Saturday, November 8, 2014

ෆේස්බුක් (Facebook) හි ඇති ස්කෑම් (Scams) හඳුනාගෙන ඒවායින් ආරක්ෂා වෙමු.



scams



සුභ දවසක් ඔයාල හැමදෙනාටම. අද මම ගේන්නෙ facebook (ෆේස්බුක්) සමාජ ජාලය සම්බන්ධ වැදගත් කියල හිතෙන පෝස්ට් එකක්. facebook සමාජ ජාලය පුරා ඇති විවිධ වර්ගයේ Scams (ස්කෑම්ස්) පිළිබඳව දැනුවත් කරිමක් කරන්න තමයි මේ පෝස්ටුවෙන් මනා බලා පොරොත්තු වෙන්නේ.



මොකද්ද මේ Scam (ස්කෑම්) එකක් කියල කියන්නේ?


ස්කෑම් (Scam) එකක් කියන එක සරලවම පැහැදිලි කලොත් මෙහෙම කියන්න පුළුවන්. කෙනෙකුට අයිති වටිනාකමක් ඇති දෙයක්, කුට(වංචාකාර) උපක්‍රමයක් මගින් තවත් පුද්ගලයෙකු, කණ්ඩායමක් හෝ ආයතනයක් මගින් ලබාගැනීමට එහෙම නැත්නම් අයිති කරගැනීමට උත්සහ කිරීම ස්කෑම්  එකක් කියල හඳුන්වනවා. ඉතින් මේක අන්තර්ජාලය සමග සම්බන්ධ උනාම වටිනා දේවල් විදිහට ගණන් ගැනෙන්නේ කෙනෙකුගේ ඇති පෞද්ගලික තොරතුරු එහෙම නැතිනම් දත්තයන් වගේ දේවල්. 

විශේෂයෙන් සමාජ ජාලයකදී ස්කෑම් එකක් පතුරවන්න පහසු වෙන්නෙ කෙනෙකුගේ තියෙන කුතුහලය අවුස්සලා. එහෙම කුතුහලය ඇවිස්සෙන දෙයක් සම්බන්ධ කරපු ගමන් මේ සමාජ ජාල වල සිටින පුද්ගලයන් ගොඩ දෙනෙක් එම ස්කෑම් වලට හසු කරගන්න පුළුවන්.

පසුගිය වසර දෙක පුරාවටම facebook (ෆේස්බුක්) එක තුල මේවගේ ස්කෑම්ස් 850,000 ට  වැඩි ප්‍රමාණයක් හදල තියෙනවා කියල අන්තර්ජාලයේ ආරක්ෂාව සම්බන්ධව ඇති ආයතනයක් වන බිට් ඩිෆෙන්ඩර් (Bitdefender)  ආයතනය මගින් එළි දක්වන ලද අලුත්ම වාර්ථාවක සඳහන් කරලා තියෙනවා. එම ස්කෑම් ගොනුව අතරින් වැඩියෙන්ම පැතිරුණ ස්කෑම් වර්ග පහ ගැන තමයි අද ඔයාලට කියන්න යන්නේ.

1)  පළවෙනියටම තියෙන්නෙ තමන්ගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බැලුවේ කවුද කියල දැන ගන්න ක්ලික්(click) කරන්න කියල ලින්ක් (link) එකක් ප්‍රදර්ශනය වන ස්කෑම් වර්ගයක්. ඒක ෆේස්බුක් ඇප්(App) එකක් විදිහට තමා තියෙන්නෙ.කවුරු හරි කෙනෙක් එක පාවිච්චි කරන්න තමන්ගේ ප්‍රොෆයිල් එකට අවසර දුන්න ගමන් එම කෙනා ඔය කියන ස්කෑම් එකට අහු වෙනවා. නමුත් එමගින් කෙනෙකුගේ ප්‍රොෆයිල් එක බලපු අයගේ  දත්තයන් එකතු කරන නිත්‍යානුකූල සේවයක් නැහැ.  ඊට පස්සේ එයාගෙ නමින් hey guys, see wh0 is watching y0ur pr0file! වගේ මැසේජ් එකත් එක්ක ලින්ක් එකක් ප්‍රදර්ශනය වෙනවා. ඉතින් තව කෙනෙක් එම ලින්ක් එක ක්ලික් කරපු ගමන් එයත් ඒකට අහු වෙනවා. මේක ඔයාලට ගොඩක් දැකල පුරුදු ඇති. ඔය වගේ තවත් එක එක දේවල් කරන්න පුළුවන් කියල ලින්ක් එකක් ප්‍රදර්ශනය වන ස්කෑම් වලට ෆේස්බුක් පරිහරණය කරන්නන්ගෙන් 30% ට අසන්න ප්‍රමාණයක් හසුවී තිබෙන බව වැඩි දුරටත් ඉහත වාර්තාව විස්තර කරලා තියෙනවා.

