Friday, April 24, 2015

කැම් එක වැඩ නෑ අළුත් වෙලා මූණ පේන්නෑ වුන හැටි.




ඔන්න සිංහල අවුරුද්දත් ඉවර වෙලා සති එකහමාරකට විතර පස්සෙ පොඩි පෝස්ට් කට්ටක් දාන්න හිතුනා. වෙන මොකකටවත් නෙමෙයි පොඩි මියුසික් වැඩක් ගැන කියන්න. ගොඩ දෙනෙක් අහන්න ඇතිනෙ අපේ මාතෙගෙ කුළුඳුල් ගීතය "තුම්මුල්ලේ ගීතය". ඒ ගීතෙ අයිතිය ගැන කවුරුහරි අහල තිබ්බ කමෙන්ට් එකකට මාතලන් අයියා කියල තිබ්බෙ අයිතිය ගායකයා සතුයි කියල. ඒත් මම හිතන විදිහට ගී පද නොමැතිව ගීතයක් සම්පුර්ණ වෙන්නෙ නෑ වගේම අරුත් බර වෙන්නෙ නෑ. ඒක නිසා තුම්මුල්ලේ ගීතයේ අයිතිය සම්පුර්ණයෙන්ම මාතලන් සතුයි කියන එක මුලින්ම කියන්න ඕනෙ. 

ආ තව ඩින්ගෙන් අමතක වෙනව දැන් කියන්න ආව වැඩේ ගැන. මීට මාස දහයකට විතර කලින් අපේ ඔමාගේ හීන කියන බ්ලොග් එක කරන ඔමා අක්කා(ඔමා කියන්නෙ ඇත්ත නමම වෙන්න ඇති මගෙ හිතේ) ලියපු පද ටිකක් ගීතයක් විදිහට නිර්මාණය කරලා යූ ටියුබ් එකට දාල තිබිල තියෙනවා. තිබිල තියෙනව කිව්වෙ මම ඒක ගැන දැන ගත්තෙ දවස් දෙකකට විතර කලින් නිසා. ඒකට සෑහෙන්න ප්‍රතිචාරත් ලැබිල තිබුණා.

ඉතින් මම මීට කලින් කරපු මාතෙ අයියගෙ තුම්මුල්ලේ ගීතය දැක්කට පස්සෙද කොහේදෝ අපේ ඔමා අක්ක මෙන්න මෙහෙම පද ටිකක් මගෙ මේල් එකට එවල තිබ්බ මගේ සිංදුවත් බලන්නකෝ කියල :D. 


මුණ පේන්නෑ.. එයාගේ කැම් එක වැඩ නෑ......
ඩේටා ඉවරවෙනකල්.. මගේ බැනුම් ඉවර නෑ...
මට තේරෙන්නෑ..පාළුව හැර කිසිවක් නෑ.....
ලිමිට් පැනලා... මට හුරුවෙලා... උගුර රිදෙන්නෑ...

කදුළු එන්නේ නැහැ ඇස් දෙක අඬන්න දන් නෑ...
එහෙම හිතලා ..හිතල හිතලා මම අඬන්නේ නෑ..
මා ළඟ ඔබ නැහැ ..ඔයාගේ සුවඳ හාදු නෑ.....
හීනෙන් වත් කරුමෙට මට.. ඔබ පෙනෙන්නේ නෑ...

බොළඳ වෙන්න බෑ කදුලට දිනන්න දෙන් නෑ ...
මටම කියලා... හිත සනසලා මම තැවෙන්නේ නෑ...
ඔයා දන්නේ නෑ ...ආදරේ තවම දුන්නේ නෑ.....
අරන් ආවේ නොදී හොරෙන්.. ඇයිද කියන් නෑ.....


