Showing posts with label මනාගෙ කවි. Show all posts
Showing posts with label මනාගෙ කවි. Show all posts

Saturday, July 11, 2015

පාරුවට පවා සැනසුම දැනේ!




තෙරක් නොපෙනෙන විසල් වැව් මත පාරු පැද යමි          සීරුවේ
ඇතත් සිත තුළ හැඟුම් රොද බැඳ උහුල ගෙන ඉමි            පාළුවේ
නුඹත් සිහිවිය තනිව සිටි කල නිසල වැව මත                  පාරුවේ
ඉමක් දුටු විට සතුට ගෙන දේ  වෙහෙස හෙමිහිට            මාරුවේ



canvas by Karen Tarlton
වැරදි හැදුවෙ නිහඬ සිත්තරාවි

Monday, June 8, 2015

පියෙකුගේ ආදරය...



ඉපදුණු දා සිටම නුඹ මේ                        ලෝකයට 
ඇතිවුනෙ සතුටක්ම පමණකි පුතුනේ            මෙමට 
මවු තුමියටත් ඉහළින් නුඹ මා                         හදට 
ලංවුනෙ ඒ නිසයි ආදර පුතුනී                           මට 

කැත කුණු අත ගගා මා නොහැදුවත්                  නුඹ 
නව ජීවයකින්ය රැකියා කළේ                           මම  
වෙනදා මෙන් නොවේ එය හරි මිහිරි                  විය 
ඉන් ලැබෙනා සියළු දෑ මගෙ රන්                 පුතාටය  

ටික ටික නැගිට ඇවිදින කාලයත්                      නුඹ 
මතකය අද වගේ තවමත් පුතුනි                         මට 
සිහිවෙන විටදි ඒ කිරිකැටි සිනහ                        මුව 
ඇසෙනව හැම තැනම නුඹෙ ඒ සිනා                   හඬ
  
පාසැල් යන මුල් දිනයෙ දැක නුඹෙ දුක්            මුහුණ
ඇඬුනා මටත් රහසින් නොපෙනෙනා                ලෙස 
කෙරුමට අකුරු සමතෙක් බව කිවූ                   විගස 
ආඩම්බරෙන් බැලුවා නුඹ දිහා                           මම 

ගතවී කාලයත් හෙමිහිට                          හොරාටම 
හැකි විය පුතුට දිනුමට කඩයිම්                        එමට
සෙවනැල්ලක් වෙමින් ඒ හැම                 වෙලාවෙම 
සිටියෙමි පුතුනි නුඹගේ පසු පසින්                     මම 

නිමකර නුඹ මේ රටෙහි කල ඒ                   උපාධිය
සිදුවිය ඉඩ දෙන්න හැර යන්නට                  සැවොම
ලැබු පසු උසස් දැනුමක් ඒ රටේ                        සිට 
එන බව දනිමි පුතුනේ මා                            දිහාවට

සිදුවුනෙ කිසි ලෙසක නොහිතූ දෙයකි                මට 
පුතු ගිය පසු දැන ගතිමි මා රෝගියෙකු               බව 
දැනුණත් අඩුව නොමැතිව නුඹ මා                   අසල    
වැලපුනි මා සිතින් හොර රහසෙන්                 සැමට        

වැඩි කාලයක් නැති බව හොඳ හැටි                දැනුණි 
නොයෙනා ගමන් යන්නට සිදුවන                  හැඩකී
විභාග ගොඩකි මේ දිනවල පුතුට                      සකි       
දන්වනු එපා දුක්වෙයි පුතු අතැර                        දිරි 

ඇතිමුත් රුචිය දැකුමට සුදු පුතා                     මගේ 
පැවසිය නොහැක ඒ බව පුතු                 වැටේවිනේ 
මා මළ පසුව නොහඬනු නොබනිනු             පුතුනේ 
මා හට කමා කර දුක් නොමවනු               සොඳිනේ         



