Friday, November 28, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 4




Guitar_lesson

සුභ දවසක් හැමදෙනාටම. මම අද කතා කරන්නෙත් අපි කලින් කතා කරපු ගිටාර් වාදනය හා සම්බන්ධවයිඅද මම ඔයාලට මේ පෝස්ට් එකෙන් අපි මෙතුවක් කල් කතා කරපු සහ ඉගෙන ගත්ත කරුණු වලින් අභ්‍යාසයක් කරන්න තමයි යන්නෙ. ඉතින් අද මුලින්ම මනාගෙ පින්තාරුව බලන කෙනෙක් ඉන්නවනම් මම කලින් කතා කරපු ගිටාර් වාදනය සම්බන්ධ ලිපි ටික කියවල එන්න කියල මතක් කරනව. වගේම මතක් කරන්න ඕනෙ කාරණය තමා මෙම අභ්‍යාසන් ටික මම පොඩි පොඩි වීඩියෝ කිහිපයක් හැටියට තමා ඉදිරිපත් කරන්නෙ. වීඩියෝස් හැම එකම පටන් ගන්න කලින් මම පුළුවන් තරම් හොඳට වෙන්නෙ මොකද්ද කියල තේරුම් කරල දෙන්න උත්සහ කරනව. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක්ට හොඳ ඉන්ටනෙට් පහසුකම් නෑ කියල මම දන්නව. ගොඩක් අය පොඩි ඩේටා කාඩ් එකක් දාගෙන එන්නෙ. ඉතින් මේ හැමදෙනාටම වැඩිය ඩේටා වැය නොකර බලන්න ඕනෙ නිසා මම මේ විඩියෝස් වල කොලිටි එක පුළුවන් තරම් අඩු කරල තමා මේ පොස්ට් එකට ඇතුලත් කලේ. ඉතින් එක නිසා මෙම වීඩියෝ එකේ සවුන්ඩ් කොලිටි එක ටිකක් අඩුයි.හැබැයි ඒක අපේ අභ්‍යාස පුරුදු වීමට හොඳටම ප්‍රමාණවත්. ඒවගේම අනිත් කාරණය තමයි මෙම විඩියෝස් වල තියෙන්නෙ දකුණත් කරුවන් වාදනය කරන ආකාරය පමණයි. මට මේ විඩියෝස් අනිත් පැත්ත හරවල එයාලටත් පුරුදු වෙන්න පුළුවන් විදිහට එඩිට් කරන්න උත්සහ කලත් මේ වෙනකන් ඒක කරගන්න බැරි උනා.ඊළඟ පෝස්ට් එකෙන් එකත් කොහොම හරි හදල ඉදිරිපත් කරන්නම්. එතකන් ඔයාල මේ විඩියෝස් ටික බලල වාදනය කරන්න උත්සහ කරන්න. හරි එහෙනම් අපි පාඩමට යමු.

අද මම කතා කරන සෑම අභ්‍යාසයක්ම වාදනය කරන්නෙ අපි කලින් ලිපි වලින් කතා කරපු ඕපන් කෝඩ්ස් (Open Chords) භාවිතා කරමින් බව මතකයේ තබා ගන්න. මම මේ ලිපිය පුරාවටම යොදා ගන්නේ C (C මේජර්), Am (A මයිනර්), F (F මේජර්), G (G මේජර්) යන කෝඩ්ස් හතර පමණයි. කෝඩ්ස් අල්ලන ආකාරය අමතක අය ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2 පෝසටුවේ කතා කරන ලද කෝඩ්ස් ටික නැවත බලල එන්න.

