Saturday, May 23, 2015

සිංහල බ්ලොග් අවකාශයේ ඇනෝලා | Anonymous Users


ඔන්න අද කියන්න හදන්නෙ තරමක් වෙනස් දෙයක්. ඒත් බ්ලොග් අවකාශයේ සිටින මට වගේම ඔබටත් හොඳට හුරු පුරුදු දෙයක්. 

අපි බ්ලොග් පෝස්ට් එකක් කියවා එයට කමෙන්ට් කිරීම සාමාන්‍ය දෙයකි. සාමාන්‍යයෙන් කමෙන්ට් කිරීමට පෙර එතෙක් පලවී ඇති කමෙන්ට්ස් කියවීම බොහෝ දෙනාගේ සිරිතකි. එම කමෙන්ට් අතර අපි කවුරුත් දන්නා බ්ලොග් අයිතිකරුවන් සහ බ්ලොග් පවත්වාගෙන නොයන පුද්ගල නාමයන්ද දැකිය හැකිය. ඒ දෙපිරිසටම අයිති නැති පුද්ගලයන් ලෙස  ඇනෝලා(Anonymous) හැඳින්වීම නිවැරදි යැයි මට සිතේ. ඉතිං මෙම පෝස්ට් එකෙන් සිංහල බ්ලොග් ලෝකයේ ඇනෝවරු ගැන අපි කතා කරමු.

සාමාන්‍යයෙන් ඇනොනිමස්(Anonymous) ලෙස කැටගරි එකක් බ්ලොග් අවකාශයේ පවතින්නේ කිසියම් පුද්ගලයෙකුට ප්‍රොෆයිල් එකක් නොමැති වුවත් ඔහුගේ/ඇයගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම සඳහාය. ඉතිං ඔබ බ්ලොග් පෝස්ට් කියවන විට ඕන තරම් ඇනොනිමස්(Anonymous) කමෙන්ට්ස් දැක ඇත. මෙලෙස සිංහල බ්ලොග් අවකාශයේ ප්‍රධාන වශයෙන් ඇනෝලා දෙපිරිසකි.

1) සැබෑවටම ඇනෝ
2) ප්‍රොෆයිල් ඇනෝ


සැබෑම ඇනෝලා ගැන කතා කරන විටදී ඔවුන්ද උප කොටස් වලට බෙදිය හැකිය. එනම් සැබෑ ආතල් ඇනෝ සහ  සැබෑ ආතල් නොවන ඇනෝ.

මෙයින් මා කැමති පිරිස සැබෑ ආතල් ඇනෝලා වේ. හේතුව ඔවුන් බ්ලොග් පෝස්ට් එකට අදාල සෑම  කමෙන්ට් එකකටම ගැළපෙන ලෙස ආතල් එකක් දෙන නිසාය. ඔවුන් ගැන වැඩි දෙනෙක් දන්නවා නොඅනුමානයි. උදාහරණයක්‌ ලෙස පාන් ඇනෝ සහ අයිසෙ ඇනෝ ගෙනහැර දක්වන්න පුළුවන්. තවත් එවැනී අනෝලා ගොඩක් සිටියත් මට මතකෙට ආවේ එපමණකි. මෙම අනෝලාගේ වැඩි ක්‍රියාකාරිත්වයක් අපගේ ප්‍රසිද්ධ බ්ලොග් කරුවන්ගේ පෝස්ට් වලින් සෑම කෙනෙක්ටම බලා ගන්න පුළුවන්. මාතලන්, රසිකලොජි, රාජ්ගෙ නවාතැන ඒ අතරින් කිහිපයකි.


මට මෙම පෝස්ටුව ලිවීමට සිතුනේද මාතලන් බ්ලොග් අඩවියේ පලවූ වාසු සම්බන්ධ පෝස්ටුවට අදාළ කමෙන්ට් කියවීමෙන් පසුවයි. මාගේ එක් විනෝදාංශයක් ලෙස දැන් එම කමෙන්ට් කියවිල්ල පත් වී ඇත්තේ එම කමෙන්ට් වල ඇති හාස්‍යමය ස්වරුපයෙන් යුත් ගැඹුරු අදහස් නිසාය. නමුත් ඇතැම් විට මෙම ආතල් ඇනෝ කමෙන්ට්ස් වල කුනුහබ්බද නැතුවාම නොවේ.  එමෙන්ම සමහර බ්ලොග් කරුවන්ට කෝචෝක් කිරීමද දැක ඇත. කෙසේ නමුත් ඔවුන් නිසා බ්ලොග් ලියන කියවන බහුතරයක් බඩ පැලෙන්න හිනා වෙනවාට කිසිම සැකයක් නැත.  

එහි අනෙක් උප කොටස වන්නේ සැබෑ ආතල් නොවන ඇනෝවරුන්ය. ඇත්තටම ඔවුන්ට අවශ්‍ය වන්නේ අදාළ පොස්ටුව මගින් කියන කරුණු වලට තව දෙයක් එක් කිරීම, පෝස්ටුවේ හොඳ කීම හෝ අඩු පාඩු පෙන්වා දීම වේ. ඇතැම් විටෙක නිර්දය ලෙස විවේචනය කිරීම්ද මා දැක ඇත. ඔවුන් බොහෝ විට ඒ ඒ ක්ෂේත්‍ර වල  ප්‍රවීණයෝ විය හැකියැයි මට සිතේ. කෙසේ වෙතත් ඔවුන්ද නාමික ප්‍රොෆයිල් වලින් ඇවිත් කමෙන්ට් දමනා අය සමග එක මට්ටමක තැබීමට මා කැමැත්තෙමි. 


දැන් කියන්නට යන්නේ ටිකක් බැරෑරුම් කරුණක් කීවොත් නිවැරදියි. එනම් ප්‍රොෆයිල් ඇනෝවරු ගැනය. මේ කට්ටිය ටිකක් භයානක පිරිසක් කීවොත් හරි. ප්‍රොෆයිල් ඇනෝවරු ලෙස හැඳින් වෙන්නේ සැබෑ නමිනුත් ප්‍රොෆයිල් එකක් තිබෙන නමුත් ඇනෝ ලෙස කමෙන්ට් කරනා පිරිසටයි. බොහෝ විට තමන් අකැමැති පුද්ගලයන් සමග වාද කිරීමට, බැන ගැනීමට සහ මඩ ගැසීමට මෙම ප්‍රොෆයිල් ඇනෝලා ක්‍රියා කරනා බව සමහර ඇනෝ කමෙන්ට්ස් කියවීමෙන් නිගමනය කිරීමට පුළුවන්. නමුත් ඔවුන් අර සැබෑවටම ඇනෝලා සමග එක මට්ටමක තබන්න මම අකමැත්තෙමි.


කෙසේ නමුත් බොහෝ බ්ලොග් කරුවන්හට ඇනෝලාගෙන් ලැබෙන සේවය අතිමහත්ය. එසේ කියන්නේ ඇනෝවරු දිනපතා පැමිණෙන ප්‍රධාන බ්ලොග් අඩවි කිහිපයක් ඇත. එම අඩවි පවත්වන් යන පුද්ගලයන් හට වෙනත් කවුරුන් හෝ වැරදි ලෙස විවේචනය කිරීම්, බැන වැදීම් වලදී මෙලෙස බ්ලොග් වලට පුරුදු වුනු ඇනෝවරු එම කමෙන්ට් කරන තැනැත්තාව නැති බන්ගස්තාන කිරීමට එකාවන්ව පෙළ ගැසී තම තමන්ගේ අදහස් දැක්වීම් වලින් බ්ලොග් අයිතිකරුවා වෙනුවෙන් පෙනී සිටින අවස්ථා මම දැක ඇත්තෙමි. නමුත් අනෙක් ලක්ෂණය නම් ඔවුන් බ්ලොග් අඩවිය ලියන තැනැත්තාට විවිධ ආකාරයේ කෝචෝක් කරමින්, නමුත් දිගටම එම අඩවියත් සමග රැඳී සිටමය. මෙහෙම කියද්දී ප්‍රසිද්ධ බ්ලොග් නාමයන් කිහිපයක් ඔබට මතක් වෙනු ඇති.


