2014 වසර අවසන් වෙලා 2015 වර්ෂය උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. ඉතින් මට හිතුන අළුත් අවුරුද්දට කලින් පරණ අවුරුද්දේ වෙච්ච සිද්දියක් ගැන කතා කරන්න. මේක පුද්ගලික තරහක් හරි එහෙම නැතිනම් කඩේ යාමක් නොවන වග ලිපිය ආරම්භයේදීම සටහන් කරන්න කැමතියි. ශ්‍රී ලාංකිකයන් වන අපට ශ්‍රී ලාංකේය කලාකරුවන් යනු බොහෝ සෙයින් වටිනා සහ ගරු කරන පිරිසකි. එය අප කාගෙන් ඇසුවත් ලැබෙන පිළිතුරකි. නමුත් කලාකරුවන් දේශපාලනය කිරීමට යාම දුක්ඛ දායක තත්වයකි. මක්නිසාද යත් කළා කරුවාගේ රාජකාරිය එහෙම නැති නම් කලාකරුවාගේ පාට් එක වෙන කෙනෙකුට කළ නොහැකි නිසාවෙනි. විශේෂයෙන්ම දේශපාලනය කිරීමට ඕනෑම උගත් හෝ නුගත් පුද්ගලයෙක් හට හැකි උනත් කලාකරුවෙකු වීම එසේ කල නොහැක්කකි. කලාකරුවෙකු සහ දේශපාලකයෙකු අතර තිබෙන ප්‍රධාන වෙනස්කම එයයි. නමුත් කලාකරුවෙකුට දේශපාලනය කිරීමට නොහැකිද? පිළිතුර වන්නේ "පුළුවන්". එහෙනම් ඒ කෙසේද? පිළිතුර, දේශපාලන ක්‍රමවේදයේ ඇති දුර්වලතා එහෙම නැති නම් වැරදි සහගත තැන් සහ හොඳ තැන් ඔවුන්ගේ මතිමතාන්තර වලට අනුව නිර්මාණයක් ආශ්‍රයෙන් ජනතාව දැනුවත් කිරීම හෝ කලාකරුවෙකු ලෙසම හිඳිමින් එම දේවල් ගැන හඬක් නැගීමයි. වර්තමානය වන විට කලාකරුවන් ජනතාව වෙනුවෙන් හඬක් නගමින් සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. නමුත් එය සිදුවන්නේ දෙපිලකට බෙදී වීම කණගාටුදායක තත්වයකි. මෙම ලිපිය මගින් කතා කිරීමට යන්නේ කලාකරුවාගේ දේශපාලනය කෙසේ විය යුතුද යන්න නොවේ. කෙසේ හෝ කිරීමට ගිය දේශපාලනයෙන් අත්වුණු තත්වයයි.
මීට දවස් දෙකතුනකට ප්‍රථමයෙන් හරියටම කියනවනම් සල්මන් ඛාන් සහ ජැකලින්, කන්නාඩි සහ කිහිලිකරු බෙදන්නට ලංකාවට පැමිණි දවසෙ අපේ කලාකරුවන් පිරිසකට කුඹුක්ගැටේ ප්‍රදේශයේදී විරුද්ධ පාර්ශවයක් විසින් එල්ල කරන ලද නින්දිත ප්‍රහාරය ගැන ඔබ මේ වන විට අහල සහ දැකල විස්තර දන්නව ඇති. එම ප්‍රහාරය ශ්‍රී ලංකේය කලාකරුවන් පිරිසකට මෑත කාලයේදී එල්ල කරන ලද දරුණුතම ප්‍රහාරයකි. එය තරයේ හෙලා දැකිය යුතුය. ඒ වගේම නැවත එවැනි නින්දිත ප්‍රහාරයන් කලාකරුවන් ඉලක්ක කර සිදු කිරීමට ඉඩ නොතැබිය යුතුය. අප දන්නා කලාකරුවන් කිහිප දෙනෙකුම එම ප්‍රහාරයෙන් හානි වී තිබුණු බවද ඇත්තය. එම සිද්දිය ජනතාව තුල මහත් කල කිරීමක් ඇති කිරීමට සමත් විය. කෙසේ නමුත් ඊට පසු දින පැවැත්වූ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී සිදු වුයේ කුමක්ද. එම මාධ්‍ය හමුව අවසානයේ කෙතරම් ඡන්ද සංඛ්‍යාවක් තමන් වෙත හරවා ගැනීමට තිබුණිද. නමුත් එය එසේ සිදු වුනාද. නැත, මම සිතන පරිදිනම් ඔවුන්ට ලැබුණු අවස්ථාව ඔවුන්ගේ කෙනෙකු නිසාම මගහැර ගත්තා පමණි. තමන් වෙත ප්‍රහාරයක් එල්ල වුනු විට තරහ යන එක සාමාන්‍ය දෙයක් බව ඇත්ත නමුත්, මෙවැනි අවස්ථාවක එසේ කෝප වීමෙන් සිදු වන හානිය ඊට වඩා වැඩිය.
