Wednesday, November 12, 2014

තුති පිදුම සහ ඉදිරි දැක්ම.



thank_you_managepintharuwa


සුභ දවසක් ඔයාල සියලු දෙනාටම. මම අද මේ ලියන ලිපිය බොහොම කෙටි එකක්. නමුත් මම මෙය පළ කල යුතුයි කියල හිතනවා. මොකද එහෙම  නොකලොත් මානාගෙ හිතට හරි නැති නිසා. අද මට ගොඩක් සතුටුයි වෙන මොකකටවත් නෙවෙයි. මනාගෙ පින්තාරුව ගැන අගය කරල වෙනත් හොඳ බ්ලොග් එකක වෙනමම ලිපියක් පල කරලා තිබුනා. ආධුනික බ්ලොග් කරුවෙක්ගෙ බ්ලොග් එකක් සම්බන්ධව තවත් හොඳ බ්ලොග් එකක් මගින් වෙනම ලිපියක් පලකරනවා කියල කියන්නෙ ඒ බ්ලොග් එක ලියන කෙනාට ගොඩක් ලොකු ශක්තියක්, දහිරියක් වගේම ගොඩක් වටිනා දෙයක්. මේ පොස්ට් එක පළ කරලා තිබුනෙ දම්පාට දේදුන්න බ්ලොග් අඩවියේ. ජීවන ෆනාන්දු මහතා තමයි මෙම බ්ලොග් අඩවිය ලියන්නේ. මෙම ලිපිය මනාට තවත් විශේෂ එකක් වෙන්නෙ  දම්පාට දේදුන්න බ්ලොග් අඩවියේ පනස් වන ලිපිය ලෙස පල වී තිබීමයි. ඉතින් මනාට මෙම ලිපිය දැක්කම නිහතමානී ආඩම්බරයක් ඇති වුණා. මතක විදිහට පාසලේ පොඩි පන්තිවල ඉඳිද්දී හොඳක් ඇහුවට පස්සෙ තමන් කරපු දෙයක් ගැන ප්‍රසිද්ධියේ හොඳක් අහුවමද කොහෙද. ඉතින්  ජීවන ෆනාන්දු මහතාණෙනි ඔබට ගොඩක් ස්තුතියි මානාගෙ පින්තාරුව ගැන බ්ලොග් කියවන අය දැනුවත් කරන්න ලිපියක් පළ කරපු එකට. ඒ වගේම මානාගෙ පින්තාරුව ගොඩ දෙනෙක් දැනගත්තේ මාතලන්ගෙ සින්ඩිය සහ අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය හරහායි. ඉතින් එම දෙපොලටත් බොහොමත්ම ස්තුති වන්ත වෙනවා. 

අවසාන වශයෙන් මනා එක දෙයක් කියන්න කැමතියි. මේ බ්ලොග් එකේ පටන් ගත්ත දේවල් කිසිම විදිහකින් මගින් නවත්වන්නෙ නම් නෑ. අනිවාර්යයෙන්ම ඔයාලට නිවැරදිව සහ සරළව දන්නා සියළු දේ දිගටම ලියනවා කියන එක මනා කියන්න කැමතියි. විශේෂයෙන්ම මම ඔයාලට ගෙනෙන සංගීතය සම්බන්ධ කරුණු වෙනත් සංගීතය උගන්වනවා යයි කියා ගන්නා අය (සංගීතය උගන්වන ඉතාමත්ම දක්ෂ සහ මනුෂ්‍යත්වය ඇති ගුරුවර හෝ ගුරුවරියන් නොවේ) ඉතා සුළු කරුණු කිහිපයක් මාස ගණනක් අතපත ගාමින්, තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අසාධාරණ ලෙස මුදල් අය කරගනිමින් තම මඩිය තර කර ගනිමින් සිටින බව සමහර විට ඔබ නොදන්නවා ඇති. ඔවුන්ගෙන් බිහි වෙන ගෝලයන් සංගීතය පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව අයාලේ යමින් සිටියි.  මෙම තත්වය කාලයක් හොඳින් නිරීක්ෂණය කල මනාට සංගීතය සම්බන්ධව දන්නා කරුණු පුළුවන් විදිහට අනිත් අයට කියල දෙන්න ඕනේ කියල හිතල තමා මනාගේ පින්තාරුව කියල මෙහෙම බ්ලොග් එකක් පටන් ගන්න හිතුනෙ. මනාගෙ ප්‍රධානම අරමුණ සියලු දෙනාටම නොමිලේ සංගීතය පිළිබඳව දන්නා නිවැරදි දැනුම, සරලව කියා දීමයි.

