Thursday, April 2, 2015

ෆුල් ෆේස් ෆුල් ෆේක් | Full Face Full Fake




දිනෙන් දින දික් ගැස්සෙන 
නිතරෝම මගෙ හිතට වද දෙන 
මල හත්තිලව්වකි මේ මගුල්    
ෆුල් ෆේස් හෙල්මට් තහනම

විටෙක බළ ගන්වන්නටම යන 
කාටත් පොදුවේ ඇඟටම දැනෙන 
කිසි විටක පණ නොලත්    
යකාගේ නීතියකි මෙය අපේ මුළු රටටම

පොලිසියත් ෆුල් සීරියස් පිට 
කියයි නිසැකෙටම පණ ගැන්වෙන බව 
නමුත් ලෙසටම කිච වෙයි ඊට පසු දින  
ගෙනා විට නියෝගය අධිකරණෙන් මුළු රටටම

යත්න දැරුවත් ගෙනෙන්නට මේ තහනම 
මෙතෙක් බැරි විය කරන්නට එය එකදු බලධරයෙකුටවත් කිසි දින  
එතරම් බලවත්ය මේ ෆුල් ෆේස් හෙල්මට් කුලකය 
ඉතින් කිසිවිටෙක දමන්නට එපා ඒ කුලකය නම් පහළට
  
දන්නවද මේ තහනම
හැම විටම කල් යන්න හේතුව
අවසන ඇඩ්රස් නැති වෙන්නට මනාපය 
ලැබෙන බව දනී කවුරුත් ගෙනාවොත් මේ මල මගුල් නීතිය

~~~මනා~~~  

40 comments :

  1. අහ්! දැනුයි දැක්කේ 'නියෝගය'ට හේතුව.. මෙතන අවුලක් නැතුව යෙදිල තියෙනව 'නියෝගේ'..
    මේක මටත් මහ පට්ට ප්‍රහේලිකා නීතියක්.. සේෆ්ටි පැත්තෙන් කොහොමත් රෙකමන්ඩ් කරන්න බෑ.. :)

    ReplyDelete
    Replies
    1. ///"සේෆ්ටි පැත්තෙන් කොහොමත් රෙකමන්ඩ් කරන්න බෑ""// හැක හැක හැක හැක හුකෑස්.

      Delete
    2. @කමි ඔව් ඒක සම්පූර්ණ ඇත්ත. බයික් එකකින් වැටිල ගොඩක් දෙනෙක් අතක් පයක් කඩාගෙන වුණත් මුණ සහ ජීවිතේ බේරගන්නෙ ඔය හෙල්මට් එක නිසා. දැනට ඉන්න බලධාරීන්ට මේ ගැන නිසි අවධානය යොමු කරල නැවත සළකා බලන්නම වෙනවා. නැත්තං ඉතිං ඕක සෑහෙන්න කාලෙකට පසු තැවෙන්න හේතුවක් වෙන්නත් පුළුවන් ඕ..යේස් :D.
      "නියෝගය" ෂේප් එකේ ගැළපෙන විදිහට යෙදිල තියෙනව නේද :D

      Delete
    3. මොකෝ බොල හිනා වෙන්නේ.. ඕපන් ෆේස් ඇවිත් දත් ටික කඩා ගන්න ආසද? හැක්..

      Delete
    4. @ඉවාන් පවුලුශා මොකද හැක හැක ගාන්නෙ :P බෝළාට නම් ඉතිං ඕක තහනම් කරත් එකයි නොකළත් එකයි නොවැ ;).

      Delete
    5. @කමි ඔහොම කියන්න එපා. ඉවාන් අයිය බය වෙයි යකු. හැක් හැක් :D

      Delete
    6. සේෆ්ටිය පැත්තෙන් රෙකමන්ඩ් කරන්න බෑ කියලා කමි කියනවා නම් ඉතිං තව මොනවද ?

      Delete
    7. @සිරා තව වෙන මොන කතාද. ඕ.. යේස්.

      Delete
    8. සේෆ්ටි පැත්තෙන් බැලුවමනං බයිසිකලෙත් රෙකමන්ඩ් කොරන්න බෑ තමා :P

      Delete
    9. @ඉන්දික පට්ට කතාව :D. ඔව් ශීට් බෙල්ට් එහෙමත් නෑනෙ :P. හැක හැක.

