Thursday, December 25, 2014

අද මෙන් නොව එදා, අපි හිටියෙ ගොඩක් ලෙන්ගතුකමින්...

managepintharuwa



සිත ගියා මගෙ අතීතය වෙත නිකමට මෙන් එක් නිමේෂයකට 
මතකය ගලාගෙන ඇවිත් මවයි එදවස අප කල කී දෑ මොහොතකට 
කාලයක් පුරාවට ඇසුරු කළ ඒ සොඳුරු යුවතියන් ගැන 
අද මෙන් නොව එදා අපි හිටියෙ සිතින් ගොඩක් සමිපවය 

පැටළුනා එක් දිනක් අහම්බෙන් මෙන් කතා බහකට 
ගෙන ගියා බොහො දුරක් එම කතා බහ හැකි පමණ 
අද මෙන් නොව එදා අපි හිටියෙ සිතින් ගොඩක් සමිපවය  

සිත ගියා මගෙ එක් යුවතියක් වෙත ඔවුන් අතරින්ම  
වෙනකකට නොව ඇගේ ඇති අව්‍යජබවට සහ කරුණාබර කමට 
ට්‍රයි කළා හැම විටම පවසන්න මගෙ හැඟුම් ඇයට 
නමුත්, යට ගියා එම හැඟුම් බය නිසා මගෙ හදවතට 
අද මෙන් නොව එදා මම අහිංසක කොල්ලෙකි හිටිය කඳුකර ගමක 

ගත උනා කාලයක් එලෙස දිය කර මගෙ හැඟුම් 
හිතෙනවා ඇය හටද දැනෙන්නට ඇති සිතුම් 
දන්නෙ නෑ මේ බවක් මා හැර කිසි කෙනෙක් 
අද මෙන් නොව එදා මට නැහැ කිසි අත්දැකුම් 

දැඩි වෙමින් මිතු බැඳුම් කල් ගියා දෙවසරක් පමණ 
අප කෙමින් වෙන් වෙන්න යන බවක් පෙනෙන්නට උනා මට 
ඇති වෙමින් අඬ දබර සපත කළා එම ලකුණු තව තවත් මා හට 
පෙර මා සිතු ලෙසම ඇති උනා නොයෙක් තහනම්ද අප අතර 
අද මෙන්ම එදා වුව  දැනුන එය මගෙ පපු කැවුත තුළටම 

ගතවුණා කාලයක් හිත ගියා මගෙ සවාරියක් 
තවකෙකුට, වෙනකෙකු නොව ඇගෙම මිතුරිය වෙතට 
ඇති කළා නව දෙබස් නව හැඟුම් මගෙ සිත් සතන් තුළට 
කල් ගියා ඇය සමගද පෙර මා හිටි හැටි ලෙසම 
අද වගේ නොව එදා එය හරිම රසවත්

දින පතා ඇති උනත් නොයෙක් විද  වූ දෙබස් 
තව තවත් ලං උනේ හිත මගේ ඇය වෙතයි 
වැඩි වෙමින් අප බැඳුම් වගෙම නොයෙකුත් හැඟුම් 
ලං උනා අපි සිතින් එක් වෙමින් තව තවත් 
අද මෙන් නොව එව්ව හරිම  කුල්මත් 

යද්දී තව කාලයක් ඇති උනා පෙර ලෙසම 
නොයෙක් විද බාධා, එහෙම නැති නම් රෙඩ් ලයිට් 
වෙන දෙයක් උනාවෙන් කියා සිතමින් මචං 
කිව්ව මගෙ අදහස් ඇයට නම් ඇත්තටම ඩිරෙක්ට් 
එදා මෙන් නොව දැන් කොල්ලගේ හිත බලවත් ඒ වගෙම හරි පොහොසත් 

අහෝ දුකකි ශෝකාන්තයකි 
වෙන කෙනෙකු ඇති බවක් පවසයි ඇයද මට ඩිරෙක්ට් 
මගේ ආදරයට සුනාමි ගැහුවා වගෙ දැනුන මට ඕයේස්
අද මෙන් නොව එදා මට නොඉඳුල් හදවතක් සතු වූ නිසා වෙන්නැති මචං 

රස වින්ද ඇති පදම් විරහවේ ගුණ කඳන් 
කල් ගියා අඩු උනා විරහවේ දැක්ක ආඩම්බරකම් 
දුන්නු උපදේශයෙන් නැති උනා අපෙ අපැහැදිලි තැන් 
පිං සිද්ද වෙන්නට ඇගෙ කරුණාබර හදට සත්තකින් 
එදා මෙන් නොව අද එම වදන් මට නම් ඇත්තටම මසුරං 

