නෙළුම් යාය සම්මාන උළෙල මාර්තු 26 පැවැත්වුන බව ඔයාල හැමදෙනාම වගේ දන්නව ඇතිනෙ. ඉතිං ඒකට මමත් සහභාගී වුනා. එතනදි මට බ්ලොග් ලියන කීප දෙනෙක්ම හම්බවෙන්න අවස්ථාවත් උදාවුණා. කොළඹ ගමයා ලියන අජිත් අයියා, මාතලන් අයියා, ඉවාන් අයියා, සුදීක අයිය, අටං අයියා, බස්සි, කල්‍යාණ මිත්‍ර, කටුස්සා, මනෝගේ ලෝකය ලියන මනෝජ් ෆර්නැන්ඩු, අපේ දිලිනි, සජ්ජා, ගන අඳුර ලියන මහේෂ්, හිත හීලෑ නෑ ලියන මලයා, ඊළඟට වෙනියා ඔය වගේ තව කීප දෙනෙක්ම හිටියා. ඉතිං ඒ උත්සවය ඉතාමත්ම හොඳට පැවැත්වුනා කීවොත් වැරැද්දක් නෑ. ඔය උළෙලට මට යන්න සෙට්වුනේ තව වැදගත් වැඩක් බාර දීල තිබ්බ නිසා. ඒ වෙන මොකක්වත් නෙමේ ඉතිං නෙළුම් යාය තේමා ගීතය ගායනය කරන්න :D.
ඔය අවස්ථාව උදාවුනේ අහම්බෙන් කීවොත් හරි. මෙහෙමනෙ සීන් එක. අපේ අජිත් අයියා මේ සම්මාන ප්‍රධානය ගැන කියල ඒ සම්මාන ලබන අයගේ නම් ලිස්ට් එකක් එහෙම දාල තිබ්බ මතක ඇතිනෙ. ඉතිං ඔය ලිස්ට් එකේ දිලාගෙ ලෝකය ලියන අපේ දිලිනිටත් සම්මානයක් තියෙනව කියල තිබ්බා.
මෙතන ඉඳන් කියන්නෙ මට හිතුන විදිහට හරිද :D. ඉතිං ඕක දැක්ක ගමන් දිලිනිට මාරෙට හැපි හිතෙන්න ඇති. මොකද ඉතිං සම්මානයක් හම්බෙනවා කියන්නෙ කාටත් සතුටු හිතෙන දෙයක්නෙ. ඒක මටත් එහෙමයි කියවන ඔයාලටත් එහෙමයි. ඉතිං ඒ කික් එකටම තව දවස් දෙක තුනකින් දිලිනි ලියනවා යායට පායනා කියල ලස්සන කවි සෙට් එකක්. (දැන් මම හිතපු විදිහ අවසානයි)
ඕකට ඉතිං වෙනද වගේම කට්ටිය කමෙන්ට් කරනවා. මාත් ඉතිං කමෙන්ට් එකක් දාල ආව වෙනද වගේම. ඔන්න පහුවදා මගෙ ජීමේල් එකට ලොග්වුනාම ඊමේල් එකක් තියෙනව දිලිනිගෙන් "මොකද කියන්නේ කියල". මාත් ඉතිං මොකද්ද දන්නෑ අහල තියෙන්නෙ කියල බලන්න ඕපන් කළා මේල් එක. ඒකෙ තියෙන්නෙ එයාගේ බ්ලොගේ කමෙන්ට්ස් ටිකක ප්‍රින්ට් ස්ක්‍රීන් එකක්. බැලින්නම් මෙන්න මම දාල ආව කමෙන්ට් එකේ අපේ අජිත් ධර්මා අයියා කමෙන්ට් එකක් දාලා.
"දිලා සහ මනා , මෙහෙම යෝජනාවක් තිබෙනව. අපි කැමතියි මේ කවි පන්තිය සින්දුවක් ලෙස මනා ලව්වා ගායනා කරන්න. මේක තමා නෙළුම් යායේ තෙමා ගීතය. මොකද කියන්නේ?"
ඊට යටින් දිලිනිත් ඒකට කැමතියි කියල දාල තිබ්බා.
