Thursday, May 7, 2015

ශ්‍රී ලංකා කොටියා | Sri Lankan leopard


Srilanka lepord
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

ඔයාලට මතක ඇති ශ්‍රී ලංකාවෙ කොටි හිටියා කියල. ඔව් ඔව් කකුල් දෙකේ එවුන් තමා. මතක නැතිනම් ඔය ගූගල් දෙයියන්ගෙන් හරි ඒ කාලෙ මතක, තාමත් ඒ විදිහටම තියෙන කෙනෙක්ගෙන් හරි අහල බලන්නකො. ඒ උනාට අද කියන්න යන්නෙ කකුල් දෙකේ කොටි ගැන නෙමේ. එවුන් වඳ වෙලා දැන් ගොඩක් කල් නෙ. මේ කියන්න හදන්නෙ කකුල් හතරෙ කොටි ගැන. ඔව් ලංකාවේ තමා. ලංකාවේ කකුල් හතරෙ කොටි ඉන්නව බොලව්. මිනිස්සුන්ට වගේ එක එක  කොටියට එක එක නම් නැති නිසා ඔක්කොටම පොදුවේ කියන්නෙ ශ්‍රී ලංකා කොටියා එහෙම නැති නම්  Sri Lankan leopard (ශ්‍රී ලංකන් ලෙපර්ඩ්) කියල. 

හොඳට මතක තියාගන්න ඕන කාරණය තමා මේ කොටියට ඉංග්‍රීසියෙන් කියන්නෙ ටයිගර්(Tiger) කියල නෙමේ කියන එක. ටයිගර්(Tiger) කියල කියන්නෙ දිවියාට. ලංකාවේ දිවියො නෑ. ඔව් ඔව් මාත් අහල තියෙනව ඔය අඳුන් දිවියා එහෙම කියල සත්තු ඉන්නව. ඒ ඇවිල්ල සිංහල භාෂාවේ වචන යොදපු විදිහේ අවුල් නිසා හැදුනු නම්. ඔය අඳුන් දිවියා කියන්නෙ පොඩි සතෙක්. හැබැයි පූසට වැඩිය ලොකුයි. ඇත්තටම දිවියා කියන්නෙ ලොකු ශක්තිමත් සතෙක්ට. එයාල ලංකාවෙ නෑ. 

ශ්‍රීලංකා කොටියා
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

ශ්‍රී ලංකාවේ ඉන්න නොම්මර එකේ ක්ෂීරපායී විලෝපිතයා (Predator) තමා මේ ශ්‍රී ලංකා කොටියා කියන්නෙ. එයාලගෙ නමට ශ්‍රී ලංකා කියල කෑල්ල එකතු වෙන්නෙ අපේ රටේ ජීවත් වෙලා ඉන්න නිසාම නෙමේ. ලංකාවට අවේනික නිසා. මෙයාල සත්ව විද්‍යාවට අනුව කොටි උප විශේෂයක්. සත්ව විද්‍යාත්මක නාමය Panthera Pardus Kotiya (පැන්තරා පාර්ඩස් කොටියා). ශ්‍රී ලංකාවේදී මෙයාල වැඩිපුරම දකින්න පුළුවන් වෙන්නෙ විල්පත්තු සහ යාල වන උද්‍යාන වලදි තමා. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පවා මෙයාල ඉන්නව කියල තොරතුරු හමු වෙලා තියෙනව. විල්පත්තුව මේ කොටි නරඹන්න ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක්. ඒ වගේම යාල. යාල වන උද්‍යානය තුළ තමා ලෝකයේ විශාලතම කොටි ගහණය වාර්තා වෙන්නෙ. 

මෙයාලගෙ ප්‍රධාන ගොදුරු බවට පත් වෙන්නෙ තිත් මුවා. ඊට අමතරව වල් ඌරන්, හාවන් තව කුඩා ප්‍රමාණයේ සතුන් රැසක් ගොදුරු විදිහට ගන්නව. ඒ උනාට හිතන්න එපා මේ කොටි තුන් වේලම අපි වගේ ගොදුරු අල්ලන් කනව කියල. මෙයාල දඩයමක් කරන්නේ සෑහෙන්න කාලෙකින්. ඒ කියන්නෙ දවසකින් දෙකකින් වෙන්නත් පුළුවන්. වැඩි හරියක්ම කාලය ගෙවෙන්නෙ බඩගින්නෙ. මොකද දඩයම් කරන හැම වෙලේම සත්තු අහුවෙන්නෙ නෑනෙ. සෑහෙන්න ගේමක් දීල තමා කෑමක් හොයා ගන්නෙ. 