නැති නමුත් අප අතර කිසිම අමනාපයක් 
පෙනෙන්නේ දෙදෙනාම ඔවුන්ගේ ලෝක තනාගෙන ඇති බවකි මට නම් 
ඉඳ හිටක මුණගැසී අප ටිකක් දොඩමළු උනත් 
දකින්නට නැත පෙර මෙන් බැඳුම් ඔවුන්ගෙන් මට දැන් නම් 
ඇසූ විට පෙර ලෙසින් නොයෙක් විද කරුණුත් 
හිතේ මට එව්ව දැනගත් පසු මෙන්න මෙහෙමත් 

අම්මපා දැන් මුන්ගෙ තියෙනා ලොකු කම්  :D 


                        ~~~මනා~~~ 

10 comments :

  1. සිරාවටම දැන් තියෙන ලොකු කම් අම්මප :P

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ ගැහැණු ළමයි ළඟ තියෙන ලොකු කම් ගැන නේද? :P

      Delete
  2. උන්ගෙ ලොකුකම් ගැන කවර කතාද?

    ReplyDelete
  3. සියල්ල ඉදිරී ග‍රා වැටුණු දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
    දැන හඳුනාගත් තනිකම නුඹටත්
    මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත්
    ප්‍රේම තාපයෙන් පර මල් යහනට
    තවත් ළඳක් ‍එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නෙද කෙලෙසේ
    ඇ‍ය ‍හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නො‍යා
    හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නො‍යා...

    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
    ගී තනු - එච්. එම්. ජයවර්ධන
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. මම මේ සින්දුව අහල නැහැ සින්දුවො. මාර ලස්සන පද පේළි ටිකක් තියෙන්නෙ. උඹට පින් මේ වගේ අහල නැති සිංදුවක් මෙතන දැම්ම එකට. දැන් මේක හොයාගෙන අහන්න ඕනෙ. ජය වේවා!!!

      Delete
  4. නුබ එලෙස සිතුවත්
    යුවතියගෙ සිතෙහි එවැන්නක් නැතිනම්
    පෙර ලෙසින් සිටියොත්
    දිනෙක නුබෙ සිත පෑරෙනු නියතයි

    දිවියෙ හැටි ඔහොමයි
    කැමැති දේ නොලැබෙයි
    අකමැති දේ ලැබෙයි
    නමුත් අවසන හොදම දේ ලැබෙයි.

    ලොකු කම් ම්ම්ම්ම්ම්......

    ReplyDelete
    Replies
    1. //පෙර ලෙසින් සිටියොත්
      දිනෙක නුබෙ සිත පෑරෙනු නියතයි//

      මට ඒ පද දෙක ඊට උඩ පද දෙකත් එක්ක ගළපල තේරුම් ගන්න බෑනෙ ඇනෝ.

      අන්තිම කවිය නම් සහතික ඇත්ත. අන්තිමට හොඳම දේ ලැබෙයි :D. දිගටම පින්තාරුව පැත්තෙ එන්න. ජය වේවා!!!

      Delete
    2. ඒ කිව්වෙ සහෝ මෙහෙමනේ....
      යුවතිය දිගටම වෙනදා වගේ ඔයාට ළං වෙලා හිටියොත්, ඔයාගෙ හිතේ එයා ගැන තියෙන ආදරේ තවත් දළු ලනව මිසක් අඩු වෙන්නෙ නෑ. එහෙම කාලයක් ඉඳලා ඒ යුවතිය වෙන කෙනෙක්ව බැන්දම, මේ තරම් වත් ඔයාගෙ හිත හදා ගන්න හැකි වේවිද? අඩුම ගානෙ දැන් ඔයාට වෙන කෙනෙක්ට ළං වෙන්න හරි නිදහසක් තියෙනවනෙ. :)

      Delete
    3. ආ.... :D. ඔයා කීවට පස්සෙනෙ සීන් එක තේරුම් ගියෙ. ඒ කතාව ඇත්ත. නිදහස කියන එක ගොඩක් වටින දෙයක්. ඔයා ඇනෝ ආවෙ ප්‍රොෆයිල් එකක් නැති නිසා වෙන්න නම් බහැ. කොහොම වුනත් කමක් නැහැ දිගටම එන්න මේ පැත්තෙ. ජය වේවා!!! :)

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.