හවසට ඉර බහින්නේ නෑ..වේගෙන් දවස ගෙවෙන් නෑ ..
පැය කටුවට බරවා බැහැලා හෙලවෙන්නෙත් නෑ
බොඳවුණු ඇස් කෙවෙණි දවන හිත වාවන් නෑ..
තටු තිබුණත් කූඩුව හැර පියාඹන්නේ නෑ........සත්තමයි

-Omaya-


ඉතිං මට මේ පද ටික දැක්ක ගමන් ලස්සන මෙලඩි එකක් හිතට ආවා. ඊට පස්සෙ පොඩි සාම්පල් කෑල්ලක් හදල  ඔමා අක්කට යැව්වා, මොකද එයා කැමති වෙන්නත් ඕනනෙ. ඊට පස්සෙ ඒකට කැමතියි කියල මට මේල් එකක් එවල තිබ්බෙ එයාගෙ හිතේ තිබ්බ තාලෙත් මේකට ලඟින් යන එකක් නිසාලු. ඊට පස්සෙ එයාගෙ හිතේ තිබ්බ තාලෙත් පොඩි රේකොඩින් පාරක් දාල එවන්න කියල මම රික්වෙස්ට් එකක් කළා. ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබිල තිබුන. ඔයාල ගොඩ දෙනෙක් ඔමා අක්කගෙ පෝස්ට් කියෙව්වට කටහඬ අහල නෑ නේ?. විශේෂයෙන්ම සිංදුවක් කියනවා අහලම නෑ නෙ :D. ඇත්තටම ලස්සන හඬක් තියෙනව. පොඩ්ඩක් දියුණු කරල ගත්තොත් දැන් ඔය එක එක ටීවී චැනල් වලින් පායන තරු කැලේ.

ඉතිං එයාගෙ හිතේ තිබ්බ තාලෙනුත් කෑලි ටිකක් මගෙ ඔරිජිනල් මෙලඩි එකට ඇඩ් කරල පොඩ්ඩක් වෙනස් කරල අන්තිම සිංදුව රෙකෝඩ් කළා. ඒක ගැන ඔමා අක්ක නම් හොඳයි කියල කිවා. ඉතිං ඔයාලත් පොඩ්ඩක් අහල බලල අදහසක් කියල යන්නකො. ඒ වගේම මේ ගීතයේ අයිතිය සම්පුර්ණයෙන්ම ඔමා අක්කට හිමි වෙනවා. මම කරන්නෙ ලස්සන පද පේළි ටිකක් දැක්කම ඒකට මගේ හිතට වදින විදිහෙ මෙලඩියක් දාන එක විතරනෙ. එහෙම මෙලඩියක් දාන්න පද පේළියක් නැතුව බැනෙ. ඉතිං ඒක නිසා මේ ගීතයේත් සම්පුර්ණ අයිතිය ඔමා අක්කා සතුයි.

හරි එහෙනම් පිළිගන්න ඔමාගේ හීන (අපූර්වී) විසින් රචිත  "මූණ පේන්නෑ" ගීතය.  

YouTube බලන්න බැරි අය මෙතනින් ක්ලික් කරලා ඕඩියෝ එක අහන්න <<Audio>>



33 comments :

  1. චැහ්.. ඔෆීසියේ ඉඳන් ඉස්පීකර් ඔන් කරන් අහන්න බෑනේ මනා.. ආයි කොමෙන්ටෙකක් දාන්න වෙනවා.. පද ටිකනම් ඉතින් ඔමා මං ගැන හිතල ලියුව නිසා හරී..ඊ..ම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයෙත් අහල කමෙන්ට් එකක් දාන්න ;). ඔමා කමී ගැන හිතලම තමා ලියල තියෙන්නෙ මටත් හිතෙන විදිහට :P.

