Monday, March 28, 2016

සංගීතයි සම්මානයි නෙළුම් යායයි

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පසුගිය මාර්තු 26 දින පැවැත්වුණු බව මේ වන විට ඔබ සියළු දෙනාම දන්නා කරුණක්. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පැවැත්වුණු සම්මාන උළෙල ගොඩක් සාර්ථකව කිරීමට හැකිවීම සතුට දනවන කරුණක්. අජිත් අයියා, කල්‍යාණ මිත්‍ර, ඉවාන් අයියල ප්‍රධානව තවත් විශාල පිරිසක් වූ සංවිධායක මණ්ඩලයේ දිවා රෑ නොබලා කැපවීමේ ප්‍රථිපලයක් ලෙස මෙවර සම්මාන උළෙල ගියවරට වඩා සාර්ථක කර ගැනීමට හැකි වූ බව පිළිගත යුතු කරුණකි. එමෙන්ම ගිය වසරට වඩා සහභාගීත්වයද විශාල වර්ධනයක් ඇති වීමෙන් පෙනී යන්නේ නෙලුම් යාය, බ්ලොග් කරුවන් අතරට වඩාත් ලෙන්ගතු වී ඇති බවකි. මෙවර නෙලුම් යාය සම්මාන උළෙල සම්බන්ධව මෙතෙක් පළ වුණු බ්ලොග් පොස්ට් වලට දමා ඇති ඇනෝ කමෙන්ට් වලින් පෙනී යන්නේ බ්ලොග් ලෝකයේ සිටින ඇනෝවරුනුත් කිහිප දෙනෙක් මෙම සම්මාන උළෙලට සහභාගී වී ඇති බවකි. නමුත් ඔවුන් අප අතරම සිටින බ්ලොග් කරුවන්ද? නැත්නම් පුර්ණ කාලින ඇනෝලාද? යන්න උභතෝකෝටියකි.  

එමෙන්ම මෙවර සම්මාන උළෙලේ අංශ කිහිපයක් යටතේ ලබා දී තිබුණු සම්මාන ගණනද ගියවරට සාපේක්ෂව වැඩි වී ඇත. එයද පැසසිය යුතු කරුණකි. සිංහල බ්ලොග් කරුවන් ලියන්නාවූ විවිධ අංශ ඔස්සේ සම්මාන ලබා දීමෙන් සිදුවන්නේ ඒ ඒ අංශයන් සම්බන්ධව ලිවීමට කැමති රචකයන් උනන්දු කිරීමක් මෙන්ම නවක රචකයන් එකතු කර ගැනීමේ වෑයමකි. එවිට ඉදිරියේදී පැවැත්වෙන සම්මාන උළෙලවල් වලදී වර්තමානයට වඩා තරඟකාරිත්වය වැඩි වනු ඇති. එමෙන්ම තව තවත්  හරවත් දේවල් බ්ලොග් පාඨකයන්ට කියවීමට අවස්ථාව උදාවනු ඇති.

සම්මානයක් ලැබීමෙන් හැඟවෙන්නේ ඔහු/ඇය තමා ලියූ දෙය සම්බන්ධයෙන් අනෙක් අයට වඩා සුවිශේෂී දෙයක් සිදුකර ඇති බවකි. ඉන්පසුව සිදු කල යුත්තේ තමන් ලියන්නා වූ සෑම දෙයක්ම පෙරටත් වඩා හරවත්ව සහ නිර්මාණාත්මකව පාඨකයා වෙත ඉදිරිපත් කිරීමයි. මක්නිසාද යත් සම්මානයක් ලැබීමෙන් සිදුවන්නේ බ්ලොග් රචකයා හට කිසියම් වූ උත්තේජනයක් මෙන්ම පාඨකයා අතරට යාමේ අවස්ථාවක් උදාවීමයි. එය හොඳින් තේරුම් ගතයුතු කරුණකි. සම්මානයක් බලාගෙන බ්ලොග් පෝස්ට් ලියනවාට වඩා පාඨකයාගේ උන්නතිය මෙන්ම තමන්ගේ හිතේ සතුට වෙනුවෙන් නිර්මාණයක් එලි දක්වන්නේ නම් හොඳය. මොකද පාඨක අදහස් සම්මානයකට වඩා වටිනාකමක් එකතු කරන නිසාවෙනි. ඇතැම්විට එවැනි නිර්මාණයක් සම්මානයක් ලැබීමට තරම් සුදුසු විය හැකිය.  

