Tuesday, May 12, 2015

සංගීත ජීවිතයේ සොඳුරු මතක - 1

මනාගෙ පින්තාරුව

මම පොඩි දවස් වල ඒ කියන්නෙ අවරුදු පහේ වගේ කාලෙ ඉඳන් රේඩියෝ එකක හොඳ සිංදුවක් ඇහුණොත් එහෙම මම කරන්නෙ ගෙදර තියෙන ටින් බෙලෙක්ක ටිකක් වටේ තියාගෙන කෝටු කෑලි දෙකකින් ඒවට තලන එක. ඉතිං ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහල ඉවරයක් නෑ මගේ ටින් බෙලෙක්ක ඩ්‍රම් ගැහිල්ල හින්ද කනක් ඇහෙන්න නෑ කියල. ඒ උනාට මම නෙමේ ඒවා නැවත්තුවෙ. හැමදාම ඔය වැඩේ කළා.

ඔය කාලෙ අපේ පැත්තෙ තියෙන ලොකු සංගීත ප්‍රසංග එහෙම බලන්න අපේ ගෙදර කට්ටිය යනව මාවත් අරගෙන. ඒ කාලෙ අද වගේ ෆ්ලෑෂ් බැක්ල, සනිධප ල නෑනෙ. තිබ්බ ලොකුම බෑන්ඩ් ටික තමා ආනන්ද පෙරේරා මහත්තය හිටපු "ශක්ති" සංගීත කණ්ඩායමයි, සන්ෆ්ලවර්ස්ලයි, තව මහින්ද සිල්වා හිටපු සුපර්ස්ටාර්ස් බෑන්ඩ් එකයි. මට මතකයි ඒ කාලෙ ශක්ති එකේ ඇන්තනී සුරේන්ද්‍ර ලීඩ් ගිටාර් එක ප්ලේ කරනවා වැඩ දාල. තව සුපිරි විසිල් පාරකුත් තිබ්බා මතකයි. ඉතිං මට තේරුමක් නෑ ඔය එක එක ගායකයො මොනවද කියන සිංදු කියල. මගේ අවධානෙ තියෙන්නෙ ඩ්‍රම් සෙට් එකටයි, ගිටාර් දිහාවටයි.

ඕව බලන් ඉඳල මගෙ වැඩේ ගෙදර ඉඳන් ටින් බෙලෙක්ක ටික වට කරගෙන ඩ්‍රම් ගැහුව එකයි, කොසු ඉදල් වලින් ගිටාර් ගැහුව එකයි. මට ඕන කරන ඩ්‍රම් සෙට් එකේ හඬවල් ටික එක එක ජාතියෙ ටින්, බේසම් අනං මනං වලින් කොහොම හරි අරගත්ත. පොඩි කාලෙ ඉඳන්ම සංගීත පිස්සුවෙ රෝග ලක්ෂණ තමා ඔය පෙන්නුම් කලේ. ඊට පස්සෙ මට අපේ මාම කෙනෙක්ගෙ වෙඩින් එකකට යන්න හම්බුනා. ඒකට බෑන්ඩ් එකක් ඇවිත් හිටියා වෙඩින් එකට ප්ලේ කරන්න. එයාෆෝස් එකේද කොහෙද ඒ මාම වැඩ කලේ. මම වෙඩින් එකට ගිහිං ඒකෙන් එනකන්ම හිටියෙ අර බෑන්ඩ් එකේ ඉන්ස්ට්රුමන්ට්ස් ටිකත් එක්ක. ඩ්‍රම් සෙට් එක හයි කරන දිහා බලන් හිටියෙ ඇහි පිය නොහෙලා. ඇයි ඉතිං මම ආසම භාණ්ඩේ නෙ. ඔන්න දැන් ගිටාර් ටිකත් කරේ දාගෙන ඒකෙ හිටිය කට්ටිය සවුන්ඩ් බැලන්ස් එකක් බලන්න ලැහැත්තිය(මට ඒ කාලෙ ඕක තේරුනේ නෑ). හැබැයි බැලන්ස් කරන එකා ගිටාර්වල චැනල් ටික ඔන් කරල නෑ. මම දැන් ඉතින් මාරම ආසාවෙන් ළඟටම වෙලා ඉන්නවා. එයාල ගිටාර් ගහනවා ඒ උනාට සද්දෙ නෑ. මම ඉතිං පොඩි එකා කාලෙ හිතන් හිටියෙ ගිටාර් එක ගැහුව ගමන් හෙන සද්දයක් එනවා කියලනෙ. මම ඒ එක ගිටාරිස්ට් කෙනෙක්ට එක පාරටම කියපි "කෝ ඕක ගැහුවට සද්දෙ නෑනෙ" කියල. ඒ යකා මගෙ දිහා බලන් ඉඳල "යනවා යන්න අහරෙට" කියල කියපි. මේක ඇහුන විතරයි විලිලැජ්ජාවකුත් එක්ක බයක් ආව. මම ඉතිං ඒ කාලෙ පොඩි එකානෙව. ඉතිං මම කෙලින්ම අම්ම ළඟ තමා නැවතුනේ. ඒ මොන ලැජ්ජාව උනත් එදා තමා මම ඉස්සර වෙලාම බෑන්ඩ් එකක සංගීත භාණ්ඩ ගොඩක් ළඟටම වෙලා බලා ගත්තෙ.