එමෙන්ම මෙම ඇනෝවරුන් නිසා බ්ලොග් අඩවියකට සැලකියයුතු ට්‍රැෆික් එකක් ලැබෙන බව නොරහසකි. නමුත් මෙම ඇනෝවරු සමග ගනුදෙනු කිරීමට අකමැති පිරිසක්ද මෙම අවකාශයේ සිටිති. එවන් පුද්ගලයින් ඇතැම් විට ඇනෝවරුන්ට කමෙන්ට් කිරීමට නොහැකි ලෙස බ්ලොග් අඩවියේ සැකසුම් වෙනස් කර ඇත. සමහරු සෑම කමෙන්ට් එකක්ම පලකිරීමට ප්‍රථම කියවා බලා පසුව පබ්ලිෂ් කිරීමට හැකි වන ලෙස සැකසුම් සකස් කොට ඇත. ඇත්තටම එය මාධ්‍ය නිදහසට බාධාවක් නොවන්නේද?. මේ ලියන මටද ඇනෝවරු කිහිප දෙනෙක්ම කමෙන්ට් කර ඇති අතර එක්කෙනෙක් දෙන්නෙක් හොඳ පද වලින් අමතා ඇති බවද මේ අවස්ථාවේදී මාගේ මතකයට නැගෙයි :D. නමුත් ඔවුන් සැබෑ ඇනෝවරුද ප්‍රොෆයිල් ඇනෝවරුද යන්න අදටත් ප්‍රශ්නයකි.

ප.ලි:
ඇනෝවරුන්ටද අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ ලබාදීම කලයුතුයි. එමගින් අපට අළුත් දේවල් ඉගෙන ගැනීමට යොමුවීම්, වැරදි හදා ගැනීම් සහ හොඳ හැටි ලේ පිරිසිදු කරගැනීමට අවස්ථාවන් උදාවේ.

ජය වේවා!!!   

78 comments :

  1. තවත් ඇනෝවරු වගයක් ඉන්නවා කාට හරි බයේ වගේ අදහස් පළකරන අය. ඔවුන් හඬක් නැති මිනිසුන්ගේ අදහස් නියෝජනය කරනවාත් විය හැකියි නේද මනා

    ReplyDelete
    Replies
    1. ඔව් නේද. එහෙම කට්ටියකුත් ඉන්නවා. ඇත්තටම සමහර පෝස්ට් වලදී ඒ මිනිස්සු ලොකු දෙයක් කරනවා. සමහර වෙලාවල ලොකු සාකච්ඡා වලදී අපි නොහිතන පැති එයාලා මතු කරනවා.

      Delete
  2. කුණුහරුප කියන්නැති අැනෝලගෙන්නං ෆුල් ආතල් එකක් හම්බවෙනව තමයි.
    ඔය කොමෙන්ට් මොඩරේෂන් කිරිල්ලෙන් වෙන්නෙ තමං දාපු කොමෙන්ට් එක හරිද කියල බලන්න බැරි වෙනව වගේම ඒකට රිප්ලයි එකක් ආවොත් උත්තර දෙන්න කාලයක් යන එක. අයි ඕල්සෝ ඩෝන්ට් ලයික් ඉට්.

    ReplyDelete
    Replies
    1. //කුණුහරුප කියන්නැති අැනෝලගෙන්නං ෆුල් ආතල් එකක් හම්බවෙනව තමයි.//
      සමහර වෙලාවට හිනා වෙලා මහන්සියි :D.

      ඔව් කමෙන්ට් මොඩරේට් කරන එකට මාත් කැමති නෑ. ඕන දෙයක් ලියල දාන්න නිදහස දෙන්න ඕනෙ. ඒවාට රිප්ලයි කරන නොකරන එක තමන්ගෙ(බ්ලොග් එකේ අයිතිකරුගෙ ) කැමැත්ත. ඔය වැඩේ නිසා වෙලාව යන එකත් වැඩියි තමා.

      Delete
  3. ඇතිවත් බැරි, නැතිවත් බැරි......

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත මාතෙ අයියෙ. නැතුවත් බෑ. හිටියත් සමහර වෙලාවට බෑ :D. හරි අපූරු සෙට් එකක් :D

      Delete
    2. හායි මෙයා තාන්
      ආ...... නේ ඔයා එහෙමද අනේ .....
      මේ මන් ඔයාගේ පොන්න ඇනේ
      උරනකොට නම් හොඳා ...යී
      යනකොට කන් දෙකම මිරිකායි

      Delete
    3. //AnonymousMay 23, 2015 at 11:09 AM//
      ඇනෝ ඔයාගෙ කතා විලාසෙ නම් එච්චර හොඳ නෑ වගේ. මට මේක කියෙව්ව ගමන් අර ඉන්දියාවේ සාරි ඇඳ ගත්ත පිරිමියෙක් මතක් උනා කියහන්කො :D. ඔය කතා විලාසෙ තියෙන නෝටි වචන ටික අඩු උනානම් ඔයත් ආතල් හොඳ ඇනෝ කෙනෙක් වෙනවා අනිවාරෙන්ම ;).

      Delete
    4. අපෝ යි නිකම් ඉන්න..... මෙයා
      මල කොලන් සුමුටු අපිට එපා
      ඕන ම නම් ඔයත් එන්න මෙයා
      මට නම දැම්මේ පිම්පි ළමා තනා

      Delete
    5. ඇ බන් මනා
      උඹත් දාගනිකෝ මචන් අර කැරකෙන ලෝක බෝලයක් එතකොට අර අනික් සැට්ට එකවගේ ඔය අනොලයි වෙන්ඩ් ඉන්න බැනොල යි මොන තුතු කුදියේ හිටියත් බලාගන්න පුළුවන්නේ .පෙළක් ලෝක බෝලවල රතු පාටින් පොපප් වෙන්නේ හරියට ජාතකේ රොන් වෙච්ච තෝරන් වගේ .

      Delete
    6. @AnonymousMay 23, 2015 at 11:49 AM

      කෝලම් පැත්තකින් තියා
      සුමුදු නොවී ඉන්න මෙයා
      දැක්කම මේ වදන් සිරා
      සිහිවිය පුඥ්ඥ සෝමෙ මෙයා

      Delete
    7. @AnonymousMay 23, 2015 at 12:02 PM

      ඒක හොඳ අදහසක් ඇනෝ. ලෝක බෝලෙ එල්ලගන්න ඕනෙ තමා. හෙ හෙ එතකොට බැරියැ ඇත්තට බලාගන්න නේ :D. තැන්කු මතක් කලාට.

      Delete
  4. අයිසෙ මමනම් කිසි කෙනෙකුට මඩ ගහන්නෙ නෑ ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. මම දන්නවා අයිසෙ ඇනෝ :D. අයිසෙ ඇනෝගෙ කමෙන්ට් නිතරම වගේ මම දකිනවනෙ ;). ඔන්න ඔයාල වෙනුවෙනුත් ලිපියක් සයිබර් ගත කළා හොඳේ. කාටවත් මඩ ගහන්නෙ නැති තරමට බ්ලොග් ලියන හැමෝම ඇනෝලට කැමතියි මම හිතන විදිහට.
      ජය වේවා!!!

      Delete
    2. මමනම් කිසි කෙනෙකුට මඩ ගහන්නෙ නෑ ඉඳගෙන....... බම්බුව .......

      මටමොකෝ .