වැඩි දුර අධ්‍යාපනය ලැබීම සඳහා එතෙර ගොස් සිටි තම පුතාට තිබෙන ආදරය නිසා, ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට මෙන්ම වර්ෂ අවසාන විභාග වලට බාධාවක් වෙතැයි සිතා තමාගෙ මාරාන්තික රෝගී තත්වය හා මරණය ඔහුට දැනුම් නොදෙන ලෙස පවුලේ සැමගෙන් ඉල්ලු ආදරණීය පියෙකුගේ හිතෙහි ඇති වන හැඟීම් සමුදාය ගැන මට දැනුණු විදිහ කවි පංතියකින් ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. මේ සිද්දිය දැනගත් පසු මාගේ ආදරණිය මිත්‍රයා ඔහුගේ සියළු වැඩ පසෙක තබා දිවයිනට පැමිණියත් ඒ වන විටත් ඔහුගේ ආදරණීය පියා ඔවුන් සියළුදෙනාම හැර ගොස් තිබුණා. තම පියා සමග අවසන් වරට වචනයක් කතා කිරීමට නොහැකි වූ ශෝකයෙන් ඔහු තවමත් පසු වනවා. ඒ ආදරණීය පියතුමාට නිවන්සුව අත්වේවායි මා ප්‍රර්ථනා කරමි.     

Tuesday, June 2, 2015

කුලල් කාගත යුතුද සැමවිට?


මිහිඳු හිමි වැඩම කොට
මේ ලක් දෙරණ තලයට  
වසර දෙදහස් ගණනකුත්
ගතවිය අප නොදැනුවත්වම 

එතැන් සිට මේ රට තුළ  
බොදු පුනරුදයක්ම ඇති විය
රජු ප්‍රමුඛ ජාතියම 
බුදුන් සරණ යන්නට විය 

වසල ගති අඩු විය 
හොර හතුරන්ද නැති විය 
වෙනුවට එවැනි උන් සැම 
නිවුණු සිත් ඇත්තවුන් බිහි විය 

පසුව ලක් පොළොවට 
එක් විය සංක්‍රමණිකයන්ද ඉඳ හිට 
අළුත් ආගම් අළුත් භාෂා 
එක් විය ඒ අනුව හෙමි හෙමිහිට  

වත්මනේ අප රට තුළ   
එකතුවකි ආගම් කිහිපයක 
නමුදු උන් සැම සිත් තුළ 
නොමැත එකමුතු කමක් නම් දක්නට

බෙදී සැමදෙන ජාති ආගම් ලෙස 
ගැටුමකි දිනාගන්නට විවිධ දේ නිතරම 
ඉඳින් අපද හසුවී එම රැල්ලට
කුලල් කාගත යුතුද තේරුමක් නොමැතිව හිතවත? 

  


Tuesday, May 19, 2015

රොකට් එකේ ගියපු සිරිපාල


අපේ රටේ හැම තැනකම -  හැම කෙනෙක්ම දන්න දෙයකි
ගංජා ගැන පුවතකි මේ - කියන්න යන්නේ

හිටියා එක මනුස්සයෙක් - කොළඹට ළඟ හොඳ නගරෙක
සිරිපාලයා නමින් තමයි - ඔහු හැඳින්නුවේ

පුළුවන් හැම වෙලාවකම - ගංජා සුරුට්ටුව ඇදීම
සිරිපාලගේ තිබුන - ලොකුම රාජකාරියයි

මේ අතරේ ලෝකෙ අපේ - වෙන්න යන්නෙ පුදුම දෙයකි
නාසා එකෙන් රොකට් එකක් - යවන්න යන්නේ

ලෝකෙ ඉන්න මිනිසුන්ගෙන් - තුන් දෙනෙක්ම තෝරාලා
රොකට් එකේ දැමීමටයි - තීරණය උනේ

තුන්දෙනගෙන් එක මිනිහෙක් - ලංකාවෙනි තෝරගත්තෙ
වෙන කවුරුත් නෙමේ අනේ - සිරිපාල තමයි

අනිත් දෙන්න වෙන රට වල - නම ගිය වැඩකරුවන් වෙති
පොත් කියවන්නෙක් - සමගින් ආචරතුමෙකුයි

මේ අතරේ සිරිපාලයා - ඇමරිකාවෙ එක්ක ගියා
අහසෙ ඉන්න තිබ්බ කාලෙ - මාස හතරකුයි

තමන්ට උවමනා ඒව - නාසා එකෙන් ඇසූ නිසා
අර දෙන්නා පොත් - විජ්ජා බඩු බුක් කෙරුවේ

සිරිපාලයා උඩට ගිහිං - මාස ටිකක් ඉන්න නිසා
ඇති පදමට ගංජා මිටි - ඉල්ලා සිටියේ

ඔක්කොම බඩු පැක් කරලා - රොකට් එකත් උඩට යවා
මේ තුන්දෙන කරනා වැඩ - නාසා එකෙන් පොළොවෙ ඉඳන් බලාන උන්නේ

