Monday, January 12, 2015

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 7


managepintharuwa


සුභ දවසක් වේවා සියළු දෙනාටම. අලුත් අවුරුද්දේ මගේ දෙවන පෝස්ට් එක විදිහට ඔන්න මම මෙතෙක් සාකච්ඡා කරන් ආව ගිටාර් පාඩම් මාලාවට අදාල ලිපියක් තමා ගේන්නෙ. මෙතෙක් අපි කතා කලේ මේජර් මයිනර් කෝඩ්ස් අල්ලන මූලික ක්‍රම ගැනයි. එසේ මේජර් මයිනර් කෝඩ්ස් ඇල්ලිය හැකි මූලික ක්‍රම තුනක් තිබෙන බව මම කලින් ලිපි වල  පැවසුවා ඔබට මතක ඇති. අද කතා කරන්නේ අවසන් ක්‍රමය එසේ නොමැති නම් තුන් වන ක්‍රමය ගැනයි. මෙම ලිපිය අවසානයේදී ඔබට මේජර් මයිනර් කෝඩ්ස් මුලිකව ඇල්ලිය හැකි සියළුම ආකාර කියා දී අවසානයි. ඉතින් මෙම ලිපියෙන් පසුව ඉදිරියේදී මම සැලසුම් කරගෙන සිටින්නේ ගීත කිහිපයක් පුරුදු වීමට යොමු වීමටයි. එම ගීත ආශ්‍රයෙන්ම ස්ට්‍රමින්ග්ස් ගැනත් කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මේජර් මයිනර් කෝඩ්ස් වලට අමතරව ඇති කෝඩ්ස් ගැනත් එම ගීත පුහුණු වීමේ අභ්‍යාස වලදීම කතා කරන්න බලාපොරොත්තු වෙනව. මෙතෙක් කල් කතා කරපු සිද්දාන්ත කරුණු වැඩියි සහ ටිකක් එපා වෙන ගතියක් තියෙනව කියන එක මමත් දන්නව. නමුත් එම කරුණු නොමැතිව ගීත පුහුණු වීමට අපහසු වන නිසා තමයි මම මේ සිද්දාන්ත කරුණු ටික ගැන ළඟ ළඟ පොස්ට් කිහිපයකින්ම කතා කලේ. ඉතින් එම සිද්දාන්ත කරුණු අද පෝස්ට් එකෙන් අවසන් වෙනවා. ඉතින් මෙම ක්‍රමයත් අවධානය සහ උනන්දුව යොමු කරල ඉගෙන ගන්න. ඊළඟ පෝස්ට් එකේ ඉඳන් ඔයාල කැමති ප්‍රසිද්ධ ගීත කිසිම අපහසුවකින් තොරව පුහුණු වීමට එවිට හැකියාව ලැබෙයි.

අපි බලමු අද පුරුදු වෙන කෝඩ්ස් අල්ලන්නේ කොහොමද කියල. මෙම කෝඩ්ස් අල්ලන ක්‍රමය විකාශනය වෙන්නෙ ඕපන් කෝඩ්ස් වල D මේජර්/මයිනර් කෝඩ් එක ආශ්‍රය කරගෙනයි. අපි බලමු ෆ්රෙට් බෝඩ් එකේ එම කෝඩ්ස් වලට අදාළව ස්වර පිහිටල තියෙන්නෙ කොහොමද කියල.

guitar_fret_board

එම කෝඩ්ස් අල්ලද්දී ඇඟිලි තබා ගන්නෙ මේ විදිහට 

                                                             මේජර්     

guitar_major_code

guitar_major_code

                                                              මයිනර්

guitar_minor_code

guitar_minor_code
                        

                                                        මේජර් කෝඩ්ස් 

D_Major_E_Major

F_Major_G_Major

A_Major_B_Major

C_Major_D_Major

                                                       මයිනර් කෝඩ්ස් 


D_minor_E_Minor_code

F_Minor_G_minor_code

A_Minor_B_minor_code

C_Minor_D_Minor_code


ඉතින් මෙම කෝඩ්ස් ටික හොඳින් ඇල්ලීමට පුහුණු වෙන්න. මොකද ඊළඟ පෝස්ට් එකේ ඉඳන් අපි ගීත අභ්‍යාස කරද්දී ඔය කෝඩ්ස් අල්ලන ක්‍රම සියල්ලම භාවිතා කිරීමට සිදු වෙනවා. ඉතින් දැන් සියළුම මූලික ක්‍රම කියා දී අවසාන නිසා කිසිම අපහසුවකින් තොරව අපිට ගීත අභ්‍යාස සඳහා යොමු වීමට පුළුවන්.හොඳයි එහෙනම් ඉදිරියේදී නැවතත් පෝස්ට් එකකින් හමු වෙමු. සියළු දෙනාටම ජය වේවා!!!   

  

10 comments :

  1. මං හිතුවේ හෙමීට වැඩේ නවත්තලා මාරු කියලා, උඹෙන් අහන්න ප්‍රශ්න කීපයක්ම තියෙනවා ..හිටපං වෙලාවක අල්ලගන්නකන්

    ReplyDelete
    Replies
    1. අන්න මම උඹේ මේ පාඩම මගේ බ්ලොගේ විජට්ටුවකුත් එල්ල ගත්තා , දැන් කට්ටි පනින්න හැදුවොත් ඔලුවට වෙඩි තියන්නේ :P, අපිත් නිකං මැකෝ වගේ තමා ඕ ...යේස්

      Delete
    2. අපොයි එහෙම මාරු වෙන්නෙ නෑ කවදාවත් :D. ඕන දෙයක් අහන්න දන්න දෙයක් නම් කියල දෙන්නම්. අෆ්ෆේ මැකෝව නම් මතක් කරන්න එපා. මිනිහ අමාරු කාරය ඕ.. යේස් :D. බොහොම ස්තුතියි සහ ගොඩක් පිං විජට්ටුවක් එල්ලලා මගෙ බ්ලොගට පබ්ලිසිටියක් දුන්නට හොඳේ :). මට උමා කෙටිකතාව විතරයි කියවන්න පුළුවන් උනේ. අද අනිත් බ්ලොග් පැත්තෙත් යන්න ඕනෙ. ජය වේවා!!!

      Delete
  2. මැරෙන්න කලින් මනාගේ පිහිටෙන් ගහනා ෂුවර් ගිටාරයක්....... හොදින් හරි නරකින් හරි.............

    ReplyDelete
    Replies
    1. රිප්ලයි කරන්න පමා උනාට මුලින්ම සමාවෙන්න කුගෑගීප. අනිවාර්යෙන් ම හොඳ ගිටාර් වාදකයෙක් කරල තමා පස්ස බලන්නෙ ඕ...යේස් :D. මට ඔයාලගේ බ්ලොග් පැත්තේ එන්න බැරි උනා දවස් ගානකින්. අද එනව අනිවාර්යෙන්ම. එහෙනම් ජය වේවා!!!!

      Delete
  3. this article has a problem we can't figure it out. Cannot be posted.

    ReplyDelete
    Replies
    1. Is this an error message which generates from blogger when you are trying to post your comment? or is this your actual comment? :D. I can't figure it out :D.
      If it is your actual comment, please tell me what kind of problem do you have with this article? Is it a theoretical problem or a technical problem?

      Delete
  4. niyamayi manaa. godak watina wadak. (Y)

    ReplyDelete
  5. එල මාර වටිනවා.ජය වේවා!!!!

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.