කම සලකා බැලුවේ තාක්ෂණික අතින් විතරයි. එහෙම නැතුව පදමාලාව අතින් නෙමේ ඔන්න. මොකද මම කරපු සිංදු වල ගොඩක් හොඳ පද රචනා තිබ්බා.

හීන මතකේ තියා 
නීල දෙනෙතේ ලියා 
ඈත ඉගිලී ගියා 
රෝස රොබරෝසියා 

සරසවි දොරටුවේ 
පෙති මටසිළුටු වේ 
ඇයි නෙත නොදුටුවේ 
කඳුළු රොබරෝසියා 

මුදු පෙති මිලින වී 
වැසි මල් තුහින වී 
අද මුනිවත රකී 
සුවඳ රොබරෝසියා 

මේ වචන ටික ලියල තිබ්බේ අපේ නවක (නවක නෑ මට හිතෙන විදිහට) බ්ලොග් රචකයෙක් වන වර්ණකුලකය බ්ලොග් එක ලියන වර්ණ. එයාගෙ කලින් සිංදුවකුත් මම කරපු නිසා මට ඒ වචන ටිකත් මේල් එකට එවල තිබ්බා. නමුත් මම ඒ මේල් එක දකින්නෙ ඊට මාසෙකට විතර පස්සෙ. මේල් එක දැකපු ගමන්ම ඒ වචන ටික මගෙ බොක්කටම වැදුනා කීවොත් නිවැරදියි. ඒ සැනින්ම හිතේ පොඩි මෙලඩි එකක් ඇඳුනා. පස්සෙ ඉතිං මේ ලැබුණ නිවාඩු දවස් ටිකේ ඒ සිංදුව පුළුවන් තරම් හොඳට රෙකෝඩින් කළා. රෙකෝඩින් කළේ ස්ටුඩියෝ එකක එහෙම නෙමේ ඔන්න. සුපුරුදු ජංගම දුරකතනෙයි ඇඩෝබි ඔඩිෂන් කියන මෘදුකාංගයයි තමා මගේ ආම්පන්න ටික. ඊට අමතරව මගෙ ආදරණීය ගිටාරයයි ,ඩොල්කි පාරකුයි, මගෙ සාටර් පීටර් විසිල් කෑල්ලයි, කටහඬයි තමා මේ ගීතය නිර්මාණය කරන්න යොදාගත්තෙ.

මීට කළින් මම මේ විදිහට ගීතයක් කළේ අපේ මාතලන් අයිය ලීව බංගලා හංදියේ කියන ගීතයට. නමුත් ඒ ගීතයේ අඩුපාඩු එමට තිබ්බා. පළවෙනි එක තමා ගීතයේ කොටස් විවිධ වෙලාවල රෙකෝඩ් කරපු නිසා ඇති වෙන වෙනස් කම් හොඳටම අහන කෙනාට දැනෙන එක. නමුත් මේ ගීතයේ ඒ කිව අඩු පාඩු ඔක්කොම හදල උපරිමයෙන් සරල විදිහට ලස්සන මෙලඩි එකක් දාල නිර්මාණය කළා. ඇත්තටම කිවොත් මම ගොඩාක් කැමති ගීතය තමා මේ. අහල බලන්න කොහොමද කියලා.

මෙන්න වීඩියෝ එක 




<< මෙතනින් >> ක්ලික් කරලා ඕඩියෝ එක අහන්න පුළුවන්.

එහෙනම් සියළු දෙනාටම ලබන්නා වූ 2016 නව වසර සියලු පැතුම් ඉටුවෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. 
ජය වේවා!!!

24 comments :

  1. මනා............... සුපිරිම සුපිරියි...............

    අැත්තට ම මං මේ කවිය දැක්ක දවසේ හිතුවා ගීතයක් ම තමා කියලා. වර්ණලාගේ නිර්මාණ බොහොමයක් ඉතා උසස් ඒවා.... මේ වටිනාකම ඒවාට ලැබිය යුතුමයි..... උන් දැනටමත් මහා නිර්මාණකාරයෝ...... ඉතින් හරිම සතුටුයි උඹේ වැඩේ ගැන....