      Delete
    3. @AnonymousMay 23, 2015 at 11:12 AM

      අන්න බලන්න කොච්චර හොඳ ඇනෝ කෙනෙක්ද මේ. ඒකනේ මේ පෝස්ට් එකේ ඔයාල ගැන උඩින්ම සඳහන් කලේ. ඔයාට බම්බු ඇනෝ කියල කිව්වට අවුලක් නැතුව ඇති මයෙ හිතේ ;)

      Delete
    4. මටමොකෝ .

      Delete
    5. @AnonymousMay 23, 2015 at 11:41 AM
      හැක් හැක් :D.
      එහෙනම් මේ කමෙන්ට් කියවන කාට කාටත් දැන ගන්න දාන්නෙ. ඇනෝ කමෙන්ට් එකක යටින් " බම්බුව... මටමොකෝ " තියෙනවා දැක්කොත් එය "බම්බු ඇනෝ" විසින් පල කරන ලද්දක් කියල දැන ගන්නවා හොඳයි ;).

      Delete
  5. ඇනෝලා අර කිව්ව වගේ ඇතුවත් බැරි නැතුවත් බැරි උදවිය. මම නම් පුද්ගලිකව මගේ බ්ලොගයේදී මට මඩ ගැහුවට මොකක්හෝ දෙයක් කියල සද්ද නැතුව ඉන්නවා. හැබැයි කාටහරි මඩක් ගැහුවොත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. අයිසෙ ඇනෝ වෙලාවකට මාර ආතල් දෙන්නෙ. එහෙම ආතල් ඇනෝලා මරු. වැරදි පෙන්නලා දෙන ඇනෝලත් කිසි ගැටළුවක් නෑ. හැබැයි කිසිම හේතුවක් නැතුව බණින ඇනෝලා නම් වෙලාවකට වාතයක්. ඇනෝ ඇවිත් මම ජීවිතේට කොමෙන්ට් කරලා නෑ.. හැබැයි එහෙම කරන ප්‍රොෆයිල් ඇනෝලා ඉන්න බව පේනවා. ප්‍රොෆයිල් ඇනෝ කියල උඹ කිව්වම මට එකපාරටම මතක්උනේ ඇනොනිමස් කියල නම තියන ප්‍රොෆයිල් එකකින් එන ඔරිජිනල් "ප්‍රොෆයිල් ඇනෝ" ව. එයා සමහර වෙලාවට තර්ක දානවා කට උත්තර නැති වෙන්න. වෙනස්ම මාතෘකාවක්.. ජයවේවා..

    ReplyDelete
    Replies
    1. මාත් දාන කමෙන්ට් එකකට මොකක් හරි කියල ඉන්නවා. වෙන කෙනෙක්ට මඩ ගහනව දකින්න නම් මාත් කැමති නැහැ. ආතල් දෙන අනෝල සහ වැරදි අඩුපාඩු කියන අනෝලට අපි කවුරුත් කැමතියි. මාත් ඇනෝ ගිහින් නම් කමෙන්ට් කරන්නෙ නැහැ කියන දෙයක් මේ නමින් කියනව මිසක්. එහෙම නැතිනම් කරන්නෙ පෝස්ට් එක කියවල කමෙන්ට් නොකර එන එක. ප්‍රොෆයිල් ඇනෝල කියල මම අදහස් කලේ "ඇනොනිමස් කියල නම තියන ප්‍රොෆයිල් එකෙන් එන කෙනා" වගේම ප්‍රොෆයිල් තියන් කොන්දක් නැති කම නිසා ඇනෝ ඇවිත් කමෙන්ට් දාන උන්ට. මම සමහර බ්ලොග් වල යන ලොකු සංවාද කියවද්දී එහෙම සැක සහිත ඇනෝ කමෙන්ට්ස් සෑහෙන්න දැකල තියෙනවා. ඉතිං ඒකයි මම එහෙම කිව්වෙ. සමහර විට මම වැරදි වෙන්නත් පුළුවන්. මොනවා උනත් බහුතරයක් ඇනෝලා අපි ඔක්කොටොම ආතල් එකක් දෙනවනෙ සජ්ජො :D. ඒකයි උන් වෙනුවෙනුත් මෙහෙම එකක් ලියන්න හිතුනෙ. නිකමට මාතෙගේ ඊයෙ දාපු පෝස්ට් එක බලහන්කො :D. හිනා වෙලා පණ යනව :D.

      Delete
    2. ඇත්ත ඒකටනම් හිනා වෙලා පණ ගියා තමයි.කමෙනට් එකක් දාන්නවත් ඔළුව සුද්ද කර ගන්න බැරි වුනා කැරකිලා ගිය පාරට

      Delete
    3. ආ වත්සලත් ඔය බලල තියේන්නෙ එහෙනම් :D.

      Delete
  6. ඇනෝ කමෙන්ට් නොදැම්මට නියම නමින් නොඑන අයත් ඇනොලා ලෙස සලකන්න පුළුවන්.
    උදාහරණ ලෙස මම

    ReplyDelete
    Replies
    1. ඇයි බොලේ එහෙනම් අපේ බ්ලොග් ලියන උන්ගෙන් හෙන සෙට් එකක් අහුවෙනවා නොවැ එහෙම බැලුවොත් :D. මම ඉතිං අදහස් කලේ එහෙමවත් නමක් නැතිව අමුවෙන් ඇනෝ කමෙන්ට්ස් දාන උදවියටනේ ආයුබෝවන්ඩ ;).

      Delete
  7. ඇනෝලා ද මනෝලා ය

    // අයිසෙ මමත් අයිසෙට නම් මාර ලව් අයිසෙ //

    ReplyDelete
    Replies
    1. //ඇනෝලා ද මනෝලා ය //
      මම නම් ඇනෝ නොඑමි. අවොත් මේ බ්ලොගේ නමිනි. නැති නම් කමෙන්ට් නොදමමි.

      මාත් අයිසෙට ලයික් අයිසෙ ;)

      Delete
  8. සමහර බොග් අයිතිකාරයො තමන් ගේ හිතට නොගැලපෙන අවකැපෙන කොමෙන්ට් දැම්ම හාදයන්ට නරක වචනින් බනින්න තමන් ගෙ බොගේ තමන් ම ඇනො එනවද කියලත් වෙලාවකට හිතෙනවා මෙයා...

    ReplyDelete
    Replies
    1. මම නම් එසේ නොකරමි මිස්ට සා. ඕන දෙකට මේ නමින් පෙනී සිටිනවා :). හැබැයි ඔබ කියන විදිහේ උදවිය ඉන්නත් පුළුවන්. ඔබට ඒ සම්බන්ධව සැක කල හැකි අය සිටින්නේද?

      Delete
    2. ඇත්තෙත් නැහැ... නැත්තෙත් නැහැ....


      හැබැයි මනා ඔබ නම් එසේ නොකරන බවත්, කිසි විටෙක ඇනෝ ලෙස නො එන බවත් මා විස්වාස කරමි...

      Delete
    3. //හැබැයි මනා ඔබ නම් එසේ නොකරන බවත්, කිසි විටෙක ඇනෝ ලෙස නො එන බවත් මා විස්වාස කරමි..//

      කියන දෙයක් මේ නමින් පල වේවි. නැති නම් කමෙන්ට් කර නොමැත.

      බොහොම ස්තූතියි. ඒ විශ්වාසෙ දිගටම වෙනස් නොවී තියෙයි.

      Delete
    4. අන්තිම හොඳයි.....

      ඒ වගේම ඇනො ඇවිත් අනුන් ගේ නමින් කොමෙන් දාන උදවියත් නැත්තෙ නැහ.... අර චතූස කුමර කියලා අස්සන් කරන ඇනෝලත් රාසියක් ඉන්නවානේ...