එම මාධ්‍ය හමුවෙදී සිදුකල ලොකුම ගොන් වැඩේ නම් ජගත් මනුවරණ නමැති දක්ෂ කලාකරුවාට අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීමයි. මට ඔහු සමග කිසිම තරහක් හෝ ප්‍රශ්නයක් නැත. නමුත් ඔහුගේ ප්‍රකාශයේ තිබුණු ආවේගශිලිත්වය මගින් ඇති වුනු අවාසි සහගත තත්වය ගැන මට සිතුනු දේවල් පමණක් මෙහිදී සඳහන් කිරීමට අදහස් කලා. ඔහු ආවේගශීලිව පැවසුවේ කුමක්ද. ඔහු පැවසුවේ මෙයයි. "මේ කාලකන්නි ඩිස්නිලන්තයට මාව ජාතක කරපු වෙලාවේ, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියන මේ අරුමෝසම් හින්දි ෆිල්ම් එකට මාව ජාතක කරපු වෙලාවේ මගේ අම්මටයි තාත්තාටයි හිතුනේ නැත්තේ ඇයි මගේ බෙල්ල මිරිකලා කාණුවකට වීසි කරන්න, මට ලැම්බෝගිනි එකක් අරන් දීපල්ලා. මුන් එක්ක රේස් පදින්න". මෙය මාධ්‍ය ආයතන වලට පට්ටම නිවුස් එකකි. ඔවුන්ට මේ ප්‍රකාශය සුපිරියටම මාකට් කිරීමට හැකියි. මෙවැනි මාධ්‍යය දැනුවත් කරන්නාවූ අවස්ථාවක මෙසේ අදහස් දැක්වීම මගින් මිනිසුන්ගේ හිත්වල කලාකරුවා කෙරෙහි ඇතිවන හැඟීම කුමක්ද.
"මේ කාලකන්නි ඩිස්නිලන්තයට මාව ජාතක කරපු වෙලාවේ" ඒ කියන්නෙ ඔහු ඉපදෙනකොටත් මේක කාලකන්නි රටක් එහෙම නැතිනම් ඩිස්නිලන්තයක් හැබැයි කාලකන්නි. යකෝ ඒ කාලෙ රට පාලනය කලේ කවුද දන්නෙ නෑ. එතකොට මාමත් ඉලන්දාරි මන්ත්‍රී කෙනෙක් වෙන්න ඇති නොවැ. ඒ වගේම ඔහු දැන් පක්ෂව සිටින්නේ ඒ කාලෙත් දැන් වගේම රට කාලකන්නි කරපු අය එක්ක නෙමේද දන්නෙත් නැති ගානයි. "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියන මේ අරුමෝසම් හින්දි ෆිල්ම් එකට මාව ජාතක කරපු වෙලාවේ" ඔහුට අනුව මේ රට ලස්සන හින්දි ෆිලුම් එකකි. හැබැයි ඔහුට අමතකයි මේ ෆිලුම් එකේම තමනුත් කලාකරුවෙක් වෙලා ඉන්න විත්තිය. ඔහු අද සිටින තැනට පත් වී සිටින්නෙ මේ රටේම නේද කියන එක ඔහුට අමතකවුන බවක් එතකොට මටනම් හිතුන. "මගේ අම්මටයි තාත්තාටයි හිතුනේ නැත්තේ ඇයි මගේ බෙල්ල මිරිකලා කාණුවකට වීසි කරන්න" මෙන්න මේක නම් කලාකරුවෙක්ට දෙනෝදාහක් ඉස්සරහ කියා නිකමටවත් කියන්න කොහොමවත්ම හිතෙන්න විදිහක් නැහැ. මොකද කලාකරුවෙක් කියන්නෙ ගොඩක් සංවේදී කෙනෙක්. එහෙම කෙනෙක් කොහොමද තමන්ගෙ දෙමව්පියන්ට කියන්නෙ ඉපදිච්ච ගමන් මරල දාන්න එපැයි කියල. ඔන්න ඔය කොටස ඇහෙද්දී නම් මට ඔහුගේ සංවේදීතාවය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නට සමත් වුණා. ඔහු කෙසේ හඬා වැළපෙමින් එම ප්‍රකාශය කරත් එම වචන ටික ගොඩක් මිනිසුන් හට ඔහු කෙරේ තිබුණු ආදරය ප්‍රසාදය නැති කරන්නටත් එම කලාකරු පිරිස කෙරෙහිම තිබුණු අවධානයත් මදකට හෝ නැති කරන්නට සමත් වුණා.