Tuesday, May 19, 2015

රොකට් එකේ ගියපු සිරිපාල


අපේ රටේ හැම තැනකම -  හැම කෙනෙක්ම දන්න දෙයකි
ගංජා ගැන පුවතකි මේ - කියන්න යන්නේ

හිටියා එක මනුස්සයෙක් - කොළඹට ළඟ හොඳ නගරෙක
සිරිපාලයා නමින් තමයි - ඔහු හැඳින්නුවේ

පුළුවන් හැම වෙලාවකම - ගංජා සුරුට්ටුව ඇදීම
සිරිපාලගේ තිබුන - ලොකුම රාජකාරියයි

මේ අතරේ ලෝකෙ අපේ - වෙන්න යන්නෙ පුදුම දෙයකි
නාසා එකෙන් රොකට් එකක් - යවන්න යන්නේ

ලෝකෙ ඉන්න මිනිසුන්ගෙන් - තුන් දෙනෙක්ම තෝරාලා
රොකට් එකේ දැමීමටයි - තීරණය උනේ

තුන්දෙනගෙන් එක මිනිහෙක් - ලංකාවෙනි තෝරගත්තෙ
වෙන කවුරුත් නෙමේ අනේ - සිරිපාල තමයි

අනිත් දෙන්න වෙන රට වල - නම ගිය වැඩකරුවන් වෙති
පොත් කියවන්නෙක් - සමගින් ආචරතුමෙකුයි

මේ අතරේ සිරිපාලයා - ඇමරිකාවෙ එක්ක ගියා
අහසෙ ඉන්න තිබ්බ කාලෙ - මාස හතරකුයි

තමන්ට උවමනා ඒව - නාසා එකෙන් ඇසූ නිසා
අර දෙන්නා පොත් - විජ්ජා බඩු බුක් කෙරුවේ

සිරිපාලයා උඩට ගිහිං - මාස ටිකක් ඉන්න නිසා
ඇති පදමට ගංජා මිටි - ඉල්ලා සිටියේ

ඔක්කොම බඩු පැක් කරලා - රොකට් එකත් උඩට යවා
මේ තුන්දෙන කරනා වැඩ - නාසා එකෙන් පොළොවෙ ඉඳන් බලාන උන්නේ

එකෙක් හොඳට පොත් කියවයි - අනෙකා විජ්ජා පෙන්නයි
සිරිපාලයා මොනවාදෝ - හොයනව පෙනුනේ

හොයල හොයල හති වැටිලා - ඔළුව කස කසා ටිකකින්
ඇඳට වැටී ඔහේ බලන් - ඉන්නට වුයේ

මෙලෙස මාස හතර පුරා - සිදුවුයේ එකම දෙයකි
හති දමමින් හොයන එකයි - පාලයා කෙරුවේ

මාස හතර ඉවර වෙලා - රොකට් එකත් බිමට ඇවිත්
තුන් දෙනාම යහතින් - හෙමිහිට බැහැගත්තේ

මේ කාලය පුරාවටම තමන් ලබා ගත්ත ඒවා - නාසා එකෙන් විමසු විට
තුන් දෙනාම මෙන්න මෙහෙම - පිළිතුරු දෙන්නේ

මම නම් හොඳ හැටි කියවා - සෑහෙන පමණට දැනුමක්
මේ කාලය පුරාවටම - රැස් කර ගත්තා

කරපු පරික්ෂණ ඔක්කොම - මම හොඳටම කරගත්තා
නවතම දේවල් රැසක්ම - මම දැන ගත්තා

අන්තිමේට සිරිපාලයා - මූණ නොරොක් කර හොඳ හැටි
මෙන්න මෙහෙම නාසා එකෙන් - අහන්න වූයේ






"කොහෙද අයිසෙ ගිණිපෙට්ටිය - හංගල තිබ්බේ!!!"  



මදාවි ඉට්ටැයිල් එක කොපි කරලා මටත් කවි ටිකක් ලියන්න හිතුනා ;).
ජය වේවා!!!

28 comments :

  1. හැක් හැක්.. මදාවී මනා.. වෑයම සාර්ථකයි..

    ReplyDelete
    Replies
    1. . සාර්ථකයි කිවවම නිකං තෑග්ගක් දුන්නා වගේ හැක් හැක් :D. තැන්කුයි හොඳේ.

      Delete
  2. පරිසාධන මට්ටමට පැමිණ ඇත. වෑයම සාර්ථකයි!

