"එන්න ෂර් ඇතුළට! මොනවද බෙලුවේ?"
"මට හොඳ බැක්පැක් එකක් ගන්න ඕනෙ. ඔයාල ළඟ තියෙනවද?"
"තියෙනවා ෂර්. ෂර්ට මොනවගේ එකක්ද ඕනෙ. ට්‍රැවල් කරන්නද? නැත්තං ඔෆිස් යන්නද?"
"මට ට්‍රැවල් කරන්නයි ඔෆිස් යන්නයි සේරටම හොඳ එකක් ඕනෙ. තව ලැප් එක අවුලක් නැතුව ගෙනියන්නත් පුළුවන් වෙන්න ඕනෙ"
"ඇවිත් බලන්නකො ෂර් මේ තියෙන්නෙ ෂර් කීව විදිහෙ එකක්. තව මේ සෙට් එකත් ඒ විදිහෙ ඒවා. තෝරලා බලන්නකො "
"ම්ම් මේක ටිකක් හරි නෑ වගේ නේද? පෙනුමත් හරි නෑ. හයියත් මදි වගේ. වෙන හොඳ ඒවා නැද්ද"
"තියෙනවා ෂර් මේ තියෙන්නෙ අපි ළඟ තියෙන ඔඳම බ්‍රෑන්ඩ් එකක්. "ස්විස්ගියර්". හැබැයි ෂර් මේක ටිකක් ගණන්. අඩු කරල දෙන්නම්."
"කෝ බලන්න."
"ෂර් මේක හොඳ කොලිටි බෑග් එක.මේ බලන්නකො ෂර් ලැප් එක දාන්න තියෙන තැන. වැටුනත් මුකුත් වෙන්නෑ. තව මේ.. ඕඩියෝ අවුට් එකකුත් තියෙනවා. අනික සිපර් එහෙමත් බලන්නකො. කිසි දෙයක් වෙන්නෙ නෑ. අපි වොරන්ටි එකකුත් දෙනවා".
"හ්ම්ම්.. මේක නම් හොඳයි හිතට ඇල්ලුවා. කීයද ඔයාල මේකට දෙන ප්‍රයිස් එක?"
"ෂර් මේ බෑග් එක රුපියල් පන්දාස් දෙසීයක් වෙනවා. ඒත් අපි අඩු කරලා ෂර්ට නිසා ආරදාස් හත්සීයට දෙන්නම්"
"අපෝ හොඳටම වැඩියි. තව අඩු කරන්න. ඔයාල මේවා පොඩි ගානකටනේ ගෙන්නන්නෙ. අපිට බොරුවට ඊට පස්සෙ ලොකු ගානක් කියනවා. තව අඩු කරන්න"
"අනේ නෑ ෂර්.. එහෙනම් ආරදාස් තුන්සීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස්"
"පිස්සුද. හාරදාස් දෙසීයක් දෙන්න අපි සල්ලි ගස් වලින් කඩනවා කියල හිතුවද?. අපෝ තව අඩු කරන්න."
"එහෙනම් ෂර් තුන්දාස් නවසීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස් ආයෙ නම් අඩු කරන්න බෑ."
"අපෝ වැඩියි වැඩියි. මම තව ගොඩක් අඩුවෙන් බලන්නෙ."
"එහෙනම් ෂර් අපි ගණන් අඩු එකක් බලමු. මේ තියෙන්නෙ. ආ මේකත් ගණන් අඩුයි."
"බෑ බෑ. මට මේ බෑග් එක තමා හිතට අල්ලලා ගියෙ. මේක දෙන්න මට තව අඩු කරලා."
"අයියෝ ෂර්.. ඉන්න එහෙනම් බොස් ගෙන් අහල බලන්න............
ෂර් තුන්දාස් පන්සීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස්."
"බෑ බෑ. හොඳටම වැඩියි. මම යනවා. ඔය ගානට මට ඔයිට වඩා හොඳ එකක් ගන්න පුළුවන්.මම යනවා. තැන්ක් යූ. "
.
.
