Thursday, January 15, 2015

අපි නොදන්න රෙගේ (Reggae) සංගීතය

reggae_managepintharuwa

සුභ දවසක් සියළු දෙනාටම. හැමදාම වගේ අදත් ඔයාල හමුවට ගේන්නෙ සංගීතය හා සම්බන්ධ ලිපියක් වුනත් මේ කියන්න හදන්නෙ සංගීත පාඩමක් ගැන නම් නෙමේ. මම ගිටාරය සම්බන්ධ පාඩම් මාලාවක් කරගෙන එන නමුත් කිසිම අවස්ථාවක සංගීත ශයිලියක් ගැන කතා කරල නැහැ. ඉතින් මෙම ලිපියේ අරමුණ තමයි සංගීත ශයිලින් ගැන කතා කිරීමට පටන් ගැනීම. රොක්, ජෑස්, බ්ලූස්, රෙගේ වගේ විවිධාකාර වුනු සංගීත ශයිලින් ලෝකයේ තිබෙන බව මුල් ලිපියක මම සඳහන් කරල තියෙනව. ඉතින් මුල්ම සංගීත ශයිලිය විදිහට රෙගේ සංගීත ශයිලිය ගැන කතා කරන්න මම කල්පනා කලේ හේතු කිහිපයක් නිසා. එකක් තමා රෙගේ සංගීත ශයිලිය ඕනෑම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න පුළුවන් වීම. ඒ වගේම  රෙගේ සංගීතයට අදාල ටෙම්පො එක ටිකක් ස්ලෝ (slow). ඉතින් ඉතාමත්ම පහසුවෙන් රෙගේ සංගීතයේදී වාදන භාණ්ඩයක් හැසිරවීමට පුළුවන්. අන්තිම හේතුව තමා පෞද්ගලිකව මනා රෙගේ සංගීතයට ගොඩක් ආදරය කරන කෙනෙක් වීම :D. 

රෙගේ සංගීතය කියන්නෙ මහා අතීතයක් තිබෙන ශයිලියක් නෙමෙයි. රෙගේ ශයිලිය ආරම්භ වෙන්නෙ එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගයේදී. අපි කවුරුත් දන්න ජැමෙයිකාව මුල්කරගෙන තමා මේ සංගීත ශයිලිය බිහිවෙන්නෙ. ඇත්තෙන්ම කිවොත් මේ රෙගේ සංගීතය කියන්නෙ ඒ කාලයේදී ජැමෙයිකානු ජන සංගීත ශයිලියක්  වන මෙන්ටෝ සහ කැලිප්සෝ සංගීතය, ඇමරිකානු ජෑස් සහ බ්ලූස්, ස්කා(ska) (මෙයත් එක්දහස් නවසිය පනහෙ අග භාගයේදී ජැමෙයිකාවේ බිහිවුණු සංගීත ශයිලියකි) සංගීත ශයිලින් ආශ්‍රයෙන් බිහිවුනු අලුත්ම සංගීත ශයිලියකටයි. ඒ කියන්නෙ ඉහත සඳහන් කරපු සියළුම සංගීත ශයිලින් වල මූලික ලක්ෂණ ආශ්‍රයෙන් බිහි කරපු සංගීත ශයිලියක් තමා රෙගේ කියල හඳුන්වන්නෙ. රෙගේ සංගීතයේ තිබෙන විශේෂත්වය වන්නේ ඕෆ්බීට්(off beat)  රිදම් භාවිතා කිරීම. ඔන්න ඔය  ඕෆ්බීට්(off beat)  රිදම් එක තමා රෙගේ සංගීතය  මිනිස්සුන්ගෙ ආකර්ෂණයට නතු වෙන්න හේතුව. 

අද වන විට මුළු ලෝකය පුරාම වගේ රෙගේ සංගීතය භාවිතා කරනව. එම සංගීත ශයිලියට අදාළ මුලික ලක්ෂණ වලට තව තව දේවල් එකතු වෙමින් ලෝකයේ අනිකුත් රටවලත් රෙගේ ශයිලිය භාවිතා කරනව. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ වැඩි හරියක් සංගීත කණ්ඩායම් රෙගේ කියල විවිධ ගීත ගායනය සහ වාදනය කරනව ඔයාල දැකල ඇති. නමුත් අපි ඒ දකින්නෙ ඔරිජිනල් රෙගේ සංගීතයමද? අපි ඒ ගැන පසුවට කතා කරමු. ආදරය, සමාජයීය ගැටළු, අවස්ථාවන් වගේ විවිදාකාර වුනු මාතෘකාවන් උදෙසා රෙගේ සංගීතය හා සම්බන්ධ ගී පද නිර්මාණය වී තිබෙනවා. රෙගේ සංගීතය සරළවුවත් ඉතා සංකීර්ණ සහ සංවේදී දේවල් ගැන ඉතාමත්ම මියුරු ලෙස නිර්මාණයන් බිහි කිරීමට සමත් වෙලා තිබෙනවා.  