ඉතිං මේක දැක්ක ගමන් මම ආයෙ දෙපාරක් හිතුවෙ නෑ කෙලින්ම ගියා අදාළ පෝස්ට් එකට. දැම්ම මම වැඩේට කැමතියි කියල. ඉතිං ඊට පස්සෙ අපි තුන්දෙනා මේ සීන් එක ගැන තව දුරටත් ඊමේල් කීපයක් මගින් කතා කරගත්තා. මම එතැනදී දවසක් දෙකක් ඇතුලත සාම්පල් එකක් එවන්නත් පොරොන්දු වුණා. ඉතිං එහෙම කිව්වට මම මේකට මෙලඩි එකක් දාන්නත් ඕනනෙ. ඒකත් එදා රෑම ඉවර කරල කියන්න ඕන මෙලඩි එක ශේප් එකේ හදා ගත්තා. මම පහුවදාම මගෙ ෆෝන් කට්ටෙන් පොඩි රෙකොඩින් පාරක් දාල අදාළ බලධාරීන්ට යැව්වා. මෙන්න දවස් දෙකකට විතර පස්සෙ මට මේල් ඇවිත් තිබ්බා එයාල මොනවද ඒක ගැන හිතන්නෙ අනං මනං කියල. ඔන්න ඊට පස්සෙ මරු සීන් එක. මම ඒක හදල සතියකට දෙකකට විතර පස්සෙ ඒ කියන්නෙ පෙබරවාරි මැද වගේ ඉඳං ආගිය අතක් නෑ. සැරින් සැරේ ඉක්මනට ඇවිත් ගියාට කමෙන්ට් එකක් දාන්නවත් වුනේ නෑ. හැබැයි ඒ අතරේ මට මොකද වුනේ, ඇයි එනනෙ නැත්තෙ, බ්ලොග නවත්තලද අනං මනං අහල කීප දෙනෙක්ම ඊයවල් විදල තිබ්බ. ඔය අතර තුර මට අජිත් අයියත් ඊයක් දෙකක් එවල තිබ්බා. මුලින්ම වැඩේ සෙට් වෙලා තිබ්බේ වෙන දවසකටනෙ. මෙන්න එක ඊයක තියෙනවා වැඩේ කල් ගියා 26 වෙනිදට කියල. දැන් මාර සීන් එක. මට දැන් ෂුවර් එකක් නෑ එදාට එන්න පුළුවන් වෙයිද කියල. මට මොකක් හරි තව වැඩක් සෙට් වෙන්න වගේ සීන් එකක් තමා ඒ වෙද්දී තිබ්බෙ. මම ඕක කියල අජිත් අයියට ඊයක් විද්දා. මට එදාට එන එක සුවර් නැත කියල :D. මෙන්න දැන් අජිත් අයියා එවනව "මල්ලි එදාට ඔයා එන්නම ඔනෙ. එන්නෙ නැතුව ඉන්න එපා කියල". දැන් ඔය සිද්දියෙන් පස්සෙ මට බ්ලොග පැත්තෙ එන්නම වුනේ නෑ මර්තු 20 පහු වෙනකං. ඔන්න මාර්තු 24 වගේ මම ආව ආයෙත් බ්ලොග් පැත්තෙ. ඇවිත් බැලුවම තියෙනවා අජිත් අයිය ලංකාවට ඇවිත් කියල ෆෝන් නොම්මරයක් එහෙම දාල ඕන වුනොත් අමතන්න කියල. මම ඊට පහුවදා යැව්ව හරි අයියා හෙට (26) එහෙනම් සෙට් වෙමු කියල. මම හිතන්නෙ ඒ මේල් එක දැක්කම වෙන්න ඇති අජිත් අයියගෙ ඔළුවේ තිබ්බ තව බරක් නිදහස් වෙන්න ඇත්තෙ. මොකද දන්නවද මම 26 ගිහිං අපේ කමියල එක්ක කතා කරද්දී තමා දැන ගත්තෙ අජිත් අයියා මම එන එකක් නෑ කියල හිතිල ෆෝන් නොම්මරයක් හොයල තියෙන විත්තියක් මට කතා කරන්න :D. ඉතිං කොහොමින් කොහොම හරි තේමා ගීතෙත් ගායනා කළා. ඒක ලියපු දිලිනිව දැක්කෙත් හරියටම ස්ටේජ් එක උඩදි. සිංදුව ඉවර වෙනකං දිලිනිත් ස්ටේජ් එකේ හිටිය. ඒ හිටිය එක ගොඩක් හොඳයි මොකකටවත් නෙමේ එවෙලෙ මම ටිකක් බයේ හිටියෙ සිංදුව හරියට කියා ගන්න බැරි වෙයි වත්දෝ කියල :D.
මේ තියෙන්නෙ ගීතය ගායනා කරන අවස්ථාවෙ ෆොටෝ එකක්.
ලස්සනට සින්දුව කිව්වද කියල මම තාමත් හරියටම දන්නෙ නැහැ හැබැයි. සිංදුව ඉවර වුනහම ලැබුණ අත්පුඩි සද්දෙන් මට හිතෙනව මම අවුලක් නැතිව වැඩේ ගොඩ දාල කියල :D. ඔන්න ඔහොමයි ඉතිං දිලිනිගෙ යායට පායනා කවි පද ටික නෙළුම් යාය තේමා ගීතය වුනේ. එදා සම්මාන උළෙලේදී කිව්ව එකේ වීඩියෝ එක හෝ ඕඩියෝ එකක් මට හොයා ගන්න බැරිවුන නිසා මම ආයෙත් මගෙ ෆෝන් කට්ටෙන් රෙකෝඩ් කරල එඩිට් පාරක් දාල ඔයාල හැමෝටම අහන්න පුළුවන් වෙන්න යූටියුබ් එකට අප්ලෝඩ් කළා. මේ තියේන්නෙ ඒ ගීතය. අහල බලන්නකො හොඳද කියල.
එහෙනම් මම ගියා. සියළු දෙනාටම ජය වේවා!!!