ඊට අවුරුද්දකට දෙකකට විතර පස්සෙ මගේ සංගීත පිස්සුවෙ රෝග ලක්ෂණ අඳුර ගත්ත මගේ තාත්තා මට ගෙනත් දුන්න පොඩි ඕගන් එකක්. ඒක කැෂියෝ එකක්. Casio sa-10 තමා මොඩල් නොම්බරේ. භාණ්ඩෙ පොඩියට තිබ්බට මාර වැඩ ගොඩක් තිබ්බෙ. විවිධ නාද 100ක් සහ තව ඩ්‍රම් බීට්ස් ගොඩක් තිබ්බා. ජපන් භාණ්ඩනෙ අද කාලෙ තියෙන සෙල්ලං ඕගන් වගේ නෙමේ පොඩි උනත් සුපිරි කොලිටියක් තිබ්බෙ ඒ හඬවල් වල වගේම නිමාවෙත්.
CASIO ORGAN
Casio SA-10
ඉතිං මට එදා ඒක හම්බුන ගමන් ටිකට් එකක් ඇදුනා වගේ තමා. මාසයක් දෙකක් විතර යනකන් ඒකෙ තිබ්බ ටෝන්ස් ටික පුරුදු වුනා. ඇයි ඉතිං නාද 100ක් කනට හුරු කරගන්නත් එපැයි. ඉස්සරවෙලාම ඒ හඬවල් හුරු කරගත්තෙ එකේ ඉඳන් සීයට තියෙන නම්බර් ටික මතක තියාගෙන. අද කාලෙ පොඩි අයට වගේ අපිට ඉස්සර ඉංගිරීසි බෑ නොවැ ඒ තියෙන නාද වල ඉංග්‍රීසි වචන කියවන්න. ඔන්න දැන් මම දන්නවා මේ අංකෙ මේ සද්දෙ, අරකෙ මේ සද්දෙ එහෙම කියල. ඊට පස්සෙ ඉතිං ඔන්න හැම සංගීතකාරයාම වගේ මමත් ඉස්සරලම පටන් ගත්ත ඕගන් එකෙන් රටේ නැති බොරු ගහන්න දකුණු අතින්. ටික කාලයක් යද්දී මගේ දකුණු අතේ ඇඟිලි පුරුදුයි. ඒත් තාම ගහන්නෙ බොරු. ඔන්න දැන් බොරු සංගීත කෑලි අස්සෙන් මට ඇහෙනවා ටිකක් හුරු සිංදුවක පොඩි පාට් එකක්. ඔන්න දැන් ඒක ආයෙත් වාදනය කරන්න ෆුල් ට්‍රයි එක. ටික වෙලාවක් ඔට්ටු වෙලා ඔන්න ඒක හෙමිට ගහන්න පුළුවන් වෙනව. ඔය විදිහට ගහපු බොරු සංගීත කෑලි අස්සෙන් මට හුරු පුරුදු සිංදු ගොඩක කෑලි අහුලගෙන වාදනය කරන්න පුළුවන් උනා. 

ඉතිං ඔය විදිහට කාලෙ යද්දි මගේ තාත්ත ඕගන් වාදන පුහුණුව කියල පොතක් මට ගෙනත් දෙනවා (සුදු පාට පොතක් මගෙ ළඟ ඒ පොත දැන් නැහැ). එකෙ තියෙනව සංගීතයේ ස්වර, ඊළඟට ඇඟිලි අංක කිරීම්, කෝඩ්ස් අනං මනං හෙන ගොඩක්. තව සිංදු කීපයක ස්වර ප්‍රස්තාරත් තිබ්බා. මට ඒ පොඩි වයසට ඕව ලොකු වැඩි බව හොඳටම තේරුම් ගන්න ඒ කාලෙදිම තේරුණු නිසාද කොහෙද පොත පැත්තකින් තිබ්බා. හැබැයි ස්වර ටික ගැන පොඩ්ඩක් ඒකෙන් ඉගෙන ගත්තා. ආයෙත් සුපුරුදු විදිහට බොරු සංගීත කෑලි අස්සෙන් සිංදු සෙවීමේ වැඩ කටයුත්ත දිගටම කරන් ගියා. ඔහොම යද්දි කොච්චර හොඳට ඔය වැඩේ උනාද කීවොත් ඕගන් එක අරං අවුරුදු 3ක් විතර වෙනකොට(ඒ කියන්නෙ මට අවුරුදු දහයක් වගේ) රේඩියෝ වල යන සිංදු වල ස්වර ටිකක් අල්ලගෙන පොඩ්ඩක් සිංදුව ටච් කරගන්න පුළුවන් තත්වෙට පුරුදු උනා. ඒ විදිහට තව අවුරුද්දක් එක හමාරක් යද්දී ඔහොම ඇහෙන ගොඩක් සිංදු අල්ලගෙන ස්වර ටික වාදනය කිරීමේ හැකියාව තිබුණත් මට තේරුණා එතනින් එහාට තව දේවල් දැන ගන්න ඕන බව. ඉතිං අර තාත්තා ගෙනත් දීපු අයින් කරල දාල තිබ්බ පොත අරගෙන මම කෝඩ්ස් ඉගෙන ගන්න යොමු උනා. මුලින්ම මෙලෝ දෙයක් නොතේරුණත් ටික කාලයක් යද්දි මට ප්‍රධාන කෝඩ්ස් වර්ග මොනවද ඒවා කොහොමද වාදනය කරන්නෙ කියන කරුණු අර පොත මගින් ඉගෙන ගන්න පුළුවන් උනා. ඔන්න මාස කීපයකට පස්සෙ මට සාමාන්‍යයෙන් මේජර් සහ මයිනර් කෝඩ්ස් ටික  ඕගන් එකෙන් වාදනය කරන්න පුළුවන් උනා. එතනින් පස්සෙ මගේ සිංදු වාදනය කිරීමේ හැකියාව හොඳින් දියුණු වුනා කීවොත් හරි. මොකද ඒ වෙද්දීත් මට ඇහෙන සිංදුවක් යන්තම් වාදනය කිරීමට තරම් මගේ කන දියුණු වෙලා තිබුණු නිසා කෝඩ්ස් දැන ගත්තයින් පස්සෙ ඉක්මණටම ඒ හැකියාව තවත් වැඩි දියුණු වුනා. 