කෙසේ වෙතත් මෙවර සම්මාන උළෙලේදී මාහටද සම්මානයක් ලැබුණි. ඒ සංගීත අංශයේ බ්ලොග් වෙනුවෙන් පළමු ස්ථානයයි. "මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද?"  මැයෙන් 2015 වර්ෂයේදී පළවුණු ලිපිය වෙනුවෙන් එම සම්මානය ලැබුණු බව සඳහන් කොට තිබුණි. එමෙන්ම ප්‍රවීණ බ්ලොග් රචක තිස්ස දොඩංගොඩ මහතා ලියන හද ගී පොත බ්ලොගයට සහ අපේ සිංදු ඇනෝගේ බ්ලොගයටත් සංගීත අංශයෙන් සම්මාන ලැබුණි. ලැබුණා වූ සම්මානය වෙනුවෙන් නෙළුම් යායට මාගේ හදපිරි ස්තුතිය පුදකරන්න කැමතියි.

ෆොටෝ එක ගත්තෙ පසන් බුද්ධික (බස්සා)

ඒ වගේම මෙවර සම්මාන උළෙලේදී නෙළුම් යාය තේමා ගීතය සහ මාතලන් අයියා විසින් රචිත තුම්මුල්ලේ ගීතය ගායනා කිරීමට අවස්ථාව උදාවීම මා ලද භාග්‍යයක් ලෙස සලකනවා. ඒ සඳහා ඉතා අමාරුවෙන් කාලය කළමනාකරණය කර ගනිමින් මා සමග ගිටාර් වාදනය සඳහා එකතු වෙමින් පණිවිඩය දුන්නු දවසේ ඉඳන් පුර්ණ සහයෝගය ලබා දුන් සජ්ජාගේ පඩන්ගුව බ්ලොගය ලියන සජිත් නලින්ද නොහොත් සජ්ජාට ගොඩක් ස්තුතීවන්ත වෙනවා. සජ්ජගේ ගිටාර් දෙකම මේ සම්මාන උළෙල වෙනුවෙන්ම ගෙනල්ල තිබ්බා.  ඒ වගේම කටුස්සා, ඇනෝපිලිස් හෙවත් මුද්දාකල්යාන මිත්‍රටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ප්‍රැක්ටිස් කරද්දී කන්න බොන්න දීලා විතරක් නෙමේ නවාතැනුත් දීලා ඒ මදිවට ට්‍රාන්ස්පෝටුත් ලබා දීම පිළිබඳව මගේ හදපිරි ස්තුතිය පුද කරන්න කැමතියි.

ඒ වගේම මෙවර බ්ලොග් සම්මාන උළෙලේදී වගේම ආෆ්ට පාර්ටියේදීත්  බ්ලොගර්ස්ල ගොඩ දෙනෙක් අඳුරගන්න ලැබීමත් ගොඩක් සතුටුයි. ඒ සිද්දි ගැන කියන්න තව බ්ලොග් පෝස්ට් දෙක තුනක් වත් ලියන්න වෙනවා.  ඉතිං ලබන අවුරුද්දෙත් තවත් සාර්ථකව මෙම නෙළුම් යාය සම්මාන උළෙල පවත්වන්නට හැකි වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා!!!

51 comments :

  1. ඔබේ සම්මානය සහ ගී පිළිබදව මගේ සුබ පැතුම් පිලිගන්න.

    උත්සවය ඉන්ටර්නෙට් හරහා ලොව පුරා පිරිස නැරඹූ බව දන්නේ නැද්ද? මගේ බිරිඳ, දරුවන් සහ මිතුරන් එය නරඹා ඇත.

    මා මිතුරු බ්‍රිසී ඇනෝ ද නරඹන්නට ඇත.

    ReplyDelete
    Replies
    1. http://www.bbc.com/sinhala/sri_lanka/2016/03/160327_smbp_lanka_blog_awards

      කොහේ ගියත් අනාගැනිල්ල නම් නැතිවෙලා නැ

      Delete
    2. @රසිකොලොජිස්ට්
      බොහොම ස්තුතියි :)

      ඉන්ටෙර්නෙට් හරහා උත්සවය නැරඹූ බව දනිමි. නමුත් විචාරක මහතාගේ ඥාතියාගේ වියෝව පිළිබඳ පුවත ඇනෝ කෙනෙකු විසින් තවත් බ්ලොග් පෝස්ටුවක කමෙන්ටුවක් ලෙස සටහන් කර ඇති බව දුටුවෙමි. උත්සව අවස්ථාවේදී ඒ පිළිබඳ සභාවේ ප්‍රසිද්ධියේ කතා නොකළ බව මාගේ විශ්වාසයයි.