      Delete
    5. ඔව් එහෙම හොර අස්සන් ගහන එවුනුත් ඉන්න පුළුවන් තමා.
      ඇත්තටම සා කවුද ඔය චතූස කුමර කියන්නෙ?

      Delete
    6. //ඇත්තටම සා කවුද ඔය චතූස කුමර කියන්නෙ?//

      ස ර ස වෙන්නත් බැරි ම නැහැ නේද?

      Delete
    7. හෙ හෙ :D. ඒ කියන්නෙ සා ගෙ නම චතූස කියලද ඔය කියන්නෙ.

      Delete
    8. වෙන්නත් පුලුවනි, නොවෙන්නත් පුලුවනි......

      Delete
    9. ඕක හරි ප්‍රේහෙලිකාවක් නිසා මම "චතූස" කියල දැන් ගූගල් කරලා බැලුවා. මට ප්‍රතිපල දෙකක් පෙන්නුවා. එකක් සා දැන් කියපු කමෙන්ට් එක තියෙන මගෙ බ්ලොග් එකේ මේ පෝස්ට් එක. අනිත් එක මාරයගේ හෝරාවේ 2011 අප්‍රේල් 21 පෝස්ට් එකක කමෙන්ට් එකක්. ඒකෙ තියෙන්නෙ "චතූස කොලුවට නෙව හරි කියල කමෙන්ට් කෑල්ලක්. ඉතිං ඒ බ්ලොගට ගිහිල්ල බැලුවම මෙන්න ඒ බ්ලොග් ඇඩ්‍රස් එක තියෙනව "ctkumara.blogspot.com" කියලා. එතකොට ඔය ctkumara කියල කියන්නෙ චතූස කුමාර ද ?

      //වෙන්නත් පුලුවනි, නොවෙන්නත් පුලුවනි......// එහෙමනම්
      එතකොට සා රස කියන්නෙ මාරයගෙම තවත් බ්ලොග් එකක්ද?

      මෙහෙම අහන්නේ මම මාරයාගේ හෝ ඔබේ බ්ලොග් පෝස්ට් කියවා නැති නිසාය.
      එහෙමත් නැතිනම් ඔබ නිකං ඔය නම අරගෙන මෙතන සාකච්ඡාවක් දිගට ගෙනියන්න උත්සාහ කලාද?

      Delete
    10. ඒක නෙවෙයි බොස්...

      මට හිතෙනවා ඔය බොහොම සන්වරව බොග ලියන කොමෙන්ට් දාන කාන්තා පාර්සවේ කස්ටිය ඇනෝ ඇවිත් කුනුහරුපෙන් දීලා අදිනවා කියලා.... ඔයා මොකද්ද හිතන්නේ ඒ ගැන???

      Delete
    11. හෙ හෙ :D ඇත්තට එහෙම වෙන්නත් හැකියාවක් තියෙනවා නේද. සා කියනකන් මට එහෙම හිතුනේ නෑ. මොකද එහෙම හිතුනෙ. දැනට එහෙම සැකකරුවන් සිටිනවාද?

      Delete
    12. සිටිමි.....

      ඔබතුමා කන්ට්‍රවර්ශල් මාතෘකා වලට බැහැලා අපි වගේ මඩ ගා ගන්නෙ නැහැ නේ....

      මට නම් කීපවරක් ම හිතිලා තියෙනවා සිනිඳු සුදු (හෝ කලු ) මුදු ලලනාවල් ඇනෝ ඇවිත් අපට මනරම් වචන සැට් එකකින් සඟ්‍රහ කරනවා කියලා........

      Delete
    13. කන්ට්‍රවර්ශල් මාතෘකා විදිහට තියෙන්නෙ සා, දේශපාලනය හරි එහෙමත් නැත්තං ජාතියේ ගුණ වැයීමනෙ. ඉතිං මම ඔය දෙකටම අදාළව කිසිම දෙයක් ලියන්නෙ නෑ. මඩ නම් ඉතිං ඔය හැම දෙයක්ම ලියද්දි අපි බලාපොරොත්තු වෙන්න ඕනෙ.

      //මට නම් කීපවරක් ම හිතිලා තියෙනවා සිනිඳු සුදු (හෝ කලු ) මුදු ලලනාවල් ඇනෝ ඇවිත් අපට මනරම් වචන සැට් එකකින් සඟ්‍රහ කරනවා කියලා........//
      හෙ හෙ :D.පොඩ්ඩක් හොඳට අවධානයෙන් මීට පස්සෙ ඔය වගේ සංවාද වල ඇනෝ කමෙන්ට්ස් කියවල බලන්න ඕනෙ.

      Delete
    14. //මෙහෙම අහන්නේ මම මාරයාගේ හෝ ඔබේ බ්ලොග් පෝස්ට් කියවා නැති නිසාය.//

      හත්දෙයියනේ මාරයා කියවල නැත්තං කාපං වහ

      //මට නම් කීපවරක් ම හිතිලා තියෙනවා සිනිඳු සුදු (හෝ කලු ) මුදු ලලනාවල් ඇනෝ ඇවිත් අපට මනරම් වචන සැට් එකකින් සඟ්‍රහ කරනවා කියලා//

      සත්තලනේ දනිමි මමත් ඒක

      හැබැයි පෙන්නන්ඩ හදන තරං ‘‘සිනිඳු සුදු‘‘ නැ

      මචංල

      Delete
    15. @අටම්පහුර
      //හත්දෙයියනේ මාරයා කියවල නැත්තං කාපං වහ//

      වහනම් කන්න බැරියෝ :D. ඔච්චරම කියන හින්ද කියවල බලන්න ඕනෙ

      //සත්තලනේ දනිමි මමත් ඒක
      හැබැයි පෙන්නන්ඩ හදන තරං ‘‘සිනිඳු සුදු‘‘ නැ//
      එහෙනං සාරසට දැනෙන දේම අටං අයියටත් දැනෙනවා. අඩේ එහෙනම් පොඩ්ඩක් කල්පනාවෙන් ඇනෝ කමෙන්ට්ස් කියවන්න ඕනෙ.

      Delete
    16. //හැබැයි පෙන්නන්ඩ හදන තරං ‘‘සිනිඳු සුදු‘‘ නැ //

      මලා... කකුලෙ කොරල ටයිප් ද බොස්??

      Delete
    17. //හත්දෙයියනේ මාරයා කියවල නැත්තං කාපං වහ//
      කවුරු උනත් කලක් යද්දි අමතක වෙනව. අවධානය අඩු වෙනව. අපි බ්ලොග් කියවන්න පටන් ගත්ත කාලෙ ජනප්‍රියම කෙනෙක් තමයි මාරය. මාරයගෙ පන්සල් කතා ටික මම කියෙව්වෙ දවසක් මිඩංගු කරල.

      Delete
    18. @සාරස
      //මලා... කකුලෙ කොරල ටයිප් ද බොස්??//
      හැක් :D

      Delete
    19. @රාජ්
      මම කියවන්න ඉන්නෙ රාජ් අයියෙ :). විලිලැජ්ජාවේ බෑ අටං අයිය කීව එක දැක්කම හැක් :D.

      Delete
  9. ඇනෝල නං වර්ග ගනනාවක් ඉන්නව. මම කැමතිම වර්ගය තමයි මාතෘකාවට අදාලව යමක් කතා කරල අපේ ලිපිවලට වැඩි වටිනාකමක් එක්කරන ඇනෝල. මේගොල්ල අතරෙ ප්‍රොෆයිල් නැති අය වගේම කලින් බ්ලොග් ලියපු, දැන් නොලියන අයත් ඉන්නව.