ශ්‍රීලංකා lepord
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

අනිත් හැම සතෙක්ටම වගේම මෙයාලටත් තර්ජන ගොඩක් තියෙනවා. ප්‍රධානම එක තමයි අපේ වරිගෙ ඉන්න දඩයක්කාරයෝ කියාගන්න සමහර කාලකන්ණි අටවන උගුල්. මේවට අහුවෙලා මේ කොටි ජීවිතෙන් සමුගත්ත අවස්ථා ගොඩක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම වෙඩි තැබිම් වලිනුත් තර්ජනයට ලක්වෙලා තියෙනවා. ඒවා නීති විරෝධී උනත් දැනට සිදු වෙන දේවල්. ඊළඟ තර්ජනය තමා එයාල වාසය කරන භූමිය අඩු වෙමින් යාම. එතකොට ලොකු කොටි ගහනයකට පැවතෙන්න අමාරු වෙනවා ආහාර සහ අනිකුත් දේවල් වලට ඇති තරඟය නිසා. ඒ වගේම භූමිය අඩු වීම නිසා ඒ වනාන්තර වලට මායිම් වෙලා තියෙන ගම්මාන වලට පවා මේ කොටි යන්න පෙළඹෙනව. ඒකෙනුත් එයාලගේ ජීවිත වලට අවධානමක් ඇති වෙලා තියෙනව. කොහොම හරි මේ කොටි අපිට වටින්නෙ නැති උනාට පිටරට වල ඉන්න මිනිස්සුන්ට ගොඩක් වටිනවා. ඒක නිසා එයාල මේ කට්ටිය බලන්න එනව. මේ හේතුව නිසා යාල සහ විල්පත්තු කියන වනාන්තර සංචාරකයන්ගෙ හොට්ස්පොට් වෙලා තියෙනවා. බලන්න මේ සත්තු නිසා අපේ රටට කොච්චර අදායමක් ලැබෙනවද කියල.

srilanka lepord
ඡායාරූපකරණය : හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි

ඕන කෙනෙක්ට මේ කොටි නරඹන්න යන්න පුළුවන්. ලෙපර්ඩ් සෆාරි තියෙනව ඒකට. හැබැයි ගියාට කමක් නෑ. සෆාරි ජීප් එකෙන් එහෙම එළියට බහිනව නෙමේ කැලේ ඇතුලෙදී. මේ කොටි වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි  කරන අයට හොඳ තෝතැන්නක්. හැබැයි ඉතිං කැලේකට ඇතුළු උන ගමන් මේ කොටි ටික එන්නෙ නෑ " ආ එහෙනං ගහගනින් ෆොටෝ ටිකක් අපේ " කියල. එයාල දකින්න පුළුවන් ප්‍රසිද්ධ තැන් ටිකක් තියෙනව ඔය විල්පත්තු සහ යාලෙ. එතෙන්ට ගිහිල්ලත් සමහර වෙලාවට පැය ගණන් බලාගෙන ඉන්න ඕනේ. එහෙම ඉඳල ගන්න ඡායාරුප දැක්කම පුදුම හැඟීමක් එන්නෙ.

ඉතිං අපිට මේ පරිසරයෙන් අපේ රටට දායාද කරල තියෙන මේ විස්මිත ජීවී කොට්ටාශ අපේ මතු පරපුර වෙනුවෙනුත් රැක ගැනීම අපේ යුතුකමක් සහ වගකීමක්. ඒකට පක්ෂ, පාට, ජාති, ආගම් භේද වලින් තොරව එකාවන්ව එකතු වෙලා කටයුතු කරන්න ඕනෙ.

ප.ලි : 
විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ ඉවක් බවක් නොමැතිව මිනිස්සු පදිංචි කිරීම තුළින් එම වනාන්තරය සීග්‍රයෙන් විනාශ වීමේ අවධානමකට මේ වන විට ලක්ව ඇත. මේ වානන්තරයේ අලි වැඩි හරියක් වාසය නොකරන අතර කොටින්ගේ පාරාදීසයකි. එමෙන්ම වලසුන් සහ තවත් වන සතුන්ගේ පාරාදීසයකි. මෙලෙස මෙම විල්පත්තු වනාන්තරය හිතක් පපුවක් නොමැතිව විනාශ කිරීමෙන් අපේ රටට සහ අනාගත පරපුරට ජාති ආගම් භේදයකින් තොරව අහිමි වන්නේ අසිරිමත් ස්වභාවික නිර්මාණයන්ය, අපූරු ජීවී කොට්ටාශයන්ය. මේ විනාශය දෙස පුළුල් දෘෂ්ඨියකින් බලා ඒ සඳහා නිවැරදි කඩිනම් විසඳුම් ගැනීමට රජයට, අදාළ බලධාරීන්ට සහ ශ්‍රී ලංකා වාසි සියළු ජනතාවට ඉක්මණටම නුවණ පහළ වෙත්වා. වනාන්තරය සහ අසරණ සතුන් ආරක්ෂා කර ගනිත්වා.

ඡායාරූප ලබා ගත්තේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි වලට බොක්කෙන්ම කැප වෙලා කාලය වැය කරල විනෝදාංශයක් විදිහට කරන් යන මගේ හොඳ ෆ්‍රෙන්ඩෙක් වන හේෂාන් පීරිස් ගෙ  හේෂාන් පීරිස් ෆොටෝග්‍රැෆි කියන ෆේස්බුක් පිටුවෙන්. ඔයාලට පුළුවන් නම් ගිහිල්ල ඒ පේජ් එකට ලයික් එකක් දාල යන්න. හරිම ලස්සන ඡායාරූප ගොඩක් බලාගන්න පුළුවන් ඔයාලට.

සියළු දෙනාටම ජය වේවා!!!   


