සුභ දවසක් සියළු දෙනාටම. ඔන්න ගොඩ දවසකින් වෙනද වගේම අපේ සුපුරුදු ගිටාර් පාඩම් මාලාවට අදාළ ලිපියක් ලියන්න කල්පනා කළා. අපි මෙතෙක් කල් කතා කලේ කොහොමද ගිටාරයෙන් මේජර් සහ මයිනර් කෝඩ්ස් අල්ලන්නෙ කියල. එකම කෝඩ් එකක් ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකට අල්ලන අකාරය ඒ යටතේ මම ඔයාලට කියල දුන්නා. ඉතින් ඒ ක්‍රම දැන ගත්තට විතරක් මදි නොවැ ඒවා කොහොමද සිංදුවකට හරි වෙනත් නිර්මාණයකට හරි යොදා ගන්නෙ කියල දැන ගන්න ඕනනෙ. ඉතින් අද ඉඳන් කතා කරන්නෙ කොහොමද ඒ කෝඩ්ස් අල්ලන ආකාරයන් ප්‍රයෝගිකව යොදා ගන්නෙ කියල.
මෙතැනදී මට තව දෙයක් කියන්න ඕන කමක් තියෙනව. මම මේ අභ්‍යාස හැම එකක්ම බොක්ස් ගිටාරය භාවිතයෙන් පමණයි කරන්නෙ. සාමාන්‍යයෙන් අපි බොක්ස් ගිටාර් එකක් ආශ්‍රය කරගෙන නිර්මාණයක් කරද්දී භාවිතා කරන්නෙ ඕපන් කෝඩ්ස්. මම ඕපන් කෝඩ්ස් ගැන මුලින්ම ඔයාලට කියල දුන්න මතක ඇති. ඉතින් මම ඉදිරියේදී කරන සෑම අභයාසයකටම ඕපන් කෝඩ්ස් භාවිතා කරන්න තමයි තීරණය කලේ. ඒ අතර සමහර වෙලාවට ඊට අමතර ක්‍රමයන්ට අදාළ කෝඩ්ස් වාදනය කරන්නත් සිදුවේවි. නමුත් ඉලෙක්ට්‍රික් ගිටාර් වාදනය කරද්දී ඕපන් කෝඩ්ස් වලට වඩා අනිත් ක්‍රම දෙකට අදාල කෝඩ්ස් තමා භාවිතා කරන්නෙ. විශේෂයෙන්ම කණ්ඩායම් සංගීතයේදී. ඒ වගේම ලීඩ් ගිටාර් වාදනයටත් කෝඩ් එක සහ ස්කෙල් එක ගන්න අනිත් ක්‍රම දෙක භාවිතා කරනව.අපි ලීඩ් ගිටාර් වාදනය ගැන ඉදිරියේදී ලිපි පෙලකින් කතා කරමු.
අද මම කල්පනා කලේ ගිටාර් අභ්‍යාසය විදිහට ජනප්‍රිය ගීතයක් ඔයාලට කියල දෙන්න. මේ ගීතය ගුණදාස කපුගේ ශුරීන් ගායනා කරන ලද දුක හාදු දෙන රැයේ ගීතයයි. මුල්ම ගීතය ලෙස එය තෝරාගන්න හේතුව උනේ එහි කෝඩ්ස් භාවිතයේදී තිබෙන සරල බව සහ නිදහස් බවයි. මෙම ගීතය නිර්මාණය වී තිබෙන්නේ Em (E මයිනර්) කෝඩ් එක මුල් කරගෙනයි. ඒ වගේම මෙම ගීතය 3/4 තාලයට අනුව නිර්මාණය වුවකි. මෙහිදී ගීතයේ ඉන්ට්‍රඩක්ෂන් එහෙම නැති නම් මුල් සංගීත ඛණ්ඩයේදී එක් විශේෂ කෝඩ් එකක් භාවිතා කරනු ලබනවා. එය Esus (E සස්) කෝඩ් එකයි. අපි ඒ කෝඩ් එකත් ඉගෙන ගෙන යමු.
Esus
ඊට අමතරව එම ගීතයේ verse එක එහෙම නැති නම් අන්තරා කොටස් වලදී D7 කෝඩ් එකකුත් යෙදෙනව.