    ආතල් ඇනෝල ආතල් එකට හොඳයි. නමුත් සමහර වෙලාවට අපේ සබ්ජෙක්ට් එකෙන් පිටට පැන්නම පෝස්ටු අවුල් වෙනව. අාතල් ඇනෝල කාලෙන් කාලෙට මතුවෙන්නෙ. මොවුන් සමහර විට ප්‍රොෆයිල් තියන අය වෙන්නත් පුළුවන්. කකාගෙ කැපිටල් ඇනෝ, මගේ බෝතල් ඇනෝ, දැං ඉන්න අයිසෙ ඇනෝ උදාහරණ

    අන්තිමට අර නෝටි ඇනෝල. ප්‍රොෆයිල් තියන-නැති වාත ඇනෝල මේ ගොඩේ ඉන්නෙ. හැබැයි අපේ සමහර බ්ලොග්කරුවන් ඉන්නව ප්‍රශ්න කිරීමක් කරන්න ඕන උනාම ඇනෝ එන. ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ල ඇහුවොත් තරහ වෙයි කියල ඇනෝ එනව. ඔවුන් හැර අනිත් අය නං කරදරයක්. වාතයක්!

    ReplyDelete
    Replies
    1. රාජ් අයිය කියන කතාව ඇත්ත. මාතෘකාවට වටිනාකමක් එක් කරන ඇනෝල ඉන්න එක හොඳයි. එතකොට හරවත් සංවාදයක් ගොඩ නැගෙනවා.

      ඔව්. මම කැමතිම සෙට් එක ආතල් ඇනෝල උනත් එයාල සමහර වෙලාවට ආතල් වැඩි කරන්න ගිහින් වාත වෙන අවස්ථා මාත් දැකල තියෙනවා. ඒක යම්කිසි සීමාවක් තුළ සිදුවෙනවා නම් හොඳයි. එතකොට එයින් වෙනසකුත් ඇති වෙනවා කියවන අයට.

      //ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ල ඇහුවොත් තරහ වෙයි කියල ඇනෝ එනව//
      ආ ඒ චේතනාවෙන් එන අයත් ඉන්නවනම් ඒ අයත් හොඳ ඇනෝ සෙට් එකට එකතු වෙන්න ඕනෙ එහෙනම්. ඒ ඇරෙන්න වෙනත් පරමාර්ථ වලින් එන සෙට් එකනම් මාරම වාතයක් තමා.

      ස්තුතියි රාජ් අයියෙ අදහස් වලට සහ තව කරුණු පැහැදිළි කළාට :).
      ජය වේවා!!!

      Delete
  10. ඇනෝ
    මනෝ ලෝකෙ
    පුරවනෝ ඇනෝ
    නන්නාඳුනන්නෝ
    මගේ බ්ලොගේ ඇවිත් යනෝ

    මට බනිනෝ
    හොඳ කියනෝ
    නමක් නොකියනෝ
    ඇනෝ ඇනෝ ඇනෝ

    මේ ලෝකෙ කාපු ලෝකයෝ
    යටින් ගේම් දෙනෝ
    ආං එහෙම ලෝකයක ඇනෝ
    නම කියං එන්න බැරි බව දැනුනෝ

    ඇනෝ ඇනෝ ඇනෝ

    ReplyDelete
    Replies
    1. හෙ හෙ :D. ඒක පට්ට කිචී.
      කතාව සහතික ඇත්ත.

      Delete
  11. දේවදත්ත ලියූ ධම්මපදයේ එන මේ ගාථා සැට් එක දන්නවාද?

    1.
    ඇනෝ පුබ්බංගමා ආමා
    ඇනෝ සෙට්ටා ඇනෝමයා
    මනසා චෙ පදුට්ඨෙන
    භාසතිවා කරෝතිවා
    තතෝනං ශ්වෙත මංවේතී
    චක්කංච වෑනෝ පදං

    ඒ කියන්නේ කොහොම පුබ්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලා ම ය. අයහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සුදු වෑන් රෝද මෙන් පසුපස එනු ඇත.

    2.
    ඇනෝ පුබ්බංගමා ආමා
    ඇනෝ සෙට්ටා ඇනෝමයා
    මනසා චෙ පසන්නේන
    භාසතිවා කරෝතිවා
    තතෝනං මංවේතී
    ඡායාව අනපායිනී

    ඒ කියන්නේ කොහොම පුබ්බාගෙන සෙට්වෙලා ආවත් ඇනෝලා ඇනෝලා ම ය. යහපත් ලෙස ඇනෝලාට සැලකුව හොත් උං සෙවනැල්ල මෙන් පසුපස එනු ඇත.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ඒ ගාථා දෙක නම් සෑහෙන්න වටිනවා :D.
      අපි සලකන විදිහට තමා ප්‍රථිපල නිකං නිව්ටන්ගේ තුන්වෙනි නියමේ වගේ ;).

      මම නම් දෙවෙනි ගාථාවට අනුව තමා හැම කෙනා එක්කම වැඩ. අනික මෙයාලා අපේ බ්ලොග් වලට ඩේටා නාස්තිකරන් ඇවිල්ලා ගැළපෙන හෝ නොගැළපෙන මොකක් හරි කියල යනවනෙ. ඉතිං මේ සෙට් එක වෙනුවෙනුත් මොකක් හරි දෙයක් ලියන්න ඕනෙ කියල හිතුනා. රසික අයියට ඉතිං මේ ඇනෝල එක්ක ඉඳල වසර ගානක අත්දැකීම් තියෙනවනෙ(එයාලගෙ හැසිරීම් ගැන). ගාථා දෙක ගොඩක් වටිනවා :). යහපත් ලෙස සලකන්න ඕනෙ අනිවාර්යයෙන්ම.

      සාදරයෙන් පිළිගන්නවා රසික අයියව පින්තාරුවට :). හිතෙන දෙයක් කියල යන්න මේ පැත්තෙ පුළුවන් වෙලාවකට එන්න කියල ආරාධනා කරනවා. ඒවා වටිනව අපිට ගොඩක් :).
      ජය වේවා!!!

      Delete
  12. මං ආසම ඇනෝ තමයි සිංදු ඇනෝ.. එතකොට ප්‍රොෆයිල් ඇනොනිමසුත් පට්ට ඩයල් එක. හැබැයි විය සිදුරෙන් අහස දකිනව වගේ කලාතුරකින් තමයි එන්නේ. තව මං ආස කරන ඇනෝ කෙනෙක් ඉන්නවා.. ඒ ඇනෝපීලිස්. මං ඌට කියන්නේ ඇනෝ ප්ලීස් කියලා.. මගේ නෙළුං යාය ගැන දාපු ප්පෝස්ට් එකේ පට්ට වටින කොමෙන්ට් කරා එක ඇනෝ කෙනෙක් රයිඩර් කියලා.. අන්තිමට මං ඌට කියුවේ ඇනේ කියලා බට් ඒ වගේ කමෙන්ට්ස් පාට වටිනවා.. තව මේ ඊයේ පෙරේදා දාපු පෝස්ට් එකට ආවා මහප්‍රාණ ඇනෝ කෙනෙක් සහ බොට් ඇනෝ කෙනෙක්.. මහප්‍රාණයාත් එළ. බයි ද වේ මං මේ බ්ලොග් එහෙක දාන පළවෙනි හා ආයි මේ වගේ ආතල් එකක් නොගියොත් අවසාන ඇනෝ කමෙන්ට් එක.. මට ශු/ෂුවර් උඹල එහෙකුටවත් මාව හොයාගන්න බෑ. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. අනේ බං කමි :P උඹ ඒ ඇනේ කිව්වේ මගේ කමෙන්ට් එකකට පස්සේ දීපු රිප්ලයි එකකට :D. මට අම්මප අර මවින් සිල්වා කියපු මෝඩ මූසල කතාව දැන් මතක් වෙනවා :P ඔච්චර ඉඟි දුන්න එකට. හි හි හොඳ උත්සහයක් දැන් ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් කරහන් :P

      Delete
    2. නොදකිං හත්පොලේ ගාගන්නැතුව ඇනෝ එකක්වත් දාගන්ඩ බැ

      Delete
    3. @අටං අයියා
      පොර තාම මගේ රිප්ලයි එක දැක්කෙ නැති නිසා ආයෙ මේකෙ කමෙන්ට් කලේ නැද්ද නැත්තං ඊළඟ පෝස්ට් එකටම කමෙන්ට් කරන්න ඉන්නවද දන්නෙ නෑ හැක හැක :D.

