සුභ දවසක් ඔයාල හැමදෙනාටම. මනා අද ගේන පෝස්ට් එකත් සංගීතය හා සම්බන්ධ එකක්. මේ ලියන පෝස්ට් එක මීට කලින් ලියන ලද සංගීතය සම්බන්ධ පෝස්ටුව සමග තරමක් සම්බන්ධයි.ඒ පෝස්ට් දෙක මෙතනින් සහ මෙතනින් ගිහින් බලන්න. අද මම කියන්න යන්නෙ ගිටාරය (Guitar) වාදනය කිරීමට ඉගෙන ගන්නා අකාරය ගැනයි.මේ පෝස්ටුවේ කියන සියලුම කරුණු ඉතා හොඳින් මතක තබා ගැනීම වැදගත් යැයි මනාට හිතෙනවා. ගිටාරය ඉගෙන ගැනීම සම්බන්ධ සියලුම කරුණු මෙම තනි ලිපියෙන් විස්තරකිරිම කල නොහැකි දෙයක්. ගිටාරය සම්බන්ධ සියලු කරුණු මුල සිටම පොස්ට් කිහිපයක් මගින් ඔයාලට ගෙන්න තමයි මනා අදහස් කරගෙන ඉන්නෙ. අපි දැන් එහි මුලික කරුණු ගැන දැන ගනිමු.
මුලින්ම ගිටාරය යන සංගීත භාණ්ඩය ගැන කරුණු ටිකක් දැන ගැනීම වැදගත්. මෙය තත් භාණ්ඩයක්. ඒ කියන්නේ ගිටාරයක හඬ නිපදවෙන්නේ තත් කම්පනය කිරීම මගින්. තතක් කියල කියන්නෙ ගිටාරයේ තිබෙන ස්ට්‍රින්ග් (String) එහෙම නැත්තම් වයර් එහෙමත් නැත්තම් කම්බියකට කියල මතක තියාගන්නකො. සාමාන්‍යයෙන් ගිටාරයට තත් එහෙම නැතිනම් Strings හයක් තිබෙනවා. ඊට අමතරව තත් දොළහක් සහිත ගිටාරයන් ද ඇත. ගිටාරය කියල අපි පොදුවේ කිව්වට ගිටාර් වර්ග කිහිපයක් තියෙනවා.
1) විද්‍යුත් පරිපථයක් ආධාරයෙන් තත් කම්පනය කර හඬ නිපදවෙන ගිටාර්(Electric Guitar)
2) ස්වභාවිකව තත් කම්පනය මගින් හඬ නිපදවෙන ගිටාර්(Acoustic Guitar).
මෙහිදී Electric Guitar තවත් වර්ග කිහිපයකට මුලිකව බෙදන්න පුළුවන්.
1) Rhythm Guitar (රිදම් ගිටාර්)
2) Bass Guitar (බේස් ගිටාර්) (බේස් ගිටාරයට තත් හතර(4) , පහ(5) සහ හය(6) වශයෙන් තිබේ)
3) Lead Guitar (ලීඩ් ගිටාර්)
Acoustic Guitar අපි මුලිකව බොක්ස් ගිටාරය (Box Guitar) එහෙම නැතිනම් ක්ලැසිකල් ගිටාරය (Classical Guitar) ලෙස හඳුන්වනවා. සාමාන්‍යයෙන් ගිටාරයක් වාදනය කිරීමට ඉගෙන ගැනීමේදී මනාට අනුව නම් Classical Guitar (ක්ලැසිකල් ගිටාරය) මුලින්ම ඉගෙන ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඔබ Rhythm Guitar (රිදම් ගිටාර්), Bass Guitar (බේස් ගිටාර්) හෝ Lead Guitar (ලීඩ් ගිටාර්) වාදනයට ඇල්මක් දැක්වුවත් ඒ සෑම දෙයකටම කලින් ඔබට box ගිටාරය වාදනය පිළිබඳව මුලික අවබෝධයක් තිබිය යුතුයි. එමගින් ඔබට ඉතා පහසුවෙන් මුලින් සඳහන් කල ගිටාර් වර්ග වාදනය කිරීමට අවස්ථාව උදාවනු ඇත.
