Sunday, November 9, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2




guitar_lesson_managepintharuwa



සුභ දවසක් ඔයාල හැම දෙනාටම. මම අද කතා කරන්නේ මිට කලින් සංගීතය සම්බන්ධ පෝස්ට් එකේ තිබුණු ගිටාර් වාදනය හා සම්බන්ධවයි. එම පොස්ට් එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න.  අද එම පෝස්ට් එකේ සිට ඉදිරියට කතා  කරන් යන්න තමයි මනා හිතන් ඉන්නේ. අද දින සිට ගිටාරය මගින් කෝඩ්ස් (Chords) වාදනය කරන විවිද ආකාරයන් ගැන ඉගෙන ගන්න ඔයාලට පුළුවන්. කෝඩ්ස් සම්බන්ධව මුලික වශයෙන් තිබිය යුතු දැනුම සම්බන්ධව මම මිට කලින් පෝස්ට් එකක් මගින් කතා කලා ඔයාලට මතක ඇති. එක බලපු නැති ය මෙතනින් ගිහින් ඒ පෝස්ටුවත් බලන්න.



මනාට මිට කලින් පොස්ටුවෙන් මෙන්න මේ දේ කියන්න අමතක උනා. ඔයාලට මතක ඇතිනෙ මම කෝඩ්ස් ගැන කතා කරද්දී කිවා ප්‍රධාන වශයෙන් කෝඩ්ස් වර්ග දෙකක් තියෙනව කියල මේජර් සහ මයිනර් වශයෙන්.  අමතරව තවත් කෝඩ්ස් වර්ග ගොඩක් තියෙනව කියල කිව බවත් මතක ඇති නෙ.  අන්න ඒ කීව කෝඩ්ස්  වර්ග වැඩි හරියක් එක් සංගීත නිර්මාණයක් (ගීතයක්, වෙනත් සංගීතමය නිර්මාණයක්) තුලදී භාවිතා කරනවා. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට එක නිර්මාණයක් තුලදී සමහර විට මේජර්, මයිනර්, සෙවන්ත් සහ සස් කියන කෝඩ්ස් වර්ග විවිධ හැඟීම් ඉස්මතු කරන්න යොදා ගන්න පුළුවන්. අන්න ඒක හොඳට මතක තියා ගන්න. ඉතින් හොඳ නිර්මාණයක් කරන්න හරි, තියෙන නිර්මාණයක් ඒ ආකාරයෙන් වාදනය කරන්න හරි මෙම කෝඩ්ස් වර්ග ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එකට මනාට පුළුවන් උපරිමයෙන් මෙම පොස්ට් ටික ඉදිරියටත් ඔයාල වෙනුවෙන් ගෙන්න තමා හිතන් ඉන්නෙ. 

හරි දැන් අපි අද මාතෘකාවට යමු. මම මෙහෙම කියන්නම්. මම කලින් කීව කෝඩ්ස් වර්ග වලින් එක් එක් කෝඩ් වර්ගයන් ගිටාරයේ ස්වර පුවරුවේ තිබෙන  විවධ ෆ්රෙට්ස් (frets) භාවිත කරල විවිධ ආකාර වලට වාදනය කරන්න පුළුවන්. ඒ කියන්නෙ උදාහරණයක් විදිහට අපි මේජර් කෝඩ්ස් වාදනය කරනවනම් මේජර් කෝඩ් එකක් ගිටාරයෙන් අල්ලන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ගැන ඉදිරියේදී පැහැදිලිව ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වේවි. 

මම අද ඔයාලට කියල දෙන්නෙ ලෝකයේ සිටින බොහෝ දෙනෙක් අකොස්ටික් (acoustic) ගිටාරය ඉගෙන ගනිද්දී මේජර් සහ මයිනර් කෝඩ්ස් වාදනය කරන ආකාරය ගැනයි. මෙයට ඕපන් (Open) කෝඩ්ස් යැයි කියනු ලබනවා. එහෙම ඉගෙන ගන්න බොහෝ දෙනෙක් එම කෝඩ්ස් ටික අල්ලන ක්‍රමය පමණක් ඉගෙන ගෙන සෑම සංගීත නිර්මාණයක්ම වාදනය කරනු ලබනවා. එසේ කරන්නේ ගිටාරයට සවි කරන වෙනත් උපකරණයක් අධාරයෙනි. එම උපකරණයට කැපෝ (capo) එක කියල කියනවා. මෙම උපකරණයෙන් සිදු කරන්නේ ගිටාරයේ තත් (Strings) හය විවිධ ස්කේල් වලට හරවා ගැනීමයි (සුසර කර තිබෙන ආකාරය වෙනස් කර ගැනීමයි). ඒ සම්බන්ධවත් දැනගෙන සිටීම වැදගත් නෙ. 







