තෙරක් නොපෙනෙන විසල් වැව් මත පාරු පැද යමි සීරුවේ
ඇතත් සිත තුළ හැඟුම් රොද බැඳ උහුල ගෙන ඉමි පාළුවේ
නුඹත් සිහිවිය තනිව සිටි කල නිසල වැව මත පාරුවේ
ඉමක් දුටු විට සතුට ගෙන දේ වෙහෙස හෙමිහිට මාරුවේ
ඉමක් දුටු විට සතුට ගෙන දේ වෙහෙස හෙමිහිට මාරුවේ
canvas by Karen Tarlton
වැරදි හැදුවෙ නිහඬ සිත්තරාවි
ලස්සනයි මනෝ........................
ReplyDeleteස්තූතියි කුරුටු :)
Deleteබොලා ලියපු කයියක් කියෙව්වමද මන්දා...මොකද දැන් ගිටාර් පාඩම් නතර වෙලා...
ReplyDeleteකවි වගේ ඒවා ලියල තියෙනවා. ඒත් කවිද මන්දා :D. තාම පුරුදු වෙනවා කවි ලියන්න. ගිටාර් පාඩම නම් දැනට නැවතිලා. ආයෙ එකක් දාන්න ඕනෙ.
Deleteලස්සන චිත්‍රය කවියට නියමට ගැලපෙනවා
ReplyDeleteස්තූතියි ඔබට :). සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට.
Deleteබොහෝත් සුන්දර් හෛ්....
ReplyDeleteඅච්චා? බොහෝත් ශුක්රියා :D.
Deleteතෙරක් නොපෙනෙන නිසළ විල් මත පැද ගියත් නුඹ යාළුවේ
ReplyDeleteආතොරක් නැති සිතුම් වෑහෙන පෙමක් රැඳි සිත සීරුවේ
ඉමක් කොනකුත් නොපෙනෙනා දිවි කතර බෝ දුක් සෑදුවේ
පහන් සිලක්මය සුළඟ අභිමුව නොපවතින ප්‍රේමේ ලොවේ
මාර ලස්සන වචන නොවැ ගළපා දමා ඇත්තේ නගේ
Deleteපිස්සු කොර වෙයි මේව දැක්කම බොරු නෙමේ ඇත්තයි අනේ
කොහොමැ නුඹ මේ වචන ගළපා ගත්තෙ කියලා මට සිතේ
නුඹගෙ කවි හරි ලස්සනයි කියවන්නෙ ආසාවෙන් හිතේ
මේ දෙන්නටම තනිවෙන්න හිතුනේ මොකද කියල මන් මේ කල්පනා කලේ.
Deletehttp://nelumyaya.com/?p=3634
තෙරක් නොපෙනෙන නිසළ විල් මත පැද ගියත් නුඹ යාළුවේ
Deleteආතොරක් නැති සිතුම් වෑහෙන පෙමක් රැඳි සිත සීරුවේ
ඉමක් කොනකුත් නොපෙනෙනා දිවි කතර බෝ දුක් සෑදුවේ
පහන් සිලමය සුළඟ අභිමුව නොපවතින ප්‍රේමේ ලොවේ
මෙතන සිලමය කියල දැම්මොත් හොඳ නැත්ද නඟේ
.
Deleteපහන් දැල්ලකි සිහින් සුලඟක් වැදෙන ගානේ සසැලෙනා
සහන් එළියකි නුවන් දල්වා මගත් - නොමගත් දන්වනා
පවන් වැද මියගියත් ස්නේහෙක දුම් රළත් උණුසුම ගෙනා
නිවන්නට සිත නිවෙන්නට මග වදන් නැතිවම මුමුණනා
.
@අජිත් අයියා
Deleteස්තූතියි :)
//මේ දෙන්නටම තනිවෙන්න හිතුනේ මොකද කියල මන් මේ කල්පනා කලේ. //
අපිට තනි වෙන්නවත් දෙන්නෙ නෑ නේ :P. හරිම කෘර ලෝකයක් අප්පා :D
@බස්සි
Deleteකවිය මාර ලස්සනයි :). ඒ වගේම අර්ථාන්විතයි. තැන්කු.
ජය වේවා!!!
http://sinhala.lankanewsweb.net/index.php/features/cyber-wall-lankanewsweb/17751-2015-07-14-21-59-08
Deleteස්තූතියි අජිත් අයියෙ :)
Deleteමෙන්න මෙයා කවියෙක් වෙලා , නියමයි
ReplyDeleteඉතිං මෙයාට ඒක හෙන.... මැජික් එකක්ලු :P.
Deleteතැන්කු :D
ජය වේවා!!!
ඈ ලිව්ව නේද කය්යක් එහෙනම්? ලියමු ලියමු තව ලියමු. පාරුව එගොටම පදවන්න ඕනි හැබැයි. බුදුන් දෙසුවෙත් එහෙමලු නෙ?
ReplyDeleteලිව්වා කයියක් :D. කවියෙ අඩු පාඩු පෙන්නුවට තැන්කු ඈ.
Deleteපාරුව එගොඩට පදවන්න ඕනෙ කොහොම හරි.
ජය වේවා!!!
කිඳී සඳවත දියේ ගැඹුරත සෙනේ රැළි ඉපැදේ හදේ
ReplyDeleteඇදී සලසල නදින් ඉහළට කුඩා රැළි ඉවුරත වැදේ
'නදී' නුඹ වත දකින රිසි පැතුමන් බුබුළු නැගි නැගි බිඳේ
මදී මට තව මදී මදහස ඇබින්දක් දෙනවද ලඳේ
මදී මට තව මදී බැලුවා මදී බස්සිගෙ කවී
Deleteහිඳී මම මග බලා තව කවී ලියා එනතුරු නිවී
බඳී පිළිතුරු බඳී ලස්සන වදන් හොඳ හැටි මැවී
යමී එහෙනම් යමී කවියක් ලියාගෙන යලි එමී
තැන්කු :). ජය වේවා!!!
ලස්සනයි මනා
ReplyDeleteතැන්කූ ඔමා :D.
Deleteජය වේවා!!!
කෙටියි ලස්සනයි
ReplyDeleteජයවේ මනා!
බොහොම ස්තූතියි වර්නෙ. සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට.
Deleteජය වේවා!!!
ලස්සනයි මනා.... කාලෙකින් ආවෙ.... වැඩ රාජකාරි බහුල වෙලාද .. සංගීතෙ සම්බන්ධ ආගිය කතා ලියන්නේ නැද්ද?
ReplyDeleteඔව් සාජ්ජො. මේ දවස් ටිකේම වැඩවලට හිර වෙලා ඉන්නෙ. වීකෙන්ඩ් එකේ තමා පොඩ්ඩක් නිදහසක් හම්බුනේ. කතා සෙට් එකක් තියෙනවා. හෙමීට ලියල දාන්නම්කො.
Deleteජය වේවා!!!
නියමයි මනා ...
ReplyDeleteනිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ //
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ
රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ //
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ
සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ ඵල මාවතේ //
සදා ඔබේ ගිම් බෙදාගනිම් මම්
තැවුල් සැඟව යාවී මාරුතයේ
නිම් තෙරක් නොදුටු මේ..
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: බන්දුල නානායක්කාරවසම්
ගොඩක් ස්තූතියි සිංදු. මං ගොඩක් කැමති සිංදුවක්.
Deleteජය වේවා!!!