57 comments :

  1. මම මේ තරම් දවසක් අහලා තිබුණේ ලංකාවේ ඉන්නේ කොටි නෙවෙයි දිවි කියලයි. දැන් ඒකත් දැනගත්තා. නමුත් දුක කියන්නේ අපේ රටේ කිසිම දේශපාලුවෙක් මේ විල්පත්තු විනාශය ගැන කතා නොකරන එක. හැම එකකටම නඩු දාන ජවිපෙවත් මේ ගැන පාර්ලිමේන්තුවේ වචනයක්වත් කතා කරන්නේ නැහැ. හේතුව දන්නේ දෙවියෝ පමණක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒක තමා නිරන්ජන්. දැන් බලන්න අපේ රටේ ඉන්න මහලොකු පරිසර වේදියෝ සෙට් එක සද්දයක්වත් නෑනෙ. වගකිවයුත්තෝ මේකට මූලික වෙලා කටයුතු කරන්නෙ නැති උනොත් ඉතිං විල්පත්තුව ඉතිහාසෙට එකතු වේවි රටේ තිබුණු අභය භූමියක් විදිහට.

      Delete
    2. ලාල් කාන්ත ඇතුළු ජවිපෙ පිරිසක් විල්පත්තු යාමට නියමිතයි.

      Delete
    3. ආ එහෙමද. කවුරු හරි කමක් නෑ මූලික වෙලා ඉක්මණටම මේකට නිවැරදි ක්‍රියාමාර්ග ගන්නවනම්.

      හැබැයි අර එක පාරක් මුස්ලිම් පල්ලියකට ගිහිල්ලා "තමුන්නාන්සේලාට ගහනවානම් බලන් ඉන්න එපා" කිව්වා වගේ මේකටත් ගිහිං " කවුරු මොනවා කිව්වත් ඕක නවත්තන්න එපා" වගේ කතාවක් වත් කියල එයිද දන්නෙ නෑ (ඒ නම් ලාල් කාන්ත නෙමේ හැබැයි, අර අනුර කුමාරද කොහේදෝ) :D.

      Delete
  2. හරිම ලස්සන සතෙක්... ඒ වුණාට දරුණුයි තමා.... පෙනුම නම් සිරා.......

    ReplyDelete
    Replies
    1. අමුතු සුන්දරත්වයක් තියෙනව නේද. මම කැමතිම සතෙක්.

      Delete
  3. ඕකනං හෙනට පැටලෙන කේස් එකක්. එතකොට ව්‍යාඝ්‍රයා කියන්නෙ මොකාද? ගූගල් දෙයියො පින්තූර පෙන්නන්නෙ මෙහෙම.
    Tiger - ඉරි වැටුණු තරබාරු එකා
    Leopard - ඇඟිලි තුඩු එකතුකරලා පුල්ලි තිබ්බා වගේ ටිකක් කෙට්ටු එකා
    Jaguar - ලොකු අල්ලි අල්ලි පුල්ලි තියෙන තරබාරු එකා
    Panther - තනි පාට එකා (ගොඩ වෙලාවට කලු පාටයි)
    Cheetah - තිත් වැටුනු කෙට්ටුම සහ උසම එකා

    (හැකිනම් මේ හුට පටේ ලිහන්න)

    ReplyDelete
    Replies
    1. ඔතන සිද්දිය මෙහෙමයි මධු. අපේ රටේ මීඩියා වලින් තමයි ඔය පටලැවිල්ල සිද්ද වෙලා තියෙන්නෙ. ඇත්තටම ව්‍යාඝ්‍රයා කියල කියන්නෙත් දිවියාටම තමා. අපිට දිවියා කියල කිව්වම එක පාරටම මතක් වෙන්නේ පුල්ලි තියෙන පොඩි සතෙක්නෙ හඳුන් දීවියා කොළ දිවියා වගේ. ඇත්තටම එවුන් දිවියෝ නෙමේ. එයාල බළල්ලු විශේෂයක්.
      අපි කොටියා කියල අහපු ගමන් හිතේ මැවෙන්නෙ ඉරි වැටුණු තරබාරු එක්කෙනෙක්. එයා බෙංගාලි ටයිගර්. නමුත් විද්‍යාත්මකව කොටියෙක් නොවෙයි.
      අන්තිමට කියන්න තියෙන්නෙ අපේ රටේ මාධ්‍ය වලින් වැරදි විදිහට සිංහලෙන් මේ කට්ටිය හඳුන්වපු නිසා ඒ වැරදි භාවිතයන් සමාජ ගත වුන එක.

      මෙන්න මේ ලින්ක්ස් වලින් තව කියවල බලන්නකෝ.
      http://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard
      (ඕකේ ලෝකල් නෙම්ස් කියන එක බලන්න)

      http://en.wikipedia.org/wiki/Tiger

      Delete
    2. ව්‍යාඝ්‍රයා ට ටයිගර් කීම වැරදිද? ටයිගර් ට ව්‍යාඝ්‍රයා කීම වැරදිද? පැහැදිලිකර දෙන්න.

      http://en.wikipedia.org/wiki/Tiger


      Delete
    3. හඳුන් දිවියා නෙවේ අඳුන් දිවියා. අංජන වල පාට නිසා.

      Delete
    4. විචාරක මහත්තයට බොහොම ස්තුතියි වැරැද්ද පෙන්වා දීම සම්බන්ධයෙන්. ඒක නිවැරදි කළා.