"ෂර් ෂර් පොඩ්ඩක් ඉන්නකො. ෂර් කීයකටද බලන්නෙ?"
"මට උපරිම එක්දාස් නවසීයක් දෙන්න පුළුවන්. මොකද කියන්නෙ දෙනවද?"
"අපෝ ෂර් ඔඳටම පාඩුයි නෙ. අපිට මේකෙන් ලොකු ගානක් හම්බෙන්නෑ ෂර්."
"ඒකනේ එහෙනම් ඉතිං වෙන කාට හරි විකුණ ගන්න. මම යනවා."
"ෂර් නිසා මේකට එහෙනම් තුන්දාහක් දෙන්න. වැඩේ කරමු".
"බෑ බෑ මගේ ගාන එක්දාස් නවසීයයි"
"අයියෝ ෂර් එහෙනම් දෙදාස් අටසීයක් දෙන්න. ලාස්ට් ප්‍රයිස්. ඒත් පාඩුයි අපිට. කමක් නෑ දෙදාස් අටසීයක් දෙන්න.
"නෑ මගේ ගානට දෙනවනම් දෙන්න. නැත්තං තියාගන්න."
"අයියෝ ෂර් ඔච්චර ලෝබ වෙන්න එපා අප්පා. අපිත් බිස්නස් එකක් තමා කරනවා."
"ඒක තමා ඉතිං වෙන කෙනෙක්ට විකුණ ගන්න කියල මම මේ යන්නෙ"
"හරි ඒනං දෙදාස් පන්සීයක් දෙන්න. ආයෙ නම් ෂත පහක් අඩු කරන්න බෑ"
ඉතිං ඔච්චර අඩු කරන්නෙ ඔයාලා ඕවා ලාබෙට ගේන නිසානෙ. ඔන්න ඔහෙ දෙදාහක් ගන්න එහෙනම්.
අපිට හරිම පාඩුයි ෂර් ඒ ගානට දීලා. කිසිම ලාබයක් නෑ. හරි කමක් නෑ එහෙනම් දෙදාහක් දෙන්න.
ඉතිං ඔච්චර අඩු කරන්නෙ ඔයාලා ඕවා ලාබෙට ගේන නිසානෙ. ඔන්න ඔහෙ දෙදාහක් ගන්න එහෙනම්.
අපිට හරිම පාඩුයි ෂර් ඒ ගානට දීලා. කිසිම ලාබයක් නෑ. හරි කමක් නෑ එහෙනම් දෙදාහක් දෙන්න.
"හරි එහෙනං මට බෑග් එක දෙන්න. හැබැයි වොරන්ටි එක්ක. දෙදාහයි එහෙනම්"
"හරි ෂර්. ඉන්න බිල දාල දෙන්නම්"
**********************************
මෙම සිද්දිය සිදුවීමට ප්‍රථම තවත් සිදුවීම් දෙකකි.
ඔහු ව්‍යාපාරික ස්ථානයකට ඇතුල් වුවේය. ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන්නාවූ තරුණියක් ඔහු අසලට පැමිණියාය.
"මොනවද බලන්නෙ?"
"මට බැක්පැක් එකක් ඕනෙ ට්‍රැවල් කරන්න, ඔෆිස් යන්න, සේරටම හරියන විදිහෙ එකක්"
"මේ තියෙන්නෙ. මේවා තමා අපි ළඟ තියෙන්නෙ."
තරුණිය පාසැල් බෑග් කිහිපයක් සහ සයිඩ් බෑග් කිහිපයක් පෙන්වයි.
"මේවා ඇරෙන්න වෙන නැද්ද හොඳ බෑග්?"
"නෑ අපි ළඟ ඔය ටික විතරයි තියෙන්නෙ."
හොඳ සයිඩ් බෑග් එකක් ඒ අතර තිබුණු නිසා ඔහු නිකමට මෙන් මිළ අසන්නට විය.
"කීයද මේ බෑග් එක?"
තරුණිය මිල සඳහන් කර ඇති ස්ටිකරය දෙස බලා "හාරදාස් එකසීයයි" කීවාය.
