Saturday, January 3, 2015

ප්‍රමාදය

Pramadaya_managepintharuwa


අලුත් දවසක් උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. සංඛ තම ජංගම දුරකතනයද අතැතිව මතක සයුරක අතරමං වී බලාගත්වන බලා සිටියි. ඔහුගේ සිත තවමත් අතීතයේ සිදුවූ සිද්දි දාමයක පැටලී ඇත.

ඉවෝන්, ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක සංඛ සමගම උපාධි පාඨමාලාවක් සඳහා ඉගෙන ගැනීමට පැමිණි තරුණියකි. බාලිකා පාසැලක අධ්‍යාපනය ලබා තිබූ ඇය පිරිමි ළමුන් සමග කතා කලේම නැති තරම්ය. තමා මෙන්ම හැසිරෙන තවත් ගැහැණු ළමුන් දෙදෙනෙකු ඇයගේ හොඳම මිතුරියන් ලෙස සිටි බවක් ඇයව අධ්‍යයනය කරන කෙනෙකුට දැකගත හැකිවිය. ඔවුන් තිදෙනා හුදෙකලාව අධ්‍යන කටයුතු කරගෙන ගියෝය. කාලය කෙමෙන් ගත වන විට සංඛ තමාගේ මිතුරන් සමග ඉතා සැහැල්ලුවෙන් විනෝදයෙන් ඔහුගේ විශ්ව විද්‍යාල ජීවිතය ගත කරමින් සිටයේය. වර්තමානයේ කුඩා ළමයෙකු හට පවා තිබෙන බුකියේ ගිණුමක් සංඛල ඉවෝන්ලා හටද තිබුණි. ගැහැණු ළමුන් සමග මුහුණට මුහුණ හමුවී කතා කිරීමේ බියක් සංඛ හටද පැවතුනේ ඔහුද පිරිමි පාසලක අධ්‍යාපනය ලබා තිබු හේතුව නිසාවෙනි. ප්‍රථම වසර මුල් සෙමෙස්ටරය තුලදීම බුකිය හරහා තමන් සමග අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් රැසක් සමග මිතුරු වී කතාබහ කිරීමට සංඛට හැකියාව ලැබුණි. එයින් බොහෝ දෙනෙකු සමග චැට් කිරීමටද සංඛ එම කාලයේ හුරුවූ අතර ඒ අතර ඉවෝන් සහ ඇයගේ මිතුරියන් දෙදෙනාද විය. මෙසේ චැට් කරන්නන් අතර බොරු සෝබන කරුවන් සහ විශේෂයෙන්ම සෝබන කාරියන් කවුරුන්ද යන වග ඉතාම කෙටිකලක් ඇතුලත හඳුනා ගැනීමට සංඛට හැකියාව ලැබුණි. නමුත් ඉවොන්ලා සෝබන වලින් තොරව පොළොවේ පය ගසා ජිවත් වන යුවතියන් තිදෙනෙක් බව සංඛට වැටහුනේ ඔවුන්ගේ කතා විලාශයේ ගැබ්ව තිබුණු අව්‍යාජත්වය හේතුවෙනි. එම හේතුව නිසාම සංඛ ඉවොන්ලා සමග චැට් කිරීමට හිත යොමු කළේය.

සංඛ: "හායි කොහොමද ඉතින් "   
ඉවෝන්: "හෙලෝ මම හොඳින්. ඔයාට කොහොමද?"
සංඛ: "වරදක් නැහැ ඉතින්, කොහෙද ඔයාල හම්බුනාට කතා කරන්නෙවත් නෑනෙ. තනියම ඉන්නව පැත්තකට වෙලා :P"
ඉවෝන්: "අපිට කතා කලොත් අපිත් කතා කරනව හරිද :P ඔයානෙ දැක්කෙ නැහැ වගේ අහක බලන් යන්නෙ :P "
සංඛ: " ඒ එහෙමද 3:D, එහෙනම් මම දකින්න නැතුව ඇති මයෙ හිතේ ;) "

එලෙස ආරම්භ වූ සංඛ සහ ඉවෝන් අතර වුනු බුකියේ කතා බහට ඇබ්බැහි වීමට වැඩි දවසක් ගත නොවිය. ඒ අතර තුර ඇයගේ මිතුරියන් දෙදෙනා සමගද චැට් කිරීමට සංඛ අමතක කලේ නැත. මෙලෙස දිනපතා බුකිය හරහා සිදුවන කතා බහ නිසා සංඛ සහ ඉවොන්ල අතර හොඳ මිතු දමක් ඇතිවී තිබුනද කිසි දිනක ඔවුන් මුණ ගැසී කතා කිරීමට සංඛ මැලි වුයේ ඔහුගේ ඇති ලැජ්ජාශීලි බව නිසා යයි ඉවෝන්ල හට අවබෝධ වී තිබුණි.