      //ව්‍යාඝ්‍රයා ට ටයිගර් කීම වැරදිද? ටයිගර් ට ව්‍යාඝ්‍රයා කීම වැරදිද? පැහැදිලිකර දෙන්න. //

      නෑ නෑ කිසිම වැරද්දක් නැහැ. ව්‍යාඝ්‍රයා කියන්නෙ ටයිගර්ට තමා. මම උඩින් කියල තියෙන්නෙ ටයිගර් කියන්නෙ කොටියා නෙමේය කියන එක. ඒක මම හදපු දෙයක් නෙමේ ඔන්න හොඳේ :D.

      මම කියන්නෙ ලංකාවේ ඉන්නෙ කොටි එයාලට කියන්නෙ Sri Lankan leopard කියලා.

      එතකොට ටයිගර් කියන්නෙ ව්‍යාඝ්‍රයාටය. ඒ වගේම දිවියා කියන්නෙත් ටයිගර්ටමය.
      ටයිගර් = ව්‍යාඝ්‍රයා = දිවියා

      Delete
  4. Tiger සහ Leopard කේස් එකනම් මට පට්ටම අවුල් මනා.. උඹට පුලුවන්ද මේ තොරතුරු ගත්තෙ කොහොමද කියන ඒවායේ රෙෆරන්ස් ටිකක් දෙන්න.. දැනගන්න වටිනවා..

    ReplyDelete
    Replies
    1. ඔන්න මම උඩින් මධූට පැහැදිළි කළා කමියෝ. මම ඒ ලින්ක්ස් දෙකම දානව මේකටත්.

      http://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard
      (ඕකේ ලෝකල් නෙම්ස් කියන එක බලන්න)

      http://en.wikipedia.org/wiki/Tiger

      Delete
  5. කොටියා පිලිබද සටහන හරි අපුරැයි ......... මං ගාවත් මෙි ගැන පොත් තිබුනා . වැදගත් ලිපියක් .මනා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිහිංසා :). සාදරයෙන් පිළිගන්නවා ඔයාව පින්තාරුවට.
      ජය වේවා!!!

      Delete
  6. දෙකකුල් කොටිය ඡන්දෙ කාලෙට නං එනව.

    ReplyDelete
    Replies
    1. හි හි අනේද කියන්නෙ :D. ඇයි අර ජනවාරි 8 වෙනිදා වෙනකං කකුල් දෙකේ කොටි මේකෙ නෑ කියපු එක්කෙනා ඊට පස්සෙ දවසෙ ඉඳන් කෑ ගැහුවේ දැන් කොටි ඇවිල්ල මාව පරද්දුව කියල.

      Delete
  7. හම්බයෝ විල්පත්තුව විනාෂ කරනවා.. පටන් ගත්තේ මහින්ද ලොක්කගෙ කාළේ.. සිරිසේනගේ කාළේ වැඩේ නැගලම යනවා... වටිනා ළිපියක් මනා

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මාතෙ අයියෙ. උන් දෙන්නම මේකට වග කියන්න ඕනෙ. එකෙට්ටවත් කොන්දක් නෑ මේක නවත්තන්න. ඡන්දෙකට එහෙමනම් බලන්න ඕන කයිවාරුව.

      මෙහෙම විනාශ කොරල සමහරවිට කාන්තාරයක් වගේ හදාගෙන, ඉඳි ගස් යායක් එහෙම දාල, ඔටුවො සෙට් එකක් ගෙනල්ල පුංචි අරාබියක්වත් හදන්න යනවද දන්නෙ නෑ. එතකොට ලයිෆ් එක ෆුල් මාර්වලස්ලුනෙ හම්බ මහත්තුරුන්ගෙ. දැනටමත් ඔය තියෙන්නෙ රටවල් වල නම් වල මුලට "පුංචි" කෑල්ලක් දාල. පුංචි එංගලන්තෙ, පුංචි ඉතාලිය වගේ හි හි :D.

      Delete
    2. දැනටම පුංචි අරාබියක් තියනව කල්මුණේ පැත්තෙ ......

      Delete
    3. මටත් දැන ගන්න ලැබුනා එහෙම එකක්. එහෙ රට ඉඳි ගස් පාර දිගේ වවල තියෙනවා කියලත් ආරංචියි. හැබැයි මම ෆොටෝ එකක්වත් දැකල නැහැ ඒ සම්බන්ධව.

      Delete
  8. //නමුත් දුක කියන්නේ අපේ රටේ කිසිම දේශපාලුවෙක් මේ විල්පත්තු විනාශය ගැන කතා නොකරන එක//
    ඇත්තටම මේ සිදුවීම නිසා මගෙත් හිත හොඳටෝම නරක් වෙලයි ඉන්නෙ...අනේ මන්ද අපේ රටේ කාලකන්නින්ට වැදගත් දෙයක වැටිනකමක් නැති හැටි..?

    ReplyDelete
    Replies
    1. ඉතින් කවුරුහරි යෝජනා කරන්නකෝ බ්ලොග් සංසදයේ මැදිහත්වීමේන් සමාජ මාධ්‍යකරුවන්ගේ එකමුතුවෙන් විරෝධයක් පවත්වන්න මේ ගැන. අපේ සහයෝගය දෙනවා :)

      Delete
    2. @දිලා
      වැඩක් නෑ දිලිණි කතා කරල. පෙරහැර ගියාම දඟලයි එක එක කතා කිය කිය. එතකං දැක්කෙ නෑ වගේ ඉන්නව. හැමදාම හැමදේටම ඕකනෙ උනේ. ඒකනේ නියම ශ්‍රී ලාංකේය අනන්‍යතාවය. එහෙමලු හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියල පෙන්නන්නෙ ;).