"අපෝ හොඳටම වැඩියිනෙ. අඩු කරලා දෙන්න"
"මේවා කම්පැනි ප්‍රයිස්. අඩු කරන්න බෑ."
"ආ ඒකත් එහෙමද? එහෙනං තියාගන්න"
ඔහු එතැනින් පිට වී තවත් කඩයකට පිවිසියේය.
ඇතුලේ පාරිභෝහිකයන් දෙතුන් දෙනෙකු සහ සේවකයන් දෙදෙනෙකු සිටිනු පෙනුනි. කිසිවෙක්වත් ඔහු ළඟට පැමිණ අවශ්‍ය මොනවාදැයි විමසුවේ නැත. ඔහු බෑග් තිබෙන තැන හොයාගෙන ගොස් පිරික්සන්නට විය. ඒ අතරද තිබුනේ පාසැල් බෑග් සහ ලොකු ට්‍රැවලින් බෑග් පමණි. එක සේවකයෙකු ඔහු අවට කැරකෙමින් සිටින බව ඔහුට දැනෙන්නට විය. නමුත් කිසිවක් නොවිමසයි. සමහරවිට ඔහු බෑග් එකක් සාක්කුවේ දමා ගනීවි යැයි සැක කරමින් එසේ ළඟට වී සිටින්නට ඇත. ඔහුගේ අවශ්‍යතාවයට සරිලන බෑගයක් සොයා ගැනීමට නොහැකි වූ තැන අසල සිටි සේවකයාගෙන් විමසීමක් කිරීමට තීරණය කර මෙසේ ඇසීය.
"බැක්පැක් නැද්ද ට්‍රැවල් කරන්නයි. ඔෆිස් ගෙනියන්නයි සේරටම හරියන විදිහෙ? ලැප් එකත් දාන් යන්න පුළුවන් වෙන්න ඕනෙ"
"තියෙනවා" කියූ සේවකයා පාසැල් බෑග් කිහිපයක් ඔහුට පෙන්වන්නට විය. ඒවා කිසිසේත් නොගැළපෙන නිසා ඔහු "වෙන බෑග් නැද්ද?" යැයි ඇසුවේය.
"නෑ. ඔය ටික විතරයි තියෙන්නෙ"
අවශ්‍යතාවයට සරිලන බෑගයක් සොයා ගැනීමට නොමැති නිසා ඔහු එම ව්‍යාපාරික ස්ථානයෙන් පිට වී ඉදිරියට ගමන් කරන විට මුස්ලිම් කඩයක් ඉදිරියේ සිටි තරුණයෙකු
"එන්න ෂර් ඇතුළට! මොනවද බෙලුවේ?"
යැයි විමසන්නට විය.
~~~නිමි~~~
සත්තියම කතාව මචං.. කියලා වැඩක් නැත. සමහර **** පුතාල ඉන්නව කස්ටමර් දිහා බලන්නේ පරණ ණය කාරයෙක් දිහා බලනව වගේ.. නොදකින්.
ReplyDeleteඅර හෙට්ටු කිරිල්ලටනම් මට ඉන්දියාවේ ෂොපිං කිරිල්ල මතක් උනා.. කියන ගානිං 1/4 ට ඉල්ලලා 1/3 කට ගන්න කියල තමයි එහෙදි කියන්නේ.. පට්ට ආතල් ඒ වැඩේ.
++++++++++++++++++++++++
Deleteහැබැයි ස්වදේශිකයෙක් එක්ක ගියොත් තමා ටක්කෙටම හරි.
@කමි
Deleteහෙට්ටු කිරිල්ලට උනුත් පුරුදු වෙලා ඉන්නෙ. ඒක නිසා උන් හැම වෙලේම ඇත්ත ගාණ වගේ දෙගුණයක් වත් කියනවා වෙන්න ඕනේ :D.