ඔය විදිහට මට අවුරුදු 12ක් විතර වෙනකොට මට ගීත රැසක් සම්පුර්ණයෙන්ම වාදනය කිරීමට හැකිවුණා. මේ වෙද්දී අපේ ගෙදර අයට තෙරිල තිබ්බා මට ඔර්ගන් වාදනය කිරීමේ යම්කිසි හැකියාවක් තියෙන විත්තිය. ඉතිං මගේ තාත්තා මට ගෙනත් දුන්නා යමහා ඔර්ගන් එකක්. ඒක අර කැෂියෝ එක වගේ දෙතුන් ගුණයක් ලොකුයි. ඒ වගේම ගොඩක් වැඩ පුළුවන්. මම ඕකෙන් තමා වම් අතින් කෝඩ්ස් ප්ලේ කරන්න පුරුදු උනේ. 

YAMAHA ORGAN
Yamaha PSS-26
එහෙම පුරුදු වෙලා ටික කාලයක් ඇතුලත මට පුළුවන් උනා කෝඩ්ස් දාන ගමන් ගීත වාදනය කරන්න. ඔන්න දැන් මම ටිකක් ලොකුයි ඒ කියන්නේ අවුරුදු 12ක් හරි 13ක් හරි වගේ. ඔය කාලෙදි අර පොඩි කාලෙ තිබ්බ සංගීත උණේ රෝග ලක්ෂණ දරුණුවටම ඇවිල්ල සහලෝලම උණ හැදුනා :D. උණ කොච්චර වැඩි උනාද කිව්වොත් මට ඕනෙ උනා සංගීත කණ්ඩායමක් හදන්න. අපේ ඉස්කෝලෙ හිටපු මට වගේම උණ තියෙන තවත් පස් දෙනෙක් එක්ක මාත් ගියා බෑන්ඩ් එකක් හදන්න. ඒ කාලෙ ෆ්ලෑෂ් බැක්ල අළුත්ම සංගීත පෙරළියක් කරන යුගයක්. මගේ ලෝකෙ හිටපු අළුත්ම වීරයෝ සෙට් එක තමා ඒ. එතකොට ශක්ති බෑන්ඩ් එකක් නෑ. ඒවා දෙකට කැඩිලා සිහ ශක්ති කියල එකකුත් හැදිලා අභාවෙට යමින් තිබුනෙ. සුපර්ස්ටාර්ස් ලත් බැහැගෙන යනවා. වෙනදා වගේම ටකරං සංගීතෙ සන්ෆ්ලවර්සලා අඩු නැතුව කපුගේ මහත්තයා, සනත් නන්දසිරි, නිහාල් නෙල්සන් ඇතුළු තව ගායක ගායිකාවන් රැසකට දීලා කැසට් පට කරපු යුගයක් ඒ(ටකරං උනත් ඒවගෙත් පොඩි ගතියක් තිබ්බා). ටකරං සංගීතෙන් බැහැර වෙලා අළුත් වෙනසක් මුලින්ම කරේ ෆ්ලෑෂ් බැක්ල කීවොත් හරි මතක විදිහට. ඊට පස්සෙ තමා සනිධප නැගල ආවෙ. 

හරි කතාව පොඩ්ඩකට පිට පැන්නා. ඔන්න ඉතිං ගියා බෑන්ඩ් එකක් හදන්න. හැබැයි අපිටත් ඕන වුනේ ෆ්ලෑෂ් බැක් වගේ වෙන්න. දැන් අපි ගියා බෑන්ඩ් පුරුදු කරන තැනකට. (මේ ටික වෙන්නෙ මාස හතරක් පහක් විතර ඇතුළත) ඔන්න අහනවා බෑන්ඩ් එක පුරුදු කරන ඩයල් එක කවුද ඩ්‍රම්ස්, ලීඩ්, රිදම්, බේස්, පෑඩ්(ඔක්ටපෑඩ් හොඳේ), කීබෝඩ් කිය කිය. ඒවා අපි මුලින් බෙදාගෙන ගිය නිසා රණ්ඩු නොවී සෙට් කරගත්ත. ඔන්න දැන් ඔතන ගිටාර් කාරයො තුන්දෙනා මෙලෝ දෙයක් දන්නෙ නෑ. උන් තුන්දෙනාට මුල ඉඳන් රූප ඇඳ ඇඳ කියල දෙනව පේනවා. ඩ්‍රම්ස්කාරයයි, පෑඩ් කාරයයි ෂේප් එකේ ප්ලේ කරනව. මගෙ ලඟට ඇවිල්ල මෙන්න පොර මම අර කලින් ඉගෙන ගත්ත දේවල්ම කියල දෙනව. පස්සෙ පොරට වැඩේ තේරුනා මට ඒවා පුළුවන් කියල. ඔන්න දැන් පොර සිංදු වලට අදාළ කීබෝඩ් පාට්ස් කියල දෙනවා මට. මම කියල දෙන සැනින් අල්ලගන්නවා, ඇයි ඉතිං මම ඒ වෙද්දීත් ඇහෙන ඇහෙන සිංදුව ගහන්න දන්නවනෙ. එතන තිබ්බෙ රෝලන්ඩ් කීබෝඩ්ස්. ඒවගේ වැඩ පොඩ්ඩක් වැඩියි. මම කරන්නෙ සිංදුව කියල දුන්න ගමන් ඒක දෙපාරක් විතර ප්ලේ කරල කීබෝඩ් වල වැඩ කෑලි හොයන එක. ඔහොම යද්දී ඒකත් පුළුවන්. දැන් ඔය අතරෙ අපේ ගිටාරිස්ට්ලත් පුරුදු වෙනව. පොඩි පොඩි ලීඩ් පාර්ට්ස්, රිදම් පාට්ස් වදිනව. ඩ්‍රමා සහ පෑඩ් කාරය එක එක බීට්ස් ඉගෙන ගෙන ගහනවා. දැන් මට හෙන කම්මැලියි මේ කීබෝඩ් ගහන්න. ඇයි ඉතිං අනිත් උන් තාම පුරුදු වෙනවනේ. මම ඔය අතරෙ හෙමීට අපේ පෑඩ් කාරයට කියල ඒක පොඩ්ඩක් ප්ලේ කරන්න ඉල්ල ගන්නවා. ඩ්‍රම්ස් ගහනවා ඕව තමා. කීබෝඩ් එක පැත්තක :D. ඔහොම කාලෙ යද්දී මටත් ඩ්‍රම්ස් සහ පෑඩ් එක හොඳට ප්ලේ කරන්න පුළුවන්. ඔන්න දැන් සිංදු හතරක් පහක් ගහගන්න පුළුවන් තත්වෙට බෑන්ඩ් එක හැදුන. ඉතිං අපිත් ෆ්ලෑෂ් බැක් වගේ කියල හිතාගෙන ප්ලේ කරනව.