      Delete
    3. @කමි
      සිරාවටමද කියන්නෙ :). හැබැයි කරන්න පුළුවන් නම් හොඳ වැඩක්. වැඩේ දුරදිග ගිහිං අන්තිමේට බ්ලොග් කියන ජාතිය තහනම් වත් කරලා නතර වෙයිද දන්නෙ නෑ හැබැයි :D.

      Delete
    4. 2010 ඉදන් වෙච්ච මේ වන සංහාරයට බලපැමක් එල්ල වුනේ බුකියෙන්මයි. ඒ නිසාම එච්චර කාලෙකට පස්සෙ රටේ ලොක්කා වහාම මේ පිලිබද හොයලා කටයුතු කරන්න කිව්වලු. මට අවුල බුකියෙන් සද්ද දානකල් රටේ ඇත්තො කොයි හිටියෙ කියල?

      Delete
    5. @sAm (සෑම්)
      ඒක නම් සහතික ඇත්ත. හරිම කුජීතයි. රටේ බලධාරීන් ඉන්නෙ නමට විතරයි. බුකියෙන් කිවම තමා ක්‍රියාත්මක වෙන්නෙ. ඔය බලධාරීන්ට වැඩිය හොඳට සමහර වැදගත් ප්‍රශ්න බුකියෙන් විසඳනවා. වැඩේ කියන්නෙ මුං එහෙම ප්‍රශ්න තියෙනවා කියල දැන ගන්නෙත් බුකියෙන් බලපෑමක් ආවමනෙ. ඔයිට වැඩිය හොඳයි ඔය බලධාරී සෙට් එකත් අනිත් අය වගේ බුකියෙ හිටියනම්. එතකොට අඩු ගානේ රටේ තියෙන ප්‍රශ්නයක් හරි දැනගන්නවනෙ :D.

      Delete
  9. මමත් කොටියා සහ දිවියා කියලා හිතාගෙන හිටියේ අනිත් පැත්තට..... ලංකාවෙ හිටියේ (තාමත් ඉන්නේ ) කකුල් දෙකේ කොටි විතරයි කියලයි මමත් අහලා තිබුනේ......!

    ReplyDelete
    Replies
    1. ගොඩ දෙනෙක් දිවි කොටි පටලාගෙන තමා ඉන්නෙ තාමත්. හේතුව වැරදි විදිහට තොරතුරු(සිංහල වචන) සමාජගත වෙලා තිබීම. කකුල් දෙකේ කොටිත් ඉඳල වඳවෙලා ගියා කිව්වට ජනවාරි 8 වෙනිදායින් පස්සෙ ලක්ෂ 4ක් 5ක් ආයෙ මතු උනා කිය කියා එක්කෙනෙක් කෑ ගැහුවා මට මතක විදිහට ;).
      දුමී අයියාව සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට. දිගටම ඇවිල්ල යන්න එන්න කියල ආරාධනා කරනව :).
      ජය වේවා!!!

      Delete
  10. (නො)මනා,
    දිවියා හරි කොටියා හරි අපිට වගේම උන්ටත් මේ භුමියේ අයිතිය තියෙනවා.ඒ අයිතිය වෙනුවෙන් උන්ට කතා කරන්න බැරි නිසා උන්ගේ අයිතිය වෙනුවෙන් අපි පෙනි සිටින්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. මගෙ නම ඉස්සරහට නො යන්නක් දාල තියෙන්නෙ අපේ මනෝට මාත් එක්ක මොකක් හරි තරහක් වත් තියෙනවද මන්දා හි හි :D.
      අනිවාරයෙන්ම ඒ භුමියේ ඉන්න සියළුම සත්තුන්ගෙ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අපි සියළු දෙනාම එකමුතුව පෙනී සිටින්න ඕනෙ. මම මේ කොටියව මුල් කරගෙන ඔය කතාව පොඩ්ඩක් වෙනස් විදිහකට කියන්න උත්සාහ කළා.
      ජය වේවා!!!

      Delete
  11. මනා . කොටිය සහ දිවියා සම්බන්ධයෙන් කරුණු මටත් පැටලිලි සහිතයි. කොටිය කියන්නෙ ව්‍යාඝ්‍රයට නේද? දිවිය කියන්නෙ අපේ ඉන්න එකාට නේද? අපේ එකා ලංකාවට ආවේනික නෑ නේද? පොඩ්ඩක් හොයල බලන්න ඕන. ජිම් කෝබට්ගෙ රුද්‍රප්‍රයාගයේ මිනීකන දිවියා පොතේ ඉන්නෙත් අපේ ඉන්න එකා වගේ මට නම් මතක විදියට. ලංකාවේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරේ ඉන්නවා මිනිස්සු 9කට වගකියපු පසුව මාරාදාපු පූනානි දිවියා පුළුන් පුරෝලා. මට මතකයි එකපාරක් රන්දෙණිගල ජලාශයේ දූපත් වලට පීනමින් සංචාරණයේ යෙදුනු දිවියෙක් ගැන කතාවක්. කතන්දර ගොඩයි. කොහොම නමුත් මේ දේවල් ගැන ඇස් ඇරෙන්න කාලේ හරි. විල්පත්තුව රැකගත යුතුයි.. කාලීන ලිපියක් මනා.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. සජ්ජා මම පහළ වෙනම කමෙන්ට් එකක් දාල තියෙනවා ඔය පැටලිල්ල ගැන. පොඩ්ඩක් ඒකත් බලන්න.