රෙගේ සංගීතයේදී බේස් ගිටාරය සහ අකොස්ටික් ඩ්‍රම් සෙට් එකට හිමි වෙන්නෙ ඉතා උසස් ස්ථානයක්. බේස් ගිටාරය රෙගේ සංගීතයේ හදවත කීවත් නිවැරදියි. රෙගේ සංගීතයේදී බේස් ගිටාරයේ හඬ හරිම සැරට සහ බරට යොදාගන්නව. ඊට අමතරව රිදම් සහ ලීඩ් ගිටාර්, පියානෝව හෝ විදුලි ඕගනය තමා මුලිකව යොදා ගන්නා සංගීත භාණ්ඩ වෙන්නෙ. පසු කාලීනව තවත් භාණ්ඩ කිහිපයක් රෙගේ සංගීතයට එක් වීමත් සිද්ද වෙලා තියෙනව. මෙහිදී විශේෂයෙන්ම මට කියල දෙන්න ඕන කාරණය තමා ශ්‍රී ලංකාවේ තිබෙන සංගීත කණ්ඩායම් වලින් 90% ක් පමණ ප්‍රතිශතයක් භාවිතා කරන්නෙ ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එක. අපේ රටේ බොහොමයක් ජනතාව හිතන්නෙ ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකක් සංගීත කණ්ඩායමක නැත්තම් ඒ සංගීත කණ්ඩායමෙන් වැඩක් නැහැ කියල. නමුත් ඔබ දැකල තියෙනවද ලෝකයේ ඉතාමත්ම ප්‍රසිද්ධ රොක්, රෙගේ ඕනම ශයිලියක බෑන්ඩ් එකක් ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකක් පාවිච්චි කරනව? :D. ඇත්ත කතාව නම් ඉලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එක ඕනෑම පුද්ගලයෙකුට වාදනය කිරීමට පුළුවන්. හේතුව අපි ඩ්‍රම් ස්ටික් එකකින් කොහොම තඩි බෑවත් නැගෙන්නේ එකම හඬක් නිසා. සැබෑ දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙකු දකින්නට අවශ්‍යනම් අකොස්ටික් ඩ්‍රම් සෙට් එකක් වාදනය කරන අකාරය හොයල බලන්න. ඒ සඳහා හොඳ හැකියාවක් සහ පාලනයක් තියෙන්න ඕන. මොකද අපි ඩ්‍රම් සෙට් එකට තඩි බාන ආකාරය අනුව හඬ වෙනස්ව ඇසෙන නිසා. අපි කතා කරන සියලූම ශයිලින් සඳහා භාවිතා කරන්නෙ අකොස්ටික් ඩ්‍රම් සෙට් පමණක් බව විශ්වාස කරන්න :D. නමුත් ශ්‍රී ලංකාවේදී එය තරමක් වෙනස් බව පමණක් මතක තබා ගන්න.

අපි දැන් රෙගේ සංගීත ශයිලිය ගැන මූලික තොරතුරු දැනගත්තා. මේ රෙගේ සංගීතය ජනප්‍රිය වෙන්නට හේතු වුනේ කුමක්ද? ඒ වෙන කිසිවක් නිසා නොවේ ඔබ අප කවුරුත් දන්නා සහ ආදරය කරන බොබ් මාලේ (Bob Marley) ජනප්‍රිය වීම. අවුරුදු තිස් හයක් (36) පමණක් ජිවත් වුවත් ඔහු තුල තිබු හැකියාව හා චින්තනය රෙගේ සංගීතය හරහා ඉදිරිපත් කිරීම තුළින් ජනතාවගේ ආදරය නොමදව දිනා ගැනීමට ඔහුට හැකියාව ලැබුනා. මම මෙම ලිපිය මගින් බොබ් මාලේ ගැන කතා කිරීමට යන්නෙ නැහැ. නමුත් එක දෙයක් කියන්න ඕන කමක් තියෙනව. රෙගේ, බොබ් මාලේ කියල කිව්ව ගමන් මිනිස්සුන්ට මතක් වන තව දෙයක් තියෙනව. ඒ තමයි "ගංජා".  සාමාන්‍යයෙන් රෙගේ සංගීතය කරන කෙනෙක් දිහා මිනිස්සු බලන්නෙ ඔහු ගංජත් පාවිච්චි කරනව ඇති යන සිතුවිල්ලෙන්. අපේ රටේ ගංජා මිටි ගණන් උරා බීම, කෙනෙකු මත් කරවන්නට සහ ලෙඩ කරවන්නට සමත් උනත්  ජැමෙයිකාවේ රස්ටෆාරියන් කෙනෙකුට ගංජා මිලි ග්‍රෑම් ගණනක් යනු හොඳ ඖෂධයක් බවට සමහරවිට ඔයාල නොදන්නව වෙන්න පුළුවන්.  කොහොම උනත් මගේ මතය නම් රෙගේ සංගීතය කරන්න ගංජා උරන්න ඕනේ නැහැ කියන එකයි.  රස්ටෆාරියන්ල සහ බොබ් මාලේ ගැන මම වෙනම ලිපියකින් ඔයාල වෙත තොරතුරු ඉදිරියේදී ගේන්නම්.

