Wednesday, May 27, 2015

මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද?


මීට මාස කිහිපයකට කලින් මම පල කරපු සංගීත පෝස්ට් එකකට කටුසු හදවතේ කටුස්සා මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාල තිබ්බා.

" මනා,මේක ටිකක් පෞද්ගලික ප්‍රශ්නයක්...ඔය ගිටාර් එකවගේම තියන යට හරිය රබානක් වගේ පෙනුමක් තියන වාදන භාන්ඩය මොකද්ද මචෝ?උඹට මතකනම් "ආදරනීය රෝහණ "ෂෝ එකේ ඇන්තනී සුරේන්ද්‍ර වාදනය කරපු එක.ඒකේ ලීඩ් ගිටාර් එකක් තිබුනේ නෑ.සුරේන්ද්‍ර ඒකෙන් තමා ලීඩ් පාර්ට් ප්ලේ කලේ.අහල තියන විදිහටනම් ඒක වාදනය කරන්න ඉස්සර හිටපු හොඳම වැඩ්ඩා සුරේන්ද්‍රගේ තාත්තා.පුළුවන්නම් ඒකගැන පොඩ්ඩක් කියල දියන් "

ඉතිං මම එදා ඒකට පොඩි පැහැදිලි කිරීමක් කරලා රිප්ලයි එකක් දාල කටුස්සට පොරොන්දු උනා ඉක්මණටම ඒ ගැන ලිපියක් දාන්නම් කියලා. එදායින් පස්සෙ ඕක මට හෙමීට අමතක වෙලා ගිහිල්ල දැන් දවස් දෙක තුනකට කලින් සංගීතෙ සම්බන්ධ පෝස්ට් එකක් දාන්න බැරි උනා නේද කියල කල්පනා කරද්දී තමා ආයෙමත් සැරයක් මතක් උනේ.

ඇත්තටම එදා අපේ කටුස්සා ඒ අහපු සංගීත භාණ්ඩයේ නම "බැන්ජො (Banjo)" කියල තමා හඳුන්වන්නෙ. බැන්ජො එක කියපු ගමන් මගේ මතකයට එන්නෙ ඇන්තනී සුරේන්ද්‍ර මහතායි. ඉතිං ඔයාලත් ඇන්තනී සුරේන්ද්‍ර කියන දක්ෂ වාදකයා අඳුරනවනම් ඔහු සිටින සංගීත වැඩසටහන් වල රබානක් වගේ එහෙක අමුතු රටාවක් දාපු ගිටාර් එකක් වගේ ලස්සන භාණ්ඩයක් වාදනය කරනවා දැකල ඇති. දැන් ඇන්තනී සුරේන්ද්‍ර දන්නෙ නැති අයට ප්‍රශ්නයක්නෙ. ඒ අයට දැන ගන්න මම ඇන්තනී සුරේන්ද්‍ර මහත්තයගේ පින්තුර කිහිපයක් දාන්නම්කො.

ඇන්තනී සුරේන්ද්‍ර මහතා

ඇන්තනී සුරේන්ද්‍ර මහතා
ඇන්තනී සුරේන්ද්‍ර මහතා
ලංකාවෙ බැන්ජො වාදකයින් විදිහට මම දැකල තියෙන්නෙ ඇන්තනී සුරේන්ද්‍ර සහ බුද්ධික පෙරේරා කියන දෙපළ විතරයි. ඔවුන් දෙදෙනා බැන්ජො සහ අනිකුත් තත් භාණ්ඩ(ගිටාර්,මැන්ඩලීන් ආදී) වාදනය කිරීමටද එක සේ දක්ෂය. 

බුද්ධික පෙරේරා මහතා
බුද්ධික පෙරේරා මහතා
නමුත් බැන්ජො කියන නම ඇහුණු ගමන් අපේ මතකයට එක පාරටම එන්නේ ඇන්තනී සුරේන්ද්‍ර කියන වාදකයායි. 

