Friday, November 14, 2014

වමත් කරුවන් (Left Handers) හට ගිටාර් වාදනය කිරීමට දැනගත යුතු මුලික කරුණු සහ කෝඩ්ස් අවබෝධයෙන් ඉගෙන ගනිමු.

guitar_lessons_Left_handers



සුභ දවසක් සියළු දෙනාටම. අද දින මනා කියන්න හදන්නෙ ගිටාර් වාදනය සම්බන්ධ ලිපියක්. නමුත් මෙම පෝස්ටුව ගොඩක් වැදගත් වෙන්නෙ වමත හුරු අත වූ අය එහෙම නැත්තම් වමත් කරුවන් සඳහායි. මෙය කලින් කතා කරන ලද ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 1 සහ 2 පෝස්ටුවල  පළවූ කරුණුම වමත් කරුවන් හට ගැලපෙන පරිදි සැකසූ පෝස්ටුවකි. මෙම පෝස්ටුවෙන් පසුව අපගේ සුපුරුදු ගිටාර් පාඩම් මාලාව ඉදිරියට එලෙසම පළවනු ඇත.නමුත් ඉදිරියේදී ඒ සෑම පෝස්ටුවකදිම දකුණත් සහ වමත් කරුවන් යන දෙගොල්ලන්ම විසින් ගිටාරය හුරුවිය යුතු ආකාරයන් දෙකම ඇතුලත් කරන්න තමා මනා හිතන් ඉන්නේ. මනාට මෙසේ වමත් කරුවන් හට ගැලපෙන විදිහටත් දාන්න කියල ඉල්ලීම් කිහිපයක්ම ලැබුණු නිසා තමයි මේ විදිහට කරන්න හිතුනෙ. නමුත් මනාට මෙය අලුත් අත්දැකීමක්. මොකද මනා කියල කියන්නෙත් දකුණත් කරුවෙක් නිසා :D. ඉතින් දෙගොල්ලන්ටම සාධාරණයක් වෙන්න ඕනෙ නිසා කොහොම හරි මේක කරන්න ඕනෙ කියල හිතා ගත්ත. මේකට ඔයාල සියළු දෙනාගෙම සහයෝගය ලැබෙයි කියල හිතනවා. හරි  එහෙනම් මාතෘකාවට යමු.

මුලින්ම දැනගන්න ඕන කරන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි වමත් කරුවන් සඳහා ගිටාරයක් තෝරා ගන්නෙ කොහොමද කියන එක. ලෝකයේ ඇති සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතන වමත් කරුවන් සඳහාම වූ ගිටාරයන් නිෂ්පාදනය කරනු ලබනවා. එවැනි විශේෂිත වූ ගිටාරයක් ඇති විට කිරීමට ඇත්තේ මුලික කරුණු දැනගෙන ඉදිරියට ඉගෙන ගැනීමයි. පහත රුපයේ ඇත්තේ එවැනි වමත් කරුවන් වෙනුවෙන් නිපදවූ ගිටාරයකි.



මිට අමතරව ඔබට අවශ්‍ය නම් දකුණත් කරුවන් සඳහා ඇති ඕනැම ගිටාරයක් ගෙන වමත් කරුවෙක්ට වාදනය කිරීමට සුදුසු පරිදි සකසා ගත හැකිය. එවිට කිරීමට ඇත්තේ දකුණත් කරුවන් සඳහා ඇති ගිටාරයේ ඇති තත් (Strings) හය ඇති පිළිවෙල අනිත් පැත්තට හැරවීමයි. සරලවම කිවොත් දකුණත් කරුවෙක්ගෙ ගිටාරයක් ඉස්සරහින් ලොකු කන්නාඩියක් තැබූ විට එමගින් පෙනෙන ප්‍රතිබිම්භයේ පරිදි තත් හය සකසා ගැනීමයි. පහත රූපය බැලුවහම ඔයාලට තවත් හොඳින් වැටහේවි.

left_right_guitar_managepintharuwa


එවිට ගිටාරයේ තත් වල පිළිවෙල පහත රුපයේ සඳහන් කර ඇති ලෙස වෙනස් වේ. 