      Delete
    3. @AnonymousMarch 28, 2016 at 3:17 PM

      ලින්ක් එකට ස්තූතියි.

      Delete
    4. ---------------------------------------------------


      දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!


      "මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!


      ------------------------------------

      Delete
    5. ඉන්ටර්නෙට් හරහා විකාශය වූ බව දැනුයි දන්නේ. දැන් නැවත බලන්න link එකක් නැද්ද..

      Delete
  2. ගොඩක් සතුටුයි මචන්..හදවතින්ම සුබ පතනවා..

    ReplyDelete
  3. උඹේ ජයග්‍රහණයටන් සුභ පතනවා... ඒ වගේ ම උඹේ සංගීත හැකියාවට සහ එම උත්සවයට ලබා දුන් කලඑළියටත් ස්තූතියි කියන්න වෙනවා...... ඇත්තට ම සුපිරියි මනා..... උඹ සහ සාජ්ජා සුපිරියට වැඩේ කරා..... උඹලා පුහුණු වුණේ කලින් දවසේ කියලා කිව්වා ම පුදුමත් හිතුණා.... උඹලාගේ හැකියාව විශිෂ්ඨයි... සුපිරිම සුපිරියි.... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන මෙන්ම සුභ පැතුමට බොහොම ස්තුතියි කුරුටු සෙට් එකට. කුරුට්ටොත් එක්ක හමුවෙලා කතා කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. නැවත දවසක මුණගැසෙමු.

      ජය වේවා!!!

      Delete
  4. සජ්ජගේ එක ගිටාර් එකක් තවම මා ගාව.. ඒක ගෙනියන්න එනකොට දෙන්නගෙම සම්මාන පාටිත් අරගෙන වරෙල්ල..

    ReplyDelete
    Replies
    1. ඔය පඩංගුවා සම්මානේ ඇන්න වේදිකාවෙන් බැහැලා එනකොටම මං අඩෝ පඩංගුවා කියලා කෑගැහුවා. මූ වගේ වගක් නැතුව ගියා.

      Delete
    2. කමියො,
      මට කෑම බීම ඉදුම් හිටුම් දීපු එකට ගොඩාක් ස්තූතියි. උඹගෙ සින්දුව වගේම බස්සිගෙ සින්දුව ඉදිරිපත් කිරිමට නොහැකි වීම ගැන ගොඩක් දුකයි.
      ඒ වගේම සජ්ජත් ගොඩක් මහන්සි උනා. උගෙ ගිටාර්ස් දෙක සම්මාන උළෙල වෙනුවෙන්ම ලෑස්ති කරල තිබ්බා.
      ඌට මං පාටියක් දෙන්න ඕනෙ.

      ජය වේවා!!!

      Delete
    3. විචා මාම,
      මටත් ඇහුන කෑගහනව :D

      Delete
  5. සුබ පැතුම් මචං.ගිය අවුරුද්දේ නම් උඹව හමු වුනා මේ අවුරුද්දේ බැරි වුනා.හැබැයි ලබන අවුරුද්දේ හමුවෙමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ. ම්ං හිතුවෙ මනෝ මේ පාර ඒවි කියල. කමක් නෑ අපි ඊලඟ පාර සෙට් වෙමුකො :)
      ජයවේවා !!!

      Delete
  6. ලස්සනයි ඈත්තටම. මම පළවෙනි වතාවට මේකට ගොඩ උනේ.මම ඈත්තටම ආස මේ වගේ දේවල් වලට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය. සාදරයෙන් පිළිගන්නවා පින්තාරුව.
      ජය වේවා !!!

      Delete
  7. සිංදුව නම් සුපිරියට කිව්වා... තව තව අලුත් දේ කරන්නත් ලැබුණු සම්මානෙටත් උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රොහාන්. හමුවීම ගැන සතුටුයි.
      ජය වේවා!!!

      Delete
  8. අදුන ගත්ත පලවෙනි දවසෙම උඹ මගේ හොදම මිතුරෙක් වුනා. වෙන එකක් තියා මම බස් එකට එනකොට උඹත් මගේ එක්ක අච්චර පයින් දුරක් ආවනේ.

    සම්මානයට සුභ පැතුම් මචෝ

    ReplyDelete
    Replies
    1. මනෝ..
      බොහොම ස්තූතියි මචෝ. මටත් උඹ හම්බුන පලවෙනි දවසෙම මගෙ හොඳ යාලුවෙක් උනා. අපි අනිවා ආයෙ හම්බෙමු.
      ජය වේවා!!!

      Delete
  9. මගේත් උනුසුම් සුබ පැතුම්.