මුලින්ම අභ්‍යාසයට යන්න කලින් දැනගන්න ඕන කරුණු කිහිපයක් තියෙනව. විශේෂයෙන්ම මොකක් හරි නිර්මාණයක් කරද්දී/ වාදනය කරද්දී එකට අදාළ වන තාලයක් තියෙනව කියල ඔයාලට තේරුම් ගන්න පුළුවන් නෙ. අන්න විදිහට නිර්මාණයකට යොදා ගන්න පුළුවන් තාල කිහිපයක් සංගීතයේදී හමු වෙනවා. ඒවට බටහිර සංගීතයේදී කියන්නෙ Time Signatures (ටයිම් සිග්නේචර්ස්) කියල. මෙන්න මේ Time Signatures වලට අනුකුලව ගිටාරය වාදනය කරන ආකාරයත් වෙනස් වෙනව. කියන්නෙ පික් එකක් යොදාගෙන හරි එහෙම නැති නම් ඇඟිලි උපයෝගී කරගෙන ගිටාරය වාදනය කරන්න පුළුවන් ආකාරයන් වෙනස් වෙනවා. එහෙම වාදනය කරනවට කියන්නෙ Strumming (ස්ට්‍රමින්) කියලස්ට්‍රමින් ගැන අපි අපේ අභ්‍යාසයට යන්න කලින් පොඩ්ඩක් කතා කරනව මෙම ලිපියේ අවසන් හරියේදීමෙහෙම Time Signatures කිහිපයක් තිබුනත් මම ඔයාලට මුලිකව යොදාගන්න Time Signatures ගැන විතරයි මේ පොස්ටුවෙන් කියන්නෙ. ප්‍රධාන වශයෙන් Time Signatures හතරක් මම අද කතා කරනවා.

1) Two four (2/4)
2) Three four (3/4)
3) Four four (4/4)
4) Six eight (6/8)

ඔයාල ගොඩ දෙනෙක් මේව ගැන සමහරවිට දන්නව ඇති.

1) Two four (2/4)

මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය පහත වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස H.R.ජෝතිපාල මහතා ගායනා කරන ලද ආදර මල් පවනේ ගීතය ගෙනහැර දක්වන්න පුළුවන්.







2) Three four (3/4)

මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය මෙම වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස  ගුණදාස කපුගේ මහතා ගායනා කරන ලද දුක හාදු දෙන රැයේ ගීතය, රූකාන්ත ගුණතිලක මහතා ගායනය කරන ලද අනාත මාරුතේ ගීතය ගෙනහැර දක්වන්න පුළුවන්.






3) Four four (4/4)

මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය මෙම වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස  ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගායනා කරන ලද හිරුගේ ලොවේදී ගීතය, රූකාන්ත ගුණතිලක මහතා ගායනය කරන ලද දවසක් දා (රේණු රේණු මල් මිටේ රේණු), මේ දිගන්තයේ ගීත ගෙනහැර දක්වන්න පුළුවන්.





4) Six eight (6/8)


මෙම Time Signature එකට අදාළව ගිටාරය වාදනය කරන ආකාරය මෙම වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්. මෙම Time Signature එකට අදාළ ගීත නිදසුනක් ලෙස  ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගායනා කරන ලද සැන්දෑ වලාවන් පා උනාවේ ගීතය, H.R.ජෝතිපාල මහතා ගායනය කරන ලද උන්මාදිනියේ වෙන්වී යන පිටුපාලා , ඇයි දැන් එපා වෙලා  ගීත ගෙනහැර දක්වන්න පුළුවන්. ගොඩ දෙනෙක් මේ ආකාරය හඳුන් වන්නේ බිස්කට් කුඩු ලෙසය :D. තරමට මේ ආකාරය ජනප්‍රිය වී ඇත.







දැන් අපි බලමු මම මුලින් කතා කරන ලද ස්ට්‍රමින් කරන්නෙ කොහොමද කියල. මෙහිදී විවිධ ආකාරයෙන් ස්ට්‍රමින්  කරන්න පුළුවන්. මම මුලිකව යොදාගන්න පුළුවන් ස්ට්‍රමින් කිහිපයක් තමා මෙම පෝස්ටුවෙන් පෙන්වන්නෙ. විශේෂයෙන්ම පික් එකක් භාවිතා කරල වාදනය කරද්දී ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට වාදනය කල හැකිය. Upstroke (අප් ස්ට්‍රෝක්) සහ Down Stroke (ඩවුන් ස්ට්‍රෝක්) ලෙස එම ක්‍රම දෙක හඳුන්වනවා. පික් එක ගිටාරයේ පහල තතේ(String) සිට ඉහලට වාදනය කිරීම  Upstroke (අප් ස්ට්‍රෝක්) ලෙස හඳුන් වන අතර  ගිටාරයේ ඉහල තතේ(String) සිට පහලට වාදනය කිරීම Down Stroke (ඩවුන් ස්ට්‍රෝක්) ලෙස හඳුන්වනු ලබයි. මෙම ක්‍ර දෙක මගින් ඇතිවන හඬේහී පැහැදිලි වෙනසක් ඇත. මෙම ක්‍රම මුලිකව පුරුදු උනාට පසුව අපිට සංකීර්ණ ලෙස වාදනය කරන ආකාරයන් ඉගෙන ගැනීමට පුළුවන්. මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් අදාල සිග්නේචර් එකේ නමට අදාලව ඇතුලත් කරන්නම්.