එකෙක් හොඳට පොත් කියවයි - අනෙකා විජ්ජා පෙන්නයි
සිරිපාලයා මොනවාදෝ - හොයනව පෙනුනේ

හොයල හොයල හති වැටිලා - ඔළුව කස කසා ටිකකින්
ඇඳට වැටී ඔහේ බලන් - ඉන්නට වුයේ

මෙලෙස මාස හතර පුරා - සිදුවුයේ එකම දෙයකි
හති දමමින් හොයන එකයි - පාලයා කෙරුවේ

මාස හතර ඉවර වෙලා - රොකට් එකත් බිමට ඇවිත්
තුන් දෙනාම යහතින් - හෙමිහිට බැහැගත්තේ

මේ කාලය පුරාවටම තමන් ලබා ගත්ත ඒවා - නාසා එකෙන් විමසු විට
තුන් දෙනාම මෙන්න මෙහෙම - පිළිතුරු දෙන්නේ

මම නම් හොඳ හැටි කියවා - සෑහෙන පමණට දැනුමක්
මේ කාලය පුරාවටම - රැස් කර ගත්තා

කරපු පරික්ෂණ ඔක්කොම - මම හොඳටම කරගත්තා
නවතම දේවල් රැසක්ම - මම දැන ගත්තා

අන්තිමේට සිරිපාලයා - මූණ නොරොක් කර හොඳ හැටි
මෙන්න මෙහෙම නාසා එකෙන් - අහන්න වූයේ






"කොහෙද අයිසෙ ගිණිපෙට්ටිය - හංගල තිබ්බේ!!!"  



මදාවි ඉට්ටැයිල් එක කොපි කරලා මටත් කවි ටිකක් ලියන්න හිතුනා ;).
ජය වේවා!!!

Thursday, April 2, 2015

ෆුල් ෆේස් ෆුල් ෆේක් | Full Face Full Fake




දිනෙන් දින දික් ගැස්සෙන 
නිතරෝම මගෙ හිතට වද දෙන 
මල හත්තිලව්වකි මේ මගුල්    
ෆුල් ෆේස් හෙල්මට් තහනම

විටෙක බළ ගන්වන්නටම යන 
කාටත් පොදුවේ ඇඟටම දැනෙන 
කිසි විටක පණ නොලත්    
යකාගේ නීතියකි මෙය අපේ මුළු රටටම

පොලිසියත් ෆුල් සීරියස් පිට 
කියයි නිසැකෙටම පණ ගැන්වෙන බව 
නමුත් ලෙසටම කිච වෙයි ඊට පසු දින  
ගෙනා විට නියෝගය අධිකරණෙන් මුළු රටටම

යත්න දැරුවත් ගෙනෙන්නට මේ තහනම 
මෙතෙක් බැරි විය කරන්නට එය එකදු බලධරයෙකුටවත් කිසි දින  
එතරම් බලවත්ය මේ ෆුල් ෆේස් හෙල්මට් කුලකය 
ඉතින් කිසිවිටෙක දමන්නට එපා ඒ කුලකය නම් පහළට
  