        


කැපෝ (capo) එක




මෙම ක්‍රමයට ඉගෙන ගනිද්දී ගිටාරයේ ස්වර පුවරුවේ  ඇති 1, 2 ,3 සහ 4 වෙනි ෆ්රෙට්ස් පමණක් බොහෝ විට යොදාගනු ලබනවා. මෙහිදී ගිටාරයේ ස්වර පුවරුවේ ඇති  ෆ්රෙට්ස් හඳුන්වන්නේ පහත ආකාරයටයි.


frets

තත් ලකුණු කරන්නේ පහත ආකාරයටයි.

frets



එලෙසම ගිටාරයේ කෝඩ්ස් අල්ලන පිළිවෙල අඳින විට පහත සලකුණු යොදා ගනු ලබනවා.

marks_for_guitar


මා විසින් ඉදිරිපත් කරනු ලබන කෝඩ් සියල්ලෙහිම අදාල ස්වර සහ එම ස්වරය තිබෙන ෆ්රෙට් එකේ ඇති තත(String) ඇල්ලිය යුතු ඇඟිල්ලේ අංකයද සටහන් කර ඇත.

කෝඩ්ස් අල්ලන ආකාරය රූප සහිතව ඊළඟ පිටුවෙ සඳහන් කරල තියෙනවා. ඔතන පහලින් තිබෙන අංක 2 ක්ලික් කරල ඒ පිටුවට යන්න.


Pages: 1 2

Saturday, November 8, 2014

ෆේස්බුක් (Facebook) හි ඇති ස්කෑම් (Scams) හඳුනාගෙන ඒවායින් ආරක්ෂා වෙමු.



scams



සුභ දවසක් ඔයාල හැමදෙනාටම. අද මම ගේන්නෙ facebook (ෆේස්බුක්) සමාජ ජාලය සම්බන්ධ වැදගත් කියල හිතෙන පෝස්ට් එකක්. facebook සමාජ ජාලය පුරා ඇති විවිධ වර්ගයේ Scams (ස්කෑම්ස්) පිළිබඳව දැනුවත් කරිමක් කරන්න තමයි මේ පෝස්ටුවෙන් මනා බලා පොරොත්තු වෙන්නේ.



මොකද්ද මේ Scam (ස්කෑම්) එකක් කියල කියන්නේ?


ස්කෑම් (Scam) එකක් කියන එක සරලවම පැහැදිලි කලොත් මෙහෙම කියන්න පුළුවන්. කෙනෙකුට අයිති වටිනාකමක් ඇති දෙයක්, කුට(වංචාකාර) උපක්‍රමයක් මගින් තවත් පුද්ගලයෙකු, කණ්ඩායමක් හෝ ආයතනයක් මගින් ලබාගැනීමට එහෙම නැත්නම් අයිති කරගැනීමට උත්සහ කිරීම ස්කෑම්  එකක් කියල හඳුන්වනවා. ඉතින් මේක අන්තර්ජාලය සමග සම්බන්ධ උනාම වටිනා දේවල් විදිහට ගණන් ගැනෙන්නේ කෙනෙකුගේ ඇති පෞද්ගලික තොරතුරු එහෙම නැතිනම් දත්තයන් වගේ දේවල්. 

විශේෂයෙන් සමාජ ජාලයකදී ස්කෑම් එකක් පතුරවන්න පහසු වෙන්නෙ කෙනෙකුගේ තියෙන කුතුහලය අවුස්සලා. එහෙම කුතුහලය ඇවිස්සෙන දෙයක් සම්බන්ධ කරපු ගමන් මේ සමාජ ජාල වල සිටින පුද්ගලයන් ගොඩ දෙනෙක් එම ස්කෑම් වලට හසු කරගන්න පුළුවන්.