      Delete
    4. මොකද මේ උඹලා මට බනින්නේ කවුද ඇනෝ කෙනෙක් දාපු කොමෙන්ටෙකක් අල්ලගෙන.. හැක්..

      Delete
    5. @කමි
      ඒක තමා මේ කොහෙද යන ඇනෝ කෙනෙක් උඹව චාටර් කරන්න හිතාගෙන කමෙන්ට් එකක් දාල ගිහිං ;). අපි මේ ඌව බයිට් කළා :P.

      Delete
  13. අනෝ කමෙන්ට්ස් දැමීමේ වරදක් නැහැ. නමුත් ප්‍රස්තුතයට අදාලව සහ අපහාස කිරීමෙන් තොරව.

    ReplyDelete
    Replies
    1. ඔව් මඩ ගහන එක නම් හොඳ දෙයක් නෙමේ. මාත් ඒක අනුමත කරන්නෙ නෑ කොහොමවත්. ප්‍රස්තුතයට ගැළපෙන්න හැම වෙලේම කතා කල යුතුයි. ඒ වගේම ඉතිං පොඩි වෙනසකටත් එක්ක ඔය පොඩි ජෝක් එකක්(සීමාවක් ඇතුව) කලාට අවුලකුත් නැහැ මම දකින විදිහට නම් :).

      Delete
  14. සාලවනේ සල් උයනේ අලියෙක්.May 23, 2015 at 11:46 PM

    ඇනෝ කමෙන්ට්ස් වල ක්‍රියාකාරිත්වයන් ගැන සිංහල බ්ලොග්කරුවන් මීට වඩා සංවේදී විය යුතු වන්නේ ඇයි ?
    බ්ලොග්කරනය හා වෙනත් සයිබර් සමාජජාල සංනිවේදනය අතර වෙනස මෙන්ම බ්ලොග්ස් හා ප්‍රවෘත්ති වෙබ් අතර වෙනස බ්ලොග්කරුවන් නිරවුල් කරගතයුතු වැදගත් කාරනයකි.
    සමහර සිංහල බ්ලොග්ස් සහ මිතුරු සමාජජාලයන් අපට පහසුවෙන් වෙන්කර හදුනාගැනීමට නොහැක.උදාහරනයක් ලෙස කෙනෙක් තම බ්ලොගයට අද වර්ගවාදය පිලිබද පොස්ටුවක් දමා හෙට එම බ්ලොගයටම තම පවුලේ අය සමග රසවත් ඇපල් කඩන් කෑව හැටි කියයි. ඉතින් බලන එකාට පිස්සු හැදෙනවා.
    තවත් අය පාරේ යන පිස්සෝ වගේ අහුවෙන ඔන දෙයක් ලියනවා.එකම අරමුන තමන් පණපිටින් සිටින බව දැන්වීමයි.
    නයි අරින අයගෙන් නම් අඩුවක් නෑ.
    ඕන පුකක් ,
    අපි කවුරුත් මුද්‍රණ සංනිවේදය පසුකර ආලෝක වර්ෂ ගනනාවක් ඉදිරියට ගොස් ඇති බව වටහා ගමු.
    සැහැල්ලුවෙන් හරවත් යමක් කරමු.
    සිංහල බ්ලොග්කරුවන් හැකි ඉක්මනින් පරිනත බ්ලොග්කරුවන් බවට පත්වන්න එවිට අපට කුනුහරප අවම කරගත් ඇනෝලා වියහැක.

    ReplyDelete
    Replies
    1. //බ්ලොග්කරනය හා වෙනත් සයිබර් සමාජජාල සංනිවේදනය අතර වෙනස මෙන්ම බ්ලොග්ස් හා ප්‍රවෘත්ති වෙබ් අතර වෙනස බ්ලොග්කරුවන් නිරවුල් කරගතයුතු වැදගත් කාරනයකි.//

      මේක සමග සම්පුර්ණයෙන්ම එකඟයි. ඒ වෙනස බ්ලොග්කරුවන් විදිහට අපි හඳුනාගත යුතුයි. මම හිතන විදිහට අපේ බහුතරයක් බ්ලොග් කරුවන් ඔය කියන වෙනස හඳුනාගෙන ඔවුන්ගේ ලිපි/කවි/සඳැස් පල කරනවා. ඒවා දේශපාලනික/අත්දැකීම්/වැදගත් සමාජයීය ප්‍රශ්න සහ තවත් වැදගත් දේවල් මුල් කරන් නිර්මාණය කරන බව මම මෙන්ම ඔබද දකින බව මාගේ හැඟීමයි.

      //සමහර සිංහල බ්ලොග්ස් සහ මිතුරු සමාජජාලයන් අපට පහසුවෙන් වෙන්කර හදුනාගැනීමට නොහැක.උදාහරනයක් ලෙස කෙනෙක් තම බ්ලොගයට අද වර්ගවාදය පිලිබද පොස්ටුවක් දමා හෙට එම බ්ලොගයටම තම පවුලේ අය සමග රසවත් ඇපල් කඩන් කෑව හැටි කියයි. ඉතින් බලන එකාට පිස්සු හැදෙනවා.
      තවත් අය පාරේ යන පිස්සෝ වගේ අහුවෙන ඔන දෙයක් ලියනවා.එකම අරමුන තමන් පණපිටින් සිටින බව දැන්වීමයි.
      නයි අරින අයගෙන් නම් අඩුවක් නෑ. //

      මෙන්න මේ කොටසට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි(මේක මම හිතන හැටි හොඳේ. හැබැයි ටිකක් දිගට ලියන්න වෙනවා. ඔක්කොම තරහ නැතුව හොඳට කියවන්න :) ). සාමාන්‍යයෙන් මම එක දෙයක් ගැන පමණක් ලියන්න කැමති නැහැ. ඒක මම මේ බ්ලොග් එක පටන් ගද්දි දාපු මුල් ලිපියේදීම කියල තමා පටන් ගත්තෙ. ඇත්තටම එක දෙයක් ගැන හැම වෙලේම ලියද්දි එය කියවන කෙනාට මෙන්ම ලියන කෙනාටද එපා වෙන අවස්තාවක් එනවා. ඒක ඔබත් දන්නා දෙයක්. උදාහරණෙකට මම ගිටාර් පාඩම් මාලාවක් එක දිගට ලියන්න පටන් ගත්තා. නමුත් එය එක දිගට කියවන්න කට්ටිය කැමති උනෙත් නැහැ. ඒ වගේම මටත් ඒක එපා වෙන ගතියක් ආවා. ඉතින් මට සිදු උනා ඒකට සමගාමිව කෙටිකතා, කවි, සහ අත්දැකීම් සම්බන්ධ කරගෙන නිර්මාණ කිරීමට. මුලින් වැරදි තිබුණත් පසුව ඒවත් යම්කිසි තත්වයකට කිරීමට මට පුළුවන් උනා. ඇත්තම කීවොත් මට එවැනි දේවල් අළුතෙන් කරන්න ඕනෙ උනා. මොකද එහෙම මුලින්ම පරීක්ෂණ මට්ටමින් කරන නිර්මාණ වලින් තමයි අපි දීර්ග කාලීනව එවැනි දේවල් තවත් හොඳට කරන්න පදනම හදාගන්නෙ. නමුත් එහෙම කියල දකින දකින හැම දේම ලියන්න ගියේ නැහැ. මොකද එතකොට අච්චාරුවක් වෙනවා කියල මම දන්නවා. එතකොට ඔබ සඳහන් කල පරිදි කියවන කෙනාට ඇත්තටම පිස්සු හැදෙනව.