      Delete
    2. //පද ටිකනම් ඉතින් ඔමා මං ගැන හිතල ලියුව නිසා හරී..ඊ..ම ලස්සනයි..// ඒ මේක නෙමේ අනේ අර පිළිකුල් බාවනාව මෙනෙහි කරන අය වෙනුවෙන් එකක් ලියන්නනේ ඔයාට ටිකක් මන් දිහා බලන් ඉන්න කිවුවේ,, ඒක තාම රිලීස් කරේ නෑ :p

      Delete
    3. ෂහ්! අද තමයි අහන්න පුළුවන් උනේ නිදහසේ.. මියුසික් තව ටිකක් ක්ලියර් වුනානම් හොඳයි මං හිතන්නේ උඹ කොම්පෝස් කරල තියෙන විදිය හොඳයි රෙකෝඩර් වල අවුලක්ද මංදා.. සී.ඩී එක ගහන්න කලින් තව පාරක් රෙකෝඩින් එකක් යනව නේද? අද යන ට්‍රෙන්ඩ් එකේ හැටියට අනිවා හිට් කරන්න පුළුවන්.. ජය වේවා!

      @ ඔමා.. අහ්! මේක විජය රජ්ජුරුවොන්ට ලියපු එකනේ නේද? අනේ මගේ එකත් ඉක්මණට රිලීස් කරන්නකෝ.. (විජය රජ්ජුරුවෝ කුවේණිට හරියට පාඩමක් උගන්නනලා නෑ වගේ.. අහුවෙයන්කො ටෝ.. හැක්..)

      Delete
    4. හේ හේ :P. මේව ඔක්කොම සාම්පල් විතරයි කමියො. මේක cd එකකට ගහන්න පුළුවන් උනොත් මිට වඩා මියුසික් කෑලි එකතු වෙලා කොලිටි සෑහෙන්න වැඩි වෙලා හෙන වැඩ ගොඩක් වෙන්න තියෙනව. මගෙ ෆෝන් එකේ රෙකෝඩින් කරන ඒවා වැඩිය කොලිටි නෑ අප්පා. ඒකයි මේ අපැහැදිලි :/

      Delete
  2. අඩේ වැඩේ එල ඈ.. මට නම් නියමයි.. සංගීතය ගැන දන්න ඇත්තෝ වැඩි යමක් කියන්නේ නැතැයි..

    ReplyDelete
    Replies
    1. හෙ හේ තැන්ක්යූ දිනේෂ් :). බලමු මොනවහරි කුරුටුගායිද කියල.

      Delete
  3. බලාගෙන... සම්බායිය කට්ටිය ලෙඩක් අදින්න බැරිනෑ...
    වචන ටික ටොප් මටනං...

    ReplyDelete
    Replies
    1. අඩේ මධූ සාදරයෙන් පිළිගන්නව පින්තාරුවට. ලෙඩක් අදියිද හැබෑටම. වචන ටික ගැනනම් කියන්න දෙයක් නෑ ඉතිං.

      Delete
  4. යු ටියුබ් නැහැ බං,වෙන විදියකින් දහන්කෝ.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕඩියෝ එක දැම්මා අහන්න පුළුවන් දැන් අවුලක් නැතුව :D.

      Delete
  5. මරුනේ ... උඹට දැන් වැඩ වැඩිවෙනවා ඕ.. යේස් .. හිටපං මාත් එවන්නං සිංදු හැක

    ReplyDelete
    Replies
    1. හැක හැක :D. වැඩ වැඩි වෙයි නේ?.
      අඩේ එවහන්කො පට්ට පද වැල් ටිකක්. බලමු මොකක් හරි කරල දාන්න.

      Delete
  6. නියමයි මනා.. ඕක සෙල්ලං හැකියාවක් නං නෙවෙයි. වචන ටිකක් හම්බුන ගමන් මෙලඩියක් දාන එක. හැට්ස් ඕෆ් කිව්වා.. ඔහොම යං ඔහොම යං ...

    ReplyDelete
    Replies
    1. තැන්කියු සජ්ජා දිරිගැන්වීමට.