අද ලියන්නෙ ඒ අපූරු වාදකයා වාදනය කරපු අපූරු සංගීත භාණ්ඩය ගැන තොරතුරු ටිකක්. ඒ සංගීත භාණ්ඩයේ නම "බැන්ජො". සාමාන්‍යයෙන් අපි කියන්නෙ බැන්ජො එක කියලා. සමහර තත් වාදන භාණ්ඩ තියෙනවා ඒවා නිර්මාණය කරලා තියෙන්නෙ බෙර සම්බන්ධ කරගෙන. බෙර කියන්නෙ සාමාන්‍යයෙන් රබාන වගේ හැඩය තියෙන රබානෙ ප්‍රමාණයම වගේ බෙර. මේ බැන්ජො එකත් ඒ විදිහට හදපු භාණ්ඩ වලට තමා අයිති වෙන්නෙ. මුලින්ම මේ භාණ්ඩ නිර්මාණය වෙලා තියෙන්නෙ අප්‍රිකානු රටවල් මුල් කරගෙන. ඊට පස්සෙ තමා මැද පෙරදිග හරහා යුරෝපයට සංක්‍රමණය වෙලා මුළු ලෝකෙටම ව්‍යාප්ත වෙන්නෙ. ඇත්තටම මේ භාණ්ඩය නිර්මාණය කරලා තියෙන්නෙ අප්‍රිකානු වහල් ජනතාව කියල තමා  සඳහන් වෙන්නෙ. පස්සෙ ඒවා වහල් වෙළඳාම හරහා තමා අර කලින් කීව විදිහට ලෝකෙට ව්‍යාප්ත වෙන්නෙ. ඒ මුලින්ම හදපු භාණ්ඩය දැන් අපි දකින බැන්ජො එක වගේ දියුණු එකක් නෙමේ. ඒක ප්‍රථමික මට්ටමේ සංගීත භාණ්ඩයක් විදිහට තමා තිබිල තියෙන්නෙ. බැන්ජො කියන නම ලෝකෙට ප්‍රසිද්ධ වෙන්න කලින් මේ භාණ්ඩය "බැන්ජා","බැන්ජිල්","බැන්සා", "බැන්ෂෝ" වගේ නම්  වලින් තමා හඳුන්වල තියෙන්නෙ.

බැන්ජො එකට මුලින්ම තිබිලා තියෙන්නෙ මෙන්න මේ වගේ පෙනුමක්.

පැරණි බැන්ජො එකක්
පැරණි බැන්ජො එකක්

පස්සෙ එය ටිකෙන් ටික දියුණු වෙලා දැන් තියෙන තත්වයට පත් වෙලා තියෙනවා. දැන් දකින බැන්ජෝ එක හරි  ලස්සනයි වගේම හොඳ නිමාවකින් යුක්තයි.

වර්තමානයේ ඇති අලංකාර බැන්ජො එකක්
වර්තමානයේ ඇති අලංකාර බැන්ජො එකක්
බැන්ජො එක ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකින් යුක්තයි. ඇත්තටම මෙම භාණ්ඩයේ හඬ නිපදවෙන්නෙ තත් කම්පනය කරලා උනත් බොක්ස් ගිටාර් එකේ වගේ සිදුරක් සහිත ලී පෙට්ටියක් නෙමේ තියෙන්නෙ. බැන්ජො එකේ ලී පෙට්ටිය වෙනුවට තියෙන්නෙ රබානක් වගේ තියෙන බෙර වර්ගයක්. ඒ රබාන පිටිපස්සෙන් තියෙනවා අනුනාදකයක්. ඒ වගේම මේ රබානට මුලින්ම යොදාගෙන තියෙන්නෙ සත්තුන්ගෙ හම්. නමුත් වර්තමානයේ නම් සත්ව හම් වෙනුවට කෘතිමව නිපදවනු ලබන හම් යොදාගනු ලබනවා. ඉතිං ඔය රබාන නිසා මේ භාණ්ඩයෙන් හරි ලස්සණ හඬක් ඇති වෙනවා. බොක්ස් ගිටාර් එකකින් එන හඬට වඩා ගොඩක් වෙනස්. ඔය හඬ නිසා තමා මේ බැන්ජො කියන වාදන භාණ්ඩය විශේෂ වෙන්නෙ සහ ලෝකය පුරා ජනප්‍රිය වෙන්න ඇත්තෙ.