      ඉතිං මම දැන් කරන් යන්නෙ සංගීතය, කෙටි කතාවක්, අත්දැකීමක්, මම දකින දෙයක් ගැන මගේ අදහස සහ කවි(කවි ලියන්න තාම පුරුදු වෙනවා) කියන ප්‍රධාන දේවල් මාරුවෙන් මාරුවට ඉදිරිපත් කිරීමයි. ඒ ඇරෙන්න දකින දකින ඒවා ලියල අච්චාරු කරන්නෙත් නැහැ ඒ වගේම එකම දෙයක් ලියල එපා කරවන්නෙත් නැහැ.

      මෙතැනදී කියන්න ඕනෙ විශේෂ දෙයක් තමා මම තාම බ්ලොග් එක පටන් අරන් අවුරුද්දක්වත් නැහැ. මම වගේම තවත් එවැනි බ්ලොග් කරුවන් රාශියක් සිටිනවා. ඔවුන්ද මම වගේම විවිධ පර්යේෂණ මට්ටමින් නිර්මාණයන් කරලා පදනම හදාගනිමින් සිටිනවා. නමුත් මට විශ්වාසයි ඒ සෙට් එකම ගොඩක් මහන්සියෙන් කියවන ඔබට හරවත් දෙයක් නිර්මාණය කරල දෙන්න තමා උත්සාහ කරන්නෙ. ඔවුන් සියළු දෙනාම වගේ එක දේකට කොටුනොවී අර මා කලින් සඳහන් කල පරිදි කැටගරි කිහිපයකට නිර්මාණයන් ඉදිරිපත් කරනවා.

      ඔබ කියන දෙය ඇත්ත. සමහර බ්ලොග් සමාජ ජාල වලින් වෙන් කරලා අඳුරගන්න අමාරුයි. නමුත් බහුතරය එහෙම නැහැ නේද. බහුතරයක් දෙනා එක රටාවකට ලිපි පලකරන බවකුයි මම දකින්නේ.

      //සැහැල්ලුවෙන් හරවත් යමක් කරමු.//
      මේක සමග සම්පුර්ණයෙන් එකඟයි. කියවන අයට හරවත් නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඕනෙ. ඒක බ්ලොග් ලියන බහුතරයක් කරනවා. අතළොස්සක් එහෙම නැහැ.

      නමුත් අපි නවක බ්ලොග් කරුවන් ලෙස පරිණත බ්ලොග් කරුවන්ගෙන්ද යම් යම් දේවල් උකහා ගනිමින් හරවත් නිර්මාණ ඔබ හමුවේ තියන්න වෙහෙස වෙන කට්ටියක්. සමහර නිර්මාණ වලට අපිට ගොඩක් කරුණු හොයන්න වෙනවා. මොකද නිවැරදි දේවල් ඔබලාට ලබාදෙන්න. ඒ වගේම අපිට මේ බ්ලොග් ලියන එකට අමතරව රැකියා කටයුතුත් බැලන්ස් කරගන්න තියෙනවා :D. ඉතිං ඔය ඔක්කොම කරන ගමන් මේ බ්ලොග් එක ලියන එකත් ජීවිතේ කොටසක් වෙලා. අපි පරිණත තත්වයේ තාම නැති බව හොඳාකාරවම දන්නවා. නමුත් අපි කාලයත් එක්ක හොඳ පරිණත බ්ලොග් කරුවන් වීමේ අදහසින් තමා මේ සියල්ලක්ම කරන්නෙ.

      ඒ වගේම ඔබලාගේ නිවැරදි ප්‍රතිචාරය(මඩ නෙවෙයි. කරන නිර්මාණයේ වැරදි අඩුපාඩු පෙන්වා දීම හෝ තවත් දේවල් එකතු කිරීම) අපි සෑම විටකම අපේක්ෂාවෙන් සිටිනවා. එහි තියෙන වැදගත්කම අපි දන්නා නිසා තමයි අපි ඔයාලටත් ඕන දෙයක් කියල යන්න ඉඩ දීල තියෙන්නෙ. මොකද අපි දන්නවා ඇනෝල කියන්නෙත් අපි වගේම කොටසක්, ඔවුන්ටත් හොඳ නිර්මාණශීලී අදහස් තියෙනවා කියන එක. ඉතිං අපි සියළු දෙනාම සහයෝගයෙන් මෙම බ්ලොග්කරණය දියුණු මට්ටමකට අරන් යන්න උත්සාහ කරමු කියන එක තමයි මට කියන්න තියෙන්නෙ. ප්‍රතිචාරය දිග වැඩි උනේ මේක ඇනෝවරුන් වෙනුවෙන් ලියපු ලිපියක්. එතැනදී එයාලගේ අදහස් වලට බ්ලොග් කරුවෙක් ලෙස හොඳ පැහැදිලි පිළිතුරු දිය යුතුයි කියල හිතුන නිසා.
      ජය වේවා!!!

      Delete
    2. //මම ගිටාර් පාඩම් මාලාවක් එක දිගට ලියන්න පටන් ගත්තා. නමුත් එය එක දිගට කියවන්න කට්ටිය කැමති උනෙත් නැහැ. ඒ වගේම මටත් ඒක එපා වෙන ගතියක් ආවා. //


      මචං,උබලා නිර්මානශීලී නම්, ඉවසීමකුත් තියේ නම්, තමන් කරන වැඩේ ගැන පික්චර් එක ක්ලියර් නම් , බොම්බයි මොටයි ගැන උනත් පෝස්ට් 10,000* ගැහුවැකි බං. තම තමන්ගේ දැනුමත් පුළුල්කර ගනිමින්, බොම්බයි මොටයි වගේ රසවත් හැබැයි ඊට වඩා ගුණවත් .


      *අවවාදයයි!
      නිර්මානශීලී පච වලට අපි ඩබල් සැලියුට්.
      නමුත්,
      ටොම් පච සහ තමන්ගේ පංපෝරී ගැහුවොත් ඇනෝලා ස්වයංක්‍රියව වාසුදේවලා වේ.


      මනා,
      අපේ බ්ලොග් පංතිය ඉවරයී.
      ටටා.

      Delete
    3. //නිර්මානශීලී පච වලට අපි ඩබල් සැලියුට්.
      නමුත්,
      ටොම් පච සහ තමන්ගේ පංපෝරී ගැහුවොත් ඇනෝලා ස්වයංක්‍රියව වාසුදේවලා වේ.//

      හැක් :D. ඒක හොඳයි. හොඳ අවවාදයක්.

      එළකිරි.
      දිගටම මේ පැත්තෙ එන්න මොකක් හරි කියල යන්න.
      ජය වේවා!!!

      Delete
  15. හොඳම ඇනෝ සෙට් එක හිටියෙ පැරාගෙ බ්ලොග් එකේ. මම එක ඇනෝ, කොටි ඇනෝ, බල මාළු ඇනෝ, යාලුවා මළ ඇනෝ ඔය ආදී වශයෙන්. කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතේට මඩ ගහන්නැත්නම් ඇනෝලා සේරම හොඳ පැටව්. එහෙම මඩ ගහන්නෙත් ගොඩක් වෙලාවට ඒ තැනැත්තා පෞද්ගලිකවම දන්න අඳුනන අයම තමා.
    ඒ හැර බ්ලොග් ලියන අයගෙන් අති බහුතරය ලියාපදිංචි ඇනෝලා. මොකද තමන්ගේ නියම නම දාලා ලියන අය ඉන්නෙ කීප දෙනයි.
    ඇනෝලාට පිළිතුරු බැඳීමේදී අවුල වෙන්නෙ එකිනෙකා 1, 2, 3 ආදී වශයෙන්වත් හඳුනාගන්න බැරි කම.