D7
තව දෙයක් කියන්න ඕනෙ. මම මේ ගීතයේ කෝඩ්ස් ටික උපුටා ගන්නෙ අපේ සහෝදර බ්ලොග් ලියන්නෙක් වන රොෂාන් විජේසේකරගෙ Sinhala Song Chords කියන බ්ලොග් අඩවියෙන්. පෞද්ගලිකව මම හිතන විදිහට ඔහු එම අඩවිය තුලින් කරන සේවය මෙතෙක් නිසි ඇගයීමකට ලක් වෙලා නැහැ. ඉතින් මම හිතුව මම අභ්‍යාස විදිහට යොදාගන්නා ගීත වල කෝඩ්ස් ඔහුගෙ අඩවියෙන් උපුටා ගත්තොත් ඒක ඔහුට කරන ඇගයීමක් සහ දිරි ගැන්වීමක් කියල. මොකද ඔය සිංදුවකට කෝඩ්ස් යොදනවා කියන එක එතරම් පහසු කටයුත්තක් නොවෙයි. ඒකට ගීතයක් කිහිප සැරයක් අහල නිවැරදි හැඟීම මතුවෙන විදිහට කෝඩ්ස් යොදන්න ඕනෙ. මම එහෙම කියන්නෙ ලංකාවේ ප්‍රසිද්ධම සිංහල සිංදු කෝඩ් වෙබ් අඩවියකට ගීත කිහිපයක කෝඩ්ස් නිර්මාණය කරල දීල මටත් අත්දැකීම් තියෙන නිසයි (ඒක ලොකු කමකට කිව්ව නෙමෙයි ඈ :D ). පහතින් තියෙන්නෙ අද කතා කරන ගීතයේ කෝඩ්ස් ටික. මම තවත් පහසු වෙන්න ගී පද වලට උඩින් කෝඩ්ස් ටික ලිව්වා අභ්‍යාස පහසු කිරීමට.
හරි අපි දැන් අභ්‍යාසය පටන් ගමු. මුලින්ම බලමු කොහොමද දුක හාදු දෙන රැයේ ගීතයේ Introduction එහෙම නැති නම් ගීතය හැඳින්වීමේ මුල් සංගීත ඛණ්ඩයට බොක්ස් ගිටාර් එක ආශ්‍රයෙන් කෝඩ්ස් වාදනය කරන්නෙ කියල.පහත තියෙන වීඩියෝ එක බලන්න. මම ඉතාමත්ම හෙමින් එම කොටස් වාදනය කරන්නෙ ඔයාලට ඉගෙන ගැනීමේ පහසුවට.
දැන් අපි බලමු ගීතයේ Chorus එහෙම නැති නම් ස්ථායි කොටස (ඔය කියන්නෙ මුල් පද ටිකට) කොහොමද වාදනය කරන්නෙ කියල.
දැන් බලමු මේ ගීතයේ Verse එහෙම නැති නම් අන්තරා කොටස් කොහොමද වාදනය කරන්නෙ කියල. මේ ගීතයේ අන්තරා කොටස් දෙකක් තියෙනව. ඒ කොටස් දෙකම එකම තාලයකට තමා ගායනා කරන්නෙ (බොහොමයක් සිංහල ගීත වල වගේ). ඉතින් මම මෙහිදී වාදනය කරන්නෙ එක Verse එකක් පමණයි.
පහළින් තියෙන්නෙ මේ කොටස් සියල්ලම එකතු වුනහම ගීතය වාදනය කෙරෙන ආකාරයයි. එකත් අහල බලන්නකො. පුළුවන් නම් YouTube එකේ ලයික් එකකුත් දාලම යන්න :D. මෙම ගීතය ගායන කිරීමේදී මා අතින් සිදුවී ඇති අඩුපාඩු වලට සමාව අයදිනවා.
හරි එහෙනම් අභ්‍යාසය අදට ඉවරයි. තවත් අභ්‍යාසයකින් ඉක්මනින් හමුවෙමු. සියළු දෙනාටම ජය වේවා!!!
ප.ලි:-
-> පසු කලෙක කපුගේ ශූරින් සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම සමග කරන ලද කැසට් පටයේදී මෙම ගීතය 6/8 තාලයට වාදනය කරන ලදී.