guitar_managepintharuwa


ඒ විදිහට ඕනෑම වමත් කරුවෙක් සඳහා ගිටාරය වාදනය කිරීමට සුදානම් කරගන්න පුළුවන්. එවිට ගිටාරයේ ස්වර පුවරුව (Fret board) මත තබන්නේ වමත් කරුවාගේ දකුණු අතේ ඇඟිලියි. දකුණු අතෙහි ඇඟිලි අංක කරන්නේ මෙසේයි.

fingerNumbering_lefthand_guitar


වමත් කරුවෙක් සඳහා ගිටාරය සුසර (Tune) කරගන්නේ කෙසේද?

ගිටාරය සුසර කරගන්නේ මෙහෙමයි.

guitar_tuning_notes


මෙම පොස්ටුවට අදාලව ගිටාරයේ ෆ්රෙට්ස් (Frets) අංක කරන්නේ මෙසේයි.

left_right_frets_guitar
 

ගිටාරයේ කෝඩ්ස් අල්ලන අකාරය අඳින විට පහත සලකුණු යොදා ගන්නවා

guitar_marks_manaa


දැන් අපි බලමු ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2 පොස්ටුවේදී කතා කරපු මේජර් සහ මයිනර් ඕපන් (Open) කෝඩ්ස් කොහොමද වමත් කරුවන්ට අල්ලන්න පුරුදුවෙන්නේ  කියල.

Major (මේජර්) කෝඩ්ස් අල්ලන ආකාරය  

C Major (මේජර්)

left_C_open_chord


D Major (මේජර්)

Left_D_open_chord


E Major (මේජර්)

Left_E_open_chord


F Major (මේජර්)

Left_F_open_chord


G  Major (මේජර්)

Left_G_open_chord


A  Major (මේජර්)

Left_A_open_chord


B  Major (මේජර්)

Left_B_open_chord



Minor (මයිනර්) කෝඩ්ස් අල්ලන ආකාරය 

Cm  (C  මයිනර්)

Left_Cm_open_chord


Dm (D මයිනර්)

Left_Dm_open_chord


Em (E මයිනර්)

Left_Em_open_chord


Fm (F  මයිනර්)

Left_Fm_open_chord


Gm (G මයිනර්)

Left_Gm_open_chord


Am (A මයිනර්)

Left_Am_open_chord


Bm (B මයිනර්)

Left_Bm_open_chord



මෙම පෝස්ටුවේදී මනාට කියන්න ඕනවුනේ වමත් කරුවෙකුට කෝඩ්ස් ටික වාදනය කරන්න ඉගෙනගන්නෙ කොහොමද කියල විතරයි. මෙම කෝඩ්ස් වල තියෙන ස්වර සහ අනිත් තොරතුරු කලින් පළවූ ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 1 සහ ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2 පාඩම් වල කතා කරපු නිසා ඒවා ගැන වැඩි දුරටත් මෙම පෝස්ටුවේදී කතා කලේ නෑ. මෙම පෝස්ටුවේ අරමුණ වුයේ මෙම බ්ලොග් එක පරිශීලනය කරල ගිටාර් ඉගෙනගන්නා දකුණත් සහ වමත් කරුවන් එකම මට්ටමකට ගැනීමයි. ඊළඟට පළ වෙන ගිටාරය ඉගෙන ගැනීම සම්බන්ධ පොස්ට් වල සිට මෙම දෙගොල්ලන්ටම එකම විදිහට ඉදිරියට ඉගෙන ගැනීමට එතකොට අවස්ථාව ලැබෙනවනෙ. ඉතින් මෙම පෝස්ටුවේ ගැටළු කාරී තැනක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න කියල ඔයාලට මතක් කරන්න කැමතියි. එහෙනම් ඉදිරියේදී තවත් පෝස්ටුවකින් හමුවෙමු. හැම දෙනාටම ජය වේවා!!! 

13 comments :

  1. එලද බ්‍රා .....මමත් වමත් එකෙක් .එත් දැන් දකුණට හුරු උනා ......
    ජය වේවා ..