    හිතුවාට වඩා වෙනස් තාලයක්..... ලස්සන ගිටාර් පාට් ඒකක් ඒක්ක පැටලිලා නිර්මාණය වුණ ගීතයක්...... පොඩි දෙයක් පෙන්නලා දුන්නාට තරහා වෙන ඒකක් නැහැ මයේ හිතේ.... අර දෙවැනි පද පේලියේ අන්තිම කෑල්ලට ඒන //කදුලු රොබරෝසියා// කියන කෑල්ලයි ඊළග ඒකේ ඒන //සුවද රොබරෝසියා// කියන කෑල්ලයි මීට වඩා පොඩ්ඩක් පරක්කු කරලා හරි ටිකක් පැහැදිලි ව සහ වැදගත්කමක් ඒකතු කරමින් ගායනා වෙන විදිහක් තියෙනවානං තවත් හොදයි කියලා හිතුණා.... මොකද ඒක තමා මං දකින විදිහට ඒ කෑලි දෙකේ තියෙන හරය.... වටිනාම කොටස.... ඒකට ගීතය තුළ තවත් වටිනාකමක් දුන්නා නං හොදයි කියලා හිතුණා...... අදහසක් විතරයි මචං කිව්වේ..... උඹේ නිර්මාණය සුපිරිම සුපිරියි.... අපිට මේවා මාර්තු 26 අහන්න හොදට ම ගැලපෙනවා...... සුපිරියි මනා....... සුපිරියි වර්ණ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු.
      කීව අඩුපාඩු හොඳ රෙකෝඩින් එකක් කරන දවසක හදනව. බලමු මොකො වෙන්නෙ කියල.
      ජය වේවා!!!

      Delete
  2. ඔන්න මචෝ මමත් මේ පැත්තට ආවා....
    සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මහේශ්ව පින්තාරුවට.
      සුභ නව වසරක් වේවා!
      ජය වේවා!!!

      Delete
  3. කලකට පස්සේ බැහැලා තියෙන්නෙ වෙලට.
    එළ! එළ! අවම පහසුකම් එක්ක මේ තරමට ගත්තානම්, ස්ටුඩියෝ එකකදි එළටම තියේවි. කුරුට්ටා කිව්වා වගේ නෙළුම්යායෙදිත් ගහමු.
    වර්ණයාගෙ වැඩ ගැන ඉතිං ආයි කවර කතාද?

    ReplyDelete
    Replies
    1. වෙලේ වැඩ කරගන්න හිතට නිදහසක් නෑ මදු. ඒකයි තියෙන අවුල. මට ෆෝන් එකෙන් බ්ලොග් කියවිල්ලයි ලියවිල්ලයි හරියන්නෙ නෑ.එත් එන්න පුලුවන් වෙල තියෙන්නෙ ෆෝන් එකෙන් විතරයි මේ දවස් වල.
      ගොඩක් ස්තුතියි මදු.
      ජය වේවා!!!

      Delete
  4. කාලෙකින් දැක්කේ උඹව.

    මේ පැත්තේ පේන්න නොහිටියට නිකම්ම ඉදලා නෑ වගේ. සිංදුව නියමයි බං.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් වර්ණෙ. මට බ්ලොගක් කියවන්න බරි උනා කාගෙවත්.
      ලන්ගඩිම සූරුදු රිද්මෙට එනව. ස්තුතියි ඇගයිමට.
      ජය වේවා!!!

      Delete
  5. මනා.. මට නං ටිකක් මදි මදි වගේ බං.. මම හිතන්නෙ රෙකෝඩින් ස්ටුඩියෝ එකක නොවුන නිසා වෙන්න ඇති.. උඹේ කටහඬ ඇහෙනවත් මදි ඒ නිසා.. ඕක ස්ටුඩියෝ එකක කරමු.. නියමෙට එයි..

