Monday, June 8, 2015

පියෙකුගේ ආදරය...



ඉපදුණු දා සිටම නුඹ මේ                        ලෝකයට 
ඇතිවුනෙ සතුටක්ම පමණකි පුතුනේ            මෙමට 
මවු තුමියටත් ඉහළින් නුඹ මා                         හදට 
ලංවුනෙ ඒ නිසයි ආදර පුතුනී                           මට 

කැත කුණු අත ගගා මා නොහැදුවත්                  නුඹ 
නව ජීවයකින්ය රැකියා කළේ                           මම  
වෙනදා මෙන් නොවේ එය හරි මිහිරි                  විය 
ඉන් ලැබෙනා සියළු දෑ මගෙ රන්                 පුතාටය  

ටික ටික නැගිට ඇවිදින කාලයත්                      නුඹ 
මතකය අද වගේ තවමත් පුතුනි                         මට 
සිහිවෙන විටදි ඒ කිරිකැටි සිනහ                        මුව 
ඇසෙනව හැම තැනම නුඹෙ ඒ සිනා                   හඬ
  
පාසැල් යන මුල් දිනයෙ දැක නුඹෙ දුක්            මුහුණ
ඇඬුනා මටත් රහසින් නොපෙනෙනා                ලෙස 
කෙරුමට අකුරු සමතෙක් බව කිවූ                   විගස 
ආඩම්බරෙන් බැලුවා නුඹ දිහා                           මම 

ගතවී කාලයත් හෙමිහිට                          හොරාටම 
හැකි විය පුතුට දිනුමට කඩයිම්                        එමට
සෙවනැල්ලක් වෙමින් ඒ හැම                 වෙලාවෙම 
සිටියෙමි පුතුනි නුඹගේ පසු පසින්                     මම 

නිමකර නුඹ මේ රටෙහි කල ඒ                   උපාධිය
සිදුවිය ඉඩ දෙන්න හැර යන්නට                  සැවොම
ලැබු පසු උසස් දැනුමක් ඒ රටේ                        සිට 
එන බව දනිමි පුතුනේ මා                            දිහාවට

සිදුවුනෙ කිසි ලෙසක නොහිතූ දෙයකි                මට 
පුතු ගිය පසු දැන ගතිමි මා රෝගියෙකු               බව 
දැනුණත් අඩුව නොමැතිව නුඹ මා                   අසල    
වැලපුනි මා සිතින් හොර රහසෙන්                 සැමට        

වැඩි කාලයක් නැති බව හොඳ හැටි                දැනුණි 
නොයෙනා ගමන් යන්නට සිදුවන                  හැඩකී
විභාග ගොඩකි මේ දිනවල පුතුට                      සකි       
දන්වනු එපා දුක්වෙයි පුතු අතැර                        දිරි 

ඇතිමුත් රුචිය දැකුමට සුදු පුතා                     මගේ 
පැවසිය නොහැක ඒ බව පුතු                 වැටේවිනේ 
මා මළ පසුව නොහඬනු නොබනිනු             පුතුනේ 
මා හට කමා කර දුක් නොමවනු               සොඳිනේ         



වැඩි දුර අධ්‍යාපනය ලැබීම සඳහා එතෙර ගොස් සිටි තම පුතාට තිබෙන ආදරය නිසා, ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම වර්ෂ අවසාන විභාග වලට බාධාවක් වෙතැයි සිතා තමාගෙ මාරාන්තික රෝගී තත්වය හා මරණය ඔහුට දැනුම් නොදෙන ලෙස පවුලේ සැමගෙන් ඉල්ලු ආදරණීය පියෙකුගේ හිතෙහි ඇති වන හැඟීම් සමුදාය ගැන මට දැනුණු විදිහ කවි පංතියකින් ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. මේ සිද්දිය දැනගත් පසු මාගේ ආදරණිය මිත්‍රයා ඔහුගේ සියළු වැඩ පසෙක තබා දිවයිනට පැමිණියත් ඒ වන විටත් ඔහුගේ ආදරණීය පියා ඔවුන් සියළුදෙනාම හැර ගොස් තිබුණා. තම පියා සමග අවසන් වරට වචනයක් කතා කිරීමට නොහැකි වූ ශෝකයෙන් ඔහු තවමත් පසු වනවා. ඒ ආදරණීය පියතුමාට නිවන්සුව අත්වේවායි මා ප්‍රර්ථනා කරමි.     