ඒත් අපිට තේරුම් ගියා ඒ උගන්නන කෙනාත් පොඩි දේවල් ටිකක් විතරක් දැනගෙන පොඩ්ඩ පොඩ්ඩ උගන්නන විත්තියක්. ඉතිං අපි හෙමින් සීරුවෙ එතැනින් සමු අරගෙන වෙනත් හොඳ තැනක් කරා සංක්‍රමණය උනා.

මේ ලිපිය ගොඩක් දිග වැඩි උනා. මම ගිටාර් ගහන්න යොමු උන හැටි සහ තවත් දිග කතා ටිකක් තියෙනව. ඒවා මම තව ලිපියකින් කියන්නම්. අදට මේ ඇති. 

ප.ලි :
මේ ලිපිය කියවන ඔබටත් දරුවන් සිටිනවානම් ඔවුන් කරන කියන දේවල් ගැන අවධානයෙන් සිටින්න. ටින් බෙලෙක්ක එක්ක සෙල්ලම් කරන්න දෙන්න. හැකියාවල් හොයා ගැනීමට හෝ තියෙන හැකියාවල් දියුණු කර ගැනීමට ඔවුන්ට නිදහස සහ උදව් ලබා දෙන්න. එසේ නොමැතිව එක වසරේ සිට අර පංති මේ පංති වලට දමා දරුවාට මානසිකව විඩාවට පත් කරන්න එපා. එක වසරේ සිටම පහ වසරේ ශිෂ්‍යත්වය ඉලක්ක කරගෙන ඔබේ දරුවාත් ගිරවෙකු නොකරන්න :D (අදාළ විභාගයට අවුරුද්දක් එක හමාරක් තියා පංති යැවීම හොඳටම ප්‍රමාණවත්). 5 ශිෂ්‍යත්වය අසමත් වීමෙන් ළමයාගේ ජීවිතය කඩා වැටෙන්නේ නැත.
මා හට කුඩා කල ගෙදරින් ලැබිය යුතු ඒ නිදහස සහ උදව් නොතිබුනේ නම් සමහරවිට සංගීතය ගැන මෙලෝ දෙයක් නොදැන ඉන්නටත් හොඳ ගිරවෙකු වීමටත් ඉඩ තිබුණි ;).

සියළු දෙනාටම ජය වේවා!!! 


    

36 comments :

  1. මනා.. සුපිරි විස්තරයක්... නියමයි... පොඩි ගමනක් දුවන්න වෙලා. මේක යටින්ම දිග හෑල්ලක් දානකල් මේක මෙතන ලියනවා... එළකිරි. මෙව්වා ටිකක් දික් කරලා කතා පෙළක් විදියට දාමු. ඔක්කොම එකපාර දැම්මම රහ තැන් මිස් වෙයි.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සජ්ජා. එල හෑල්ල දානකන් ඉන්නව ඔන්න :D. තව කොටසක් ලියන්න තියෙනව කොහොමත්.