ඉවෝන්: "මොකද අපිත් එක්ක කතා කරන්න බය. ගැහැණු අපි හොඳයි නෙ ඒ අතින් :P. අඩු ගානේ හිනාවක් වත් දාන්නේ නෑ. ඔරවන් යනව නිකන් බකුස්ස වගේ :P "
සංඛ : "මට පොඩි බයක් වගේ එකක් තියෙනවනේ හලෝ :D. හැබැයි මම ඔයාල දැක්කම හිනා නොවී ඉන්නෙ නම් නැහැ :) "
ඉවෝන්: "කොයි වෙලේද අපිට හිනා වුනේ කියන්න බලන්න."
සංඛ: "ඇයි මම ඔයාව දැක්ක ගමන් හිතින් හිනාවුනානේ :)"
ඉවෝන්: "හිතෙන් හිනාවුනාම කොහොමද මැට්ටො අපිට පේන්නෙ හිනාවුනා කියල :P "

මෙසේ විවිදාකාර වූ දේවල් ඔවුන් කතා බහ කල අතර කෙමෙන් කෙමෙන් සංඛ සහ ඉවෝන් ගේ සිත් තුල ආදර හැඟුම් මෝදු වන්නට විය. එය දෙදෙනාගේම කතා බස් වලින් ඉඟි කෙරුනද එම ආද‍ර සිතුවිලි දෙදෙනාම හිතේ සඟවා ගත්තා මිස පිරිමියෙකු ලෙස සංඛ හටද ඒ බවක් ඉවොන්ට කීමට තරම් හිතේ හයියක් නොවීය. මේ වන විට බුකියට අමතරව ජංගම දුරකථන හරහාද මැසේජ් කෙටීමට දෙදෙනා ඇබ්බැහි වී සිටියහ. මෙසේ කාලය ගත වන විට සංඛ තමාට ආදරය ප්‍රකාශ කරනු ඇතැයි ඉවෝන් බලාපොරොත්තුවෙන් සිටියද ඒ බවක් සංඛ වෙතින් පෙන්නුම් නොකළේය. තමන් ගැහැණු ළමයෙකු බැවින් සංඛ හට ආදරය ප්‍රකාශ කිරීම කිසිසේත් නොකළ හැකි දෙයක් නිසා ඉවෝන් තමාගේ හිතේ තිබුණු හැඟීම තද කරගෙන සිටියාය. මේ අතරතුර බුකිය හරහා භාෂිත ඉවෝන් හට හමු වුයේ අහම්බයකිනි. ඔවුන් දෙදෙනා අතර හොඳ මිත්‍රත්වයක් ඇති වුනේ ඇයටද තේරුම්ගත නොහැකි ඉක්මනකටය. වෙනත් විශ්ව විද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදාරන ඔහු කිසිම පැකිලීමකින් තොරව තම අදහස් ප්‍රකාශ කිරීම නිසා ඉවොන්ගේ අවධානය ටිකෙන් ටික ඔහු කරා ඇදී යාමට හේතුවූ අතර සංඛ  හා ඇති බැඳීම කෙමින් කෙමෙන් ලිහිල් වන්නට විය. සංඛ තවමත් තමාගේ හිතේ ඇති ආදරය ප්‍රකාශ කිරීමට කල් යල් බලමින් සිටින්නේය. මෙසේ කාලය ගතවන විට භාෂිතගේ හිතේ ඉවෝන් කෙරෙහි ආදරයක් ඇති වන්නට පටන් ගත්තේ ඇයගේ ඇති ආකර්ෂණය නිසාවෙනි. වැඩි කාලයක් බලා නොසිට භාෂිත ඉවෝන් හට තමාගේ ආදරය ප්‍රකාශ කල අතර ඉවෝන්ටද එය අදහාගත නොහැකි විය. එම යෝජනාව ප්‍රතික්ෂේප කල ඇය තවමත් සංඛ වෙත බලාපොරොත්තු තබා සිටියාය. ඉවෝන් සංඛ හා ජංගම දුරකතනයෙන් මැසේජ් කිරීම නැවත්වුයේ සංඛ එවිට හෝ තමාව නැතිවේ යැයි යන බියෙන් ආදරය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂාවෙනි. නමුත් එයද සාර්ථක නොවන වෑයමක් බව දැනුණු ඉවෝන් හට සංඛ කෙරෙහි ඇතිවුයේ දුක මිශ්‍රවුනු තරහකි.  