42 comments :

  1. ඇඬෙනවා.. මනා මං දන්න කොල්ලෙකුට මේ වගේම සීන් එකක් උනා.. කොල්ලගෙ ට්‍රයි එක තිබ්බෙ රශියා යන්න මෙඩිසින් කරන්න.. අන්තිමට කොල්ලව එයාපෝට් දාල එනකොට තාත්තට අමාරු වෙලා නැති උනා. තාත්තගේ අන්තිම ඉල්ලීම වෙලා තියෙන්නේ අවුරුද්දක් යනකං කොල්ලට මැරුණ බව කියන්න එපා කියලා ස්ටඩීස් වලට අප්සට් කර ගනී කියලා.. අපි මාර කට්ටක් කෑවේ ඒ අවුරුද්දේ ඌ තාත්ත ගැන කියනකොට අහනකොට..කියලා වැඩක් නෑ.. උඹ නියමෙටම කවි කරලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමි.
      අප්පා මට හිතාගන්න පුළුවන් සීන් එක. වෙන දෙයක් වෙන්න පොරට කියන්න තිබ්බෙ. ආයෙත් දකින්න හම්බෙන්නෙ නෑනෙ තාත්තව.
      මාගේ යාළුවටත් නොකිය ඉන්න හදලා ආයෙත් කියල තිබ්බෙ. ආවට පස්සෙ පොර කීවෙ "විභාග 1000ක් හරි මම කරනවා, මට තාත්තා එක්ක වචනයක් කතා කරන්න බැරි උනානෙ" කියලා. මාර අප්සට් සීන් එකක් බං හෙන අවුලෙන් අපිත් හිටියෙ.

      Delete
  2. පපුවටම දැනෙනවා තාත්තගේ ආදරේ

    ReplyDelete
    Replies
    1. ඒක තමා කිචී. අගේ දැනෙන්නෙ අපි ළඟ නැතිවුණ දවසට.

      Delete
  3. හදවතට දැනෙන හොඳ නිර්මාණයක්. හරිම සංවේදීයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත් අයියෙ. අප්සට් එක යන්න මම මේක ලියලා දැම්මා.

      Delete
  4. පිය සෙනෙහසට කව් ගී ලියවුණා මදී... ඒක දන්නෙ ඉතිං තාත්තලාම තමා. හැම තාත්තම නොවුනත්... ඇත්තටම තාත්තලා බොරු කාරයෝ.... දරුවන් නිසා... හැම අතින්ම වගේ.
    තාත්තලා පරිපූර්ණ නෑ.... එ්ත් ඔවුන්ගෙ ආදරය පරිපූර්ණයි.
    https://www.youtube.com/watch?v=EZgmj5ay5Bk
    https://www.youtube.com/watch?v=nyFHqNf65U8
    වැඩිය කතා නොවන මාතෘකාවක්. උඹ මේ කරන්නෙ සමාජ මෙහෙවරක් මනා. ගී පද රචනයටත් වඩා කාව්‍යකරණයේදි උඹට නිදහස තියෙනවා කියලා පේනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධූ :).

      //තාත්තලා පරිපූර්ණ නෑ.... එ්ත් ඔවුන්ගෙ ආදරය පරිපූර්ණයි. //
      ඇත්ත. ඒ ආදරේ තේරුම් ගන්න හරි අමාරුයි.

      කවි ලියද්දි හිතේ තියෙන දේවල් ඔක්කොම කොහොම හරි කියාගන්න නිදහස තියෙනවනෙ. මම තාම පුරුදු වෙනවා කවි ලියන්න.

      Delete
  5. තාත්තාගෙ ආදරේ වාගෙයි මහ සාගරේ..

    ගොඩක් හිතට දැණුනු සංවේදි සිදුවීමක් සහ පැදි පෙළක් මනා.

    ReplyDelete
  6. තාත්තාගෙ ආදරේ වාගෙයි මහ සාගරේ..

    ගොඩක් හිතට දැණුනු සංවේදි සිදුවීමක් සහ පැදි පෙළක් මනා.

    ReplyDelete
  7. තාත්තාගෙ ආදරේ වාගෙයි මහ සාගරේ..