    යකෝ ඕව ඕනිමනං - මගුලටදෝ ගිනි පෙට්ටිය
    කෝපි සමග හෝ උණු බත් - යොදා ගනිංකෝ

    ඒකත් බැරිනං අමුවෙං - හොඳට හපල කටේ තියං
    උණු වතුරෙන් ඩිංග ඩිංග - බීලා බලකෝ....

    (ඉස්සර පොඩි උන්ට Kg කිව්වම කිලෝග්‍රෑම් කියලා කට පුරා කෑ ගහනවලු
    දැන් පොඩි උන් ඒක අහපු ගමං කට කොනකිං හිනා වෙනවලු)

    ReplyDelete
    Replies
    1. අඩේ මදාවි සර්ත් හොඳයි කියල :D

      ඒ කවි දෙක කියල තියෙන්නෙ නාසා එකෙන් ලු. යකු ඕව කියල හොඳ එවුන් නරක් කොරන්න එපා.

      දැන් පොඩි උන්ට ඉස්කෝලෙ බෝඩ් එකේ Kg කියල ලිව්වත් බකස් ගාල හිනා යනවලු ;).

      Delete
  3. මට ඔය වගේ සත්‍ය scene එකක් වුනා , වෙලාවක රස කරලා කියන්නම්කො :p

    කවි ඉස්ටයිල් කතා පටන් ගත්තට මදාවි boss ට මගේ ප්‍රණාමය :)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒකත් ලියල දාහන් ගැබෝ.

      අනිවා. කවි ඉස්ටයිල් කතා ලියන එකට පේටන්ට් එක ගන්න කියන්න ඉන්නෙ මම මදාවිට. වෙන මොකටවත් නෙමේ මදාවිගේ උප්පැන්නෙ ඉඳන් කොපි කරලා අන්න අර එළකිරි එකේ බලු කොල්ලෙක් දාල තිබ්බ යටින් නිවේදනේකුත් දාල. වෙන මොකවත් නෙමේ ඒකා කියල තියෙන්නෙ උගෙ කවි කොපි කරන්න එපා, එහෙම කොපි කරලා තියෙනව දැක්කම ඌට හෙන අපහසුතාවක් එනවලු හැක් හැක් :D.

      Delete
  4. ඇයි බං මේ හැමෝම මදාවියාට කෙලින්නම හදන්නේ?මේ විදිහට ගියොත් ඕකාගේ දරු පවුල අනාතයිනේ.

    අළුත් උත්සහය සාර්ථකයි.තව ලියපන්.ලියල ලියල රත් වුනහම අතිසාර්ථක කරගන්න පුළුවන් උඹට.ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං. මටත් ඕකම හිතුන නිසා තමා මදාවියාගෙ ඉට්ටැයිල් එකට ලියන්න ට්‍රයි කලේ.

      මම එහෙම කලේ උගෙ නිර්මාණ උස්සල එක එක තැන්වල දාන උන්ට පණිවිඩයක් දෙන්න. පණිවිඩේ තමා "මදාවියා මහන්සියෙන් කරපු නිර්මාණ තැන් තැන් වල තමන්ගෙ නමින් කොපි කරල දාන්නෙ නැතුව උගෙන් කොපි කරපං ඒ ලියන ඉස්ටයිල් එක විතරක්".

      තැන්කියු කටුස්සො. මම මේකට අළුත් ලේබල් එකක් දැම්මා. මධුමාධවී ඉට්ටැයිල් එකේ කවි කියල :).
      ජය වේවා!!!

      Delete
  5. අපේ රටේ හුඟාක් ව්‍යාපෘතිත් ඔය වගේමනෙ බං

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ කිචි. අර ගුවන් තොටුපළ හදල, ඉන්න කුරුල්ලො පැන්නුවා වගේ තමා. තව ඕනෙ නම් වරාය හදල ගල කැඩුවා වගේ කියලත් කියන්න පුළුවන් ;).

      Delete
  6. මදාවියගේ ඒවා වගේම පට්ට රහයි... ඌ නම් මදාවියෙක්ම තමයි...

    ReplyDelete
    Replies
    1. @මාතෙ අයියා
      තැන්කියු වේවා :D.

      //ඌ නම් මදාවියෙක්ම තමයි.//
      මන් ඌට ආදර්ශයක් දෙන්න තමයි මේක ලිව්වෙ ;).