    ReplyDelete
    Replies
    1. ඔව් මේකෙ කොලිටියක් නැහැ සජ්ජො. මන් මේ කරන්නෙ ක්ස්පෙරිමෙන්ට්ස්. උඹ හිතනවද අපෙ රටෙ උන් ෆෝන් එකකින් මේ ගානට සින්දුවක් හදාවි කියල දෙනෝදාහක් ස්ටුඩියෝස් තියෙද්දි ;).

      හොඳ රෙකෝඩින් එකක් කරද්දි හදමු අඞන්න. මේක මටත් මදි තමා. ඒත් මේව මාර වටිනව බන් ගෙඩි පිටින් ඉස්ටුඩියො එකක ගිහින් ගහනවට වඩා. ඔය ස්ටුඩියො තියෙන කියෙන් කි දෙනාද හරියට ලයිව් පෙර්ෆොමන්ස් කරන්නෙ කියල උඹ දන්නව ඇති නෙ.

      ආ ඒක නෙමේ අපි ලගදිම සෙට් වෙන්නෝනෙ.

      ජය වේවා!!!

      Delete
  6. මාතලනුත් සම්බන්ද හන්දා කියනවා නෙමෙයි මට නම් උඹේ හොඳම නිරමාණය තුං මුල්ලේ ගීතය...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රසිකයො මනාට සින්දු කියන්න පුලුවන් කියල අදුරගත්තෙ තුම්මුල්ලේ ගීතය මට වටින්නෙ නෑ කියල හිතුවද මාතෙ අයියෙ. මාර්තු තියෙන උත්සවෙ මට අවස්තාව ලබුනොත් කියන පළවෙනි ගීතය ඒක කියල මතක තියාගන්න :).

      තුම්මුල්ලෙ ගීතය මන් දකින විදිහට මේ වගේ සාමාන්‍ය සරල ගීයක් නෙමේ. ඒක වෙනම ආරක, ගැඹුරු හැගීමක් ඇති කරන සංකීර්න ගීයක්.
      ජය වේවා!!!

      Delete
  7. සින්දුව ලස්සනයි මනා අයියේ..... මගේ නිවුන්නත් ගොඩක් සතුටු වෙයි..පද වැල ගීයක් විදිහට දකිද්දි

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අම්බලංගොඩ කතා සාදරයෙන් පිලිගන්නව පින්තාරුවට. ඒත් ලියපු කමෙන්ට් එක ඩිලිට් කරේ ඇයි :/. මට ඔයාව කන්ටැක්ට් කර ගන්න ඕනෙ වැඩකට. සජ්ජා මට ඔයා ගැන කීවා.ඊ මේල් එක පුලුවන්නම් එවන්න මට.
      ජය වේවා!!!

      Delete
  9. මට නම් ගොඩක් වටිනවා මේ අලුත් අවුරුදු තෑග්ග
    ස්තූතියි මනා
    ජයවේ මනා!

    ReplyDelete
    Replies
    1. තව තවත් ලස්සන පද වැල් ලියන්න ලැබෙන වසරක් වේවා! වර්නටත් ස්තුතියි.
      ජය වේවා!!!

      Delete
  10. මේ සින්දුව ලස්සනයි. අපේ උළෙලට කියන්නත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අජිත් අයියෙ. හොඳයි නම් කියමු :).

      Delete
  11. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2233-2016-01-03-20-00-04

    ReplyDelete
  12. මෙය කදිම නිර්මාණයක්,ඔස්ට්‍රෙලියා ගිහින් ඇවිත් සල්ලි තියන මුදලාලිලාගේ පුත්තු ස්ටුඩියො වල දෙන මර ලතොනියට වඩා මෙම නිර්මානනය කෙතරම් වටිනවා ,වර්න සහොදරයාටත් ඔබටත් මගේ උපහාරය,

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි :). සාඩරයෙන් පිළිගන්නව පින්තාරුව.
      ජය වෙවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.