රෙගේ සංගීතයේදී යොදාගන්නා ගිටාරයන්(බේස්, රිදම් සහ ලීඩ්) ඉලෙක්ට්‍රික් වුවත් අපට උවමනානම් බොක්ස් ගිටාරයක් භාවිතයෙන් පවා රෙගේ සංගීතය වාදනය කිරීමට හැකියාව තිබෙන බවත් ඔයාල සිහියේ තබා ගන්න. මොකද මම ගිටාරය හා සම්බන්ධ අභ්‍යාස වලදී මෙම ශයිලින්ට අදාළ ගීතත් බොක්ස් ගිටාර් එකෙන් වාදනය කරන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම රිදම් ගිටාරයේ ස්ට්‍රමින් පැටර්න්ස් ගත්තොත් හැම වෙලේම ඩවුන් ස්ට්‍රෝක්(Down Stroke) කියන පැටර්න් එක (ඉහළ සිට පහළට පික් එකක් භාවිතයෙන් කෝඩ්ස් වාදනය කිරීම) පමණයි භාවිතා කරන්නෙ. ඒක තමා මූලික රෙගේ සංගීතයේදී යොදා ගන්නෙ. නමුත් එම ශයිලිය ලෝකය පුරා ව්‍යාප්ත වන විට එම මූලික ලක්ෂණ වලට තව තව දේවල් එකතු වේවි පරිණාමය උනා. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට ලංකාවේ බොහොමයක් රෙගේ මියුසික් වලට රිදම් ගිටාර් වාදනය කරන උදවිය ඩවුන් ස්ට්‍රෝක් එක වෙනුවට භාවිතා කරන්නෙ අප් ස්ට්‍රෝක්(Up Stroke) එක (පහළ සිට ඉහළට පික් එකක් භාවිතයෙන් කෝඩ්ස් වාදනය කිරීම) දක්වන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේදී රෙගේ සංගීතය ආශ්‍රිත ගීතවල ටෙම්පො එක මූලික රෙගේ සංගීතයට වඩා වැඩියි. එතකොට අපි මේ ලංකාවේ අහන රෙගේ කියා ගන්නා සංගීතය ඇත්තටම රෙගේද කියලත් හිතෙනව. ඇත්තටම ඒක  ඔරිජිනල් රෙගේ නොවන රෙගේ සංගීතයක් කිවොත් මම නිවැරදියි :D. 


රෙගේ සංගීතය ගැන මේ විදිහට එක ලිපියකින් කෙටි කරල කිවත් තවත් බොහෝ කරුණු රාශියක් ඒ හා සම්බන්ධව තිබෙනව. ඒ දේවල් ගැන තව ලිපි කිහිපයකින් ඉදිරියේදී ඔයාලට දැනගන්නට පුළුවන් වේවි. රෙගේ සංගීතය පිලිබඳ උනන්දුවක් තියෙන අය පුළුවන් වෙලාවක යූ ටියුබ් එක පැත්තෙ ගිහින් ඔරිජිනල් රෙගේ මියුසික් ගැන හොයල අහල රස විඳින්න. මම කිසිම ලින්කුවක් මෙම ලිපියේදී දාන්නෙ නම් නැහැ ඔන්න. එහෙනම් මේ වගේ තවත් ලිපියකින් ඉදිරියේදී හමු වෙමු. සියළු දෙනාටම ජය වේවා!!!