      බොහොම ස්තුතියි සජ්ජො. අනිවාර්යයෙන්ම විල්පත්තුව රැක ගත යුතුමයි. ඔය ස්වභාවික දායාද විනාශ කරන්න ඉඩ දුන්නොත් අපේ අනාගත පරම්පරාව අපිට ශාප කරයි වටිනා නිධානයක් විනාශ කරනකන් අමන රැලක් වගේ බලන් හිටියා කියල.

      ජය වේවා!!!

      Delete
  12. මචෝ උඹට හොඳටෝම ටැපලිලා .... ඔය ගැන ටක්ක්කෙටම, හොඳම පැහැදිලි කිරිම කරගන්ඩ පුලුවං රුක්ශාන් ජයවර්දන මහත්තයගෙන් ..... ඕක මෙතන කියන්ඩ බෑ ... තව පෝස්ට් එකක් වෙනව .... ඕක සරල කරන්නෙ මෙහෙමයි .... "කොටියා" කියන්නෙ සිංහල වචනයක්.. ඒකට ඉංග්‍රීසි වචනයක් නෑ ..... KOTIYA කියල ලියන්නෙ .. එහෙම හිතල බැලුවම හරි ලේසියෙං ගොඩ දාගන්ඩ පුලුවං .......

    ReplyDelete
    Replies
    1. B.T.W. .... පොටෝ ටික නං පස්ට පට පට ... ඔය ඇක්ශන් හරිම uncommon ....

      Delete
    2. මුලින්ම ඇනෝපිලිස් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා පින්තාරුවට. :)

      ඔබතුමාට පිළිතුරු පහතින් වෙනම කමෙන්ට් එකක් විදිහට පල කළා.ඒක දිග වැඩි නිසා එහෙම කලේ.

      ඔව් ඒක ඇත්ත.අන්කොමන් ඇක්ෂන් ටිකක්. හිතන්නකෝ කොච්චර කට්ටක් කන්න ඇද්ද කියලමේ ෆොටෝ ගහන්න. මෙයාගෙ ෆේස්බුක් පේජ් එකේ එච්චර ෆොටෝ දාල නැහැ. ඒත් මම එයා ගත්ත ෆොටෝ රාශියක් දැකල තියෙනවා. ඔය උඩම ෆොටෝ එක ඒ පේජ් එකේ නෑ

      Delete
    3. අනේ තරහ ගන්ඩ එපා මචචෝ උඹ තාමත් පටලගෙන ඉන්නෙ \\කොටි උප විශේෂ 8ක් ලෝකෙ ඉන්නව\\ කොටි ඉන්නෙ ලංකාවෙ විතරයි .... leopards(දිවියා)ල තමයි විශේෂ 8 ඉන්නෙ..... අපි හම්බ උන දවසක කතා කරමු... මට ටයිප් කොරන්න කම්මැලියි ..

      Delete
    4. නෑ නෑ කිසිම තරහක් නෑ :D. මොකක් හරි පැටලීමක් තියෙනවනම් අපි හොඳට කතාබහ කරල ආයෙත් පෝස්ට් එකක් දාමු. ඔබතුමා ඕක ගැන දිගටම සංවාද කරන්නෙ තොරතුරු ගොඩක් දන්නා නිසා කියල හිතනවා. මේකෙ තියෙන පැටළිලි ඔක්කොම නැති කරගෙන මේ තොරතුරු අපේ ජනතාව වෙත අරන් යමු තව පෝස්ට් එකකින්. ඔබතුමාට පුළුවන් නම් ලිපියක් පළ කරන්න ගොඩක් වටිනව. එහෙම නැති නම් ඔබතුමා ළඟ තියෙන තොරතුරු ලියල මට එවන්න. මම ඔබතුමා නමින් පල කරන්නම් මගේ බ්ලොග් එකේ ඔබතුමා කැමති නම් :). මේ තොරතුරු හරියට සයිබරයේ හොයාගන්න නැහැ. ඒකයි මම එහෙම යෝජනාවක් කලේ.

      මම දැන් අළුත් පෝස්ට් එකක් දාන්න ආවම තමයි ඔබතුමාගෙ මේ කමෙන්ට්ස් දැක්කෙ. ඒක දැම්මට, මට මේ පෝස්ට් එකට ඔබතුමාගෙ අදහස දැනගන්න ඕනේ මම කරපු යෝජනාව ගැන.
      ජය වේවා!!!