සාමාන්‍යයෙන් ගිටරයන් වාදනය කරන ශයිලින් කිහිපයක් තියෙනවා. ෆ්ලෙමින්කෝ (Flamenco), ජෑස් (Jazz), බ්ලූස් (Blues) රොක් (Rock), පන්ක් (Punk), රෙගේ (Reggae) යන ශයිලින් මේ අතරින් විශේෂයි. ඒ ශයිලින් සම්බන්ධව අපි වෙනම පොස්ටු කිහිපයකින් කතා කරමු.
ගිටාරයක් වාදනය කිරීමට පෙර එහි තිබෙන කොටස් හඳුනාගැනීම ඉතාමත්ම වැදගත්.මුලින්ම අපි ගිටාරයේ තිබෙන කොටස් මොනවද කියල දැනගෙන ඉමු. පහත තිබෙන රූපය මගින් එම කොටස් හඳුනාගන්න.
ගිටාරය වාදනය ඉගෙන ගැනීමේදී එහි ස්වර පුවරුව (Fret board) ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ස්වර පුවරුවේ ෆ්රෙට්ස් (Frets) සහ පොසිෂන් මාක්ස් (Position Marks) ඇත. සාමාන්‍යයෙන් Acoustic ගිටාරයක පොසිෂන් මාර්කස් ස්වර පුවරුව මත ලකුණු කරන්නේ නැත. සාමාන්‍යයෙන් ගිටාරයේ ස්වර පුවරුවට ෆ්රෙට්ස් (Frets) 15ක් ඇත.ඊට වඩා ෆ්රෙට්ස් සංඛ්‍යාවක් ඇති ගිටරයන්ද තිබේ. පහත රුපය මගින් ඔබට මම කියන දෙය වැටහේවි.
ඒ වගේම ගිටාරයේ ඇති තත් හය තිබෙන පිළිවෙළ දැනගැනීමත් වැදගත්. එය පහත රුපය මගින් ඔබට ඉගෙන ගන්න පුළුවන්.
ලෝකයේ බොහෝ දෙනෙකුගේ හුරු අත දකුණත බැවින් මෙම පොස්ට් එක මගින් කියා දෙන කරුණු දකුණත් කරුවන් සඳහා වඩාත් යෝග්‍ය වේ. වමත හුරුඅත වුනු කෙනෙකු හට ගිටාරය වාදනය කිරීමේදී දකුනත්කරුවන් වාදනය කරන ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ක්‍රමයට ඉගෙන ගත යුතු වේ.
ගිටාරයේ ස්වර පුවරුව මත තබා ගන්නා අත වම් අතයි. මෙහිදී වම් අතේ ඇඟිලි අංක කිරීම දැනගැනීම ඉතා වැදගත් දෙයක්.ඇඟිලි අංක කරන්නේ මෙසේයි.
ගිටාරය සුසර (Tune) කරන්නේ කෙසේද?
ගිටාරයේ ඇති තත් හය සංගීතයේ ඇති ස්වර දොළහේ ඇති ශුද්ධ ස්වර කිහිපයකට සකසා ගැනීම සුසර(Tune) කිරීම ලෙස හඳුන්වනු ලබයි.ගිටාරය සුසර කරන්නේ එහි ඇති තත් හය නිදහසේ ඇති අවස්ථාව(එනම් බින්දු වෙනි ෆ්රෙට් එක) සලකා බව මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත්(එනම් තත් හය වම අතේ ඇඟිලි මගින් අල්ලන්නෙ නැති අවස්ථාවයි). ගිටාරය සුසර කිරීම සඳහා ගිටාර් ටියුනරයක් (Guitar Tuner) හෝ වෙනත් සංගීත භාණ්ඩයක්(විදුලි ඕගනය,තවත් සුසර කරන ලද ගිටාරයක් ...) යොදා ගත හැකිය.