මට හිතුනෙ එක්කො මනුවරනලට ගහපු එකේ කේන්තිය ඔහුගේ ආදරණිය දෙමව්පියන් පිටින් යැව්ව එහෙම නැතිනම් පොරට ගොඩ කාලෙක ඉඳන් ඒ දෙමව්පියන් එක්ක කුමක් හෝ තරහක්, කේන්තියක් තියෙනව. අන්තිමේට මට මෙහෙමත් හිතුන.මනුවරණ කියන්නෙ මාක්ස් වදියෙක්ද. මොකද මම අහල තියෙන විදිහට මාක්ස්වාදීන්ට ආගමක්,ජාතියක්,අම්මෙක් අප්පෙක් කියල එකක් නැහැ.හැබැයි මෙන්න මේ අන්තිම ටික නම් කිසි අප්සට් එකක් නැහැ. "මට ලැම්බෝගිනි එකක් අරන් දීපල්ලා. මුන් එක්ක රේස් පදින්න" යකෝ මූ ලැම්බෝගිනිය ඉල්ලන්නෙ අපෙන්ද නැත්නම් දෙමව්පියන්ගෙන්ද. හැබැයි ඒ කතාවෙ නම් කිසිම වරදක් නැති පාටයි. රාජ කුමාරයන්ට ලම්බෝ පදින්නට හොඳ නම් අපි පැද්දම මක්ක වෙනවයි ආයෙ.
කෙසේ හෝ මට හිතෙන විදිහට මේ වගේ තීරණාත්මක මොහොතක ආවේගය නිසා ඔය වගේ ගොන් කතාවක් කිරීමෙන් කරගත්තේ ලොකු හානියක්. මොකද විරුද්ධ පාක්ෂිකයන්ට කියාගන්න දෙයක් නැතිව ඉන්න මේ වගේ වෙලාවක ඔය කතාව හොඳ කටගැස්මකි. ඒ වගේම අද හෙටම ඔය කතා කෑල්ල දාල වෙළඳ දැන්වීමක් වුවද සාදා ප්‍රචාරය කිරීමට නොහැකියැයි කාට කිව හැකිද. බොලිවුඩ් නළු නිළියන් පහකුත් එන්න ඉන්න එකේ ඕක මහ කජ්ජක්ද.කෙසේ හෝ කලාකරුවන්ට කිසිම විදිහකින් ප්‍රහාරයක් හිංසාවක් කිරීම නම් හොඳ දෙයක් නොවෙයි. මොකද අර ලූෂන් බුලත්සිංහල මහත්තයා කිව වගේ රටක පුජ්‍ය පක්ෂය ලඟට ඉන්නෙ කලාකරුවන් කියන එකත් අපි මතක තියා ගන්න ඕනෙ. ඒ වගේම කලාකරුවනුත් කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමේදී හිතට එන දේම පවසන්නෙ නැතිව කල්පනාකාරීව එම දේවල් ප්‍රකාශ කරන එක තමා හොඳ.
ඔන්න ඉතින් මේක කියවල මාත් එක්ක අමනාප වෙන්න එහෙම එපා.මම මේ ලිපියේ ලිව්වෙ මගෙ පෞද්ගලික අදහස.මේක කියවන ඔබටත් වෙනස් අදහසක් තිබෙන්නට පුළුවන්.මම කැමතියි එම අදහසත් මේකෙ කමෙන්ට් එකක් විදිහට දානවනම්.
ඒ වගේම හෙටින් ආරම්භ වන 2015 නව වර්ෂය සියළු සිතුම් පතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා කියල ඔබ සියළු දෙනාටම ප්‍රර්ථනා කරනව. සියළු දෙනාටම ජය වේවා!!!
ෆොටෝ එක ගත්තෙ මෙතනින් :
http://static2.demotix.com/sites/default/files/imagecache/a_scale_large/400-9/photos/1288829939-the-protest--art-presentation-in-marseilles_496389.jpg