ප.ලි : මෙම ලිපියට අදාල සමහර කරුණු සොයගත්තෙ විකිපීඩියා වලින්. 

20 comments :

  1. අපි නාදන්න මනාගේ අපි නොදන්න පින්තාරුවේ හැඩ......

    වටිනා ලිපියක් හිටං

    ReplyDelete
  2. Drums sambandawa obe kathawa piligannawa,Germanye hema sangeetha katauththakadeema yodagannae ecostic drums witharamai wage.(ranjan-düsseldorf)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා රංජන් පින්තාරුවට. එක තමයි. එත් ඒ තත්වය ලංකාවේදී දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්.

      Delete
  3. හොඳ ලිපියක්. මේ වගේ ලිපි වගයක් ජිවන ත් ලිව්වා. නමුත් රෙගේ ගැන ලිව්වේ නැහැ මගේ හිතේ. මගේ ගිටාර් වැඩේ හිමින් හිමින් තමා යන්නේ. වෙලාව මඳ කම නිසා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් අයිය. ඔව් ජිවන අයිය ලිපි ගොඩක් ලිව්ව සංගීත චාරිකාවක් කියල. මටත් ඒ ටික දැකල තමා මෙහෙම ලියන්න හිතුනෙ. ගිටාර් වැඩේ අපි හරියට හෙමින් ගොඩ දාමු. මට පුලුවන්නම් කියන්න දැනට තියෙන අපහසු දේවල් සහ මගෙන් අභ්‍යාස විදිහට බලාපොරොත්තු වෙන දේවල්. මම එක පාරටම ගීත වලට ගියොත් ඔයාලට අප්සෙට් ද?

      Delete
  4. සිගරටි තහනමිකර ගංජා ව්‍යාප්තකල යුතුයි
    යුතුමයි

    ReplyDelete
    Replies
    1. මේකට කමෙන්ට් කරන්නත් බයයි :P. සාදරයෙන් පිළිගන්නව මාෆියා ව පින්තාරුවට. දිගටම එන්න. ජය වේවා!!!

      Delete
  5. නොදන්න ගොඩක් දේවල් ඉගනගත්තු ලිපියක්.දිගටම මේවගේ ලිපි ලියපන්.ගිටාර් වාදනයෙදිත් මේවගේ ශෛලීන් වෙනස්වෙනවා නේද?වෙලාවක් තිබුනොත් ඒවත් දාපන්.උඹේ ගිටාර් පාඩම් 3ක් මග ඇරිලා......
    ජය වේවා.......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම කටුසසො මම දන්න දේවල් ගැන ලියනව දිගටම. ඔව් ශයිලිය අනුව ගිටාරයේ ස්ට්‍රමින් පැටර්න්ස් සහ තව සුළු සුළු දේවල් වෙනස් වෙනව. මම ඉදිරියේදී මේවා ගැන කියල දෙන්නම්. පාඩම් මගහැරුනට කමක් නෑ. අභ්‍යාස වලින් තමා ගොඩ යන්න පුළුවන්. ඒවා අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි ;) ජය වේවා!!!

      Delete
  6. හුගක් වටිනා ලිපියක් මනා... ඒක නෙවි ගිටාර් කලාව හදාරන්න හුගක් ආසයි. පටන් ගන්න නම් හොඳ මොන ගිටරයක්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිලා. සාදරයෙන් පිළිගන්නව පින්තාරුවට ඔයාව. ම්ම් Yamaha c40 හොඳ ගිටාර් එකක් (අකොස්ටික් ගිටාර් එකක්) . Yamaha music center එකෙන් ගන්න. රුපියල් 15000ක් විතර වෙයි.අවුරුද්දක විතර වොරන්ටියකුත් හම්බෙනවා මම දන්න විදිහට.

      විශේෂයෙන්ම ලංකාව වගේ රටක ගර්ල් කෙනෙක්ට ගිටාර් වාදනය කරන්න පුළුවන් කියන්නෙ සෑහෙන්න වටිනාකමක් තියෙනව. මොකද එහෙම ගර්ල්ස්ල වැඩිය හොයාගන්න නෑ නෙ :D. ඉතිං ගිටාර් වාදනය ඉගෙන ගන්නවනම් ආසාවෙන් හොඳින් කරන්න පුළුවන් වෙන්න කියල විෂ් කරනව ඔයාට. දිගටම මේ පැත්තෙ ඇවිත් යන්න එන්න. ජය වේවා!!!

      Delete
  7. machan keyboard gahana hati uganwana ekakuth patan ganin

    ReplyDelete
    Replies
    1. අපි ඒ ගැන හෙමීට බලමු නේද :D. හොඳ අදහසක්.