      Delete
  2. ෆුල් ෆේස් දාලා ලස්සන මූණ වහන් යන්න මම නම් කැමති නෑ, :P

    ReplyDelete
    Replies
    1. ඒකනම් හැබැයි ඇත්ත කතාව :P. බොට වෙනම නීතියක් හදන්න වෙනව මුණ පේන්නෙ නැති වෙන්න යන්න කියල. මොකද පාරෙ යන අනිත් එවුන් උඹේ ලස්සණ මුණ දිහා බලන්න ගිහිං නිකං ඇක්සිඩන්ට් වෙන නිසා :D :P.

      Delete
  3. ආණ්ඩුවේ එවුන්ට මේ ගැන හරි දැනුමක් නෑ. ෆුල් ෆේස් හෙල්මට් දාන උදවිය අනිත් උදවියට සාපේක්ෂව ඉන්නෙ සුළු ප්‍රමාණයක්. ඔච්චරම දැවිල්ලක් තියනවා නං ෆුල් ෆේස් නවත්තන්න , කරන්න තියෙන්නෙ දකින දකින ෆුල් ෆේස් කාරයෝ නවත්තලා චෙක් කරන එක පොලිසියෙන්. මං කියන්නෙ වැඩිපුර. ඕක ට්‍රෙන්ඩ් එකක් විදියට ගියොත් පොලිසියේ වදෙන් බේරෙන්න ඔව්ව නොදා ඉඳී.. සේෆ්ටිය ඕනෙම එකා දායි..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව හරි සජ්ජ. හොඳ අදහසක්. ඕක තහනම් කරන්නෙ නැතුව ඒ වගේ විකල්පයක් හරහා අළුත් ට්‍රෙන්ඩ් එකක් හැදුවොත් හොඳ දෙයක් වෙයි. වැඩේ කියන්නෙ ඔහොම සුළු දෙයක්වත් මේ රටේ ඔයවගේ නීති හදන කට්ටියට නොතේරෙන එක. එහෙම නැතිනම් අර ඉන්දියාවෙ වගේ (මම අහල තියෙන විදිහට) හෙල්මට් දාන එක අනිවාර්ය නොකලානම් හරි. එතකොට මොන හෙල්මට් එකක් හරි දාන්නෙ සේෆ්ටිය ඕනෙම එකා විතරනෙ. එතකොට පොලිසියටත් අවුලක් නෑ බයික් පදින එකාටත් අවුලක් නෑ. අතටත් ලාබයි ඇඟටත් පහසුයි. ජය වේවා!!!

      Delete
    2. මේක ඉතාම වැරදි අදහසක්. නීතියෙන් අයිතිය තිබුනත් (පරීක්ෂා කරන්න) නීතිය මඟින් පීඩාවට පත්කිරීම වැරදියි කියල ජාත්‍යන්තර අධිකරණයෙන් නඩු තීන්දුවක් අරගෙන පෙන්නුව එකසැරයක් වික්ටර් අයිවනුත්.

      මේ තීන්දුව කැකිල්ලේ තීන්දුවක්. අපි ඒකටයි විරුස්ධ වෙන්න ඕන.

      Delete
    3. @රාජ් අයියව ගෞරවයෙන් පිළිගන්නව පින්තරුවට :). ඔව් මේක හෙන ගොන් තීන්දුවක්. ඔයිට වඩා කොච්චර දේවල් තියෙනවද ගේනවානම්.

      Delete
    4. ඔන්න බොලේ එකෙත් හැටි, එක දැනගෙන හිටියේ නෑ රාජ් සහෝදරයා..

      Delete
    5. @සජ්ජා මාත් රාජ් අයියා කියනකන් එහෙම එකක් දැනන් හිටියෙ නෑ.

      Delete
  4. //. අතටත් ලාබයි ඇඟටත් පහසුයි.// ඒ වුනාට අණ්ඩුවට වියදම වැඩියිලු නේ නොමිළයේ වෛද්‍ය පහසුකම් දෙන්න, ඒ නිසා ලු හෙල්මට් අනිවාර්ය. මම නං ඒක ට එකඟ නෑ, මොකද ඉස්පිරිතාලෙට ගෙනාවොත්නේ ආණ්ඩුවට ඒක වියදමක් වෙන්නේ, නැත්තං වියදම මරණාධාර / වෙල්ෆෙයාර් වලට තමයි.

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි එහෙමත් එකක්ද. එතකොට දැන් ෆුල් ෆේස් නැතුව හක්කවල් එහෙම කුඩු උනාම එවුන් හොඳ කරන්න යන වියදම් එච්චර දැනෙන්නෙ නැතුව ඇති ආණ්ඩුවට :D. සිරාවටම හෙල්මට් නැතුව ගිහිං ඇක්සිඩන්ට් වුනොත් ඉස්පිරිතාලෙට ගෙනියන්න ඌ ඉතුරු වෙන එකක් යැ. වියදම මරණාධාර / වෙල්ෆෙයාර් වලට තමයි. ජය වේවා!!!