1) Two four (2/4) ස්ට්‍රමින්





2) Three four (3/4) ස්ට්‍රමින්





3) Four four (4/4) ස්ට්‍රමින්





4) Six eight (6/8) ස්ට්‍රමින්





හරි මෙන්න අද අභ්‍යාස. ඔයාල කවුරුත් දන්න, ආදරය කරන ප්‍රියා සූරියසේන මහතා ගයනා කරන ලද බොහොම ලස්සන ගීතයක් තමා ඔයාලට පුරුදු කරන්නෙ. හැබැයි මම මේ වාදනය කරන කෝඩ්ස් මෙම ගීතයේ මුල් වාදනයට වඩා වෙනස්. මෙම ගීතයේ මුල් වාදනය (Original Song එක) A මේජර් කෝඩ් එක මුලික කරගෙන තමා නිර්මාණය කරල තියෙන්නෙ. නමුත් මම එම ගීතය C මේජර් කෝඩ් එක මුල් කරගෙන වාදනය කරන හැටි තමා අද කියල දෙන්නෙ. ඒකට හේතුවක් තියෙනව. ඒක මම ඉදිරි පාඩම් වලදී කියල දෙන්නම්. මෙම අභ්‍යාසයේදී මෙම ගීතයේ පෙර වාදනය (Music) නැතිව ගීතය පමණක් මුලික කරගෙන මෙම කෝඩ්ස් යොදා ගෙන ඇති බවත් මතකයේ තබා ගන්න. මෙය Six eight (6/8) ආකාරයට යන ගීතයකි. යොදා ගෙන ඇත්තේ කලින් වීඩියෝ ක්ලිප්ස් වල තිබුණු කෝඩ්ස් හතරම තමයි :).


                          |       C       |      Am      |        F        |        G         |


මෙම වීඩියෝව හොඳින් අධ්‍යනය කරල ඇඟිලි මාරු කරන අකාරය හොඳින් පුරුදු පුහුණු වෙන්න. මට මෙම ගීතයේ වචන අමතක නිසා "නා නා" කියල තමයි ගයනා කලේ :D. එව වැඩිය ගණන් ගන්න එපා.







එහෙනම් හොඳින් පුරුදු වෙන්න. මෙම ගීතය වාදනය කිරීමට පුරුදු වූ පමණින් මමත් දැන් ගිටාර් වාදකයෙක් තමා කියල හිතන්න නම් එපා. මොකද මෙම ලිපියෙන් කතා කරල තියෙන්නෙ ඉතාම සුළු දේවල් ටිකක් ප්‍රයෝගිකව පුහුණු වෙන ආකාරය පමණක් නිසා. තවත් ගොඩක් දේවල් ඉගෙන ගැනීමට තිබෙන බව අමතක කරන්න නම් එපා.  හැම දෙනාටම ජය වේවා!!!

44 comments :

  1. එළ... එළ... දිගටම කරගෙන යමු...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි :D. මේ පෝස්ට් එකත් බොරින් වගේද?

      Delete
    2. මට එහෙමනම් හිතුනේ නෑ... :D

      Delete
    3. එහෙනම් එච්චරයි :D. ජය වේවා!!!

      Delete
  2. pick eken strum karana widiyat kiyala denna puluwannam godak sthuthi. youtube reference wala linksut danna puluwannam.. Thanks a lot..