    මං කෝකටත් කියලා ආයේ බැන්ජො පෝස්ට් එක කියෙව්වා.
    ආයේ දවසක හමු වෙමු.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචං.
      කසුන් කරන්නෙ ගොඩක් ලොකු වැඩක්. හම්බෙලා ගොඩ වෙලාවක් කතා කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. අපි ආයෙ දවසක හමුවෙමු.
      ජය වේවා!!!

      Delete
  10. මනා...මෙන්න විභීෂණ ගේත් උණුසුම් සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විභී. සාදරයෙන් පිළිගන්නවා පින්තාරුව.
      ජය වේවා!!!

      Delete
  11. සුභ පැතුම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගස් ලබ්ස්. උඹ ඒවි කියල හිතුවා.
      ජය වේවා!!!

      Delete
  12. ඔන්න ලැබිච්ච සම්මානෙට මගෙනුත් සුබ පැතුම් !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසා අයියෙ.
      ජය වේවා !!!

      Delete
  13. ජයවේවා මනා ....හමුවෙන්න නොහැකි වීම ගැන දුකයි මචෝ ...

    ReplyDelete
    Replies
    1. සම්මන දෙන වෙලේ උඹගෙ නම කියපු ගමන් නලුවෙක් වගේ එකෙක් නැගිටල ආවා. අපිත් සද්දෙන් අත්පුඩි ගහනව. මෙන්න මේක ස්ටගෙ එකට නගින්නෙ නැතුව එලියට ගියා කියහන්කො

      උඹව හම්බෙන්න නොහැකි වීම ගැන පොඩි අවුලක් තියෙනව.

      ජය වේව!!!

      Delete
  14. සුබ පැතුම් මනෝ... අඳුනගන්න ලැබීම සතුටක්...

    ReplyDelete
  15. උඹ හැබෑ දක්ෂයෙක් මනා. උඹත් එක්ක කතා කරන්න ආසාවෙන් හිටියත් බැරි උනා. සුභ පැතුම්...!

    ReplyDelete
  16. සුබපැතුම් මචං !!

    ReplyDelete
  17. හිහි. මා එක්ක උදෙ පාන්දර කාපු කට්ට මතක් වෙනව
    පව් බං උඹට තව ටිකක් නිදාගන්න දෙන්න තිබ්බෙ කියලමයි හිතෙන්නෙ
    කොහෙද මේ රේල්වේ ඩිපාට්මටේ එක ගම කනවනෙ.
    හෙහ්.
    ආයෙ හම්බෙමු මචෝ. ජයවේවා

    ReplyDelete
  18. දිගටම ගයනු. සංගීතයට සේවයක් කරන අතර අපේ හදවත් ද සුවපත් කරනු. ඔබට ජය!

    ReplyDelete
  19. මනාව දැක්කත් කතාකරන්න බැරිවුණා..
    වැඩේ රසවින්දා..
    සුභපැතුම්

    ReplyDelete
  20. උණුසුම් සුභ පැතුම් මනා. සින්දු කිහිපයත් ඇත්තටම රස වින්දා. අන්තිම මොහොතේ ටික වචන දෙකතුනක් හරි කතාබහ කරන්න ලැබුණ එක ලොකු දෙයක්. ආපහු හමුවෙමු.

    ReplyDelete
  21. සුබ පැතුම් කොල්ලෝ මගේ එකටත් වරෙන් topnetsystem.blogspot.com

    ReplyDelete
  22. මටත් සි#න්දු කියන්න පුලුවන් වෙච්චි කාලෙක උඹව අල්ලගන්න ඕන...හැක්

    සුභ පැතුම් මචෝ!

    ReplyDelete
  23. අතින් සම්මානයක් දෙන්න ලැබීම ගැන සතුටුයි.ඒ සතුට දෝර ගලන්නෙ උඹ හැබෑ දක්ෂයෙක් නිසා.

    ReplyDelete
  24. මෙම දැන්වීම ප්රේමය!

    https://youtu.be/MC0Lv7x-k-U

    ReplyDelete
  25. අදයි දැක්කේ මේ පොස්ට් එක, සුබ පැතුම් මගෙනුත් මනා....ඒ කියපු සින්දු අහන්න විදිහක් නැද්ද ආපු නැති අයට මනා ????

    ReplyDelete
  26. අලෝ අලෝ......හදවතින්ම මගෙනුත් සුබ පැතුම් හොඳේ....😇....පහුගිය සැරේ දැක්කට කතා කොරන්නවත් බැරි උනා අනේ.....ඒත් මෙදා පොටේ දෙනෝ බැටේ....හමුවෙමු !

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.