      Delete
    2. මනා , උඹ පොඩි කාලෙම ට්‍රැක් එකට වැටිල. මගේ කතාව ඔයිට වෙනස්. සංගීතය ඉස්කෝලෙ කාලෙ ඉගනගන්න බැරි වෙච්ච එක ගැන අදටත් මම දුක් වෙනවා. චිත්‍ර කුරුටුගාන්න තිබ්බ පුංචි හැකියාව නිසා සෞන්දර්ය විෂයට කලේ චිත්‍ර. ඕ ලෙවල් කාලෙන් පස්සෙ කොහේදෝ තිබ්බ බටනලාවක් අහු වෙලා ඒක පිඹ පිඹ ඉගෙනගත්තා. සිංදුවක් අහල "හුරට" (ඉයර් එකට) වාදනය කරන්න ඉගෙනගත්ත. ඊට පස්සෙ තමයි ගිටාර් එකක් ගත්තෙ. එක ඉගෙනගන්න පන්තියකට ගියා. සුපිරි ගුරුවරයෙක්. මගේ කට වැඩියි කියල පන්තියෙන් පැන්නුව. පන්ති ගියෙ මාසයයි. ඊට පස්සෙ තනියම කෝඩ් වාදනය ඉගෙනගත්තේ. ලාවට සිංදුවක් වනාගන්න තරමට. උඹ ඒ අතින් පුදුමාකාර වාසනාවන්තයි. ඔය හැකියාව (ඉයර් එක) සහ පහසුකම් හැමෝටම ලැබෙන්නෙ නෑ. ඒ දේවල් අපතේ යවන්න එපා.(එහෙම වෙන්නෙ නැති බව දන්නවා). සංගීතය කියන්නෙ පුදුමාකාර දෙයක්. ජීවත් වෙන්න මොන වෘත්තීය කලත් ගිටාර් එක අතට ගත්තම කන්න ඕනෙත් නෑ කියල උඹ දන්නවා. ඒ දේවල් වලින් උපරිමය කරපන්. ජයවේවා...

      Delete
    3. අඩේ සජ්ජට චිත්‍ර අඳින්නත් පුලුවන්ද. බටනලාව ප්ලේ කරනව කියන්නෙ සුපිරිනෙ.
      ගිටාර් එකක් තනියම පුරුදු වෙන එක තමා හොඳ. මාත් තනියෙන් පුරුදු උනේ. ක්ලාස් ගිහින් සංගීතෙ ඉගෙන ගැනිල්ලට මම කැමති උනේ නෑ. උන්ට ඕන ඒවා විතරයි උගන්නන්නෙ. ඊට වැඩිය දේවල් තනියෙන් ගොඩ දාන්න පුළුවන්.

      ගෙදරින් උදව් ලැබුනෙ නැත්නම් ඉතිං මොකෙක් වෙයිද මන්ද :D.
      // ගිටාර් එක අතට ගත්තම කන්න ඕනෙත් නෑ කියල උඹ දන්නවා.//
      ආයෙත් අහල. ඒක නම් කියාගන්න බෑ. මම හිතුවෙ ඒක මට විතරයි දැනෙන්නෙ කියල :D.

      අනිවා අපි සෙට් වෙලා බ්ලොග් ලෝකෙට අලුත් වැඩක් කරමු මියුසික් පැත්තෙන් මෙච්චර කාලයක් නොවුණු විදිහෙ.
      ජය වේවා!!!

      Delete
  2. මනා...........................

    පොඩි කාලේ අපි හැමෝට ම කැමති දේවල් තියෙනවා... ඒත් අපි ළමයින්ට කරන්න දෙන්නේ අපිට අවශ්‍ය දේ විතරයි..... මේක අන්තිම වැරදියි මනා... මනාගේ තිබුණ හැකියාව දැකලා තාත්තා ඒ පාරේ යන්න උදව් කරේ නැත්තං මනාගේ හැකියාවත් අද අපිට දකින්න ලැබෙන්නේ නැහැ.... හැම පොඩි ඒකෙකුට ම ජීවිතේ අහුවෙනවා... කොහෙන් හරි අහුවෙනවා.... මනාටත් ඒ විදිහට අහුවෙලා......

    ReplyDelete
    Replies
    1. ඒක තමා කුරුටු. පොඩි ළමයි කරන දේවල් දිහා හොඳට බලන් ඉන්න ගමන් හරි වැරැද්ද ගැන කියල දෙන එක සහ එයාලට උදව් කිරීම තමා කරන්න ඕනෙ. ඒ වගේම අධ්‍යාපනයට උනත් බලකිරීමක් නැතුව ආදරයෙන් මගපෙන්වීමක් තමා කරන්න ඕනෙ. අපේ සමාජයේ දැන් එහෙම වෙනවද කියන එක ප්‍රශ්නයක් මටනම්.
      ඔව් තාත්තා මගෙ හැකියාව අඳුර නොගෙන උදව් කලේ නැත්තං සමහරවිට මම මෙහෙම දේවල් ලියන එකක් නෑ.
      ජය වේවා!!!

      Delete
  3. අපේ පොඩි එකත් මියුසික් පිස්සෙක්.. එක එක ජාතියේ ඒවා ගෙනත් දුන්නත්.. මෑතකදි ගෙනාපු බොක්ස් ගිටාර් එක තමයි පොර අල්ල ගත්තේ.. ඒ ෆීල්ඩ් එකේ යවන්න තමයි හිතේ තියෙන්නෙත්.. උඹලත් ඉන්නවා නේ උදව් කරන්න..

    මේ ළිපිය උඹගේ මියුසික් වගේම පට්ටම රහයි.. මියුසික් විතරක් නෙමෙයි. ඉගෙන ගන්න හැම එකාටම බොහෝම වැදගත් ළිපියක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතෙ අයියෙ :).
      එහෙනං ඉතිං පාසැල් අධ්‍යාපනය වගේම ඒ හැකියාවත් දියුණු කරගන්න සහයෝගෙ දෙන්න තමා තියෙන්නෙ :). ගිටාර් වලටනම් ක්ලාස් තියෙනව ගොඩක් ප්‍රසිද්ධ අයගෙ. පොඩ්ඩ පොඩ්ඩ ඇද ඇද හම්බකරන් කනතැන් තමා ඒවගෙන් වැඩි හරියක්ම. තනියෙන් ඉගෙන ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මිනිස්සු පෝසත් නොකර ;). පුළුවන් තරම් විවිධ වර්ගයේ music අහන්න දෙන්න(yanni, kenny g, බොබ් මාලෙ වගේම රහමන් ගෙ ඒවා පවා). එතකොට හොඳට music ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගනීවි.