ණය කාරයෝ දිහා වගේ බලන ගොඩක් පුතාල නම් ඉතිං අපේම පුතාල තමා ;)
ඔතන හෙට්ටු කිරිල්ල පිටිපස්සෙ තියනවා කස්ටමර්ලා හැමතිස්සෙම අඩුවට හොනවා කියන සිග්නල් එක. එතකොට මොකද වෙලෙන්ද කරන්නෙ බඩුවෙ ලේබල් ටික විතරක් හරියට මහලා ඉතිරි මැහුම් සහ මැටීරියල් අඩුම කොලිටියට ගහනවා. අවසානෙ බෑග් එක අරං මාස තුන හතරක් ගියාම අපිට තේරෙනවා මේ වගේ කුනු ගොඩක් දෙදාහක් දීලත් ගත්ත නේද? කියලා..
ReplyDeleteඒක ඇත්ත අමිල. හෙට්ටු කරන බව දන්නා නිසාම බාල බඩු වලට වැඩි ගානකුත් කියලා දෙනවා. නමුත් සමහර වෙලාවට හොඳ භාණ්ඩත් හෙට්ටු කරලා ගන්න පුළුවන්. ඒක ඉතිං පාරිබෝගිකයා මත තමා රඳා පවතින්නෙ. අඩු මුදලකට හොඳ භාණ්ඩයක් පරික්ශා කරලා ගන්න පාරිබෝගිකයා බුද්ධිමත් වෙන්න ඕනෙ මුදල ගැන විතරක් හිතන්නෙ නැතුව.
Deleteඅමිලව සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට :).
ජය වේවා!!!
මම මෙතනදි කියන්න ඕනි ටික මාස කීපෙකට කලින් කීව නිසා මේක උඹට බලන්නත් එක්ක දාන්නං මනා.
ReplyDelete‘මේක‘ කියන වචනෙ ක්ලික් කොරාපං.
Deleteමාර සීන් එක කියන්නෙ මධූ මම ලින්ක්ස් කමෙන්ට් වලින් පෝස්ට් කරන්න හදලා නෑ. ඒක හදන්න ඕනෙ. පුළුවන් නම් දැනට මට ලින්ක් එක නිකං ආයෙත් දාන්න :).
Deleteජය වේවා!!!
//මාස කීපෙකට කලින් කීව නිසා මේක උඹට බලන්නත් එක්ක දාන්නං// කියන කෑල්ලෙ ‘මේක‘ කියන වචනෙ ලින්ක් එක තියෙනවා. කොයිකටත් මේං දැම්මා.
Deletehttp://visitor-v.blogspot.com/2014/10/wake-up-you-sinhala-merchants.html
මධුවා
Deleteමම දුවලා ගිහින් බැලුවා ඒ ලිපිය මට මිස් වෙලාද කියලා එහම වෙන්නෙ කොහමෙයි ඔය යස අගෙට කමෙන්ටුවකත් දාලා තියෙන්නෙ..
ඒ ලිපිය මම කලින් කියවල නෑ මධු. ඒකෙ සම්පුර්ණ විස්තරයක් තියෙනවනෙ. සහතික ඇත්ත කියල තියෙන්නෙ. ඇත්තටම ඕව හෑන්ඩ් බිල්ස් බෙදනවා වගේ අපේ කඩ කාරයොන්ට බෙදන්න වටිනවා :D. තැන්කු මධූ ලිපිය බෙදා ගත්තට මේ පෝස්ට් එකේ.
Deleteජය වේවා!!!
@මෙන්ඩා
Deleteමම අද කමෙන්ට් කලේ ඒකට :D
පිටෝටුවෙ කඩ වලත් ඔය හෙට්ටු කරන වැඩේ කරන්න පුලුවන්. හැබැයි ඉතිං ඒ ගානට දෙන බඩුවෙ කොලිටිය ගැනනං විස්වාස කරන්න අමාරුයි.
ReplyDeleteකස්ටමර් සර්විස් එක ගැනනං තත්වෙ ඕකම තමයි.