      පදවැල් බලලා මෙලඩි දාන වැඩේට මම කැමතියි. මොකද එහෙම නැතුව මෙලඩි එකක් ඉස්සරලා හදාගෙන ඒකට පද ලියවන්න ගියාම, ඒ ලියන එකා රාමුවකට කොටු වෙනවනෙ. එතකොට එයාගෙ උපරිමයෙන් පදවැල් ලියවෙන්නෙ නෑ. එතකොට සිංදුව අරුත්බර නෑ.

      මම දකින විදිහට අද අපේ රටේ වැඩි හරියක්ම මෙලෝ රහක් නැති සිංදු බිහිවෙන්නෙ ඔය මෙලඩි එක ඉස්සරල හදල ඊට පස්සෙ කොහොම හරි වචන ටිකක් ගැට ගහල දාන නිසා.
      ]ජය වේවා!!!

      Delete
  7. පට්ටයි යකෝ... සුපිරියි... වොයිස් පට්ට..මියුසික් ඇක්සලන්ට්..

    ඔමායා ගැන කියන්න ඕන නෑ... මම ඒකි ගැන හැමදාම කියන එකම කියන එකේ තේරුමකුත් නෑ..

    කොහොම හරි ඇල්බම් එකක්ම කරමු..

    කොහොමද මනා සුපිරිස්ටාර් කෙනෙක් වෙන කොට..

    ReplyDelete
    Replies
    1. හි හි :D
      තැන්ක්යූ වේවා දිරි ගැන්වීමට.

      //කොහොම හරි ඇල්බම් එකක්ම කරමු..//
      ඔව් අපේ අජිත් අයියල කරන්න යන CD වැඩේ කොහොම හරි ක්‍රියාත්මක කරගමු. එතකොට ගොඩ දාගන්න පුළුවන් වෙයි.

      //කොහොමද මනා සුපිරිස්ටාර් කෙනෙක් වෙන කොට..//
      අපෝ මම සුපිරි තරුවක් වෙන්න කැමති කෙනෙක් නෙමේ. අපේ ගෙවල් වල කට්ටියත් ඕක ගැන කිය කිය බනිනවා.

      ඊළඟ සිංදු දෙක තුන අපේ බස්සි ලියන ඒවගෙන් ;).
      බලමුකො නේ මොකක් වෙයිද කියල :D

      ජය වේවා!!!

      Delete
  8. thanks මල්ලි.. ඔයා ගිටාර් එකෙන් කරන සින්දුව මෙච්චර ලසන්න නම් හොඳ සුපිරි ශබ්ධාගාරෙක වගේ තැනක කලානම්,, නියමයි,,, මේල් එක එවලා දවසින් දෙකෙන් වැඩේ කරයි කියලා මන් හීනෙන් වත් හිතුවේ නැහැ thanks .. මුල් ගායනයට වඩා නියමයි,, ඒ වගේම රචකයාට ගීතයේ මහා අයිතියක් නෑ,,, ඒක ගායකයටත් අයිතියි... සංගීතය , රචනය,ගායනය, කියන තුනෙන් දෙකක් ඔයාගේ එකක් මගේ එච්චරයි... ඔය කටහඩ ට මං ගොඩක් ආසයි,,,

    (මගේ අර කටහඩ ලස්සනයි කීවනේ අයියෝ )

    ReplyDelete
    Replies
    1. // ඔයා ගිටාර් එකෙන් කරන සින්දුව මෙච්චර ලසන්න නම් හොඳ සුපිරි ශබ්ධාගාරෙක වගේ තැනක කලානම්//
      එහෙම ශබ්ධාගාරෙක පටිගත කලොත් මේක අනිවා රොක් ස්ටයිල් එකේ සිංදුවක් කියල හිතා ගන්න.

      //මේල් එක එවලා දවසින් දෙකෙන් වැඩේ කරයි කියලා මන් හීනෙන් වත් හිතුවේ නැහැ //
      වචන ටික මගෙ හිතට ඇල්ලුවොත් දැක්ක වෙලේ ඉඳන් කරන්නෙ මෙලඩි එක හදල ඉවර කරන්න ට්‍රයි කරන එක. ඒකයි ඉක්මනටම සාම්පල් එක එවන්න පුළුවන් උනේ.