-> මෙම අභ්‍යාස වල අඩුපාඩු ඇත්නම් සමා වෙන්න ඕන.
-> කෝඩ්ස් උපුටා ගත්තේ http://sinhalachordsfactory.blogspot.com/2014/12/duka-haadu-dena-gunadasa-kapuge.html
-> කෝඩ්ස් උපුටා ගත්තේ http://sinhalachordsfactory.blogspot.com/2014/12/duka-haadu-dena-gunadasa-kapuge.html
-> ඉහත තිබෙන කපුගේ මහතාගේ ෆොටෝ එක ගත්තෙ මෙතනින්.
ජය වේවා , මෙන්න පි පුල පුලා බලාසිටි පාඩමක් සමගින් ..පිළිගන්න මනාආආආආආආආආආ
ReplyDeleteහැක් හැක් :D. ඕ..න්න ආවා. ඕ..න්න ආවා. මෙතෙක් කලක් ඔබ පුල පුලා බලා සිටි ගිටාර් අභ්‍යාස අංක එක, ඕ..න්න ආවා. ඉවාන් සහෝට ජය වේවා!!!
Deleteමම ඉස්සර ගිටාර් ගහපු කාලෙ දුක හාදු දෙන කාලෙ පුරුදු උනා...ඒ කාලෙ එ් ගීතය නම් යන්තං තලා ගන්න පුලුවන් මට්ටමට ලගා උනා. මට ගිටාර් එකක තිබ්බා නම් කාමරේ තනිකම මැකෙන්න ගහන්න තිබුනා බං..පුදුම පාලුවක් මගේ මේ කාමරේ තියෙන්නෙ...වෙලාවකට එපා වෙනවා...
ReplyDeleteමම නම් කියන්නෙ සිරා අයියෙ ආයෙ දෙපාරක් හිතන්නෙ නැතුව ගිටාර් එකක් අරගන්න කියල. එතකොට ඔය පාළුව තනිකම යවාගන්න පුළුවන් වෙයි. ගිටාර් වාදනය කරල පළපුරුද්දත් තියෙන එකේ ඕක පොඩ්ඩක් ඔප දාගන්න බැරි වෙන එකක් නෑ. පොඩ්ඩක් උත්සහයක් දාල බලමු. ජය වේවා!!!
Deleteනියමයි මනා ...කොහොම හරි පුරුදු වෙන්න ඕනෑ .පහුගිය දවස් ටිකේ ගිටාර් එක අල්ලන්නවත් බැරිඋනා ..(පැට්ටිස් කලේ නැ කියලා පන්තියෙන් එලවනවා හෙම නෙවෙයි හරිය )
ReplyDelete"කළුවර රෑ තරු පායන දා මම
තනිවම ඔබ ගැනමයි සිතුවේ
ස්වරයට මුසුවන නුඹට නෑසෙනා
ගිටාරයේ තත්සර නාදේ"....
(ගත්තේ මෙතැනින් .https://punarkaviya.wordpress.com/2010/10/17/%E0%B6%9C%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%BB-%E0%B6%B1%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A/)
පිස්සුය ඔහෙට :p. එහෙම කරනවද මේ මම. මේ ලින්ක් එකෙන් ගිහින් බ්ලොග් එක බැලුව මම. සැහෙන්න දේවල් ලියල තියෙනවා නේ. ස්තුතියි ඒක පෙන්නුවට. ජය වේවා!!!
Deleteබොහොම වැදගත් ලිපියක් මනා..
ReplyDeleteජය වේවා
බොහොම ස්තුතියි සංචා. ජය වේවා!!!
Deleteela kohamahari api mahansi wela padamak gatta
ReplyDeleteගිටාර් ගැන සැහෙන්න උනන්දුවක් තියෙන කෙනෙක් වගේ. ආඩම්බරයි ඔබ ගැන ඇනෝ. ජය වේවා!!!
Deleteයකෝ මෙන්න මුන් සින්දුත් ගහන්වා....ඒකත් කපුගේගෙ....ගිටාර් එක කොහේද දන්නෙත් නෑ.... හිටු හිටු...මාත් එනවා...