ගිටාරය සුසර කරන්නේ මෙහෙමයි.
මෙසේ ඉහත පරිදි ගිටාරය සුසර කරගත් පසු ස්වර පුවරුවේ ඇති දොළොස්වන(12) ෆ්රෙට්(Fret) එකේදී නැවතත් අපි ගිටාරය සුසර කරගත් බින්දු වෙනි ෆ්රෙට් එකේ තිබුණු ස්වර වලම උච්ච ස්වර ලැබෙන බවත් මතක තබා ගැනීම වැදගත්. ගිටාරය සුසර කරගත් පසු එහි තත් හය(6) මගින් ෆ්රෙට්(Frets) දොළහ පුරා ස්වර සැකසෙන ආකාරය ගැන අපි දැන් කතා කරමු.
ගිටාරයේ පළමු තත (1st String) සහ හයවන තත (6th String) සංගීතයේ "ග" (E) ස්වරයට සුසර කරගනු ලබන බව ඔබ දැන් දන්නවා. සංගීතයේ ඇති ස්වර පිලිබඳ අවබෝධයෙන් එම "ග" ස්වරයේ සිට දොළොස් වන ෆ්රෙට් එක දක්වා ඉදිරියට ස්වර විහිදී යන ආකාරය ඔබට දැන් තේරුම් ගැනීමට හැකියාවක් ඇත.
එලෙසම ඉතිරි තත් හතරත් එලෙසම දොළොස් වන ෆ්රෙට් එක දක්වා ඉදිරියට විහිදී යනු ලබයි. එය පහත රුපයෙන් ඔබට තේරුම් ගැනීමට පුළුවන් වෙයි.මෙහි 0 සිට 12 දක්වා ලා නිල් පැහැයෙන් පෙන්වා ඇත්තේ ෆ්රෙට් වල අංක පිළිවෙලයි.
ඉහත රුපය මගින් පෙන්වනු ලබන ස්වර සියල්ලෙන්ම ශුද්ධ ස්වර පමණක් පහත රුපය පරිදි පෙන්විය හැකිය.
මෙම රුපය බැලුවම ඔයාලට සංගීතයේ ස්වර ස්වප්තකය තැන් කිහිපයකින් හොයා ගන්න ඔයාල ටිකක් උත්සහ කලොත් පුළුවන් වේවි. උදාහරණයක් විදිහට මේ පහත රුපය බලන්න.මෙහි කොළ පැහැයෙන් පෙන්වා දී ඇත්තේ ස්වර ස්වප්තකය ඇති පළමු ස්ථානයයි.
දැන් ගිටාරය හා සම්බන්ධ මුලික කරුණු රැසක් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඇති කියල මනා හිතනවා. ගිටාරය යොදා ගනිමින් කෝඩ්ස්(Chords) වාදනය කරන නිවැරදි ක්‍රම ගැන අපි ඉදිරි පෝස්ට් කිහිපයකින් කතා කරමු. එතකන් මේ පෝස්ට් එකේ කියල තියෙන මුලික කරුණු හොඳින් අවබෝධ කරගන්න. ඒ වගේම මේ පෝස්ට් එකේ නොතේරෙන තැනක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් පෝස්ට් එකකින් හමුවෙමු.ජය වේවා!!!
එල..දිගටම ලියමු.
ReplyDeleteමම හොය හොයා හිටියෙත් මේ වගේ මුල ඉඳලා ඉගෙන ගන්න පුලුවන් සීරිස් එකක්.
youtube වල බැලුවට ඔක්කොම තියෙන්නෙ ලංකාවෙ සින්දු වලට හරියන බඩු නෙවෙයි.
ඔන්න මමත් පැත්තකට දාලා තිබුන ගිටාර් ඒක එලියට අරන් tune කරගත්තා.