ඒක ඇත්ත ප්‍රසන්න අයියා. සමහර වෙලාවට බාල බඩු වලට අහුවෙනවා. පාරිබෝගිකයා බුද්ධිමත්ව සොදිසිකරලා භාණ්ඩ ගන්න දැන ගන්න ඕනෙ.
Deleteශොපින් කිරිල්ලයි හෙට්ටු කිරිල්ලයි ස්ත්‍රී පක්ෂෙටම වෙන් කළත් පිරිමි උදවියත් හරි දෙයක් තෝරගන්න මහන්සි වෙනවා නෙ? නේද?
ReplyDeleteඇත්තම කියනවා නම් නරකම සිංහල කඩවල අය. අඩු කරන්නෙත් නැහැ කතා කරන්නෙත් නැහැ. නිකන් ඉල්ලයි කියලා බය වෙලා වගේ මූණත් එල්ලං ඉන්නෙ.
බදුල්ලෙ ටවුන් එකේ නම් දෙමළ මුස්ලිම් අය තමා වෙළදාම අල්ලන් ඉන්නෙ. ජාතිවාදී කියල ලේබල් එල්ලන්න එපා ( අපි කවදත් එහෙමනෙ ) අනුපාත ක්‍රමය එන්න කළින් ආන්ඩුවෙ සියළුම උසස් තනතුරු (වැඩි හරියක් ) දැරුවෙ දෙමළ අය කියලා සීය කියලා තියෙනවා. එයාලා මහන්සි වෙලා ඉගෙන ගන්නවා කියලයි සීයා කිව්වෙ.
රූපවාහිනියෙන්/ අන්තර්ජාලයෙන් /ගුවන්විදුලියෙන් නොයෙකුත් මුද්‍රිත මාධ්‍යවලින් හදන්නේ පාරිභෝගිකයෝ බිලීබාගන්න.
සුදුසුම ඕනිම දේ ගන්න තරම ඉවසීමක් පළපුරුද්දක් ඇති කරගන්න තමයි අපි උත්සහ කරන්න ඕනි
අගෙයි මනා . මේ ජාතියෙ නිමැවුමක් මම ඔයාගෙන් දැක්කමයි. සුබ පැතුම්
// පිරිමි උදවියත් හරි දෙයක් තෝරගන්න මහන්සි වෙනවා නෙ? නේද? //
Deleteඔව් :D කිව්ව ගානම දෙන්න හොඳ නෑ
//ඇත්තම කියනවා නම් නරකම සිංහල කඩවල අය.//
අපිට ඔහොම හිතෙන්න හේතුව බහුතරයක් සිංහල ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික ඥානය නැති එක. එයාල කැමති නෑ පාරිබෝගිකයට හිනා වෙලා, අවශ්‍යතාවය දැන ගෙන වෙළඳාම කරන්න. එතකොට හිතෙන්නෙ නිකං දෙකට නැමෙනවා වගේ කියලලු :D. ඒක නිසා ඕනෙ නම් ගනිං නැත්තං නිකං හිටහං කියල වගේ තමා එයාල ඉන්නෙ ;).
//බදුල්ලෙ ටවුන් එකේ නම් දෙමළ මුස්ලිම් අය තමා වෙළදාම අල්ලන් ඉන්නෙ. ජාතිවාදී කියල ලේබල් එල්ලන්න එපා//
බදුල්ල විතරක්ම නෙමේ ලංකාවේ හැම නගරෙකම වගේ ඔය දෙගොල්ලො වෙළඳාම අල්ලන් ඉන්නෙ. එහෙම නොතිබුන කිරිබත්ගොඩ ටවුමටත් ඒ කට්ටියගේ කඩයක් දැම්මා කියල සිද්දියක් උනා මම දැක්කා නිවුස් වල.
//එයාලා මහන්සි වෙලා ඉගෙන ගන්නවා කියලයි සීයා කිව්වෙ.//
ඒක ඇත්ත. දෙමළ අය ගොඩක් මහන්සියෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම ගොඩක් දක්ෂයි. අත්දැකීමෙන් කියන්නෙ.