      ලිපියෙන් දෙයක් ගන්න තියෙනවනම් සතුටුයි.
      ජය වේවා!!!

      Delete
  4. Replies
    1. බොහොම ස්තුතියි.
      සාරිකාව සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට :). දිගටම එන්න.
      ජය වේවා!!!

      Delete
  5. ලිපිය දිගයි කියලා අවුලක් නැහැ මනෝජ් ,, ඔයාගේ තාත්තා ගොඩක් බුද්ධිමත් කෙනෙක්, ඔයා මුලින්ම ගහපු ඕගන් එක දකිද්දී මට අපේ පුංචි අම්මා මතක් වුණා, එයත් අපේ මාමා රට ඉදන් එද්දී ඉල්ලුවේ ඕගන් එකක් ඔය ජාතියමයි, අපිත් අංක වලින් මතක තියාගත්තේ, :D අවුරුද්දක් විතර යද්දී ඕගන් එකේ කෑලිත් නෑ,, ඔයා දෙමවුපියන්ට දීලා තියෙන උපදෙස් ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. //අවුරුද්දක් විතර යද්දී ඕගන් එකේ කෑලිත් නෑ//
      හි හි :D. එහෙනං වැඩි හරියක් ඕගන් එක පොළවෙද කොහෙද ගහල තියෙන්නෙ :P.

      මම ඊළඟ කොටසකුත් දාන්නම්කො. ඔව් තාත්තා උදව් කලේ නැත්නම් මම මොකෙක් වෙලා ඉඳියිද දන්නෙ නෑ.
      ඔක්කොම නෙමේ බහුතරයක් දෙමව්පියො එක තැනකට එකතු කරල දැනුවත් කරන්න තියෙනවනම් හොඳයි. පුදුම වදයක්නෙ ඔය ළමයින්ට දෙන්නෙ. ඉස්කෝලෙ ඇරිලා රෑ වෙනකං පන්ති වල. නිකං ඒ ලෙවල් වගේ. අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ තියෙන වැරදි තමා ඕවා. අහිංසක ළමයි දුක් විඳිනවා. අනික බලන්නකෝ දැන් ඔය 4, 5 පොඩි ළමයින්ගෙ තියෙන පණ්ඩිත කතා. ඒවට හේතුව තමා ඔය ගිරව්න්ට වගේ පුරුදු කරන දරාගන්න බැරි වැඩ ගොඩ. කතා කරල වැඩක් නෑ ඉතිං :).

      අගය කිරීමට ස්තුතියි :)
      ජය වේවා!!!

      Delete
  6. අර සජ්ජාකිවුවා වගේ ඕක කතාවක් විදිහට ලියපන්.ඒක එහෙම ලියන්න පුළුවන් සුපිරියට.එතකොට අමතකවෙලා තියන අහුමුළුත් එළියට එනවා.
    අර දෙමාපියන්ට කියලතියන උපදේශයත් නියමයි.ඒකෑහෙම වෙන්න ඕනෙමයි.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ඒක තමා කටුසසො. තව කතා ටිකක් තියෙනවා මම ලියන්නංකො.
      ගොඩක් දෙමව්පියන්ට නම් ඉතිං ඕක කීව ගමන් හොටේ දික් වෙයි. ඕකා ඔහොම කිව්වට අපේ ළමය කොහොමද හොඳ ඉස්කෝලෙකට දාගන්නෙ ශිෂ්‍යත්වේ පාස් වෙන්නෙ නැතුව කියල කියයි :D. ඔහොම හිතෙන එක අපේ අම්මලගෙ වැරද්දක් නෙමේ. අධ්‍යාපන ක්‍රමවේදයේ තියෙන ලොකු දෝෂ. ගොඩක් කට්ටියට(සමහර අධ්‍යාපන බලධාරීන්ට පවා) උසස් පෙළට වැඩිය ලොකුයි නෙ ශිෂ්‍යත්වෙ :D. කරුමෙ තමා ඉතිං.

      ජය වේවා කිව්ව එහෙනම් ;)

      Delete
  7. සංගීත භාණ්ඩයක් වාදනය කරන්නට පුළුවන් තැනැත්තා යම් භාවනාවකට සමවැදුනා වගේ එයින් තෘප්තියක් ලබනවා. ඔහුගේ මනස පිරිසිදු වෙනවා. සංගීතයට මෙන්ම සමාජයටද ඇති ආදරය වැඩිවෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයා කිව කතාව ඇත්ත. ඒකත් එක්තරා භාවනාවක් තමා. හිතේ අවධානෙ වෙනස් උනොත් එක්කො තාලෙ(ටෙම්පො එක) පිට පනිනවා. එහෙම නැත්නම් ස්වර ටිකක් හරි කෝඩ් එකක් හරි වරදිනව. ඔක්කොම ගැන අවධානෙන් තමා ඒ වැඩේ කරන්න ඕනෙ.

      //මනස පිරිසිදු වෙනවා//
      ඔව් ඒක හරි. සැහැල්ලුවෙන් ඕන දෙයක් ගැන හිතන්න, දකින්න පුළුවන්(මට නම් එහෙමයි. අනිත් අයට කොහොමද දන්නෙ නෑ :D ).

      ජය වේවා!!!