    ගොඩක් හිතට දැණුනු සංවේදි සිදුවීමක් සහ පැදි පෙළක් මනා.

    ReplyDelete
    Replies
    1. //තාත්තාගෙ ආදරේ වාගෙයි මහ සාගරේ..//
      සහතික ඇත්ත.

      බොහොම ස්තූතියි සංචා!!

      Delete
    2. මේ දිනවල සංචා මලයා නම් හොඳහැටි තාත්තගේ ආදරේ විඳිනවා නෙහ්?

      Delete
    3. @දිලිනි
      මොකද එහෙම කියන්නෙ :)

      Delete
  8. අප්පච්චි කෙනෙක්ගෙ සෙනෙහස අම්මගෙ ආදරය තරම් කියැවුණේ නැතත් මහ මෙරටත් වඩා උසයි කියලයි මට හිතෙන්නෙ. අම්ම දරු වෙකු දෝතින් බදං පපුවට කිට්ටු කරගන්න කොට අප්පච්චි මහ රුකක් වී රැකවරණය සලසනවා. අම්මා හදවතින් තීරණය ගන්න කොට අප්පච්චි බුද්ධියෙන් තීරණ අරන් හදවතේ සුසුම දුක දරා ගන්නවා. මනෝ ඒක ලස්සනට පින්තාරු කරල ඔයාගේ කවි වලින්+ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. මේක ලියන මටත් වඩා ඔයාට තාත්තාගෙ ආදරය සෙනෙහස ගොඩක් දැනෙනවා මතක් වෙනවා ඇති. ඔයා ලියපු අදහස් ඔක්කොම හදවතින්ම ලියල තියෙනව කියල පේන්නෙ ඒකයි :). හැම කෙනෙක්ටම උරුම, හැම කෙනාටම කවද හරි විඳින්න වෙන දෙයක් තමා ඔය.
      බොහොම ස්තුතියි හංසමාලි :)

      Delete
  9. paraNa ekak honde :)
    පන්දින උත්සවය
    සමරන්නට ඕනි යයි
    අවිහිංසක හිනාවක්
    මල්ලිගේ මුව පුරා..

    ලස්සනම ලස්සන
    ගේ පුරා සුවඳ විහිදුවන
    කේක් එකක් වෙනදාට
    අරන් ආවේ තාත්තා…

    හංගලා අල්මාරියේ
    මට හොරා ගෙනැවිල්ලා
    දෝත පුරා මල් ගවුම්
    තෑගි ගෙන ආවේ තාත්තා..


    නමුණුකුල වගේ නොසැලිලා
    මද පවනක් වගේ සුවයදී
    සුදු නෙළුමක සුවඳ දෙන්න
    දියෙන් කිරි වෙන් කරන
    හංසියක් වෙන්න
    උපන් දිනේ මට කීවේ තාත්තා

    සුබ පැතුම් පත් එපා
    පාටි මොනවත් එපා
    තෑගි කොහොමත් එපා
    හීනෙන්වත් තාත්තේ
    අනේ ඇවිදින් යන්න
    ආදරෙන් මගේ හිස
    අතගා මගේ කඳුළු
    පිස යන්න "මගේ
    දෝණියේ" පවසන්න

    ReplyDelete
    Replies
    1. හරිම සංවේදී උනා මේක කියෙව්වම :/

      තාත්තා කිවා වගේ දියෙන් කිරි වෙන් කරන හංසියක් වෙන්න.

      ඔයාට ගොඩක් ස්තූතියි මේ නිර්මාණය අපිත් එක්ක බෙදාගත්තට :).

      ජය වේවා!!!

      Delete
  10. තාත්තලා හැමදාමත් නිහඬවමයි ආදරේ කලේ.. මේකත් අන්න එහෙම කතාවක් මනා.. හිත ගල් ගැහුනා, අන්තිමේ උඹ ලියලා තියෙන ටික බැලුවම..

    ReplyDelete
    Replies
    1. තාත්තලාගේ ආදරේ අපිට පේන්නෙ නෑ නේද දිනේෂ්. තේරුම් ගන්නත් බෑ ලේසියෙන්. මාත් ඔය සිද්දිය දැනගත්ත ගමන් හෙනට අප්සට් ගියා :/

      Delete
    2. ඒකනේ කට්ටිය කියුමට කියන්නේ තාත්තගේ ආදරෙත් හරියට බස් කොන්දොස්තර මාමගේ රුපියල වගේ කියල. තිබුන උනත් උන්දා අපිට දෙන්නෙ නෑ. ඉතිරි වෙලා තියෙන බව දැන දැනත් අපි ඉල්ලන්නෙත් නෑ.