ReplyDeleteමනා,මේක ටිකක් පෞද්ගලික ප්‍රශ්නයක්...ඔය ගිටාර් එකවගේම තියන යට හරිය රබානක් වගේ පෙනුමක් තියන වාදන භාන්ඩය මොකද්ද මචෝ?උඹට මතකනම් "ආදරනීය රෝහණ "ෂෝ එකේ ඇන්තනී සුරේන්ද්‍ර වාදනය කරපු එක.ඒකේ ලීඩ් ගිටාර් එකක් තිබුනේ නෑ.සුරේන්ද්‍ර ඒකෙන් තමා ලීඩ් පාර්ට් ප්ලේ කලේ.අහල තියන විදිහටනම් ඒක වාදනය කරන්න ඉස්සර හිටපු හොඳම වැඩ්ඩා සුරේන්ද්‍රගේ තාත්තා.පුළුවන්නම් ඒකගැන පොඩ්ඩක් කියල දියන් ගුරුතුමනි...(ඒක ගැන ටිකක් හිත ගිය නිසයි ඇහුවේ).
ජය වේවා...නොනැවතී ඉදිරියට....
හා හා කලබල වෙන්න දෙයක් නෑ. නිවීසැනසිල්ලේ පුරුදු වෙන්න පුළුවන්. හැක් හැක් :D.
Deleteආ ඕකට කියන්නෙ බැන්ජො එක කියල. මම ඕක ගැන හෙට අනිද්දා ලිපියක් දාන්නම්කො. ගොඩක් දේවල් තියෙනවා ඕක ගැන කතා කරන්න. එළ අයිඩියා එකක්. මමත් ලියන්න දෙයක් හොය හොයා හිටියෙ. තැන්කු කටුස්සට. ජය වේවා!!!
දැන් ඉන්තින් නිදහසට කරන නැහැ ප්‍රක්ටිස් කරන්න වෙනව. බොහොම ස්තුතියි මනා.
ReplyDeleteදැන් ඉතින් ප්‍රැක්ටිස් කරන්න ගන්න. හැමදාම තියරි බැලුවහමත් එපා වෙනවනෙ අජිත් අයියෙ ;). අපි හෙමිට පුරුදු වෙමු සිංදු කීපයක්. ජය වේවා!!!
Deleteමල්ලි ඊළඟ එකේදී යුටියුබ් ලින්ක් එකත් දාන්න. ස්තුතියි.
Deleteමම දාන්නම් ලිනක්ස් ටික :)
Deleteනියමයි මනා.........................
ReplyDeleteබොහොම ස්තුතියි කුරුටු!!!!
Deleteමුල ටික ගහගෙන යනකොට කෝඩ් ටික අමතක වෙනවනේ. පැයක් විතර නැහුන. හෙටවත් බලමු.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසහෝදර මනා ඔබගේ සේවය අති විශිෂ්ටයි ඔබට ජය,,,,,,,,, මගේ කෝඩ්ස් වල අඩුපාඩු තිබුනොත් කියන්න,,,,
ReplyDeleteබොහොම ස්තුතියි රොෂාන්. මට අප්සට් තැනක් තිබ්බොත් අනිවා කියන්නම්.
Deleteගිටාර් පාඩම දිගටම කරගෙන යමුකෝ... මම මනා ගේ බ්ලොග් එක බලාගෙන තමයි ගිටාර් එක ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ. තාම ගිටාර් එක අරන් සතියයි....:D
ReplyDeleteරන්දු සාදරයෙන් පිළිගන්නව පින්තාරුවට. ගිටාර් පාඩම නවත්තල නැහැ තාම. මම ඉක්මනට ඊළඟ අභ්‍යාසය දාන්නම්. මගේ පාඩම් විතරක්ම බලල යම්තාක් දුරකට මූලික දේවල් ඔයාට ඉගෙන ගන්න සහ ප්‍රගුණ කරගන්න පුළුවන් වෙයි. අළුතෙන් ගිටාර් එක ගත්තට කමක් නැහැ උත්සාහය මගින් හැකියාව දියුණු කරගන්න :D. දිගටම මේ පැත්තෙ එන්න. ජය වේවා!!!
Delete