//සුදුසුම ඕනිම දේ ගන්න තරම ඉවසීමක් පළපුරුද්දක් ඇති කරගන්න තමයි අපි උත්සහ කරන්න ඕනි//
හරියට හරි. පාරිබෝගිකයා ඉවසිලිමත්,බුද්ධිමත්, විමසිලිමත්, දැනුවත් කෙනෙක් විය යුතුයි.
ගොඩක් ස්තුතියි :)
ජය වේවා!!!
මේක අකුරක් නෑර ඇත්ත. මගේ ඇස්දෙකට දැකල, කන්වලින් අහලා තියෙනවා. ඔහොම හෙට්ටු කරන එකෙක් එක්ක මම ගියා ඔය බෑග් එකක් ගන්නම. ඌත් මුස්ලිම් කඩෙන් ගත්තේ ඔය විදියටමයි. මම අර මොකද්ද එකා වගේ ඇඹරෙනවා ඌ හෙට්ටු කරන විදිය අහගෙන ඉන්න බැරුව.
ReplyDeleteහෙහෙ :D. හෙට්ටු කරද්දී ලජ්ජා වෙලා බෑ. එතකොට එයාල අපිව මට්ටු කරන්න එනවා :D.
Deleteඋපේක්ෂාව සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට :)
ජය වේවා!!!
ජාතිය ලොකු නිසා කොම්පැණි ප්‍රයිස් හික් හික්.
ReplyDeleteජාතිය පොඩි නිසා අඩු ප්‍රයිස් .
මුස්ලිම් රෙදි කඩේකට ගියාම උන් ඕනෙ තරම් ෂර්ට් දිග ඇරල පෙන්නනවා මූණෙ හිනාව තියාගෙනම. ඒක කපටි කම තමයි. ඒත් උන් දන්නවා ආයෙ කස්ටර්මර්ව ගෙන්න ගන්න. අපේ උන් තව ෂර්ට් එකක් බලමුද කියල අහපු ගමන් පුප්පගන්නවා මූණු තහඩුව
අනේද කියන්නෙ කිචි. ලොකු ලොකු කම්පැනි වල බඩුත් පාවිච්චි කරලා බැලුවම තමා තේරෙන්නෙ නම විතරයි කියලා.
Deleteඅපේ උන්ට බිස්නස් කරන්න බැරි, පාරිභෝගිකයාට සිනාසීම, ඇහුන්කන් දීම, කියන ඒවා මදි පුංචි කමක් කියල හිතන නිසා. ඔය පුහු මාන්නෙ තියෙන එවුන්ට බිස්නස් හරියන්නෙ නෑ ;).
අයිසෙ තමුසෙ ගිටාර් ගැහිල්ල නවත්තල ඒ පාර කොලම් ලියන්න ගත්තද?
ReplyDeleteකමක් නෑ නරක නෑ
ඇයි තොගෙ හොම්බ කට කැඩෙන්න ගිටාර් එකෙන් පාරක් ඕනෙද
Delete@අයිසේ ඇනෝ
Deleteහැක්.. නරක නෑ නේද :D. ගිටාර් එක හැමදාම ගහද්දීත් එපා වෙනවනෙ. කොලමුත් ලියනවා ඉතිං ;)
@AnonymousJune 5, 2015 at 2:02 PM
Deleteහා හා ගිටාර් එකෙන් එහෙම ගහන්න එපා. සංගීත භාණ්ඩ වලට ගරු කරන්න ඕනෙ. අනික ඕවත් දැන් හරි ගණන් අප්පා.
"සංවේදී"ත් මේ ගැන ලියලා තිබුණා, ෆැෂන් බග් එකට ගහපු වෙලාවෙ...
ReplyDeleteගොඩක් වෙලාවට හොඳම කස්ටමර් සපෝට් එකක් තියෙන්නෙ මුස්ලිම් කඩ වලින් තමයි.
ඒක ඇත්ත ඩ්‍රැකී. උන්ට බිස්නස් ලේ වලම තියෙනවලු නෙ. කපටි කමට උනත් පාරිභෝගිකයාට ගරු කරනවා.