මේ අතර භාෂිත නැවතත් ඉවොන්ට පෙරැත්ත කරමින් කියා සිටියේ තමා ඇය හට හදවතින්ම ආදරය කරනා බවකි. තටු කැඩුණු කුරුල්ලෙක් පියාඹන්නට හදනව වගේ සංඛ තමාහට ආදරය ප්‍රකාශ කරනතුරු බලා සිටීම පලක් නොවන බව වැටහුණු ඉවෝන් අවසානයේදී තම නොයිඳුල් හදවත භාෂිත වෙත පුද කිරීමට තීරණය කලාය. 
සංඛ හා ඉවෝන් අතර බුකියේ කතා බහ එතරම් ලෙන්ගතු එකක් නොවන බව සංඛ හට තේරුම් යන්නට පටන් ගත්තේ මේ අතර තුරේදීය. තමාගේ ආදරය ප්‍රකාශ කිරීමට කල් ගැනීමෙන් සිදුවන්නේ ඉවෝන් තමාට නැති වන බව තේරුම් ගත් සංඛ තම අදහස ඉවෝන් හට පැවසීමට තීරණය කළේය. කෙසේ හෝ තමාගේ ආදරය ඉවෝන් හමුවී ඇය වෙත පැවසීමට තීරණය කල සංඛ විශ්ව විද්‍යාලයේ දේශනයක් අවසන් වී සියලු සිසුන් තම නවාතැන් කරා යන වැසිබර සන්ද්‍යාවක තම ජංගම දුරකථනය ගෙන මැසේජ් එකක් යැව්වේය.

" ඉවෝන් මට ඔයාව විනාඩි පහකට හම්බවෙන්න ඕනෙ ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න :). ඔයාට එන්න පුළුවන් නේද අර ලොකු මාර ගහ ලඟට? මම එතන ඉන්නම් "

විනාඩි 4කින් පමණ "කීක් කීක්" යන හඬක් නංවමින් සංඛගේ දුරකතනයට පිළිතුරක් ලැබුණි.

"මට ඔය ගස් ගල් ගානෙ එන්න බෑ. කියන්න තියෙන දෙයක් මෙහෙම්මම කියල එවන්න"

තරමක් විමතියට පත්වූ සංඛ නැවත මෙසේ පිළිතුරක් යැව්වේය.

"එක ෆෝන් එකෙන් කියන්න බෑ. මට විනාඩි 5ක් දෙන්න. ප්ලීස් එන්නකො"
      
ඉවොන්ගෙන් පිළිතුරක් ලැබුණි.

"බෑ බෑ. මම එක පාරක් කීවනෙ. කියන දෙයක් මෙහෙම කියන්න."

තවත් කලබල වුනු සංඛ, තමාට ඉවෝන් මුණ ගැසීමට නොහැකි වන බව වැටහුණු නිසා තමාගේ අදහස මැසේජ් එකක් ලෙසින් ඇය වෙත යැවීමට තීරණය කළේය.

"අපි දෙන්න දැන් අඳුරගෙන ගොඩක් කල් උනත් මට මේක ඔයාට කියාගන්න බැරුව ගොඩ කාලයක් බලා හිටිය. එත් මේක අද මම ඔයාට කියනව. මම ඔයාට ගොඩක් ආදරය කරනව."   මැසේජ් එක සෙන්ඩ් කළේය. 

විනාඩි දහයක් පමණ ගත විය. රිප්ලයි එකක් ලැබුණි.

"සමාවෙන්න, මම ඔයා ගැන හිතුවෙ යාළුවෙක් විදිහට විතරයි. මට bf කෙනෙක් ඉන්නව.ආයේ මගෙ ගැන කවදාවත් හිතන්න එපා. බායි."