නියමයි පුජිත :) ඊළඟ ලිපියත් ඉක්මනටම දානවා. පින්තාරුව බලන්න ආවට ස්තුතියි. :)
Deleteනියම වැඩක් සහෝ ....මමත් හොය හොයා හිටියේ .අනිත් අය වගේ මෙතනින් නවත්තන්න එපා .දිගටම ලියන්න .ඇඟිලි හුරු කරගන්න කරන ක්‍රම ගැනත් ලියන්න .
ReplyDeleteඊලඟ ලිපිය ලියනකල් බලාගෙන ඉන්නවා .
ජයවේවා ..
තාත්තෙ අද සංගීත පන්තියේ
රාග තාල හරි ආස හිතුණා මට
සර්පිනාව ගහලා...
කියමුකො අපි දෙන්නා
හේනේ කුඹුරේ වයස ගියා මිස
අකුරු කළේ නෑ නෙ පුතේ
ඉහළ ගමේ මස්ටර් නෙ මට
සර්පිනාව කියලා දුන්නේ
ඔය රාග තාල නම් දන්නෙම නෑ මම්
රාග තාල නම් දන්නෙම නෑ මම්
ආ....
ඔය අපූරුවට ගැයුවේ
හරි අපූරුවට වැයුවේ
ඕව තමයි රාග තාල
සංගීතෙට ඉගෙන ගන්නෙ අපි
ඉස්කෝලේ සංගීත පන්තියේ
ආ....
ඉගෙන ගන්න හැටි කොහොම උනත් අපි
වයන්නෙ මේ සත්සර නෙ පුතේ
ගයන්නෙ මේ සත්සර නෙ පුතේ
සංගීතය කොයි කාටත් මිහිරී
ශිල්ප දැනන් ගැයුවොතින් පුතේ
තාත්තා දුන් අවවාද රකින්නම්
ගයමු වයමු අපි එකතු වෙලා දැන්
ගේය පද - සෝමතිලක දිසානායක
සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සමඟ හර්ෂණ දිසානායක
බොහොම ස්තුතියි සින්දු ඇනෝ :) මේ පටන් ගත්ත එක දිගටම ලියනවා අනිවාර්යයෙන්ම :) දිගටම මනාගේ පින්තාරුව බලන්න එන්න :)
Deleteහරිම ලස්සන සිංදුවක්.
Deleteniyamai mana... issallama thanx krnna ona me wage watina blog ekk karagna ynwta. aththtma music kynne mkkd kiylwth dnnne nethuwa hitapu apita music kynne mkdda kiyala hodta theruna. digtma meka karagna ynna wish krnwa thank you
ReplyDeleteබොහොම ස්තුතියි තිලාන් සහෝදරයා.බ්ලොග් එක දිගටම කරගෙන යන්න තමා හිතන් ඉන්නෙ. පින්තාරුව බලන්න එන්න දිගටම. ජයවේවා!!!
Deleteගිටාරය ආපහු අතට ගත්ත මේක දැකලා
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා මානාගෙ පින්තාරුවට අජිත් මහත්මයා :). එහෙනම් ආයෙත් හොඳට ප්‍රැක්ටිස් කරන්න ගමු. දිගටම පින්තාරුව බලන්න එන්න :). ජය වේවා!!!
Deleteනියමයි ගිටාර් එක ගත්තට ඒකේ මෙච්චර දේවල් තියනව කියල හිතුවෙ නෑ...ඇත්තටම සුපිරියි....සුභපැතුම් මනා අයියෙ....මනාගෙ පිහිටෙන් මටත් ගිටාර් එකෙන් සිංදුවක් play කරන්න පුළුවන් වෙයි නේද....ජය වේවා
ReplyDeleteඅනිවාර්යයෙන්ම පුළුවන්. මම පුළුවන් උපරිමයෙන් කියල දෙනව. ඒවා හොඳට පුහුණු වෙන එක ඔයාලට බාරයි. ඒ ටික හරියට කළොත් හොඳට play කරන්න පුළුවන් වෙයි. ජය වේවා!!!