ඒ වගේම සාමාන්‍යයෙන් බැන්ජො එකක තියෙන්නෙ තත් එහෙමත් නැත්නම් ස්ට්‍රින්ග්ස් හතරක්. නමුත් තත් පහ, හය , අට සහ දොළහ වශයෙන් තියෙන බැන්ජොත් තියෙනවා. ඒවා වාදකයාගේ අවශ්‍යතාව සහ කැමැත්ත අනුව තමා තෝරා ගැනීම සිදු කරන්නෙ. මෙම තත් සුසර කර ගන්නා ආකාර ඔය තත් ගාන අනුව එකිනෙකට වෙනස් වෙනවා. නමුත් ඒවා මම මේ ලිපියේ සඳහන් කරන්නෙ නැහැ. මේ භාණ්ඩයේ මූලික දේවල් පිළිබඳව විතරයි මේ ලිපියෙන් කතා කරන්නෙ.  

         
තත් හතරේ බැන්ජො එකක්
තත් හතරේ බැන්ජො එකක්

තත් පහේ බැන්ජො එකක්
තත් පහේ බැන්ජො එකක් 

තත් හයේ බැන්ජො එකක්
තත් හයේ බැන්ජො එකක්  

තත් අටේ බැන්ජො එකක්
තත් අටේ බැන්ජො එකක් 
තත් දොළහේ බැන්ජො එකක්
තත් දොළහේ බැන්ජො එකක්

මේ පහළින් තියෙන්නෙ බැන්ජො එකක තියෙන කොටස්. මේ රූපයේ තියෙන්නෙ තත් පහක් තියෙන බැන්ජො එකක්.

බැන්ජො එකක කොටස්
බැන්ජො එකක කොටස්
අද වන විට බැන්ජො එක ලෝකය පුරාවටම ජනප්‍රිය වෙච්ච සංගීත භාණ්ඩයක්. ගිටාරය වෙනුවට බැන්ජො එක යොදාගනිමින් ලෝකයේ විවිධ සංගීත කණ්ඩායම් පවා බිහිවී තිබෙනවා. ඒ වගේම බැන්ජො භාණ්ඩය මුල් කරගෙන සංගීත ශයිලීන් පවා බිහිවී තිබෙනවා.

බැන්ජො එකක හඬ මොනවගේද, වාදනය කරන්නෙ කොයි ආකාරයටද යන්න දැන ගන්නත් එක්ක මම වීඩියෝස් දෙකක් එකතු කරනවා. පළවෙනි එක නිරෝෂා විරාජිනී මහත්මිය ගායනා කරන පුන් සඳ රෑට කියන ගීතය. ඒකෙ අපි කාටත් හුරු බැන්ජෝ වාදනයක් තියෙනවා. මේ දාල තියෙන්නෙ දෙරණ ටීවී එකේ ගිය ඩෙල් ස්ටුඩියෝ වැඩ සටහනේ කරපු සජීවී පටිගත කිරීමක්. මේකෙ බැන්ජෝ එක වාදනය කරන්නෙ බුද්ධික පෙරේරා මහතා (අපේ විචාරක මහත්තයා තමා මට මේ වීඩියෝ එක ගැන මතක් කලේ. මට මේ සිංදුව අමතක වෙලා තිබුණේ :) ). ඒ වගේම දෙවෙනි එක බටහිර එකක්. පුළුවන් නම් මේ වීඩියෝස් දෙක නරඹන්න. බලන්නකො බැන්ජො ඒකෙන් කොච්චර හොඳට වැඩ දාන්න පුළුවන්ද, කොයි තරම් අපූරුද ඒ වාදන භාණ්ඩය කියලා.





