ඔන්න සිංහල අවුරුද්දත් ඉවර වෙලා සති එකහමාරකට විතර පස්සෙ පොඩි පෝස්ට් කට්ටක් දාන්න හිතුනා. වෙන මොකකටවත් නෙමෙයි පොඩි මියුසික් වැඩක් ගැන කියන්න. ගොඩ දෙනෙක් අහන්න ඇතිනෙ අපේ මාතෙගෙ කුළුඳුල් ගීතය "තුම්මුල්ලේ ගීතය". ඒ ගීතෙ අයිතිය ගැන කවුරුහරි අහල තිබ්බ කමෙන්ට් එකකට මාතලන් අයියා කියල තිබ්බෙ අයිතිය ගායකයා සතුයි කියල. ඒත් මම හිතන විදිහට ගී පද නොමැතිව ගීතයක් සම්පුර්ණ වෙන්නෙ නෑ වගේම අරුත් බර වෙන්නෙ නෑ. ඒක නිසා තුම්මුල්ලේ ගීතයේ අයිතිය සම්පුර්ණයෙන්ම මාතලන් සතුයි කියන එක මුලින්ම කියන්න ඕනෙ.
ආ තව ඩින්ගෙන් අමතක වෙනව දැන් කියන්න ආව වැඩේ ගැන. මීට මාස දහයකට විතර කලින් අපේ ඔමාගේ හීන කියන බ්ලොග් එක කරන ඔමා අක්කා(ඔමා කියන්නෙ ඇත්ත නමම වෙන්න ඇති මගෙ හිතේ) ලියපු පද ටිකක් ගීතයක් විදිහට නිර්මාණය කරලා යූ ටියුබ් එකට දාල තිබිල තියෙනවා. තිබිල තියෙනව කිව්වෙ මම ඒක ගැන දැන ගත්තෙ දවස් දෙකකට විතර කලින් නිසා. ඒකට සෑහෙන්න ප්‍රතිචාරත් ලැබිල තිබුණා.
ඉතින් මම මීට කලින් කරපු මාතෙ අයියගෙ තුම්මුල්ලේ ගීතය දැක්කට පස්සෙද කොහේදෝ අපේ ඔමා අක්ක මෙන්න මෙහෙම පද ටිකක් මගෙ මේල් එකට එවල තිබ්බ මගේ සිංදුවත් බලන්නකෝ කියල :D.
ඩේටා ඉවරවෙනකල්.. මගේ බැනුම් ඉවර නෑ...
මට තේරෙන්නෑ..පාළුව හැර කිසිවක් නෑ.....
ලිමිට් පැනලා... මට හුරුවෙලා... උගුර රිදෙන්නෑ...
කදුළු එන්නේ නැහැ ඇස් දෙක අඬන්න දන් නෑ...
එහෙම හිතලා ..හිතල හිතලා මම අඬන්නේ නෑ..
මා ළඟ ඔබ නැහැ ..ඔයාගේ සුවඳ හාදු නෑ.....
හීනෙන් වත් කරුමෙට මට.. ඔබ පෙනෙන්නේ නෑ...
බොළඳ වෙන්න බෑ කදුලට දිනන්න දෙන් නෑ ...
මටම කියලා... හිත සනසලා මම තැවෙන්නේ නෑ...
ඔයා දන්නේ නෑ ...ආදරේ තවම දුන්නේ නෑ.....
අරන් ආවේ නොදී හොරෙන්.. ඇයිද කියන් නෑ.....
හවසට ඉර බහින්නේ නෑ..වේගෙන් දවස ගෙවෙන් නෑ ..
පැය කටුවට බරවා බැහැලා හෙලවෙන්නෙත් නෑ
බොඳවුණු ඇස් කෙවෙණි දවන හිත වාවන් නෑ..
තටු තිබුණත් කූඩුව හැර පියාඹන්නේ නෑ........සත්තමයි
-Omaya-
ඉතිං මට මේ පද ටික දැක්ක ගමන් ලස්සන මෙලඩි එකක් හිතට ආවා. ඊට පස්සෙ පොඩි සාම්පල් කෑල්ලක් හදල ඔමා අක්කට යැව්වා, මොකද එයා කැමති වෙන්නත් ඕනනෙ. ඊට පස්සෙ ඒකට කැමතියි කියල මට මේල් එකක් එවල තිබ්බෙ එයාගෙ හිතේ තිබ්බ තාලෙත් මේකට ලඟින් යන එකක් නිසාලු. ඊට පස්සෙ එයාගෙ හිතේ තිබ්බ තාලෙත් පොඩි රේකොඩින් පාරක් දාල එවන්න කියල මම රික්වෙස්ට් එකක් කළා. ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබිල තිබුන. ඔයාල ගොඩ දෙනෙක් ඔමා අක්කගෙ පෝස්ට් කියෙව්වට කටහඬ අහල නෑ නේ?. විශේෂයෙන්ම සිංදුවක් කියනවා අහලම නෑ නෙ :D. ඇත්තටම ලස්සන හඬක් තියෙනව. පොඩ්ඩක් දියුණු කරල ගත්තොත් දැන් ඔය එක එක ටීවී චැනල් වලින් පායන තරු කැලේ.
ඉතිං එයාගෙ හිතේ තිබ්බ තාලෙනුත් කෑලි ටිකක් මගෙ ඔරිජිනල් මෙලඩි එකට ඇඩ් කරල පොඩ්ඩක් වෙනස් කරල අන්තිම සිංදුව රෙකෝඩ් කළා. ඒක ගැන ඔමා අක්ක නම් හොඳයි කියල කිවා. ඉතිං ඔයාලත් පොඩ්ඩක් අහල බලල අදහසක් කියල යන්නකො. ඒ වගේම මේ ගීතයේ අයිතිය සම්පුර්ණයෙන්ම ඔමා අක්කට හිමි වෙනවා. මම කරන්නෙ ලස්සන පද පේළි ටිකක් දැක්කම ඒකට මගේ හිතට වදින විදිහෙ මෙලඩියක් දාන එක විතරනෙ. එහෙම මෙලඩියක් දාන්න පද පේළියක් නැතුව බැනෙ. ඉතිං ඒක නිසා මේ ගීතයේත් සම්පුර්ණ අයිතිය ඔමා අක්කා සතුයි.
හරි එහෙනම් පිළිගන්න ඔමාගේ හීන (අපූර්වී) විසින් රචිත "මූණ පේන්නෑ" ගීතය.
YouTube බලන්න බැරි අය මෙතනින් ක්ලික් කරලා ඕඩියෝ එක අහන්න <<Audio>>