      Delete
    3. @දිලිනි
      හරියටම හරි. තියෙන බව දන්නවා ඒත් ඉල්ලන්නෙ නෑ.

      Delete
  11. තාත්තලා කවුරුත් ඔහොම තමයි.අපේ තාත්තා ගැන මගේ මතකය හැමදාම සුන්දරයි.ලෝකේ හොඳම තාත්තා මගේ තාත්තා.
    උඹේ මේ කවි ටික අන්තිමේ කමියා කමෙන්ට් එක කියවනකොට අමුතු සීතලක් එක්ක ඇඟේ රෝම උද්දීපනය වුනා.

    ReplyDelete
    Replies
    1. හැම කෙනාටම ලෝකේ හොඳම තාත්තා තමන්ගෙ තාත්තා. තාත්තා ගැන මතක හැම කෙනාටම සුන්දරයි.
      ගොඩක් දුක හිතෙන සිද්දි වෙලා තියෙනවා. මොනවා කරන්නද ඉතිං ඒකත් වෙලාව තමා.

      Delete
    2. ඒකනේ කට්ටිය කියුමට කියන්නේ තාත්තගේ ආදරෙත් හරියට බස් කොන්දොස්තර මාමගේ රුපියල වගේ කියල. තිබුන උනත් උන්දා අපිට දෙන්නෙ නෑ. ඉතිරි වෙලා තියෙන බව දැන දැනත් අපි ඉල්ලන්නෙත් නෑ.

      Delete
    3. @දිලිනි
      හරියටම හරි. තියෙන බව දන්නවා ඒත් ඉල්ලන්නෙ නෑ.

      Delete
  12. සියක් උල්පත් මවාදී
    නිසලවම හිදිනා
    නමක් නැති මහ කන්ද ඔබ
    අප්පච්චී...අප්පච්චී...

    ඔබෙන් දිය ලැබ සාර වූ
    තිරුණු කෙත්වතු දෙස බලා
    නොපෙනෙනා තරමින් සිනාසී
    නිසලවම හිදිනා
    අප්පච්චී...අප්පච්චී...
    ඕක කසුන්ගේ සිංදුවක්.කොහොමත් තාත්තා කියන්නේ හරි සංවේදී මාතෘකාවක් මට.උඹ නියමෙට වැඩේ කරලා තියනවා.ජය වේවා....

    ReplyDelete
    Replies
    1. කසුන්ගෙ මුල්ම ඇල්බම් එකක සින්දුවක්. පුදුම හැඟීමක් එන්නෙ ඒ සිංදුව අහද්දී.

      ස්තූතියි කටුස්සො. මට හිතාගන්න පුළුවන් උඹේ හිතේ තියෙන වේදනාව. අර පෝස්ට් එකකුත් දාලා තිබ්බෙ. මට මතකයි.

      Delete
  13. මේ වගේ දේවල් වලට මම බොහොම සංවේදීයි මලේ. දෙමාපියන් හැරදමා රට යන එක දැන් රැල්ලක් වෙලා. දෙමාපියනුත් අපේ පුතා ඉන්නේ කැනඩාවේ, දුව ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කිය කියා සතුටු වෙනවා. නමුත් ඔවුන්ට දරුවන් අවශ්‍යම කාලේ. මේ අපි වුණත් කොළඹට වෙලා අපේ දරු මල්ලන් එක්ක ඉන්නකොට දෙමාපියන් ගැන බලන්න වෙන්නේ අඩුවෙන්. මේක අපේ රටේ වැරද්දක්. හොඳ අධ්‍යාපනයක් හොඳ රැකියාවක්, හොඳ ආර්ථික තත්වයක් මෙහෙ නැති එක නේද මේ සේරටම මුල. හැබැයි කෙනෙකුට ලද දෙයින් සතුටු වෙලා හිටියොත් දෙමාපියන්ගේ ආදරය කියන වටිනා සම්පත හැමදාම ළඟ තියා ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සුදීක අයියෙ. දෙමව්පියන්ට දරුවන් අවශ්‍යම කාලේ වෙන් උනාම කොච්චර දුකක් ඇත්ද. හැබැයි ඒකට ප්‍රධාන හේතු, අධ්‍යාපනය, රැකියාවට සරිලන වැටුපක්, ඒ නිසා හදාගන්න තියෙන හොඳ ආර්ථික තත්වයක් කියන දේවල් අපේ රටේදි පහත් මට්ටමකින් තිබීම තමා. ඔය දේවල් හොඳ තත්වයකින් අපේ වගේ රටවල් වලත් තිබ්බනම් සල්ලි හොයන් පිටරට යාමක් හෝ බුද්ධි ගලනයක් සිදු වෙන්නෙ නැති වේවි. ඒ වගේම මේ රටේ බහුතරයක් දෙමව්පියො ඒ අයගේ ජීවිත වල සැන්දෑ සමය සතුටින් ගෙවාවී.
      ගොඩක් ස්තුතියි අයියෙ.