මේ භාණ්ඩය ලංකාවේ ජනතාවට දැකලා පුරුදු උනත් බහුතරයක් දෙනා නිවැරදි නාමය දන්නෙ නැහැ. බොහෝ දෙනෙක් බැන්ජො එක මැන්ඩලීනය සමග පටළවාගෙන සිටිනවා. ඉතිං මේ ලිපිය මගින් මේ වාදන භාණ්ඩය සම්බන්ධව මූලික තොරතුරු කතා කරන්න තමා උවමනා උනේ. ඉතිං මේ කියපු තොරතුරු යම් තරමකට ප්‍රමාණවත් කියල මට හිතෙනවා. මේ වාදන භාණ්ඩය ලංකාවෙ වාදනය කරපු තවත් ප්‍රවීණ වාදකයො සහ වෙනත් තොරතුරු ඔයාල දන්නවානම් ඒවත් සඳහන් කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඔන්න එහෙනං මං දැන් මේ ලිපිය ඉවර කරනවා.

ජය වේවා!!!

43 comments :

  1. මනා.. මාතෘකාව දැක්කමනම් මට හිතුනේ මෙන්න මේ වගේ එකක්..
    "ඒව ඉතින් සුරේන්ද්‍රගේ පෞද්ගලික ජීවිතේ ඒවනේ.." හැක්.
    කියෙව්වමනම් ලිපිය පට්ට ඈ!

    ReplyDelete
    Replies
    1. මාතෘකා යොදන විදිහ පොඩ්ඩක් වෙනස් කොරල බැලුවා ;).

      //ඒව ඉතින් සුරේන්ද්‍රගේ පෞද්ගලික ජීවිතේ ඒවනේ.." හැක්//
      එහෙනම් කමියා මාතෘකාව දැක්ක ගමන් තකහනියක්ම ඇවිත් තියෙන්නෙ එහෙම එකක් කියවන්න. හැක් :D.

      Delete
    2. //තකහනියක්ම ඇවිත් තියෙන්නෙ එහෙම එකක් කියවන්න// රෙද්ද තමයි.. මේ දවස් වල අලුත් ජොබ් එකක් තියෙනවනේ.. ඉතින් පෝස්ට් එකක් දාපු ගමන් කියෝලා ඔය පහලින් තියෙන වැඩේ කොරන්න ඕනි..හැක්

      Delete
    3. ඇත්තටම කමි දවස පුරාම බ්ලොග් කියවල ඇස් දෙකට අමාරු ඇති නෙ :/. පොඩ්ඩක් රෙස්ට් කොරහන් ඇස් දෙකට. නැත්තං ඔළුවේ කැක්කුමක් ඇති වීමේ අවධානමක් තිබේ. මොනව උනත් සෑහෙන්න කැප වීමෙන් රාජකාරිය ඉටු කරන අවංක ඇඩ්මින් තුමෙක්.
      රෙස්පෙක්ට් බ්‍රෝ ;) :D

      Delete
  2. ඔය උඹේ පෝස්ට් එකට ඉස්සල්ලාම කමෙන්ට් කරපු එකා වගේ වෙන්නේ නැතුව පරක්කු වෙලාහරි මේ ගැන පෝස්ට් එකක් දාපුඑකත් ලොකු දෙයක් මචෝ.ඇත්තටම පෙරේදා රෑත් මට ඔය ඉන්ස්ටෘමන්ට් එක ගැන මතක්වුනා.ඒක ගැන ටිකක් වැඩිපුර හිතගිහින් වගේ.උඹ කිවුවා වගේ මටත් මැන්ඩලීන් එකයි බැන්ජෝ එකයි පැටලිලා තිබුනේ.දැන් මේක ගැන උඹෙන් ප්‍රසිද්ධියේ අහන අවසාන ප්‍රශ්නේ.
    ***තත් 5හේ බැංජෝ එකේ ස්වර පිහිටන්නේ සාමාන්‍ය බොක්ස් ගිටාර් එකේ ස්වර පිහිටන විදිහටමද?
    ඕකේ උත්තරය ඔවුනම් ඇත්තමයි තව අවුරුදු 10-15න් උඹේ ඉස්සරහට ඇවිත් මම බැංජෝ එක ප්ලේ කරනවා.ඒක බැරිවුනොත් ඒක ගහනවා උඹේ ඔළුවේ....
    ගොඩක් ස්තූතියි මචෝ....ජය වේවා....