Deletedeyyo dunna wage good job mcn kohamahari danna okkoma kiyala dipan
ReplyDeleteබොහොම ස්තුතියි ඇනෝ.අනිවා ඔක්කොම කියල දෙනව. දිගටම මේ පැත්තෙ එන්න. ජය වේවා!!!
Deleteගීතයක කෝඩ්ස් පහසුවෙන් සොයාගන්නට මෘදුකාංගයක්
ReplyDeletehttps://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10153083889776259/?type=1
ස්තුතියි නිරංජන්.
Deleteගිටාරය සුසර කිරීමට වෙනත් උපාන්ගයක් භාවිතා නොකරම, ගිටාරයේම තත් යොදා ගත හැකි ක්‍රමයත් පල කලොත් හොදයි නේද? පලවෙනි තතේ 0 වැනි ස්තානයේ ස්වරය වන ග (E), දෙවෙනි තතේ 5 වෙනි ෆ්රෙට් එකේ ස්වරයට සමානයි. දෙවෙනි තතේ 0 වැනි ස්තානයේ ස්වරය වන නි (බි ), තෙවැනි තතේ 4 වන ෆ්රෙට් එකේ ස්වරයට සමානයි. මේ විදියට ගිටාරය, සුසර කරගන්න පුලුවන්, හැබැයි හරියටම සංඛ්‍යාත ගැනීමේ හැකියාව නැති උනත්. හදිස්සියේ ට්‍රිපක් ගිහාම මෙ ක්‍රමේ වටිනවා.
ReplyDeleteවැඩේ හොදයි.. ජය වේවා..! දිගටම කරගෙන යන්න..!
මුදන්නායක මහත්තයා. එහෙම ක්‍රමයක් තියෙනව. මමත් බොහෝ දුරට ඔහොම තමා ටියුන් කරන්නෙ. පස්වෙනි ෆ්රෙට් එක නෙමේ. හත් වෙනි ෆ්රෙට් එක උපයෝගී කරගෙන තමා ඒ විදිහට ටියුන් කරන්නෙ. හත් වෙනි ෆ්රෙට් එකේ (ගිටාරයේ වයර් හය උඩ සිට බලන විට දෙවැනි වයර් එක) A ෆිෆ්ත් එකේ ස්වරය E. ඒ ස්වරය E සික්ස්ත් එක ඕපන් කරලා ගහල එන E එකට ටියුන් කරනවා. ඒ විදිහටම D ෆොත් එකේ ස්වරය A. ඒක A ෆිෆ්ත් එක ඕපන් කරලා එන A එකට සමානයි. ඒ විදිහටම G තර්ඩ් එකේ ස්වරය D. ඒක D ෆිෆ්ත් එක ඕපන් කරල එන ස්වරය Dට සමානයි. ඒ උනාට Bෆිෆ්ත් එක ටියුන් කරද්දී විතරක් අපි 8 වෙනි ෆ්රේට් එකේ තියෙන B ෆිෆ්ත් එක ස්වරය(G ස්වරය) යොදාගන්නවා. එතකොට ඒ ස්වරය සමාන වෙන්නෙ G තර්ඩ් එක ඕපන් කරල එන G ස්වරයට. ආයෙත් 7 වෙනි ෆ්රෙට් එකේ E ෆස්ට් එක අල්ලනවා. එකෙ ස්වරය B. ඒක සමාන වෙනවා B ෆිෆ්ත් එක ඕපන් කරලා එන B ස්වරයට. පැහැදිලිද දන්නෙ නැහැ කිව්ව එක. ඔය ගිටාර් එකේ ස්වර පුවරුව දාල තියෙන ෆොටෝ එකේ හත් වෙනි ෆ්රෙට් එක බලන්නකො. තව හොඳට පැහැදිලි වේවි.