විශේෂයෙන්ම ඔබ සංගීතය ඉගෙන ගැනීමට ගුරුවරයෙකු තෝරාගන්නේ නම් ඔහුගේ නම සහ සිටින ශිෂ්‍ය ප්‍රමාණය බලා රැල්ලට යන්නාක් මෙන් ඔහු වෙත යන්න එපා.  ඔහුගේ හැකියාව, බිහිවූ ගෝලයන්ගේ දක්ෂතාවයන් සහ විශේෂයෙන්ම ගුරුවරයාගේ මානුෂීය ගතිය ( මනුස්සකම)  සලකා බලා සංගීතය ඉගෙන ගැනීමට ගුරුවරයෙකු තෝරාගැනීම සිදු  යුතු බව මනාගේ හැඟීමයි. එම කරුණු සලකා බලා ඔබ ගුරුවරයෙකු තෝරා ගැනීමේදී ඔබට සමහරවිට ප්‍රසිද්ධ  නැති, හොඳ පහසුකම් නැති නමුත් හොඳ මනුෂ්‍ය ගුණ ඇති සරළ ගුරුවරයෙකු හමුවේවි. එවන් ගුරුවරයෙකු කරා යාමට නොහැකි සහ වෙලාවක් නොමැති බොහෝ දෙනෙකුට මෙම බ්ලොග් අඩවියත් උපකාරී වේවි. 

මනා ඉදිරියේදීත් සංගීතය සම්බන්ධ ලිපි එලෙසටම ගෙන එනවා. නමුත් එවන් ලිපියක් පළ කිරීම අඩුම තරමින් දවස් හතකට සැරයක් වගේ සිදු කිරීම හොඳයි කියල මනාට හිතෙනවා. මොකද එක ලිපියක කරුණු අවබෝධ කරගෙන පොඩි හෝ අභ්‍යාසයක් සිදු කිරීමට අවම තරමින් එම කාලය උවමනා වෙනවා. එසේ සිදු නොවුනොත් එම ලිපි නිකන්ම කරුණු ටිකක් ඇතුලත් වුනු ලිපි පෙළක් බවට පත් වේවි. ඉතින් ඉදිරියටත් මනාගෙ පින්තාරුව සමග රැඳී සිටින්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. හැම දෙනාටම ජය වේවා!!!

15 comments :

  1. මචන් මමත් උඹ වගේම ආධුනික බ්ලොග් කරුවෙක් තමා. මේ බ්ලොග් වල එකාට එකා මරා ගත්තට කුහකයෝ නැහැ. හැබැයි මිනී මරා ගන්නේ නැතුව විතරයි. අලුත් උන්ට දෙන්නේ පුදුම සපෝට් එකක්. මමත් පටන්ගත්තු දවස් වල පුදුම සපෝට් එකක් ලැබුන ප්‍රවීණයන්ගෙන්. ඒ අය තවමත් වැරදි හදා ගන්න නිරතුරුවම උපදෙස් දෙනවා.

    සතියකට පොස්ට් දෙකක් දමන එක බ්ලොග් එකක පැවැත්මට වඩාත්ම හොඳ බව Blog Promotion ගැන ලිපියක කියව්වා.
    කොත්තු සින්ඩිය හොඳ ට්‍රැෆික් එකක් දෙනවා. එකටත් ඇඩ් කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ජීවන අයියා ඔබගේ අදහස් වලට සහ උපදෙස් වලට :). කොත්තු සින්ඩියටත් ඇඩ් කලා :)

      Delete
  2. අඩේ අකුරු තව ටිකක් ලොකු කරාන්කො පේන්නෑ හතළිස් ඇඳිරිය.. :D

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒකත් හැදුව :D දැන් කන්නාඩි දාගෙන බලන්න ඕනෙ නෑ :D

      Delete
  3. මනා,උඹේ අඩවිය සිරාවටම ලොකු වැඩක් කරන තැනක්.මමත් ගමේ ඉස්කෝලෙ ඊස්ටර්න් කරල නගරෙට ආපු ගමන් වෙස්ටර්න් කලා ආසාවට.පළවෙනි ටෙස්ට් එකේ ලකුනු 20%.ඒ කාලෙ කොහෙන් ඉගන ගන්නද,තිබුන පොතුත් කඩ්ඩෙන්ම විතරයි.කඩ්ඩ අරහන් ඒ දවස්වල.ආපහු ඊස්ටර්න් වලට පැන්න.මම වගේ එවුන් දැනුත් ඉන්නවනම් උන්ට කොච්චර වටිනවද උඹ කරන වැඩේ.ඒ නිසා දිගටම අල්ලන් යමු.
    වමත් කාරයෙක් නිසා ඉස්කෝලෙ බෑන්ඩ් එකටත් යන්න බැරිවුනා.ආසවට ගත්ත ගිටර් එකෙන් දැන් බෙර ගහනව.උඹට පුලුවන්නම් ගිටාර් කෝඩ් අල්ලන විදිහ පෙන්නන කොට වමතින් අල්ලන විදිහත් පෙන්නපන්.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙතන තියෙනවා ලේෆ්ට් හෑන්ඩ් කෝඩ් ඩයග්රම් එකක්
      http://guitar-chords.learn-guitar-asap.com/pdf-files/left-handed-chord-diagrams.pdf