      Delete
  13. ######### සියළු දෙනාටම දැන ගැනීම උදෙසා#########

    මම හිතන විදිහට මෙතන කිසිම පැටලීමක් වෙලා නැහැ.මම මේ සියළුම දේවල් ලියල තියෙන්නෙ ගොඩක් කරුණු හොයල බලල. මම විකිපීඩියා ලින්ක්ස් දෙකක් දැම්මට ඒක විතරක් බලල ලියපු ලියමනක් නෙමේ මේක. ඔයාල දන්නවා විකිපීඩියා එක කරන් යන්නෙත් දැනුම තියෙන මිනිස්සුන්ගෙ එකතුවකින් කියල. ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙන්නත් පුළුවන්. මම මේ කොටි දිවි ප්‍රශ්නයක් හදන්න උත්සහයක් ගත්තා නෙමේ.

    දැන් බලන්න මෙයාගෙ සත්ව විද්‍යාත්මක නාමය "Panthera Pardus Kotiya (පැන්තරා පාර්ඩස් කොටියා)". හිතෙන්නෙ නැද්ද මේකෙ අගට කොටියා කියල තියෙද්දි අඩේ මේකා කොටියෙක්ම තමා කියල :D. මේ නම් ආවට ගියාට දාන ඒවා නෙමේනෙ. මේවා දාන්නෙ සත්ව විද්යාඥයො හොඳට පරීක්ෂණ කරල. කොටි උප විශේෂ 8ක් ලෝකෙ ඉන්නව. ඒ අතරින් එක්කෙනෙක් තමා මේ අපේ රටේ ඉන්න Panthera Pardus Kotiya (පැන්තරා පාර්ඩස් කොටියා) කියන කෙනා.

    ඒක ඉස්සරලාම හොයල(සත්ව විද්‍යාත්මකව) "කොටියා" කියන නම හඳුන්වා දීල තියෙන්නෙ පී.ඊ.පී.දැරණියගල (ශිරාන් දැරණියගල මහත්තයගෙ තාත්තා) කියන මහත්තයා 1963 දි. ඒකම තවත් විද්යාඥයෙක් වන ශ්‍රියානි මිත්තපාල මෙයාලගෙ ඩී.එන්.ඒ පරික්ෂා කරල තහවුරු කරල තියෙනව මෙයා ලංකාවට අවේනික උප විශේෂයක් විදිහට.
    මේ ගැන කියල තියෙන ලිපි තුනක ලින්ක්ස් මම ඔයාට සහ අනිත් අයට දැන ගන්න දානවා. මේ ලිපි වලින් එකක් අර ඇනොපිලිස් සඳහන් කරල තිබ්බ රුක්ෂාන් ව්ජයවර්ධන මහත්තයා ලියන්න දායක වෙලා තියෙනවා. තව එකක එතුමා විසින් මේ තොරතුරු ප්‍රකාශ කරල තියෙනවා.

    එතකොට මේ තොරතුරු අනුව ඔබ තුමාලා සහ තුමියලාට දැන් වත් හිතෙන්නේ නැද්ද අපි මේ කොටියට දිවියා කියන එක වැරදිය කියල. මම හිතනව මම සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ඔබ සියලුදෙනාටම ලබා දුන්නා කියලා.

    මෙන්න අර ලිපි තුනේ ලින්ක්ස්

    1) http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=63577

    2) http://www.sundayobserver.lk/2014/02/09/spe03.asp

    3) http://www.thesundayleader.lk/archive/20030615/review.htm

    ReplyDelete
    Replies
    1. අනේ තරහ ගන්ඩ එපා මචචෝ උඹ තාමත් පටලගෙන ඉන්නෙ \\කොටි උප විශේෂ 8ක් ලෝකෙ ඉන්නව\\ කොටි ඉන්නෙ ලංකාවෙ විතරයි .... leopards(දිවියා)ල තමයි විශේෂ 8 ඉන්නෙ..... අපි හම්බ උන දවසක කතා කරමු... මට ටයිප් කොරන්න කම්මැලියි ..

      Delete
    2. \\එතකොට මේ තොරතුරු අනුව ඔබ තුමාලා සහ තුමියලාට දැන් වත් හිතෙන්නේ නැද්ද අපි මේ කොටියට දිවියා කියන එක වැරදිය කියල.//
      අනිවා...ලංකාවෙ ඉන්නෙ කොටි ....

      Delete
    3. මම ඔබතුමාගෙ උඩ කමෙන්ට් එකට යෝජනාවක් කළා. ඒකට කැමති නම් අපි ආයෙත් මේ තියෙනව කියන ඔක්කොම පැටළිලි නැතුව හොඳ ලිපියක් පල කරමු :).
      ජය වේවා!!!

      Delete
    4. කොටි විශේෂ නොවේ ඉන්නේ දිවි විශේෂ 8 ක් ලංකාවට ආවේනික දිවි විශේෂය තමයි කොටියා. ටයිගර් කියන්නේ දිවියාට නොවේ ව්‍යග්‍රයාට. දිවියා කියන්නේ ලෙපර්ඩ්. කොටියා කියන්නේ ලෙපර්ඩ් වර්ගයක්මයි. මානා උබට පැටලිලා.

      Delete
    5. @මකසි
      එතැන මම වැරදියි තමා. කොටි ඉන්නෙ ලංකාවෙ විතරයි. මකසි මේ කොටි දිවි ගැන දන්නවනම් හොඳ ලිපියක් පලකරන්නකො. දැන් බලන්න මේ පෝස්ට් එක නිසා අපි ගොඩක් විස්තර කතා උනා. දැන ගත්තා. මේ තියෙන පැටළිලි යවල හොඳ ලිපියක් පුළුවන් නම් ලියන්නකො ඔබතුමා අනිත් අයටත් දැනගන්නත් එක්ක :). මම මේ යෝජනාවම ඇනොපිලිස් ටත් කළා. කිසිම රිප්ලයි එකක් නැහැ.