Deleteඅනේ මංද ඇයි සිංහළ කඩ වල ඔය වගේ සිද්ද වෙන්නෙ කියල. මුස්ලිම් අය ඒ අතින් මාර සප් එකක් දෙනව කපටිකමට උනත්.ඕක ඇඳුම් කඩවල හොඳටම වෙනව.
ReplyDeleteවෙන මොකවත් නෙමේ දිලා. කඩ කරන සිංහල අය හිතන්නෙ කඩේට එන අයට හොඳට හිනා වෙලා, ආචාර කරලා, ඇහුන්කන් දීල වැඩකරන එක තමන්ට මදි පුංචි කමක් කියල. ඉතිං වැඩිය දියුණුවක් නැහැ.
Deleteමුස්ලිම් ව්‍යාපාරිකයා දන්නවා පාරිභෝගිකයා තමා එයාලට වටිනාම දේ කියල. ඉතිං කපටි කමින් උනත් බිස්නස් එක හොඳට දියුණු කරගන්න දන්නවා.
ජය වේවා!!!
ඒක කාලයක් මමත් අහුවෙලා හිටියා හලල්/මුස්ලිම් කඩ විරෝදි රැල්ලකට බොරැ වැඩක්..
ReplyDeleteමමත් පාරිභොගිකයින් එක්ක ගැටෙන නිසා මේ ලිපිය වටිනවා..
එල ද බ්‍රා
//ඒක කාලයක් මමත් අහුවෙලා හිටියා හලල්/මුස්ලිම් කඩ විරෝදි රැල්ලකට බොරැ වැඩක්..//
Deleteමාත් ඕක ගැන විශ්වාස කළා ඒ කාලෙ. ඒත් සමහර දේවල් නම් තාමත් බැහැර කරන්නත් බෑ නේද?
තැන්කු මෙන්ඩා අයියෙ :D
එල ද බ්‍රා
ජය වේවා!!!
මට නම් බැහැ ඔහොම හෙට්ටු කරන්න.
ReplyDeleteමුස්ලිම් මිනිස්සු බිස්නස් අල්ල ගන්නේ කස්ටමස්ලාට හොඳින් සලකන නිසා.පාරිභොගිකයින්ට හොඳට සලකන තැන් වලට බිස්නස් හොඳයි.එකට මුස්ලිම් මිනිස්සුන්ට චෝදනා කරලා වැඩක් නැහැ.
සමහර මුස්ලිම් ව්‍යාපාරිකයන් එක්ක ඔය හෙට්ටු කිරිල්ල කරන්න බෑ.
Deleteසහතික ඇත්ත. ඒ මිනිස්සු දන්නවා කපටිකමින් හරි මිනිස්සුන්ට හොඳට සැලකුවම ආයෙත් ඒ මිනිස්සු එනවා කියල. ඒකයි බිස්නස් හොඳටම කරන් යන්නෙ. ඒ මිනිස්සුන්ගෙ වැරද්දක් නෙමේ තමා ඇත්තටම. ඒවා බලල අපේ ව්‍යාපාරික ඇත්තො ඉගෙන ගන්නෙ නැති එකයි වැරැද්ද. හැබැයි කළාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයන් තේරුම් අරන් ව්‍යාපාර කරන් යන.
සිරා කතාව... සිංහලයේ අපිට කෙළවෙන්නේ මේකයි.... මාත් පොඩි කතාවක් කියන්නම්. අපේ වාට්ටුවට මුස්ලිම් ලෙඩෙක් ඇතුල් කරා. වයස 75ක් වගේ... දවල් ලෙඩ්ඩු බලන වෙලාවට මේ ලෙඩා බලන්න මගේ අම්මේ එන සෙනග... හත්මුතු පරම්පරාවම එනවද කොහෙද... ඒත් සිංහල ලෙඩ්ඩු බලන්න එන්නේ එයාගේ පවුලේත් එක්කනයි . නැත්තම් දෙන්නයි....