    ReplyDelete
    Replies
    1. මම තව හොඳට ස්ට්‍රමින් කරන හැටි ගැන වීඩියෝ එකක් දාන්නම් ඉදිරියේදි. YouTube වල තියෙන ගැළපෙන වීඩියෝ රෙෆරන්සසුත් හොයල දාන්නම්. එතකොට තවත් හොඳයි නෙ :) දිගටම පින්තාරුව බලන්න එන්න. ජය වේවා!!!

      Delete
  3. අති විශිෂ්ටයි සර් ...........ජය වේවා
    මෙන්න සින්දුව ...

    ඈත රන් විමන් දොරින්
    පාට සේලයෙන් සැදී
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා

    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා

    රෑට තරු දහස් ගණන්
    ඈත සුර පුරෙන් වැටී
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...

    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...

    ඈත රන් විමන් දොරින්...//

    ගායනය : ප්‍රියා සූරියසේන
    පද රචනය : ප්‍රේමකීර්තිද අල්විස්
    සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ සින්දුවෙ පද ටික මතක් කලාට මගේ ආදරණිය ගෝලයට :D. දැන් ඇඟිලි කැපුන ඒවා හොඳයිද?

      Delete
    2. දැන් ඇඟිලි හොදයි මචෝ .එත් බයයි ..අනික මේදවස් ටිකේ ප්‍රෑක්ටිස් කරන්න තමයි වෙලාවක් නැත්තේ ..ෆ්‍රී වුන ගමන් වැඩේට සෙට් වෙන්නම් ..

      Delete
    3. මචෝ මේලක් එවන්න ඇඩ්‍රස් එක දීපන් ...

      Delete
    4. තියෙන ඕන දෙයක් මෙන්න මේකට එවල දාන්න. අනිවාර්යෙන්ම රිප්ලයි එකක් එවනවා ;)
      managepintharuwa@gmail.com

      Delete
  4. මේ දවස් වල කට කපලා වැඩ නිසා එන්නත් බැරිවුනා.ඒත් උඹව අමතක කරන්නේ කොහොමද?උඩින් පල්ලෙන් බැළුවා විතරයි.විවේකයක් ලැබුන ගමන් බෙරගහන ගිටාර් එකත් අරගනම එන්නම්.
    වැඩේනම් සුපිරියි මනා....ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කටුස්සො. තියෙන වැඩ ටික සාර්ථකව නිම කරගන්න ලැබේවා. දැන් ඉතින් ගිටාර් එකෙන් බෙර ගහන්න ඕනෙ වෙන එකක් නෑනේ :D. නිවාඩු පාඩුවේ ඇවිත් පුරුදු වෙන්න දේවල් තියෙනවනෙ. එහෙනම් ජය වේවා!!!

      Delete
  5. ඔන්න එහෙනම් මමත් වැඩ පටන් ගත්තා. 6/8 (බිට් එක නේද?)ට ඇගිලි මාරු කරන එකතමයි අවුල. ඇගිලි අල්ලලා ගහන්න යනකොට අවුට් ගිහින් ඉවරයි. :(

    ReplyDelete
    Replies
    1. වැරදුනාට කමක් නෑ. උත්සාහය අතහරින්න එපා. ඕක හරි යනව. දිගටම පුරුදු වෙන්න :).

      Delete
    2. පුජිත මටත් ඕක තමයි ප්‍රශ්නේ .....

      Delete
    3. තෑන්ක්ස් මනා.
      F ගහන කොටනං මට F අකුරෙන් පටන් ගන්න වෙන වචන තමයි මතක් වෙන්නෙ. පලවෙනි ඇගිල්ල හරියට සෙට් වෙන්නෙම නෑ. මගේ ඇගිලි කොටයි ද මංදා.

      Delete
    4. ඕක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. පුරුදු නැතිකම තමා මම දකින විදිහට හේතුව. ඇඟිලි කොටද දිගද කියන එක එච්චර ප්‍රශ්ණයක් නෙමෙයි. ඇඟිලි අබාධයකින් තොරව පිහිටල තියෙනවනම් ගිටාර් වාදනය කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. තව උත්සාහ කරන්න පුජිත. ඕක හරි යනව.

      Delete
  6. මනා, මම මීට කලින් ට්‍රය් කලා. පොස්ට් 1 නියමය්. ඔබේ උත්සාහය මල් හතය්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිහාන්. සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට. ජය වේවා!!!