Deleteහැබැයි ඔය ක්‍රමයේදී එක අවුලක් තියෙනවා. අවම වශයෙන් එක වයර් එකක් හරි නිවැරදි ස්වරයකට ටියුන් වෙලා තියෙන්න ඕන. එතකොට නිවැරදිව ටියුන් කරන්න පුළුවන්. නමුත් කිසිම වයර් එකක් නිවැරදි ස්වරයකට ටියුන් නැති උනොත් මොකක් හරි එක වයර් එකකට සාපේක්ෂව කනට හුරු වෙන්න ටියුන් කරගන්න පුළුවන්. ඒත ටියුන් වෙලා තියෙනවා. හැබැයි E A D G B E විදිහට නෙමේ. සමහර විට ස්වර ටික එහෙ මෙහෙ වෙලා තියෙන්න පුළුවන්. හරියට F A# D# G# C F ඔය වගේ ඔරිජිනල් ටියුනින් නෝට් වලින් එහාට මෙහාට වෙලා තියෙන්න පුළුවන්. නමුත් ට්‍රිප් එකකදී සිංදුවක් කියාගන්න ඒකෙ බාදාවක් නෑ :D.
බොහොම ස්තුතියි. දිගටම ඇවිත් යන්න එන්න. ජය වේවා!!!
මමහ් කාලයක් ඉඳල ආසාවෙන් හිටපු දෙයක්. ඔන්න පටන් ගන්නවා.
ReplyDeleteසුභ පැතුම් හරී. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් එකක් හරි ඊයක් හරි දාන්න.
Deleteමතක ඇතුව මේ ගිටාර් පාඩම් සෙට් එකේ කමෙන්ට්ස් ටිකත් බලන්න. අමතර කරුණු කමෙන්ට්ස් වල සාකච්ඡා කරලා තියෙනවා.
එහෙනම් ජය වේවා!!!
thanks yaluwa...
ReplyDeleteyou are welcome frnd :)
Deleteme eka eka swara thiyena than mataka thiya ganna onida 6*15 ammo
ReplyDeletemusic mokuth dan na e unata asay
good blog , keep it up bro
Thank you:)
:එහෙම මතක තියාගන්න ඕනෙ නැහැ. .එහෙම මතක තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඉතිං. .අනිත් පාඩම් ටිකත් බලන්න ඔයාට තේරුම් යයි රටා ටිකක් තියෙනවා කියල. අන්න ඒ රටා ටික මතක තියා ගත්තනම් ඇති.
Deleteජය වේවා!!!
Thanks bro ගොඩ කාලෙකින් හොයාගත්තා ගොඩාක් විස්තර මම කාගෙන්වත් ඉගෙන ගන්නේ නැතුව දැන් වැඩෙ නැගල යයි මනාට පින් මගේ ගුරා
ReplyDeleteනියමයි
ReplyDeleteGreat & thankz a lot
ReplyDeleteniyamayi bro. patan ganna hadanne math.. hoyapu niyama lesson eka hambuna kyl hithanawa
ReplyDeleteGodak wedagath.pegediliwa liyala thiyenawa.thank you
ReplyDeleteබොහොම ස්තුතියි. මේ පාඩම් වල ඉතුරු කොටස් ටික හොයාගන්න අමාරුයිනේ
ReplyDeleteමගෙ ගිටාර් එක කලින් පාවිච්චි කරපු කෙනා වමත් කරුවෙක් එයා ගිටාර් එකේ තත් ටික් වම් අතින් play කරද්දි ඕන වෙන විදිහට හරවල තියෙන්නෙ ඒක ආයි දකුණු අතින් ගහන විදිහට හදා ගන්න කියල දෙන්න පුලුවන් ද?
Deleteඉතිරි පාඩම් ටික හොයාගන්නෙ කොහොමද
ReplyDeleteතව දාන්ඩෝ....👀👀👀❤️❤️❤️
ReplyDelete