    ReplyDelete
    Replies
    1. හැක් :D. ඔන්න එහෙනං පොරොන්දු ඉටු කොලා.

      //තත් 5හේ බැංජෝ එකේ ස්වර පිහිටන්නේ සාමාන්‍ය බොක්ස් ගිටාර් එකේ ස්වර පිහිටන විදිහටමද?//
      නෑ මචෝ. තත් 5 බැන්ජෝ එක සාමාන්‍යයෙන් ටියුන් කරන්නේ G(ප), D(රි), G(ප), B(නි), D(රි) විදිහට.

      ඊට අමතරව G(ප), C(ස), G(ප), C(ස), D(රි) විදිහටත් ටියුන් කරන්න පුළුවන්. මේ ක්‍රමේටම තමා පෙරදිග ක්‍රමයට වයලින් එක ටියුන් කරන්නෙත්(ප, ස, ප, ස).

      ඊට අමතරව තවත් ක්‍රම 3කට ටියුන් කරන්න පුළුවන්. ඒවා C ටියුනින් [G(ප), C(ස), G(ප), B(නි), D(රි)], G ටියුනින් [F#(ම'), D(රි), F#(ම'), A(ධ), D(රි)], G මොඩල් [G(ප), D(රි), G(ප), C(ස), D(රි)] කියල හඳුන්වනවා. ඒවගේ උඩ කියපු ක්‍රම දෙකට වඩා ස්වර වෙනස් වෙනවා.

      මට හිතෙන්නෙ මට දැන් ඔළුව පුරුදු කර ගන්න වෙනවා බැන්ජෝ එකකින් ගුටි කන්න හැක් :D

      තැන්කියු මචෝ.
      ජය වේවා!!!

      Delete
    2. සාමාන්‍ය බොක්ස් ගිටාර් එකක් විදිහට වාදනය කරන්න පුලුවන් බැන්ජෝවක් ඇත්තෙම නැද්ද බං?(විශේෂ පුහුණුවක් නැතුව,ගිටාර් පුහුණුවෙන් විතරක් ගොඩදාගන්න පුළුවන්)

      Delete
    3. මොකෝ බැරි. උඹ ඔච්චරම බැන්ජෝ එකකට ආසනම් ගනිං සික්ස් ස්ට්‍රින්ග්ස් බැන්ජෝ එකක්. ටියුන් කරහන් ගිටාර් එකේ විදිහට[E(ග), A(ධ), D(රි), G(ප), B(නි), E(ග)]. ඊට පස්සෙ ඉතිං ගිටාර් එක තමා. හඬේ විතරයි වෙනස. ගහපන් බැන්ජෝ එකෙන් ගිටාර් ;). සරළයි සුමුදුයි හැක් හැක් :D.

      Delete
  3. නියමයි මචෝ .මමත් කැමතිම වාදන භාණ්ඩයක් .මචෝ ඉන්දියානු වාදකයෙක් හිටියා "සුනිල් ගංගුලි " කියලා .එතුමාත් මම හිතන්නේ බන්ජෝ ගිටාර් වාදකයෙක් .ලංකාවේ ‘‘සිංහල කැලිප්සෝ’’ සංගීත කලාවේ නිර්මාතෘ හා මගපෙන්වන්නා වූ නොයෙල් බ‍්‍රයන් රණසිංහත් ( ‘‘ලා සිලොනියන්ස්’’ ) හොඳ බැන්ජෝ ගිටාර් වාදකයෙක් කියලා අහලා තියනවා .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සිංදුවෝ. තොරතුරු ටික ගොඩක් වැදගත්. අපි බලමු මේ පිළිබඳව දන්න අය තව විස්තර දායිද කියල.
      ජය වේවා!!!