      Delete
    2. ෆුල් ෆේස් එක තහනම් කලාට පස්සෙ ගන්න පුලුවන් වැඩ ගැන මම දැක්කා වීඩියෝවක් තියෙනවා යූ බටේ. ලූනු කපන්න / කොට්ටම්බා තලන්න / වතුර ගැඹුර නැති ලිං වලින් ඇදගෙන නාන්න / වගේ දේ වලට හෙල්මට් රාජයා පාවිච්චි කරන්න පුලුවන්. පාරෙ දාගෙන යන්නෙ නැතුව බැංකුව ලගට ගිහින් දාගත්තොත් මංකොල්ලයයක් උනත් කරන්න බැරි වෙන එකක් නෑ.

      Delete
    3. අනේද කියන්නෙ සිරා අයියෙ මේ ගොං නිතිය ක්‍රියාත්මක කලාම ඉතිං ඔය ටික කරන්න වෙනවනෙ. මාත් දැක්ක ඔය වීඩියෝ එක :D.

      Delete
  5. දැන් හොරු අල්ලන්ඩත් බැරි එකේ පොලීසීයට බයික් කාරයෝ හරි අල්ල අල්ල හිටියැකි

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල. වෙනදට වැරද්දක් හදල හරි අල්ලන එකේ මේ පාර අල්ලයි තරඟෙට :D. අනේ මන්ද කවද මේ මෝඩ නීති ගේන එක නවතියිද කියල. රූපේ ආදරයෙන් පිළිගන්නවා පින්තාරුවට. ජය වේවා!!!

      Delete
  6. නීති තියෙන්නේ ඕනේ ජනතාවගේ ආරක්ෂාවට.ආරක්‍ෂිත හිස්වැසුම් පැළදීම තුලින් කරන්නේ තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමයි.තමන්ගේ ඩියුටිය හරියට කරන්න අසමත් වෙච්චි තැන මෙහෙම නීති ගෙන එම විහිළුවක්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මනෝ. පොලිසියෙ තියෙන නොහැකියාව ගැන පිළිගන්න කැමති නැහැ. ඒවා වහගන්න මේ වගේ ගොං නීති ගේන්න හදනවා. ඕක තහනම් කලාම හොරු මංකොල්ලකාරයෝ සාප්පු වලට පනින්නෙ නෑ කියල වෙන්න ඇති හිතන් ඇත්තේ. මේක අමුම අමු ගොබ්බ චින්තනයක්.

      Delete
  7. මට මතක විදිහට රංජන් විජේරත්නව බයිසිකල් බෝම්බෙකින් මැරුවට පස්සෙත් හෙල්මට් දාන එක තහනම් කලා 89 භීශනකාලේ.එහෙම රටක මෙහෙම නීති ගැන මොන කතාද මනා...

    ReplyDelete
    Replies
    1. හෙහෙ කියල වැඩක් නෑ කටුස්සො. තව මොන මොන දේවල් වෙයිද දන්නෙ නෑ.

      Delete
    2. රංජන්ව නෙමේ අලි පාටියෙ සබාපතිවද කොහ්ද. ඒ කාලෙ බයික් වලම ඇවිත්නෙ මැරුවෙ.

      මාත් හිතන්නෙ හෙල්මට් නැතුව යන්න දුන්නනම් මීටවඩා හොඳයි. ඔලුවක් තීන ටික දෙනා දාගෙන යයි, නැති උන් නිකම්ම යාවි.

      Delete
    3. ඒක තමා ඉන්දික අයිය මාත් කියන්නෙ. එතකොට කිසි කේස් එකක් නෑනෙ. ඒත් ඒ වගේ එකක් නම් ක්‍රියාත්මක කරන්නෙ නැති වෙයි කවදාවත් මොකද අතට වාසියක් ගන්න විදිහක් නෑනේ :D.

      Delete
  8. කියන්න කතන්දර නම් බෝමයි මං මුකුත්ම නොකිය ඉන්නම් :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහෙ කියල දාන්න ;). ආයෙ ඕව හිතේ තියන් ඉඳල වැඩක් නැහැ නෙව :D.