      Delete
  7. ඉතා උසස්,,,, ඉදිරියටම යමු මනා... ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රොෂාන්. සාදරයෙන් පිළිගන්නව පින්තාරුවට. ජය වේවා!!!

      Delete
  8. මනා අැත්තට ම වටිනා ලිපි පෙළක්................ පාසල් මට්ටමේ ඉදලා සංගීතය හදාරණ හැමෝට ම වටිනා බ්ලොගයක්....... අැත්තට ම අපේ බහුතරයට (කුගැගීප) ඔය ගැහිල්ලා බැහැ.. ඒත් මෙත්මල් නම් ඔය වැඩේ ට හපනා................... අපිත් උත්සහ කරන්නම්.......... වටිනා ලිපි ටිකක් දිගට ම ලියමු...................

    ඔබේ උත්සාහය අපේ බ්ලොග් සගයින් අතර විවිධත්වයට ඉතා වටිනවා............. දිගට ම ඒන්න පුළුවන් විදිහට ෆලෝ පාරක් ඒහෙම දාගත්තා.......................... දැන් ඉතින් ඒන්නම්...........

    ReplyDelete
    Replies
    1. උඹලා ඔය ගහන ගැහිල්ල හොදටම ඇති ...හැක් හැක්

      Delete
    2. බොහොම ස්තුතියි කුරුටු ගෑ ගී පවුර ඔබට සහ ඔබගේ දිරිගැන්වීමට. සාදරයෙන් පිළිගන්නවා ඔයාලව පින්තාරුවට. මම ඉතින් දන්න දේවල් ටික පුළුවන් විදිහට අනිත් අයට කියල දෙන්න උත්සාහ කරනව. ඒක කොයි තරම් සාර්ථකද කියන්න දන්නෙ නෑ හැබැයි.
      ඕන වෙලාවක ඇවිත් යන්න :D. මේ බ්ලොග් එක බලල දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක තමා තියෙන සතුට :). ජය වේවා!!!

      Delete
    3. මචෝ...
      අලුත් පොස්ට් එකට තැන්ක් යූ. තාම කියෙවවා විතරයි, ඒක practice කරන්න ගත්තේ නෑ.

      ඊට කලින් පොඩ්ඩක් ස්ට්‍ර්මින් කරන විදිය හෙමීට කියලා දෙන්න බැරිද?
      2/4 ස්ට්‍ර්මින් කියන්නේ පහළටයි ඉහළටයි එකම weight එකෙන් ගහන එක කියලයි මට හිතෙන්නේ. (වැරදිද මංදා :()
      අනිත් ඒවා කොහොමද? 6/8 නම් මට තෙරුම් ගන්නම අමාරුයි.

      බොහොම ස්තුතියි. ජය වේවා.

      Delete
    4. පුජිත මම ස්ට්‍රමින් ගැන අයෙමත් video ටිකක් කරල පොස්ට් එකක් දාන්නම්. මේකෙ තියෙන ටික බලල මදි තමා. ස්ට්‍රමින් කරද්දී weight එක දාන විදිහෙන් සැහෙන්න වෙනස්කම් කරන්න පුළුවන්. ඔයා කියන විදිහටත් 2/4 ස්ට්‍ර්මින් කරන්න පුළුවන්. ඒකට මෙහෙමයි කියල හරියටම එකක් නැහැ මට තේරෙන විදිහට. බීට් එක වෙනස් නොවෙන්න ස්ට්‍රමින් කරන්න පුළුවන් නම් එච්චරයි. මම ඔය ටික හෙමිට කරන විදිහ ගැන ආයෙත් videos ටිකක් දාන්නම් වෙනම පෝස්ට් එකක් විදිහට. ජය වේවා!!!