      Delete
    2. මෙන්න මචන් හේමපාල සර් ....

      https://www.youtube.com/watch?v=IdLoe_IHg4c

      Delete
  4. බොහොම හොඳ විස්තරයක්. මේ විදිහට තමයි මේ වගේ දෙයක් කියලා දෙන්න ඕනේ.

    මෙන්න මෙතන තියනවා නියම බැන්ජෝ පාරක්. නොවරදවාම බලන්න. පුලුවන්නම් ඒ වීඩියෝ එක ලිපියට ඇතුළු කරන්න.

    https://www.youtube.com/watch?v=dy9dQj9k_dc

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙතනත් තියනවා. ඒ සින්දුවම වෙන වාදකයෙක්

      https://www.youtube.com/watch?v=mZZVc34Hq8k

      Delete
    2. බොහොම ස්තූතියි විචාරක තුමාට ඒ සිංදුව ගැන මෙතැන කමෙන්ට් එකකින් මතක් කිරීම සම්බන්ධයෙන්. මට මේ සිංදුව අමතක වෙලා තිබ්බෙ. ඔන්න ඒකත් එකතු කළා. දැන් සම්පුර්ණයි මගෙ ලිපිය :).

      ජය වේවා!!!

      Delete
  5. මනා, ඔය වීඩියෝ ඔයිට වඩා ලොකු කරන්න පුළුවන්. බ්ලොග් එකේ html edit එකට ගිහින්, URL එකේ තියන වීඩියෝ එකේ දිග පළල 600 x 400 කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න වීඩියෝ වල සයිසස් වෙනස් කළා. බොහොම ස්තූතියි විචාරක තුමාට :).

      Delete
  6. තව දක්ෂ බැන්ජෝ වාදකයෙක් තමයි බටනලා වාදනය කරන හේමපාල මාස්ටර් එහෙම නැතිනම් හේමපාල පෙරේරා.

    හේමපාල මාස්ටර් බටනලා විතරක් නෙමෙයි බැන්ජෝ, මන්ඩලීන් ගිටාර් එක වගේ දක්ෂතාවයකින් වාදනය කරනවා. ඊටත් වඩා ඇස් දෙකම නොපෙනුනත් හේමපාල මාස්ටර් ඔය හැම වාදන භාණ්ඩයක්ම රෙපෙයාරුත් කරනවා.

    ReplyDelete
    Replies
    1. දුමී අයියා මතක් කරනකන් මට හේමපාල මාස්ටර් මතක් උනේ නැහැ. ඒ වගේ හැකියාවක් තියෙන පුද්ගලයෙක් නම් කාලෙකට බිහි වෙන එකක් නැහැ. ගහන්න බැරි වාදන භාණ්ඩයක් නෑනෙ. මම දැක්කා අළුත් සංගීත භාණ්ඩයක් හදල තිබ්බා කියලා ටීවී ප්‍රෝග්‍රෑම් එකක(ගොඩක් කලින්).

      මට හේමපාල මාස්ටර් කීව ගමන් මතක් වෙන්නෙ වික්ටර රත්නායකයන් ගායනා කරන තනිවෙන්නට මගේ ලොවේ ගීතය. ඒකෙ ගහන මැන්ඩලීන් පාට් එක ඇස් පේන කෙනෙක්ටවත් ලේසියකට ගහන්න බෑ.

      දුමී අයියාට ගොඩක් ස්තූතියි එතුමා ගැන මතක් කළාට.
      ජය වේවා!!!