      // මුල් ගායනයට වඩා නියමයි//
      ස්තුතියි.

      //ඒ වගේම රචකයාට ගීතයේ මහා අයිතියක් නෑ,,, ඒක ගායකයටත් අයිතියි... සංගීතය , රචනය,ගායනය, කියන තුනෙන් දෙකක් ඔයාගේ එකක් මගේ එච්චරයි//
      මම හිතන විදිහ වෙනස්. ඒක පෝස්ට් එකේ මුලිනුත් අගිනුත් කියල තියෙනවා :). පද රචනයක් නැතුව ගීතය සම්පුර්ණ නැහැ. මියුසික් කොච්චර හොඳ උණත් ඒකට අරුත් බර පද ටිකක් නැති වුනොත්(සාහිත්‍යමය වචන තියෙන්න ඕනෙ නැහැ මම දකින විදිහට) ඒ ගීතයෙන් වැඩක් නැහැ. ඒක නිසා මේකෙ අයිතිය ඔයාට :).

      //ඔය කටහඩ ට මං ගොඩක් ආසයි. (මගේ අර කටහඩ ලස්සනයි කීවනේ අයියෝ )//
      බොහොම ස්තුතියි :).
      ඔයාගෙ කටහඬ ලස්සනයි අනේ තාලෙ පිට පැන්නට :D. ඒකනේ මම කියල තියෙන්නෙ හදල ගත්තොත් සුපිරි තරු කැලේ කියල :)

      තව ලස්සන පද ලියවුණොත් හරි ලීවොත් හරි මට එවන්න කියල ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා :).

      ජය වේවා!!!

      Delete
    2. ආ මට අමතක උනා. ඔයාට සුභ උපන් දිනයක් වේවා!!!

      Delete
    3. තෑන්ක්ස් මනා..

      Delete
  9. අඩේ බං මේක මරු බං සිරාවටම.... එල

    ReplyDelete
  10. පප්පර පප්පර පාම්!
    සභාවේ අත්පොළසන්!!
    පට්ට ඕයි! ඔමාගෙ වචනයි මනාගෙ මෙලඩි ඇන්ඩ් සින්ගිනුයි එකකට එකක් පාස් නෑ!

    ReplyDelete
  11. එක එක වේසියන්ට කඩේ යන්නෙ නැතුව වැදගත් දෙයක් ලියහංකො පකෝ..මොනවද මේ පයියවල්..නෙදකින් මගේ බයිට්...

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි සෑහෙන්න අප්සට් එකෙන් වගේ. මට වැදගත් දේවල් ලියන්න හිතෙන්නේ නෑ කියපන්කො.

      ඉතින් බං උඹ ඔය තැන තැන වසුරු හල හල යන්නෙ නැතුව ලියපන්කො එක එක වැසියන්ගේ නිවුස් ටිකක් බ්ලොග් එකක් විදිහට. අපිත් එන්නම් බලල යන්න.

      //නෙදකින් මගේ බයිට්//
      ඒක තමා බන්. උඹට තිබ්බේ මේකෙ කමෙන්ට් නොකර යන්න. උඹ දැන් කොහොමත් බයිට් :D.

      තැන්කියු ඈ.

      Delete
  12. ලස්සනයි...වචනයි ....සංගීතයයි....කටහඩයි 03ම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වත්සලා :).
      සාදරයෙන් පිළිගන්නවා ඔයාව පින්තාරුවට.
      ජය වේවා!!!

      Delete
  13. අගෙයි මනා............ පට්ටම පට්ට.........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුටු
      ජය වේවා!!!

      Delete
  14. නියමයි....අයියා ....එල ..එල ...

    ReplyDelete
  15. නියමයි....අයියා ....එල ..එල ...

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.