      Delete
  9. ඕහෝ මරු මරු ඒත් මේ විදියට ප්ලේ කරන්න මටනම් තව කාලයක් යයි වගේ තව ටිකක් ස්ලො එකට ප්ලේ කරල පෙන්නුවනම් පුරුදු වෙන්න ලේසි වෙයි කියල හිතනවා
    දිගටම කරගෙන යන්න සුභපතනව ජය වේවා මනා...කලින් ගිටාර් කුප්පිය බැලුවා ඒත් ඒ බ්ලොග් එක දැන් කරන්නෙ නෑ මේකත් මග නවත්තලා අපිව අමාරුවෙ දාන්නනම් එපා ජයෙන් ජය තැන්කූ මනා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරුණ. මේ පෝස්ට් එකේ තියෙන අන්තිම වීඩියෝ එක දාල තියෙන්නෙ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න. ඔයා ඒක හොඳට බලන්න. එකේ මම හොඳටම ස්ලෝ කරල ප්ලේ කරනවා ගොඩක් තැන් වල. ඒක බලල උත්සාහ කලොත් ඔයාට ඉක්මනට හොඳ මට්ටමකට එන්න පුළුවන් වෙයි. උත්සාහ කලොත් බැරි වෙන එකක් නෑ. ඒ වගේම මේක මග නවත්තන්නෙ නම් නැහැ. නවත්තනව නම් මම ඒක ඔයාලට කියල තමා කරන්නෙ ;). ජය වේවා!!!

      Delete
    2. //නවත්තනව නම් මම ඒක ඔයාලට කියල තමා කරන්නෙ //
      මනා දැන්ම ඇඩ්රස් එක දීපන් .නවත්තපු දවසට සුදු වැන් එකක් එවන්න ...

      Delete
    3. @සින්දු ඇනෝ හෙහේ :D. මම පොඩි ජෝක් එකක් කලේ ;). මම දන්න දේවල් ඔක්කොම මේකෙ ලියල ඉවරයි කියල හිතුණු දවසට තමා ඕක කරන්නෙ. දැන්ම එහෙම වෙන්නෙ නෑ ;). ආ ඒක නෙමේ.ඔන්න මනා කසුන් කල්හාරගෙ සැබෑ නොවෙනා හීන කියන අළුත් සින්දුවට කෝඩ්ස් ටික දාල කෝඩ්ස් දාන ප්‍රධාන පෙළේ සයිට්ස් ටිකකට යැව්ව. මෙන්න මේකෙ ( http://www.setwemu.com/ )ඉස්සරලම පළ කරල තියෙනව ඒක ;). හැබැයි අපේ රොෂාන්ගෙ Sinhala Song Chords එකට ගහන්න එහෙම හිතාගෙන නෙමෙයි ඕක කලේ හරිද :D.

      Delete
  10. මම හෙන ට්‍රයි එකක් දුන්න B major ගහන්න.ඒත් බෑනෙ. එක string එකක් හරි වදින්නෙ නැතුව යනවා.මගේ ඇගිලි වල අවුලක්ද මන්දා. මං ගාව තියෙන්නෙ C40 CLASSICAL එකක්. ඕක ගත්තට ගැහුවෙම නෑ. :(

    ReplyDelete
    Replies
    1. B major එක ඇල්ලුවෙ 2nd ෆ්රෙට් එකෙන්ද නැත්නම් 7th ෆ්රෙට් එකෙන්ද? ඒ තැන් දෙකෙන්ම අල්ලන්න පුරුදු වෙන්න. ඔය හුරු නැති නිසා තමා හරියට ස්ට්‍රින්ග්ස් අහුවෙන්නේ නැත්තෙ. තව ටිකක් උතසහ කලොත් ඕක හරි යයි. C40 ය හොඳ ගිටාර් එකක්. ජය වේවා!!!

      Delete
    2. 2nd fret එකෙන් තමා ට්‍රයි කලේ. 4th fret එකේ ඇගිලි ටික තියාගන්න ඉඩ මදි වගේ. 4 string එකේ ඇගිල්ල ගොඩක් head එක පැත්තට වෙනවා. ඉතින් චොර සද්දයක් එන්නෙ. ඕක හදන්න ගියාම තව අවුල් ගොඩයි.ඇත්තටම මම හරිම අපහසුවෙන් ඇගිලි තියාගෙන ඉන්නෙ. නිකන් තියලා හිර කරලා වගේ.