      Delete
  9. අනේ මන්ද අනේ අපේ රටේ නීතිය, රටක නීතිය තිබිය යුත්තේ බලය,නිලතල,මුදල් යන සියළු ස්තර වලට ඉහලින් කිසිවෙකුට නොදෙවෙනිව ඒත් අපේ රටේ නීති ස්තර කීපයක් තියෙනවා ඔය කියපු අනෙක් ස්තර අතර ,,, කතා කරන්න අකමැති මන් ඒ ගැන,,


    බ්ලොග් එකේ පාට හරිම සෝමාරි පාටයි මගේ පෙනීමේ හැටියට,, කමෙන්ට් අකුරු වල පාට කළු,, අළු හෝ ඇසට පැහැදිලිව අසුවෙන පාටකින් දැම්මනම් කියලා හිතුණා,, මේක ඔයාගේ පින්තාරුව නේ මනෝ මට මොකුත් කියන්න බැහැ,, ඒත් මන් මට දැනිච්ච දේ කියලා දැම්මා

    ReplyDelete
    Replies
    1. ඕමා අක්කව පින්තාරුවට ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා :).

      //අපේ රටේ නීති ස්තර කීපයක් තියෙනවා//
      සහතික ඇත්ත. එක එක පැලැන්තියට එක එක හැන්දෙන්නෙ බෙදන්නේ.

      //බ්ලොග් එකේ පාට හරිම සෝමාරි පාටයි //
      අපොයි විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. මම ඕමා අක්කගෙ කමෙන්ට් එකට රිප්ලයි කරන්න කලින් ආයෙත් පාටවල් බැක්ග්රවුන්ඩ් අනං මනං ටික වෙනස් කළා. දැන් අවුලක් නැහැ කියල හිතනවා :D. ඔහොම කෙලින්ම කිව එකට මම කැමතියි. තවත් දකින අඩුපාඩු කියන්න. සතුටින් පිළිගන්නවා ඒ උපදෙස් :). දිගටම පින්තාරුව පැත්තෙ ඇවිල්ල දිරිමත් කරල යන්න කියල ආරාධනා කරනවා :)

      ජය වේවා!!!

      Delete
    2. ඔයා වෙනස් කලාද මං දකින එක කෙලින් කියලා දැම්මා ඩොන් ගාලා සොරි,, බ්ලොග් එකේ පළල ටිකක් විතර අඩු වුණා නම් හරි මොකද සමහර ඩෙක්ස්ටොප් වල බාගයක් පේන්නේ නැහැ දෙපැත්තේ ගැජට්, ඉස්ස‍ර මාත් මේ වගේ ලේ අවුට් එකක් යුස් කලේ දැන් පොඩියට දාලා ඉන්නේ කියවන ඇයගේ පහසුව පිණිස,,, ඔහොම එහෙට මෙහෙට කර කරා වෙනස් කරන්න ඔයා දවසක හදාගනිවී ඔයාගේ පාට .. ජය වේවා ,,,

      Delete
    3. එහෙම කෙලින්ම කීව එකට කිසිම ප්‍රශ්නයක් නැහැ :). ඔන්න මම අක්ක කියපු දේවල් ටිකක් ආයෙත් වෙනස් කළා. දැන් කොහොමද දන්නෙ නැහැ. බොහොම ස්තුතියි අඩුපාඩු කීවට :).
      ජය වේවා!!!

      Delete
  10. ඔව් මනා.................. මුංට ඒක කරගන්නවත් කොන්දක් නැහැ.. අනික් පැත්තට මනා ඔ්ක අයින් කරා කියලා අපේ රටේ හොරකම් නොවේවි යෑ... මුංට පිස්සු..... හෙල්මට් නෙමෙයි වෙනස් කරන්න ඔ්න රටේ මිනිස්සුන්ගේ ඔලුයි.........

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ කුරුටු. හදනවනම් හිතන තැන ඉඳන් ඔක්කොම හදන්න ඕනෙ අපේ මිනිස්සුන්ගෙ. ඕව ඉතින් කවදාවත් කෙරෙන වැඩ නෙමේනෙ. එහෙම ඔළු හදන්න ඕනෙ නම් ඉතිං පෙර පාසැල් කාලෙ ඉඳන් හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වෙනව.
      මේ ගේන්න හදන නිතිය මහා විකාරයක්. එහෙම අළුතෙන් නීති ගේන්න ඕන තව වැදගත් දේවල් කොච්චර නම් තියෙනවද. ඕව ඉතිං ඉහළ ඉන්න උන්දැලට තේරෙන්නෙ නැති එක නෙව හෙනේ වෙලා තියෙන්නෙ.

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.