      Delete
    2. බොහොම ස්තුතියි කටුස්සො :) මම මේ ගිටාර් සම්බන්ධ ඉදිරි ලිපි වලදී අනිවා left handers ලට ඕන කරන කෝඩ්ස් අල්ලන ක්‍රම ටිකත් දාන්නම්. ඊට කලින් මම කල්පනා කලා එයාලටත් ඕනෙ කරන මුලික කරුණු පොඩ්ඩක් වෙනම ලිපියකින් කතා කරන්න. එක පාරටම කෝඩ්ස් අල්ලන හැටි දැම්මොත් සමහර අයට තේරුම් ගන්න අපහසු වේවි කියල හිතෙනවා. ජිවන අයිය උඩින් දාල තියෙන pdf එකත් බැලුව. ඒ ඔක්කොම හොඳට හොයල මම වමත් කරුවන්ටත් හොඳට ඉගෙන ගන්න පුළුවන් විදිහට මේ පාඩම් සෙට් එක හදන්නම්.

      Delete
  4. ජය වේවා දිගටම කරගෙන යන්න.. මට වැඩි ඉන්ටටරස්ට් එකක් නැති නිසයි නොබලන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒකට මනාගේ හිතේ කිසි තරහක් නෑ දේශකයානෙනි :). ඒ උනාට ඉඳල හිටලවත් ඇවිල්ල යන්න එන්න පින්තාරුව පැත්තෙ. ඔබතුමාලගෙන් ලැබෙන උපදෙස් ගොඩක් වටිනවා. ජය වේවා!!!

      Delete
  5. නියමයි මචෝ ...ජිවනටත් තියෙන්නේ පුදුම සංගීත පිස්සුවක් නේ . ඉතින් වූ මෙහෙම කොකලානම් තමයි පුදුමේ .ජිවන අය්යා උඹට ගොඩක් ස්තුතියි .
    මනා දිගටම යමන් .මම ඉතින් උඹේ ගොලයානේ ..හැක්

    ReplyDelete
    Replies
    1. හහා :D බොහොම ස්තුතියි මචෝ :). හොඳ දක්ෂ ගෝලයෙක් වෙයන් :) එතකොටයි ගෝලයො ගැන හිතල සතුටු වෙන්න පුළුවන්.

      Delete
  6. නියමයි නියමයි. ඔබට බ්ලොග් එක ඉදිරියට කරගෙන යන්න ඕනම උදවක් අපි දෙනවා ඔයාගෙ මේ බ්ලොග් එකෙන් ලංකාවෙ ගොඩක් අය සංගීතෙ ඉගෙනගන්නවා. සල්ලි දීලා සංගීත පන්ති යන්න බැරි ඒකට වෙලාවක් නැති ඒත් සංගීතයට අස අයට ඔයා කරන්නෙ ලොකු සේවයක්. ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තිතියි ධනුෂ්ක සහෝ ඔයාගෙ දිරිගැන්වීමට සහ සහයෝගයට :). මම මේ වැඩේ පුළුවන් තරම් කාලයක් කරන් යන්න බලාපොරොත්තු වෙනවා. එතැනදී ගුරුමුෂ්ටි අනංමනං නැතුව දන්න හැමදේම ලියන්න තමා හිතාගෙන ඉන්නෙ. දිගටම පින්තාරුව බලන්න එන්න කියල ආරාධනා කරනවා :) ජය වේවා!!!

      Delete
  7. මමත් මේ බ්ලොග් එක ගැන දැනගත්ත දම්පාට දේදුන්නෙන්... ස්තුතියි ජීවන අයියේ... මේවගේ බ්ලොග් එකක් කරලා අපිට ගොඩක් දේ කියල දෙන මනාටත් පින්... දිගු ගමනකට ආසිරි ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පොත් ගුල්ලා :). සාදරයෙන් පිළිගන්නව පින්තරුවට. දිගටම ඇවිත් යන්න එන්න :). ජය වේවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.