      Delete
  7. අයිසෙ, මමත් ඔය යකා ඕක ප්ලේ කොරනව දැක්ක සුනිල් පෙරේරා Dell Studio එකට ආපු වෙලාවෙ. ඒත් ඕකෙ නම දැනගත්තෙ අද තමයි. අරිගතෝ.

    ReplyDelete
    Replies
    1. අයිසෙ දෙකට නැවුනොත් අරිගතෝ කරලා දෙන්ට ඇහැකි.

      Delete
    2. @AnonymousMay 28, 2015 at 5:05 AM

      මේ අපේ අයිසෙ ඇනෝ තුමානෙ :)
      මම දැකල තියෙන විදිහට හරි නිහතමානි දක්ෂ මනුස්සයෙක්.
      ඩෝ ඉටෂි මෂිටෙ! ;)
      ජය වේවා!!!

      Delete
    3. @AnonymousMay 28, 2015 at 8:22 AM

      අරිගතෝ කියලා ආචාර කරන්නෙ දෙකට නැමිලා. හැක් :D

      Delete
  8. හොඳ අංග සම්පූර්ණ විස්තරයක් මටනම්. හරියට විචාරක තුමාගෙ වගේ තමා. බැන්ජො රබාන කීවම හිතට එන්නෙ නිකම්ම රබානක් වගේ අදහසක්නෙ.
    ස්තූතියි විස්තරයට. හැකිනම් අනෙක් සංගීත භාණ්ඩ ගැනත් විස්තර දාන්න. සංගීතය කරන පොඩි උන්ටත් වටිනවනෙ.
    හැබැයි උන්ට කමෙන්ට්ස් පෙන්නන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මධු :).
      //බැන්ජො රබාන කීවම හිතට එන්නෙ නිකම්ම රබානක් වගේ අදහසක්නෙ.//
      ඒක තමා. අපේ මිනිස්සු මේ භාන්ඩෙ අඳුරනවා. ඒ උනාට නම පටලගෙන ඉන්නෙ.
      අනිත් භාණ්ඩ ගැනත් මම හෙමීට ලියලා දාන්නම්කො.
      කමෙන්ට්ස් නම් පෙන්නන්න අමාරුයි තමා හෙහෙ :D

      ජය වේවා!!!

      Delete
  9. බැංජෝ රබනා කියලා සන්ෆ්ලවර් සින්දුවක් තියෙනවා උඹ අහලා ඇතිනේ,

    අපේ සියා ඉස්සර මන්ඩලීන් එහෙම නම් ගහනවා.තව ඩොල්කි එහෙමත් ගැහුවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. නීල් ඒ සිංදුව කියද්දී නටන්නමයි හිතෙන්නෙ.

      //අපේ සියා ඉස්සර මන්ඩලීන් එහෙම නම් ගහනවා.තව ඩොල්කි එහෙමත් ගැහුවා.//
      යකු මනෝගේ පවුලෙ මිනිස්සුන්ට සංගීත භාණ්ඩ වාදනේ කොරන්ඩ පුළුවන්නෙ. ඒ උනාට උඹ තාම ගිටාර් එක ගහන්න නැකැත් බලනවා :p. පවුලෙ මිනිස්සු දොස් කියයි බොට :D

      ජය වේවා!!!

      Delete
  10. නම අහල තිබුණට භාණ්ඩෙ මොකක්ද, කොහොමද කියන විස්තරේ මේකෙන් තමයි දැනගත්තෙ.
    නියමයි.

    ReplyDelete
    Replies
    1. එහෙනං මම පිං අතේ වැඩක් කරගෙන තියෙන්නෙ නේද :D. ඉන්නකො මම තව ඔයවගේ භාණ්ඩ ටිකක් ගැන ලියන්නම් ඉස්සරහට.

      ජය වේවා!!!