      Delete
  8. ඉස්සර මටත් ඕගන් එකක් තිබුනා වයලීන් එකක් තිබුනා.. හම්මේ ඒ කාලේ ඉතින්.. ඕකෙන් තොර ලෝකයක් නෑ.. දැන් අවුරුදු 10කින් වගේ ඔය දෙකටම අත තියන්න බැරි උනා බං.. කාලයත් එක්ක හැමැදේම ඉතින් වෙනස් වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. මගේ අක්කටත් වයලින් එකක් තිබ්බා. මට ඒක පොඩි කාලෙ අල්ලන්න දුන්නෙ නෑ වැඩිය මම ඒකෙ තත් කඩල දායි කියල. ඒත් ගෙදර කවුරුත් එහෙමෙහෙ වෙනකං ඉඳල මම ඒකෙන් ගිටාර් ගහන්න ට්‍රයි කළා :D.

      කියල වැඩක් නෑ. ඒ කාලෙ ඔහොම දෙයක් තිබ්බොත් හැම වෙලේම එල්ලීගෙනම තමා ඉන්නෙ. කාලෙත් එක්ක ඒවා දුරස් උනත් කැමැත්ත නම් නැති වෙන්නෙ නෑනේද.

      ජය වේවා!!!

      Delete
  9. මේක ඇත්තටම සුපිරි විස්තරයක්! තමන්ගෙ අත්දැකීම් විස්තර කරන්න ආයි අමුතුවෙන් හිතන්න දෙයක් නැති නිසා ලස්සනට ස්වභාවිකවම ලියවෙනවා. අනෙක් කොටස එනතුරු බලා ඉන්නෙ.
    මනා අපි ටිකක් සමකාලීනයි වගේ. මොකද මාත් ඉස්සර ඔය සෙල්ලම කලා. විනෝදාංශයක් විදිහට කීබෝඩ් ප්ලේ කරන්න ඉගෙනගත්තා. Casio SA10 දැක්කම පරණ යාලුවෙක් දැක්කා වගේ. ඊටත් කාලෙකට පස්සෙ Casio SA45 ස්පීකර් දෙකේ මොඩල් එකක් ගත්තා. ඒත් අර පරණ එකේ තියෙන නාදය තරම් සිනිඳු නෑ. මට කවදාවත් බැරිවුණා ඉයර් එකට ප්ලේ කරන්න ඉගෙන ගන්න. කෝඩ් එක ඕනිමයි. මේ කෙළවරේ ඉඳං එහා කෙළවරටම යන ඉන්ට්‍රො තියෙන (පුරහඳ ලෙස ඔබ සමකල, සිහිනෙන් සිහිනෙන් වගේ) සින්දු තමා ආසම. දැන්නම් කාලෙකින් අල්ලන්නවත් ලැබුණෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මධූ.
      ඔව් ලියද්දි කිසිම ආයාසයක් ගත්තෙ නෑ. හැම වෙලේම ඔය කාලෙ මගේ මතකෙට එනවා. ඉතිං ඒකයි අකුරු කරල දාන්න හිතුනෙ :).
      අහා එහෙනම් මෙයත් මම වගේ casio ඕගන් ගහපු කෙනෙක්. මම Casio වලින් SA10 විතරයි ප්ලේ කලේ. එකෙ තියෙන ගතිය මම ඒ සයිස් එකේ වෙන කිසිම ඕගන් එකකින් දැක්කෙ නෑ මේ වෙනකං.

      ආයෙත් පොඩි වෙලාවක් අරං පොඩි ට්‍රයි එකක් දෙන්න. පරණ හැකියාව ආයෙ මතු කරගන්න පුළුවන් වෙයි.
      මාත් ඔය සිංදු වලට කැමතියි වැඩ දාල ගහන්න තියෙන නිසා :D.

      ජය වේවා!!!

      Delete
  10. කැපවීමත් අධිෂ්ටනයත් නැතුව දිග ගමනක් යන්න බෑ මොන ක්ෂේත්‍රයෙවත්. මනා ඒ බව ඔප්පු කරපු එකෙක්. ඉදිරි ගමනටත් ජය උඹට .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඉවාන් සහෝ. ඔයාගෙ වැඩේ මම ලෙසටම කරල එවනව හොඳේ. පොඩ්ඩක් අසනීප උනා උගුරට :D. ඒකයි පරක්කු උනේ.

      Delete
  11. මං කියවපු රහම ආත්ම ප්‍රකාශනයක්.. තාත්තා උඹව තේරුම් ගන්න පුලුවන් මට්ටමකට හිටී එක වාසනාව.. මේකේ තව දිගට ලිවුනං කොච්චර හොදද කියල හිතුනා බං.. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. දේශාට හිතට වැදුනා නම් මට ගොඩක් සතුටුයි :). තාත්තා හැම වෙලේම අපිට ඕන ශක්තිය ලබා දුන්නා ඒ වගේම අම්මත්. තව ලියන්න තියෙනවා. ඒකත් ටික දොහකින් දාන්නංකො.
      ජය වේවා!!!

      Delete
  12. මං ළඟ තාම වයලින් එකක් තියෙනවා. පුදුම ආසාවක් තිබ්බේ ඕක ගහන්න. සර් කෙනෙක් හොයාගන්න සෑහෙන අමාරු උනා. බොරු කියන්නේ මොකටද, මනාට වගේ නං කනක් තිබුනේ නෑ තනියම ඉගෙන ගන්න. හැබැයි තව පොඩ්ඩක් උනන්දු උනා නං කියල මේක කියවද්දී හිතුනා. අපිට කොච්චර නං දේවල් මග ඇරෙනවද ...