      Delete
  14. පියාගේ පැවති ගැඹුරු ආදරය සම්බන්ධව මීට සමාන අත්දැකීමක් මටත් මගේ සොයුරාටත් තිබෙනවා. පියා වියෝ වී වසර ගණනාවක් ගතව ඇතත් තවමත් ඒ කම්පාවෙන් මිදිය නොහැකියි.

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහත්තයගෙ හිතේ තියෙන වේදනාව හිතා ගන්න පුළුවන්. මොනවා කරන්නද ඒ දේවල් ඔක්කොම සිද්ද වෙන්නෙ මිනිස්සුන්ටමනෙ. ඒ දේවල් අමතක නොවුණත් හිත හදාගන්න උත්සහ කරමු. පියතුමාට නිවන්සුව පතනවා.

      Delete
  15. මමයි පොඩි මෙන්ඩියයි මතක් වුනා..
    මම මේ කවිය ලියා ගන්නද?

    ReplyDelete
    Replies
    1. අනේ ගන්න මෙන්ඩා අයියෙ.
      පොඩ්ඩා මතක් උනාම ලොකු සතුටක් වගේම වගකීමකුත් දැනෙන්න ඇති නේද.

      Delete
  16. මට තවම දැනෙන විදිහට මට හිටපු හොඳම යාළුවා තමයි අප්පච්චී. ඒ යාළුකම නැති අඩුව පුරවන්න කාටවත් පුලුවන් උනේ නෑ අවුරුදු 15ක් තිස්සේ......

    ReplyDelete
    Replies
    1. අපි ගොඩ දෙනෙක්ට ජීවිතේට හම්බුනු හොඳම යාළුවා අපේ තාත්තා තමා කැමෝ. තාත්තා නැති අඩුව කිසි දේකින් පිරෙන්නෙ නෑ. හැම කෙනාටම ඔය දුක කවද හරි විඳින්න වෙනවා.

      Delete
  17. ලංකාවේ තමයි විභාගයක් මිස් වුනොත් අවුරුද්දක්ම අපතේ යන්නේ. අපේ යන යන බොහෝ රටවල මෙවැනි මානුෂික තත්වයන් සලකා බලා විකල්ප විභාග පවත්වනවා. ඒ තාත්තා ඒ බව දැන ඉන්න නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඒක තමා රසික අයියෙ. ඒ තාත්තා ඒ ගැන දැනුවත්ව ඉන්න නැතුව ඇති. වෙලාව තමා ඉතින් :/. මගෙ යාළුවා තාමත් කම්පනයෙන් ඉන්නෙ.

      Delete
  18. හරිම සංවේදියි.

    ReplyDelete
    Replies
    1. මමත් ඒ වෙලේ ගොඩක් සංවේදී උන නිසා තමා දිලිණි මේ කවි ටික ලියන්න හිතුනෙ

      Delete
  19. හරිම සංවේදී කවි පන්තියක්...
    ඇත්තටම මේක කියවනකොට කඳුලු ආවා..

    ReplyDelete
    Replies
    1. අම්මා තාත්තා ගැන කතා කරද්දී අපි ගොඩක් වෙලාවට සංවේදී වෙනව.
      ස්තූතියි ඔබට.

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.