      Delete
    3. මුලින්ම ගිටාර් එකකින් කෝඩ්ස් අල්ලන්න පුරුදු වෙද්දි හැම කෙනෙක්ටම වගේ එන පොදු ප්‍රශ්නයක් තමා අදාළ ෆ්රෙට්ස් ටිකේ හරියට ස්ට්‍රින්ග්ස් ටික අහු වෙන්න ඇඟිලි තියා ගන්න බැරිකම සහ අල්ලන කෝඩ් එකෙන් හරියට හඬ ගන්න බැරි එක. ඕකට එක හේතුවක් තමා කෝඩ් එක අල්ලන අත(දකුණත් කරුවෙකුගේ නම් වමත) ෆ්රෙට්ස් බෝඩ් එක සහ නෙක් එකට තබා ගන්න ආකාරය. මම මෙතෙක් ගෙනාපු පාඩම් වල කිසිම තැනක එහෙම අත තබාගන්න විදිහ සඳහන් කරල නැහැ. මට ඒක එච්චර ගානක් ගියේ නෑ. මම ඒක ගැන ඉක්මනටම ලිපියක් දාන්නම්. සාමාන්‍යයෙන් C40 යෙ ෆ්රෙට් බෝඩ් එක මහත(පළල) නිසා තමා ඔයාට ඔය ප්‍රශ්නෙ එන්නෙ මට හිතෙන විදිහට. දැනට පුරුදු වෙද්දී ඔයාගෙ අතේ මහපට ඇඟිල්ලෙන් ෆ්රේට් බෝඩ් එක තදින් අල්ලන්න යන්නෙ නැතුව ෆ්රේට් බෝඩ් එක පිටු පසින් තියා ගෙන අල්ල තව ටිකක් ෆ්රෙට් බෝඩ් එක යටින් ඉස්සරහට ගන්න. එතකොට ඇඟිලි පෙරට වඩා නිදහසේ ෆ්රෙට් බෝඩ් එක මත තියන්න පුළුවන්.

      Delete
    4. හරියටම පැහැදිලි උනේ නැති නම් මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලන්න
      http://www.idiotsguides.com/arts-and-entertainment/guitar/how-to-hold-guitar-left-fret-hand/

      Delete
    5. බොහොම ස්තූතියි යාලුවා.මම උත්සහ කරල කියන්නම්.

      Delete
  11. Matath hariyata uwamana karala thibunu deyak!Harima prayajanawath.Bohoma hondata wisthara karala thiyanawa.Bohoma isthuthiyi!

    ReplyDelete
    Replies
    1. සරත් අයියව සාදරයෙන් පිළිගන්නවා පින්තාරුවට. ඔබතුමාට මේකෙන් දෙයක් තේරුම් අරන් ඉගෙන ගන්න පුළුවන් උනානම් මට සතුටුයි. බොහොම ස්තූතියි අගය කිරීමට :). දිගටම මේ පැත්තෙ ඇවිත් යන්න එන්න කියල ආරාධනා කරනවා.
      ජය වේවා!!!

      Delete
  12. ඇත්තටම ගොඩක් හොද වැඩක් මෙ වගේ සිංහල ලිපි ගොඩක් නැති නිසා ගොඩක්ම ප්‍රයෝජවත් අපි වගේ පරක්කු වෙලා හරි ගිටාර් වාදනය ඉගෙන ගන්න ආස අයට රත්තරන් වටින වැඩක්.එ් නිසා අපි ගැනත් හිතලා මෙ වැඩේ නවත්වන්නනම් එපා කියලා ඉල්ලනවා.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍ර‍ාර්ථන‍ාකරනව‍ා.ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. රිප්ලයි කරන්න පමා උනාට සමාවෙන්න. සාදරයෙන් පිළිගන්නවා ඔයාව පින්තාරුවට. මං ලියපු පාඩම් 8 ක් තියෙනවා ගිටාරය ගැන.ඒවා බලලා ගිටාර් වාදනය පිළිබඳව මූලික අවබෝධයක් ගන්න පුළුවන් වේවි.

      Delete
  13. 5 වෙනි පාඩමත් ලගදිම ලැබෙයි කියලා හිතනවා

    ReplyDelete

ඔබගේ අදහස් , යෝජනා සහ චෝදනා මනාට කියන්න. ඒක ගොඩක් වටිනවා පින්තාරුව හැඩ කරගන්න.