      Delete
  11. Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියන්ති. ඔයත් දැන් බ්ලොග් එක ලියන එක අතඇරලා දාල වගේ පේන්නෙ. ලියන්නෙ නතුවනම් ඉන්න එපා :).

      Delete
  12. සුරේන්ද්‍ර හිටපුශක්ති සහ සිහ ශක්ති බෑන්ඩ් දෙකේ ප්ලේ කිරිලි මතක් වුනා. සුපිරිම බෑන්ඩ් දෙකක්

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ මම කැමතිම බෑන්ඩ් එකක් තමා ශක්ති. සුරේන්ද්‍ර කියන්නෙ ගොඩක් දක්ෂ වාදකයෙක්. අදටත් මොකක් හරි වැඩසටහනක ඉන්නවා දැක්කොත් කොහොම හරි බලනවා.

      Delete
  13. බැන්ජෝ රබන් සද්දේ බංගලාවේ ඇහෙනවා..වයින් බිබී අපේ මනා සිංදු කියනවා.. හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. අඩේ මරුනේ :D. තැන්කු දිලා.
      හැබැයි මටත් මෙන්න මෙහෙම ඔය ලියල තියෙන සිංදුව කියන්න හිතෙනවා.

      "බැන්ජො රබන් හඬ පින්තාරුවේ ඇහෙනවා...දිලා ඇවිත් කමෙන්ට් දාල ඩාන්ස් කරනවා..." හෙහෙ :D

      ජය වේවා!!!

      Delete
  14. විස්තර ටික මල් මසුරං. සුෙර්න්ද්‍රගෙ තාත්තා ගැනත් ලියමුද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩ්‍රැකී. සුරේන්ද්‍රගෙ තාත්තා ගැන නම් දැනට විස්තර මුකුත්ම දන්නෙ නැහැ. බලමු ඉදිරියේදී තොරතුරු හමුවුනොත් ලියන්නම්. සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට. දිගටම මේ පැත්තෙ ඇවිත් යන්න එන්න කියල ආරාධනා කරනවා.
      ජය වේවා!!!

      Delete
  15. නියමයි මනා. සෑහෙන්න කරුණු කාරණා එක්කම පෝස්ට් එක ලියලා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ්.
      ජය වේවා!!!

      Delete
  16. සාමාන්‍ය ජනවහරෙ මේකට කියන්නෙ බැන්ජො රබාන කියලා නේද මලයො...ශක්ති සංගීත කණ්ඩායම තිබ්බ කාලෙ කොච්චර සුන්දරද....හොද දක්ෂයො ටිකක් එතන උන්නා. පස්සෙ ඒ අය වෙන් උනේ ඇයි කියලා දන්නවද....සිහ ශක්ති සහ ශක්ති ලෙස කණ්ඩායම් දෙකක් පසුව බිහි උනා...ඇන්තනි දිගටම ශක්ති නමින් ගියා...

    ReplyDelete
    Replies
    1. //සාමාන්‍ය ජනවහරෙ මේකට කියන්නෙ බැන්ජො රබාන කියලා නේද//
      ඔව් නේද. බැන්ජො රබාන කියල සිංදු දෙක තුනක්ම තියෙන්නෙ ඒක නිසා වෙන්න ඕනෙ.

      ශක්ති බෑන්ඩ් එක තමයි මම පොඩි කාලෙ ආසම බෑන්ඩ් එක. පස්සෙ වෙන් වෙලා සිහ ශක්ති, ශක්ති කියල දෙකට කැඩුනා උනත් එහෙම වෙන්න හේතුවක් නම් දන්නෙ නැහැ අයියෙ හරියට.
      පසු කාලීනව ඔය බෑන්ඩ් දෙකම නැති වෙලා ඒ බෑන්ඩ් වල හිටපු වාදකයෝ තනි තනියෙන් විවිධ නිර්මාණ වලට දායක උනා මිසක් තවත් බෑන්ඩ් වලට සම්බන්ධ උන බවක් නම් දැන ගන්නට නැහැ නේද.

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.