                                      scam_links



2)  ඊළඟ වර්ගය තමා විවිද දේවල් ලබා දෙන බව පවසන ස්කෑම්ස්. උදාහරණයක් විදිහට මොකක් හරි වැදගත් ප්‍රසංගයකට හෝ එවැනි වෙනත් උත්සවයකට සහභාගී වීමට ටිකට් පතක් දෙන බව පැවසීම, තවත් මොකක් හරි දීමනාවක් ලබා දෙන බව පැවසීම වගේ දේවල් පෙන්වන්න පුළුවන්. මේ විදිහට දෙයක් නොමිලේ ලැබෙන බව පවසමින් ලින්ක් එකක් ක්ලික් කරන්න කියල පවසන එක. මේ විදිහට දෙයක් ලබා ගන්න පුළුවන් කියල දැනගත්තම ෆේස්බුක් භාවිතා කරන්නන් එම ස්කෑම් වලට හසු වෙන ප්‍රවනතාවය වැඩියි. ඒ විදිහට 16.5% ක ෆේස්බුක් පරිහරණය කරන්නන් ප්‍රමාණයක් හසු වෙලා තියෙනවා.


                                       scam_links



3) සහ 4)  ඊළඟට තියෙන ස්කෑම් වර්ග තමා ප්‍රසිද්ධ පුද්ගලයන් (උදා: ජනප්‍රිය සිනමා නිළියන්ගේ) නිල් වීඩියෝ (sex tapes) බැලීමට පැමිණෙන්න කියල ලින්ක්‌(link) එකක් ප්‍රදර්ශණය කරන එක සහ හොරෙන් leak (ලීක්) උන බව පවසමින් ප්‍රසිද්ධ නිළියන්ගේ අසභ්‍ය ඡායාරුප බැලීමට click (ක්ලික්) කරන්න කියල ලින්ක් පල කරන ස්කෑම්ස්. මේ විදිහට ෆේස්බුක් පරිහරණය කරන අයගෙන් 7.5% ක පිරිසක් මෙම ස්කෑම් වලට හසු වී තිබෙනවා කියල තමා අර වාර්තාවේ කියල තියෙන්නේ.


                                     scam_links



5)  මෙම කියන ස්කෑම් වර්ගය ඉහත කියන ලද වාර්තාවේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මේ වර්ගයෙන් කරන්නේ නරක ආශාවන් අවුස්සන විදිහේ වීඩියෝ බලන්න කියල උනන්දු කරවන ලින්ක් ප්‍රදර්ශනය කරන ස්කෑම් වර්ග. එහෙම ඒවට  හසුවුන ප්‍රමාණය 1%ක් විදිහට සඳහන් කරලා තියෙනවා.


                                     scam_links



මේ විදිහට ස්කෑම් වලට හසු වුනාට පසුව එම පුද්ගලයන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් වලට විවිධ බාධක එහෙම නැති නම් පෙර තිබු පරිදි ක්‍රියා කිරීමේ අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන් කියල වැඩි දුරටත් බිට් ඩිෆෙන්ඩර් මගින් කියල තියෙනවා. ඒ වගේම මෙවැනි ස්කෑම්ස් වෙනත් සමාජ ජාල හෝ ඊමේල් (email) හරහාද ඔයාලව හොයාගෙන එන්න පුළුවන්. ඉතින් ඔයාලත් ෆේස්බුක් හරි වෙනත් සේවාවක් හරි අන්තර්ජාලය හරහා භාවිතා කරන විට මෙවැනි ස්කෑම් හඳුනාගෙන ඒවගෙන් ඈත් වෙලා ඉන්න පුරුදු වෙන්න. කෙටියෙන්ම කියනවනම් තමන්ගේ හිතේ විවිධ ආකාරයේ  සිතුවිලි හෝ හැඟීම් ඇති කරන දේවල් වලට හසු වෙන්නෙ නැතුව හිත පාලනය කරන් ඉන්න එක ගොඩක් හොඳයි. එහෙනම් තවත් පෝස්ට් එකකින් අපි හමු වෙමු. ජය වේවා !!!   

No comments :

Post a Comment

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.