    ReplyDelete
    Replies
    1. තාමත් වයලින් එක තියෙනවනම් පොඩි ට්‍රයි එකක් දෙන්නකො. නිකං ස්වර ටිකක් ගහගන්න. මම නම් වයලින් එකෙන් ගැහුවේ ගිටාර් :D.
      ඒක ඇත්ත රොටී. අපිට ගොඩක් දේවල් මග ඇරෙනවා. නමුත් ඉතිං දෙයක් මග ඇරෙද්දි තව හොඳ දේවල් හම්බවෙනවනෙ :).
      ජය වේවා!!!

      Delete
  13. මිල්ලෙ සොයා ෆිල්ම් එක මතක් උනා.

    ReplyDelete
  14. "මා හට කුඩා කල ගෙදරින් ලැබිය යුතු ඒ නිදහස සහ උදව් නොතිබුනේ නම්.." - මේං වටිනම හරිය
    වස්තු සම්පත් කොතෙකුත් දරුවන්ට දෙන්ට හදන දෙමව්පියන්න මේං යස පණිවිඩයක්...
    අම්ම හරි, තාත්ත හරි, දෙන්නම හරි, දරුව දිහා ආදරෙන් බලං ඉන්ට ඕනෑ අර කිව්ව වගේ.. දරුවන්ගෙ හැකියාවන් දස්සකං අඳුනගන්න දියුණු කරන්න...
    ලියැවිල්ල යසයි! ජය!

    ReplyDelete
    Replies
    1. ඒක තමා තිස්ස මහත්තයො. කොච්චර වියදම් කලත් වැඩක් නෑ, දරුවොත් එක්ක දෙමව්පියො (දෙන්නම බැරිනම් එක්කෙනෙක්වත්) ළඟින් ඉන්නෙ නැතුව. දරුවො ගොඩක්ම ආදරේ දෙමව්පියන්ටනේ. එයාලව තේරුම් ගන්න පුළුවන් වෙන්නෙත් දෙමව්පියන්ටම විතරයි ගොඩක් වෙලාවට.
      සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට. දිගටම මේ පැත්තෙ එන්න කියල ආරාධනා කරනව :).
      ජය වේවා!!!

      Delete
  15. මට ඕගන් ගහන්න ඕනේ නැහැ බං.මට ඕනේ ගිටාර් ගහන්න එත් තාමත් බැරි වුනානේ.

    ඕනෑම දෙයකදී ගෙදරින් ලැබෙන සහයෝගය හරි වටිනවා.එක තමයි දිගු ගමනක පළමු පියවර.

    ReplyDelete
    Replies
    1. ඉතිං පොඩ්ඩක් වෙලාවක් හොයාගෙන ගිටාර් එක ගහන්න පුරුදු වෙයන්කො :D. මගෙ බ්ලොගේ තියෙන්නෙ බේසික් ටික ගැන පාඩම් සෙට් එකක්ම. පොඩි ට්‍රයි එකක් දීල බලන්න.

      //ඕනෑම දෙයකදී ගෙදරින් ලැබෙන සහයෝගය හරි වටිනවා.එක තමයි දිගු ගමනක පළමු පියවර.//
      හරියට හරි මනෝ. ගෙදරින් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා.

      ජය වේවා!!!

      Delete
  16. පට්ටයි මනා ...උඹ හරිම වාසනාවන්තයි මචෝ .මගේ කථාව මතක් උනා .....එක මේකට හාත්පසින්ම වෙනස් එකක් .මම සංගීතයට මාරම ලයික් පොරනේ .ඉතින් අපේ අම්මාටත් හොඳ හැකියාවක් තිබුනා සින්දු කියන්න .එයා සින්දු කියනකොට මම ගෙදර තිබුණ බංකුවකට තට්ටු දානවා .ඉතින් සංගීත පංතියකට මාව බාරදුන්න .මට ගායන හැකියාව නැ .ඉතින් අපේ සර් කාරයා කිවා මෙයා තබ්ලා වලට දක්ෂයි .මෙයා ඒ පැත්තෙන් යවමු කියලා .කොහේ තියන සල්ලිද බන් ඒ දවස් වල අපිට තබ්ලා ගන්න ...මමත් අසාවෙන් හිටියේ තබ්ලා ගහන්න ...එත් මම අම්මලාට ඒ ගැන කරදර කරන්න ගියේ නැ .අපේ අම්මාට පුළුවන් උනේ තබ්ලාව වෙනුවට මට "බට නලාවක් " අරන් දෙන්න විතරයි මචෝ ....ඒක තවම තියනවා .එත් ගහන්න බැ ....හම්මේ මේ මොනවා ලියනවාද නේද ???? හිත අතීතයට ඇදිලා ගියා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිංදු.
      මේ පෝස්ට් එක නිසා උඹේ ඒ අතීතෙත් දැන් දැනගත්තනෙ :). බටනලාව ගහන්න පුරුදු වෙන්න තිබ්බෙ සිංදුට. දැන් ඉතිං සිංදුවට පුළුවන් නෙ තබ්ලාවක් ගන්න (තාමත් වාදනය කරන්න කැමති නම් :D ). ඇරත් දැන් ඉතිං උඹ හැම වෙලේම මියුසික් ඇහෙන පරිසරයකනේ මචෝ ඉන්නෙ. අතීත මතක ඉතිං අපිට හැමදාම තියෙනවා කවදාවත් අමතක වෙන්නෙ නැතුව.
      සින්දුගේ මතක අපිත් එක්ක බෙදාගත්ත එක හොඳයි :).
      ජය වේවා!!!

      Delete
  17. BATANALAWA, PRACTIS WENNA sindu ano, eka godak layanvthai

    ReplyDelete
  18. මුහුදු රැල්ල ඔස්සේ ඔර්ගන් ස්වර තියෙනවද

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.