දන්නවද මේ තහනම
හැම විටම කල් යන්න හේතුව
අවසන ඇඩ්රස් නැති වෙන්නට මනාපය 
ලැබෙන බව දනී කවුරුත් ගෙනාවොත් මේ මල මගුල් නීතිය

~~~මනා~~~  

Thursday, December 25, 2014

අද මෙන් නොව එදා, අපි හිටියෙ ගොඩක් ලෙන්ගතුකමින්...

managepintharuwa



සිත ගියා මගෙ අතීතය වෙත නිකමට මෙන් එක් නිමේෂයකට 
මතකය ගලාගෙන ඇවිත් මවයි එදවස අප කල කී දෑ මොහොතකට 
කාලයක් පුරාවට ඇසුරු කළ ඒ සොඳුරු යුවතියන් ගැන 
අද මෙන් නොව එදා අපි හිටියෙ සිතින් ගොඩක් සමිපවය 

පැටළුනා එක් දිනක් අහම්බෙන් මෙන් කතා බහකට 
ගෙන ගියා බොහො දුරක් එම කතා බහ හැකි පමණ 
අද මෙන් නොව එදා අපි හිටියෙ සිතින් ගොඩක් සමිපවය  

සිත ගියා මගෙ එක් යුවතියක් වෙත ඔවුන් අතරින්ම  
වෙනකකට නොව ඇගේ ඇති අව්‍යජබවට සහ කරුණාබර කමට 
ට්‍රයි කළා හැම විටම පවසන්න මගෙ හැඟුම් ඇයට 
නමුත්, යට ගියා එම හැඟුම් බය නිසා මගෙ හදවතට 
අද මෙන් නොව එදා මම අහිංසක කොල්ලෙකි හිටිය කඳුකර ගමක 

ගත උනා කාලයක් එලෙස දිය කර මගෙ හැඟුම් 
හිතෙනවා ඇය හටද දැනෙන්නට ඇති සිතුම් 
දන්නෙ නෑ මේ බවක් මා හැර කිසි කෙනෙක් 
අද මෙන් නොව එදා මට නැහැ කිසි අත්දැකුම් 

දැඩි වෙමින් මිතු බැඳුම් කල් ගියා දෙවසරක් පමණ 
අප කෙමින් වෙන් වෙන්න යන බවක් පෙනෙන්නට උනා මට 
ඇති වෙමින් අඬ දබර සපත කළා එම ලකුණු තව තවත් මා හට 
පෙර මා සිතු ලෙසම ඇති උනා නොයෙක් තහනම්ද අප අතර 
අද මෙන්ම එදා වුව  දැනුන එය මගෙ පපු කැවුත තුළටම 

ගතවුණා කාලයක් හිත ගියා මගෙ සවාරියක් 
තවකෙකුට, වෙනකෙකු නොව ඇගෙම මිතුරිය වෙතට 
ඇති කළා නව දෙබස් නව හැඟුම් මගෙ සිත් සතන් තුළට 
කල් ගියා ඇය සමගද පෙර මා හිටි හැටි ලෙසම 
අද වගේ නොව එදා එය හරිම රසවත්

දින පතා ඇති උනත් නොයෙක් විද  වූ දෙබස් 
තව තවත් ලං උනේ හිත මගේ ඇය වෙතයි 
වැඩි වෙමින් අප බැඳුම් වගෙම නොයෙකුත් හැඟුම් 
ලං උනා අපි සිතින් එක් වෙමින් තව තවත් 
අද මෙන් නොව එව්ව හරිම  කුල්මත් 

යද්දී තව කාලයක් ඇති උනා පෙර ලෙසම 
නොයෙක් විද බාධා, එහෙම නැති නම් රෙඩ් ලයිට් 
වෙන දෙයක් උනාවෙන් කියා සිතමින් මචං 
කිව්ව මගෙ අදහස් ඇයට නම් ඇත්තටම ඩිරෙක්ට් 
එදා මෙන් නොව දැන් කොල්ලගේ හිත බලවත් ඒ වගෙම හරි පොහොසත් 

අහෝ දුකකි ශෝකාන්තයකි 
වෙන කෙනෙකු ඇති බවක් පවසයි ඇයද මට ඩිරෙක්ට් 
මගේ ආදරයට සුනාමි ගැහුවා වගෙ දැනුන මට ඕයේස්
අද මෙන් නොව එදා මට නොඉඳුල් හදවතක් සතු වූ නිසා වෙන්නැති මචං 

රස වින්ද ඇති පදම් විරහවේ ගුණ කඳන් 
කල් ගියා අඩු උනා විරහවේ දැක්ක ආඩම්බරකම් 
දුන්නු උපදේශයෙන් නැති උනා අපෙ අපැහැදිලි තැන් 
පිං සිද්ද වෙන්නට ඇගෙ කරුණාබර හදට සත්තකින් 
එදා මෙන් නොව අද එම වදන් මට නම් ඇත්තටම මසුරං 

නැති නමුත් අප අතර කිසිම අමනාපයක් 
පෙනෙන්නේ දෙදෙනාම ඔවුන්ගේ ලෝක තනාගෙන ඇති බවකි මට නම් 
ඉඳ හිටක මුණගැසී අප ටිකක් දොඩමළු උනත් 
දකින්නට නැත පෙර මෙන් බැඳුම් ඔවුන්ගෙන් මට දැන් නම් 
ඇසූ විට පෙර ලෙසින් නොයෙක් විද කරුණුත් 
හිතේ මට එව්ව දැනගත් පසු මෙන්න මෙහෙමත් 

අම්මපා දැන් මුන්ගෙ තියෙනා ලොකු කම්  :D 


                        ~~~මනා~~~