    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. අෆ්ෆට බොල :o එහෙමද? දැන් ඉතින් අවුලක් නෑනේ. ඕන විදිහකට පුරුදු වෙන්න පුළුවන් මෙතනින් ඉස්සරහට :D ඔන්න මාත් එළද බ්‍රා කිව්වා එහෙනම්. ජය වේවා!!!

      Delete
  2. මෙච්චර ඉක්මනට?උඹනම් මාරයි......එළකිරි....ජයවේවා උඹට.....

    ReplyDelete
    Replies
    1. ඉක්මන් වුනේ නැත්තම් වමත් කාරයො ටික අතරමන් වෙනවනෙ මචෝ. දැන් දෙගොල්ලොන්ටම එකම මට්ටමකට එන්න පුළුවන් නෙ. එකයි කිසිදෙයක් හිතන්නෙ නැතුව මේකත් දැම්මෙ. අනික කටුස්සගෙ ඉල්ලීමත් මම දැක්ක. එක අහක දාන්නත් බෑනේ :) හැබැයි මම ඊළඟ ගිටාර් පොස්ට් එක සතියක් විතර ගියාට පස්සේ තමා දාන්න හිතන් ඉන්නෙ ඔන්න :D එහෙනම් ජය වේවා කිව්වා !!!

      Delete
  3. මම දන්න තරමින් වමත් ගිටාර් වාදනය් පිලිබඳ සිංහලෙන් ලියවෙන පළමු ලිපිය. මචන් ලොකුම ලොකු සේවයක් උඹ කරනවා දිගටම කරගෙන යන්න, ඉක්මනටම සරල සින්දුවක් වාදනය පිළිබඳව ලිපියක් දානවනම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම දානවා ජීවන අයියා. මම කල්පනා කලේ තව ටිකක් දැනුවත් කරලම සිංදුවකට හරි අභ්‍යාසයකට හරි යන්න. මේක බලල බිහිවෙන්න ඉන්න ගිටාර් වදකයෝ ටික අපි පිළිවෙලකට දැන්ම ඉඳන්ම හදමු. එහෙම නොකලොත් ඒ අයගෙ වටිනාකමක් නැති වෙයි කියල මනාට හිතෙනව. ඒක නිසා තව පොස්ට් දෙක තුනක් දාලම වැඩේ පටන් ගන්නව ජිවන අයියෙ :) . මටත් හිතෙන්නෙ ජිවන අයියෙ මේක වෙන්න ඇති කියල පළවෙනි පොස්ට් එක වමත් ගිටාර් වාදනය පිලිබඳ සිංහලෙන් ලියවුන :D. ජය වේවා එහෙනම් !!!

      Delete
  4. බ්ලොගර් ෆලෝවර් එකත් දැම්මානං නරකද

    ReplyDelete
  5. හරිම වටින ලිපි පෙළක්.. මමත් සාමාන්‍ය පෙළ වෙනකම් බටහිර සංගීතය ඉගෙනගත්තා, ට්‍රිනිටි විභාගයේ 4වෙනි මට්ටම වෙනකම් කළා. ඒත් මම instrument එකක් විදියට ඉගෙනගත්තෙ පියානෝව. ගිටාර් එක ඉගෙනගන්න ආසාවක් තිබ්බා දැන් ඒකත් හරි වගේ.. :) වැඩේ තවත් ලේසියි මොකද මමත් වමත්. දිගටම ලියාගෙන යමු. \,,/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අශාන්. දිගටම පින්තාරුව පැත්තෙ එන්න. දැන් වමත් දකුණත් බේදයක් නෑ. ඕන කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් විදිහට ඉදිරියටත් මේ පෝස්ට් ටික පල කරනව.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මාත් වමත් ගිටාර්කරුවෙක්. දකුණත් ගිටාර් එකක් කම්බි මාරු කරගෙන පුරුදු වෙනවා. අලුත් කෙනකුට හොඳ වමත් ගිටාර් මොනවාද?

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.