ReplyDeleteආ මේ අපේ දොස්තර මහත්තයානෙ :)
Deleteඒක තමා. අපේ මිනිස්සු වගේ නෙමේ. ඒ මිනිස්සු හරි එකමුතුයි. ඒක පවුලෙන් පටන් අරන් මුළු ජාතිය දක්වාම තියෙන දෙයක්. බලන්නකො කවදාවත් හම්බවෙලා නැති මුස්ලිම් ජාතිකයන් දෙන්නෙක් උනත් ඉක්මණට කතාබස් කරලා යාළු වෙලා ඉන්න හැටි. අපේ උන් අඳුරන්නේ නැති එකෙක් දැක්කොත් ඔරවන් යන ඒකනේ කරන්නෙ. වැඩක් නෑ කතා කරලා.
මම අහල තියෙනවා මුස්ලිම් කඩ වල ඇතුල් වෙන දොරටුවට උඩින් ලියලා තියෙන අරාබි වාක්‍යයෙන් කියවෙන්නේ "මේ පැමිණෙන්නේ මාගේ නියෝජිතයාය" කියන තේරුම කියලා. (වැරදි නම් නිවැරදි කරන්න). ඒ කියන්නේ කඩේට එන පාරිභෝගිකයට දෙවියන්ගෙ නියෝජිත්යෙක්ට වගේ සලකන්න කියල. මුස්ලිම් රෙදි කඩේකට ගිහින් කඩේම ඇදල මුකුත් ගන්නෙ නැතුව ආවත් "ආයෙත් එන්න මහත්තයා" කියල හිනාවෙලා කියනවා. ඒත් සමහර සින්හල කඩවල් වලට ගියාම...? ඒ ව්‍යාපාරික ඥානය සින්හලයිට තිබුනනම්...
ReplyDelete//මේ පැමිණෙන්නේ මාගේ නියෝජිතයාය//
Deleteමාත් ඕක අහල තියෙනවා. තේරුම මේ විදිහේ එකක් වෙන්න ඇති.
ඒ මිනිස්සු කපටිකමින් හරි තමන්ගේ භාණ්ඩ අලෙවි කරගන්න දන්නවා. ඒකට මූලික වෙන්න ඕනෙ තමන් ළඟට එන පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය තේරුම් අරන් හොඳට කතා කරලා ඉන්න එකනෙ.
අපේ අයියල ඕකේ අනිත් පැත්ත. බඩු ටිකක් තියෙනවා කඩේ. මිනිස්සු එනවා ඇවිත් අහනවා. ඕනවට එපාවට උත්තර දීලා පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ ආසාව බිංදුවට බස්සනවා. ඉතිං ඒ කඩේට ගියපු එකෙක් ආයෙ පැත්ත පළාතෙවත් යන්නෙ නෑ. කඩේ බඩු ටික විකිණෙන්නෙ නැතුව පරණ වේවි තියෙනවා :D. ඒත් අපේ උන් බනින්නේ පාරිභෝගිකයාට. උන්ගෙ වැරැද්ද දකින්නෙ නෑ.
ඇත්ත. මුස්ලිම් බුවාල තමයි බිස්නස් වලට දක්ෂ. අපේ එවුන් ඉතිං ගන්නව නං ගනිං කියලනෙ විකුණන්න හදන්නෙ.
ReplyDeleteඑකනේ රාජ් අයියෙ. අපේ උන් ඕක තේරුම් අරන් නෑනෙ තාම.
Deleteපියදාස සිරිසේන ගේ පොතක (1915) බැනියමක් ගන්න ගිය කතාවක් තියෙනවා මේ වගේ.
ReplyDeleteඒ වසර සීයකට පෙර.
ඉතිං ඊට පස්සේ?
මම ඒ කතාව ගැන නම් අහලා නෑ.
Delete//ඉතිං ඊට පස්සේ?//
මේ කතාවේ හැටියටනම් ඉතිං, අර මනුස්සයා මුස්ලිම් කඩෙන් හෙට්ටු කරපු බෑග් එකත් අරන් සතුටින් ගෙදර යන්න ඇති නේ? :D