    ReplyDelete
    Replies
    1. මඩ ගහන එකට මාත් අකමැතියි. ඔව් සමහරවිට දන්න අයම එහෙම කරනවා වෙන්නත් පුළුවන්.

      //බ්ලොග් ලියන අයගෙන් අති බහුතරය ලියාපදිංචි ඇනෝලා. මොකද තමන්ගේ නියම නම දාලා ලියන අය ඉන්නෙ කීප දෙනයි.//
      ම.ක.සි ත් ඕක කිව්වා. ඒක ඇත්ත. නමුත් එයාලව ඒ නමින් හරි කට්ටිය අඳුරන නිසා(ප්‍රොෆයිල් එකක් තියෙන නිසා) අපිට ඕන දේකදී ඔවුන් සමග අදහස් හුවමාරු කරගන්න පුළුවන්. ඒ කොටස නොමැතිව කෙලින්ම ඇනෝ එන අය අපිට හොයාගන්න බෑනෙ මධු :).
      ඒක තමා ප්‍රශ්නෙ. ලොකු සංවාදෙකදී පිළිතුරු දෙන්න ගියාම ඔය සිද්දිය වෙනවා මම දැකල තියෙනවා. කෙලින්ම ඇනෝගෙ ටයිම් එක දාල තමා උත්තර දෙන්න වෙන්නෙ.
      කොහොම උනත් මාතෙ කිව්වා වගේ ඇනෝලා "ඇතුවත් බෑ නැතුවත් බෑ " :D

      Delete
    2. //බ්ලොග් ලියන අයගෙන් අති බහුතරය ලියාපදිංචි ඇනෝලා. මොකද තමන්ගේ නියම නම දාලා ලියන අය ඉන්නෙ කීප දෙනයි.//
      ඒක ඇනෝ වීමක් නෙවේ. මොකක් හරි අනන්‍යතාවයක් ඒ හැමෝටම තියනව. ඔවුන්ගේ කමෙන්ට් අනුව මොන ජාතියෙ අයද කියල හිතාගන්න පුළුවන්.
      නමුත් ඇනෝනිමස් පහසුකම යටතේ එන අය හඳුනාගන්න බෑ, අනන්‍යතාවයක් නෑ. මෙතන එකක් කියල තව තැනක හාත්පසින්ම විරුද්ධ දෙයක් කියන්නත් පුළුවන්.

      Delete
    3. ඒක ඇත්ත රාජ් අයියෙ. අපිට සංවාදයකදී උනත් අදාළ නම තියෙන පුද්ගලයා එක්ක අදහස් හුවමාරු කරගන්න පුළුවන්. නමුත් කෙලින්ම ඇනොනිමස් පහසුකම යටතේ එන කෙනෙක් දාන අදහස් වෙනස් විදිහට තැන් තැන් වල දැම්මොත් අඳුරගන්න බෑ.

      Delete
  16. අතුරු මිතුරු දඹදිවතුරු
    මෙන්න පුතේ රාජකපුරු
    උඩින් මිතුරු යටින් හතුරු
    නටපල්ලා පණ යනතුරු
    නටපල්ලා පණ යනතුරු...

    පාට පාට මුහුණෙ උලා
    සිනහ පැළෙන කිකිණි හලා

    පාට පාට මුහුණෙ උලා
    සිනහ පැළෙන කිකිණි හලා
    වැදි ගැමි නාගරික වෙසින්
    රඟ පෑවත් නොයෙක් ලෙසින්
    මොකටද හිත තිගැස්සුණේ
    අපි කවුරුත් මිනිස්සුනේ...

    පැය විසිහතරකට ගැතී
    දවසින් දවසකට නිතී
    ජීවත් විය යුතු හින්දා
    මුහුණට මුහුණක් බැන්ඳා 
    නෙතින් නෙතක් ඇත පිනවා
    මනුස්සයෝ රඟ දෙනවා...

    එක අහසයි එක පොළොවයි
    එක හිරු සඳු දෙන එළියයි
    නොයෙකුත් වෙස් මුහුණු බැඳන්
    නැටුවත් හැමතැන ම ඉඳන්
    ඉරණමකට පෑගිය හැකි 
    ජීවිතය ම ජෝගියකී...

    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වින්සන්ට් ප්‍රේමසිරි
    සමූහ ගායනය : වික්ටර් රත්නායක, ෆ්‍රෙඩී සිල්වා, සී.ඩී.ෆොන්සේකා සහ වින්සන්ට් ප්‍රේමසිරි


    අපිත් ඇනෝ තමා හරිය ??????????? හැක් හැක්

    ReplyDelete
    Replies
    1. සිංදුවා ඉතිං සිංහල බ්ලොග් ලෝකෙ ඔක්කොම අඳුරන ඇනෝ කෙනෙක් නෙ ;). ඇත්තට දිගටම ඇනෝ විදිහට ඉන්නෙ නැතුව බ්ලොගක් අටවපු එක කොච්චර හොඳද බලහන්කො. නැත්තං ඔය වගේ ගීත ගැන ලියන අය වැඩිය හොයන්න නෑනෙ.

      Delete
  17. මම නම් ඇනෝ කමෙන්ට් දාලා නැහැ.එහෙම දානා අය ගැන කිසි විවෙචනයකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි. කමෙන්ට් කලොත් මේ නමින් නැත්තං කමෙන්ට් කරලා නෑ.
      ඇනෝල මඩ නොගහ කාගෙ හරි නිර්මාණයක් විවේචනය හෝ අගය කිරීම කරනවානම් හොඳයි කියල තමා හිතන්නෙ.

      Delete
  18. මම නම් ඇනෝ කමෙන්ට් දාලා නැහැ.සමහරු නිදහස දුන්නම එයාලගේ ජාතකේ වැරැද්ද පෙන්නනවනේ මනා අපේ post වල. ඒකනේ එපා වෙන්නෙ.ආතල් ඇනෝල නම් හොඳයි.විහිළු තහළු කිරීමත් තව කෙනෙකුට මඩ නොගසා වෙනව නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. //සමහරු නිදහස දුන්නම එයාලගේ ජාතකේ වැරැද්ද පෙන්නනවනේ මනා අපේ post වල//
      ඔව් ඒක නම් හෙන අවුලක් තමා.

      //විහිළු තහළු කිරීමත් තව කෙනෙකුට මඩ නොගසා වෙනව නම් හොඳයි.//
      මාත් ඔය මතේ තමා ඉන්නෙ. කියන දෙයක් කාටවත් මඩක් නොගහ කියනවනම් හොඳයි.

      Delete
  19. ඇනෝලා නැත්තං බොග පරිප්පු නැති හෝටලයක් වගේ...මම නම් උපරිමයෙන් ඇනෝ අයිතිය තහවුරු කර තිබෙනවා මගේ අඩවියේ...

    ReplyDelete
    Replies
    1. //ඇනෝලා නැත්තං බොග පරිප්පු නැති හෝටලයක් වගේ.//
      ඒක නම් ඇත්ත සිරා අයියෙ :D. මාත් ඇනෝලට ඕන දෙයක් කියල යන්න අවසර දීල තියෙන්නෙ.

      Delete
  20. ඇතුවත් බැරි නැතුවත් බැරි ඇනෝ....හහහ....සමහරු නම් ඇනෝ ලට ගොඩක් බයයි....

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සමීර. සමහරු බය නිසාම අනෝ බ්ලොක් කරලා තියෙන්නෙ. සායම හෝදලා දායි කියල බයේ වෙන්න ඇති සමහරවිට :D

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.