දුරකථන තිරය මත බලා සිටිද්දී සංඛට තම මුළු සර්වාංගයම පණ නැතිවීගෙන එන්නාක් මෙන් දැනෙන්නට විය. හදවතේ ගැස්මද වැඩි වී ඇති බවක් දැනේ.තමා හොඳටම පමා වුණු බව පමණක් ඔහුගේ මනස තුල දෝංකාර දෙන්නට විය. ඔහු කිසිම හැඟීමක් නැත්තෙකු ලෙස හීනයකින් ගමන් කරන්නාක් මෙන් තමාගේ නවාතැන බලා පය තබන්නට විය. එසේ යන අතරතුර සිදු වූ දේවල් පිළිබඳව හාංකවිස්සියක්වත් සංඛගේ සිහියට නැගුනේ නැත. නවාතැනට පැමිණි ඔහු දුරකතනයද අතැතිව උඩුබෙලි අතට ඇඳ මතට වැටී සිවිලිම දෙස බලාගත්තේය. 

12 comments :

  1. ඇරඹුමම කඳුලක් වෙලා ...
    ප්‍රමාද වුනේ නැත්තන් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා ...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි.
      මනාගෙ පින්තාරුවට කඩයිමේ ගොයියාව සාදරයෙන් පිළිගන්නවා. දිගටම මේ පැත්තෙ එන්න කියල ආරාධනා කරනවා. ජය වේවා!!!

      Delete
  2. ඒකනේ කියන්නේ අපායට ගියත් කලින් යන්න කියලා හිටං.............

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල. හැම දේකටම ඉස්සර වෙන එක ඇඟට ගුණ ඒකනෙ හිටං.

      Delete
  3. මුල් කාලේදී වුනේම ඕවමයි . හි හි

    ReplyDelete
    Replies
    1. මම නම් දන්න ගොඩ දෙනෙක්ට ඔය වගේ සිද්දි එක එක ආකාරයට වෙලා තියෙනව අජිත් අයිය :D. ඒ ඔක්කොටම ගැළපෙන්න ලියල දැම්ම හි හි :D

      Delete
  4. ඔන්න ප්‍රමාදය පසුතැවිල්ලට හේතුවේ ....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. හැම වෙලේම හිතේ තියන් ඉන්න ඕන දෙයක් ;).

      Delete
  5. මනා, මට මෙහම් ප්‍රශ්නයක් තිබෙනවා. දැන් ඔය කොදේ එකක් දෙකක ඉගෙනගත්තාම එකෙන් සින්දුවක ගහන්නේ කොහොමද? තත් ටික ඔක්කොම ගහනවද?

    ReplyDelete
    Replies
    1. ඒක මෙහෙමයි අජිත් අයිය. සාමාන්‍යයෙන් ඕපන් කෝඩ්ස් වාදනය කරද්දී තත් හයම වාදනය කරනව. ඕපන් කෝඩ්ස් වලට අමතරව අපි කතා කරපු අනිත් කෝඩ්ස් අල්ලද්දී අපි අල්ලන කෝඩ් එකේ ඇඟිලි අහුවෙලා තියෙන තත් ටික විතරයි වාදනය කරන්නෙ.
      ඔන්න මම අද පෝස්ට් එකෙන් මූලික සිද්දාන්ත ඉවර කරනව. එතනින් පස්සෙ ඉඳන් කතා කරන්නෙ සිංදු වාදනය කරන ආකාරය ගැනයි. ඒ කියන්නෙ මම සැලසුම් කරන් ඉන්නෙ එක පෝස්ට් එකකින් එක සම්පුර්ණ සින්දුවක් වාදනය කරන හැටි කියල දෙන්න. එතැනදී සින්දුවට ගැළපෙන ස්ට්‍රමින් පැටර්න්ස් ගැනත් කතා කරනව. අපි බලමු ඒ වැඩේ සාර්ථක වෙයිද කියල නේ :D.

      Delete
  6. ලත් තැන ලොප්වුන ......ගේ ආදරය....(හිස් තැනට ඕන නමක් දාගනින්).
    මට උඹේ පෝස්ට් 3ක් විතර මගඇරිල බන්.උඹ දාපුකමෙන්ට් එකකටත් මම උත්තර දෙනකොට කිවුවේ ගිහින් ලියපන් කියලා.මාතෙට කියල උඹේ බ්ලොග් එක දාල තියන කැටගරිය (අධ්‍යාපන ) වෙනස්කලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් කල්පනා කලේ. මාතේ අයියට මේලක් දාල බලන්න ඕනෙ. මට කැටගරිය හිතාගන්න බැරුව ඉන්නෙ. මේක දැන් අච්චාරුවක් වෙලා :D මම කටුස්සගේ උඩම කමෙන්ට් එකේ හිස්තැන එහෙම්මම තියන්නම් ;) ජය වේවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.