      Delete
    6. ව්‍යග්‍රයාට කොටියා කියන එක වගේ තවත් අපි පටලවා ගත් තැන් කිහිපයක් තියෙනවා. ඒ ගැන ලියන්නම්. කොටියා ගැන නම් ඔබේ ලිපිය සංශෝධනය කරලා ගත්තම හරි.

      Delete
    7. ඒ ටික ඔක්කොම පැහැදිළි වෙන්න ලිපියක් ලියන්න මකසි එහෙනම්. ගොඩක් වටිනවා ඒක. තියෙන පැටළිලි ඔක්කොම ලිහන්න කාලෙ හරි දැන්.

      Delete
  14. Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියන්ති. සාදරයෙන් පිළිගන්නව ඔයාව පින්තාරුවට.

      Delete
  15. කොටියා බලන්න හොඳම තැන විල්පත්තුව කියලා ඉස්සර ඉඳන්ම මම අහලා තිබුනා. මගේ ලග තිබුන Enchanted කියන පොතේ ලංකාවෙ නම ගිය පාරිසරික ඡායාරූප ශිල්පීන් තිදෙනෙකුගේ ඡායාරූප එකතුවක් තිබුනා. ඒක දැක්කම ලංකාව මොන තරම් සුන්දරද කියලා හිතෙනවා. මැලේසියාවෙ රාජ්‍ය ලාංඡනය තුලත් කොටියා ඉන්නවා. මෙහෙ ජාතික සත්වයා කොටියා. බෝර්නියෝ වැසි වනාන්තරයේන කොටසක් මැලේසියාවට අයත්...ඒකෙ මෙයාලා ජීවත් වෙනවාලු.

    ReplyDelete
  16. කොටියා බලන්න හොඳම තැන විල්පත්තුව කියලා ඉස්සර ඉඳන්ම මම අහලා තිබුනා. මගේ ලග තිබුන Enchanted කියන පොතේ ලංකාවෙ නම ගිය පාරිසරික ඡායාරූප ශිල්පීන් තිදෙනෙකුගේ ඡායාරූප එකතුවක් තිබුනා. ඒක දැක්කම ලංකාව මොන තරම් සුන්දරද කියලා හිතෙනවා. මැලේසියාවෙ රාජ්‍ය ලාංඡනය තුලත් කොටියා ඉන්නවා. මෙහෙ ජාතික සත්වයා කොටියා. බෝර්නියෝ වැසි වනාන්තරයේන කොටසක් මැලේසියාවට අයත්...ඒකෙ මෙයාලා ජීවත් වෙනවාලු.

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා අයියෙ. විල්පත්තුව හොඳම තැනක්. ඒ වගේම යාලත්.

      //ලංකාව මොන තරම් සුන්දරද කියලා හිතෙනවා//
      ඒක සහතික ඇත්ත. කරුමෙ කියන්නෙ අපේ සම හරක්ට ඒවගේ වටිනාකමක් දැනෙන්නෙ නෑ.

      මැලේසියාවෙ කොටි සම්බන්ධ විස්තරය ගැන කිව එක වටිනව. බොහොම ස්තුතියි.
      ජය වේවා!!!

      Delete
  17. මචෝ ලංකාවෙ ඉන්නේ දිවිය ද කොටියද කියන එක ගොඩ දෙනෙක්ට පැටලිල්ලක්. සිංහලයා කොඩියෙ සිංහයෙකක් දාගෙන හිටියට ලංකාවෙ සිංහයෝ නෑ. හත්තිලව්වේ එතකොට වැල්වැටිතුරේ වේළුපිල්ලේ ප්‍රභා ගොයියා කොටියා කොටියා කිව්වට ඌ දිවියද එතකොට? ලිබරේෂන් ලෙපර්ඩ්ස් ඔෆ් ටැමිල් ඊලාම් එල් එල් ටී ඊ - හික් හික්

    ReplyDelete
    Replies
    1. කිචීව සාදරයෙන් පිළිගන්නවා පින්තරුවට.

      //ලිබරේෂන් ලෙපර්ඩ්ස් ඔෆ් ටැමිල් ඊලාම් එල් එල් ටී ඊ //
      පිරිබාහරන් මේක දැනගත්තනම් එහෙම කොහෙන් හරි සයනයිඩ් එකක් හොයාගෙන කාලම මැරෙනවා :D

      Delete
    2. LTTE සංවිදානයේ ලෝගෝ එකේ ඉන්නේ කොටියෙක් නොවේ ව්යාග්‍රයෙක්. ඇත්තටම නියම නම කොටි සංවිධානය නොවේ ව්යාග්‍ර සංවිධානය

      Delete
  18. මන් ඒත් බැලුව මනෝ මේ කොටි ගැන ලියන්නේ මොකෑ කියල සින්දුවක් කියා ගෙන ඉන්නේ නැතුව.
    http://nelumyaya.com/?p=2349

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් අයියෙ :). දන්නැද්ද පොඩි වෙනසකටත් එක්ක මේක ලිව්වෙ.
      ජය වේවා!!!

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.