      Delete
  8. මනාගෙ වැඩකිඩ බලලා යන්න අද තමයි හාපුරා කියලා සිරා කොලුවා ආවෙ...වැඩේ නම් ඉස්තරම්...මටත් කාලයක් ගිටාර් වාදනය ඉගෙන ගන්න පුදුමාකාර දොලදුකක් තිබුනා. නමුත් වේලාවක් නොමැති කමත් ගිටාරයත් නොමැති කමත් මේ කාරියට හරස් උනා...අද උනත් කොහේ හෝ තැනක දක්ෂ ලෙස බොක්ස් ගිටාරය වාදනය කරන කෙනෙක් දැක්කම අනේ මටත් මෙහෙම වයන්න තිබුනා නම් කියලා හිතෙවා...ඒත් ඒ හීනය දැන් මගෙන් බොහොම දුරයි...ඉතාම අගය කරනවා මනා ඔබේ පාඩම් මාලාවා...ගිටාර් වාදනය ඉගෙන ගන්න කැමති බොහෝ අයට නිසැකවම ඒවා පිටිවහලක් වේවි !

    ReplyDelete
    Replies
    1. මුලින්ම සිරා අයියව පින්තාරුවට බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නව. ඒ වගේම බොහොම ස්තුතියි දිරිගැන්වීමටත්. ආසාව තියෙන හින්ද ආයෙත් පටන් ගත්තොත් ඉගෙන ගන්න බැරි වෙන එකක් නම් නැහැ මම හිතන විදිහට. මේකෙ සංගීතයට අමතරව තව දේවල් ගැනත් ලියනව. ඉතින් පුළුවන් වෙලාවට මේ පැත්තෙත් ඇවිත් දකින හරි වැරද්දක් පෙන්නල යන්න කියල බොහොම ගෞරවයෙන් ආරාධනා කරනව සිරා අයියට. ජය වේවා!!!

      Delete
  9. මනා මරේ මරු .......ගොඩක් වටිනා ලිපියක් .
    (හැබෑට ජිවනයා කොහෙද ?)

    පඳුරු පඳුරු ගස් මොනරාගල
    මල් තණ මල් විල රේණු
    නිහඬව රොන් ටික උරන්න යන
    බඹරුන් දැක්කද යාලූ
    මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දන් නෑලූ
    නොදැක්ක ලෝකය තොල්පෙති අතරේ මුමුනන්න එපා ලූ

    මැරකම් ජඩකම් කෲර සමාජය
    තවමත් ලෙල දෙනවා
    මුව හසරැල්ලෙන් තවත් ටික දෙනෙක්
    සාම ගමන යනවා
    ඔවුන් පෙලන්නට කොනක තියන්නට
    තව අය මුල් වෙනවා
    කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත්
    රස්තල රජ වෙනවා

    හෙට දවසක් ගැන ආඩම්බරයෙන්
    උගතුන් මුමුණනවා
    තණ අග පිනිබිදුවකි අපේ දිවියම
    මුනිදුන් පවසනවා
    පුංචි පැලෑටිය සුන්දර මිනිසුන්
    දකින්න ලං වෙනවා
    කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත්
    රස්තල රජ වෙනවා

    ගායනය - චාමර රණවක

    ReplyDelete
    Replies
    1. අෆ්ෆේ සිංදුවා දැක්ක කල් :D. ජිවන අයිය පේන්න නෑ තමා. ඡන්දෙන් පස්සෙ බ්ලොග ලියනව කියල තිබ්බ. බලමුකො නේ. සිංදුව නම් එළද බ්‍රා :D. ජය වේවා!!!

      Delete
  10. රෙගේ මාත් කැමතිම රිදම් එකක්. බොබ් මාලේ, ඉනර් සර්කල්, යූ.බී. ෆොර්ටි වල සිංදු ඉස්සර ඇහුවා. දැන් ඉතිං අපේ අයත් රෙගේ රිද්මය භාවිතා කරනවා නේ.

    ReplyDelete
    Replies
    1. සුදික අයියව සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට. රෙගේ කියන්නේ ඕනෑම මනුස්සයෙක් ආකර්ෂණය කරගන්න පුළුවන් මියුසික් ස්ටයිල් එකක්නෙ. දැන් නම් අපේ රටෙත් හොඳ රෙගේ මියුසික් අහන්න තියෙනවා තමා. දිගටම මේ පැත්තෙ එන්න කියල බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ජය වේවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.