      Delete
    2. //අඩෝ..ව්! //
      ඔය පේනවනෙ @මධුට මලපැනල ඉන්නෙ අර හොර මදාවියා එක්ක :D.

      Delete
  7. Replies
    1. මෙන්ඩා අයියා :D.
      බ්‍රෑන්ඩ් එක ගල් නෙමේ විස්කි නේ ;).
      සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට.
      ජය වේවා!!!

      Delete
  8. ඕක පත්තු කරගෙන තව උඩ යන්න ඕනේ වුනොත්,වෙලාවට ගිනි පෙට්ටිය නොතිබ්බේ.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. ගිණිපෙට්ටිය තිබ්බනම් ඌත් අර රොකට් රෝහිත වගේ එකෙක් වෙනවනෙ මනෝ අපිට ;)

      Delete
  9. මං ටික දුරක් කියවන් ගිහිං ආයෙම බැලුවා මේ මධු මාධවිගේ බ්ලොග් එකද කියලා .නියමයි මනා.

    ReplyDelete
    Replies
    1. //මං ටික දුරක් කියවන් ගිහිං ආයෙම බැලුවා මේ මධු මාධවිගේ බ්ලොග් එකද කියලා //
      දිලා එහෙනම් මටත් මදාවියා කියල නොකියම කිව්වා නේ හෙ හෙ :P.

      තැන්කියු දිලා :). ජය වේවා!!!

      Delete
  10. එල එළ. වෙනස් වෙනස් එව්ව ලියනකොට අමුතු ගතියක් දැනෙනව. වැඩේ සාර්ථකයි. රසවින්දා.. මෙව්වගේ එව්වත් අතරින් පතර දාමු. මධුවා ගෙ ඉස්ටයිල් එකට සමකොලා කියල උඹට කිසි හානියක් වෙන්නෙ නෑ. උගේ එක්ස්පට් ෆීල්ඩ් එකේ උඹත් පිනුම් ගහනවා කියන්නෙ සෙල්ලංද... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. හැක් හැක් :D. අනේ මදාවියාට වගේ රහට මට ලියන්න බෑ සජජො. මම මේක ලිව්වෙ අර එළකිරි එකේ කොපි කරපු එකාටයි. තව ඒ වගේ මදාවිගෙ පෝස්ට් උස්සන්න ඉන්න එවුන්ටයි පණිවිඩයක් දෙන්න. උගෙ පෝස්ට් කොපි නොකර ඒ ලියන ඉස්ටයිල් එක විතරක් කොපි කරන්න කියල.

      මම ඉතිං මට හොඳා කියල හිතෙන ඒව ලියල දානවා :D. ගුණ අගුණ උඹල කියනවනෙ ;).
      ජය වේවා!!!

      Delete
  11. මධාවියාත් ළකුණු දීලානේ............ අාය මොන කතාද????

    ReplyDelete
    Replies
    1. ඒකනේ කුරුටු. පරිසාධන මට්ටමට අවිල්ලලු හෙ හෙ :D.

      Delete
  12. නෙද්දකිං මේ නාස එකේ එවුවොත් කරන වැඩ. අරූට රොකට් එක ආපහු අරන් එන්න හිතෙන්න ඇති ගිනිපෙට්ටියක් ගෙනියන්න.
    ගිනිපෙට්ටිය තිබුණනං ආපහු එනකොට සිරා අනික් උං දෙන්නට වඩා දාර්ශනිකයෙක් වෙලා ඉන්න තිබුණනෙ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. පුළුවන් නම් ඌ ආයෙත් පොළොවට ඇවිත් අරන් යනවා. එහෙම උනානම් ඌ පට්ටම දාර්ශනිකයෙකුත් වෙනවා. ප්‍රසන්න අයියට විතරයි ඕක හරියටම තේරුණේ හෙ හෙ :D.

      සාදරයෙන් පිළිගන්නවා ප්‍රසන්න අයියව පින්තාරුවට. දිගටම ඇවිත් යන්න එන්න :).
      ජය වේවා!!!

      Delete
  13. යකඩෝ මස හතම ගිණීපෙට්ටියද හෙවුවේ.. එකට එහෙනම් ගංජා ගහන එකත් එපා වෙන්න ඇති ඊට පස්සේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකනේ පොර ආව ගමන් ගිනිපෙට්ටිය හෙව්වේ. පොර බයේ ඇවිත් තියෙන්නෙ ගංජා ගහන්න අප්පිරියා හිතෙයි කියල හෙ හෙ ;).

      Delete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.