පසුගිය වසර දෙක පුරාවටම facebook (ෆේස්බුක්) එක තුල මේවගේ ස්කෑම්ස් 850,000 ට  වැඩි ප්‍රමාණයක් හදල තියෙනවා කියල අන්තර්ජාලයේ ආරක්ෂාව සම්බන්ධව ඇති ආයතනයක් වන බිට් ඩිෆෙන්ඩර් (Bitdefender)  ආයතනය මගින් එළි දක්වන ලද අලුත්ම වාර්ථාවක සඳහන් කරලා තියෙනවා. එම ස්කෑම් ගොනුව අතරින් වැඩියෙන්ම පැතිරුණ ස්කෑම් වර්ග පහ ගැන තමයි අද ඔයාලට කියන්න යන්නේ.

1)  පළවෙනියටම තියෙන්නෙ තමන්ගෙ ෆේස්බුක් ප්‍රොෆයිල් එක බැලුවේ කවුද කියල දැන ගන්න ක්ලික්(click) කරන්න කියල ලින්ක් (link) එකක් ප්‍රදර්ශනය වන ස්කෑම් වර්ගයක්. ඒක ෆේස්බුක් ඇප්(App) එකක් විදිහට තමා තියෙන්නෙ.කවුරු හරි කෙනෙක් එක පාවිච්චි කරන්න තමන්ගේ ප්‍රොෆයිල් එකට අවසර දුන්න ගමන් එම කෙනා ඔය කියන ස්කෑම් එකට අහු වෙනවා. නමුත් එමගින් කෙනෙකුගේ ප්‍රොෆයිල් එක බලපු අයගේ  දත්තයන් එකතු කරන නිත්‍යානුකූල සේවයක් නැහැ.  ඊට පස්සේ එයාගෙ නමින් hey guys, see wh0 is watching y0ur pr0file! වගේ මැසේජ් එකත් එක්ක ලින්ක් එකක් ප්‍රදර්ශනය වෙනවා. ඉතින් තව කෙනෙක් එම ලින්ක් එක ක්ලික් කරපු ගමන් එයත් ඒකට අහු වෙනවා. මේක ඔයාලට ගොඩක් දැකල පුරුදු ඇති. ඔය වගේ තවත් එක එක දේවල් කරන්න පුළුවන් කියල ලින්ක් එකක් ප්‍රදර්ශනය වන ස්කෑම් වලට ෆේස්බුක් පරිහරණය කරන්නන්ගෙන් 30% ට අසන්න ප්‍රමාණයක් හසුවී තිබෙන බව වැඩි දුරටත් ඉහත වාර්තාව විස්තර කරලා තියෙනවා.

                                      scam_links



2)  ඊළඟ වර්ගය තමා විවිද දේවල් ලබා දෙන බව පවසන ස්කෑම්ස්. උදාහරණයක් විදිහට මොකක් හරි වැදගත් ප්‍රසංගයකට හෝ එවැනි වෙනත් උත්සවයකට සහභාගී වීමට ටිකට් පතක් දෙන බව පැවසීම, තවත් මොකක් හරි දීමනාවක් ලබා දෙන බව පැවසීම වගේ දේවල් පෙන්වන්න පුළුවන්. මේ විදිහට දෙයක් නොමිලේ ලැබෙන බව පවසමින් ලින්ක් එකක් ක්ලික් කරන්න කියල පවසන එක. මේ විදිහට දෙයක් ලබා ගන්න පුළුවන් කියල දැනගත්තම ෆේස්බුක් භාවිතා කරන්නන් එම ස්කෑම් වලට හසු වෙන ප්‍රවනතාවය වැඩියි. ඒ විදිහට 16.5% ක ෆේස්බුක් පරිහරණය කරන්නන් ප්‍රමාණයක් හසු වෙලා තියෙනවා.


                                       scam_links



3) සහ 4)  ඊළඟට තියෙන ස්කෑම් වර්ග තමා ප්‍රසිද්ධ පුද්ගලයන් (උදා: ජනප්‍රිය සිනමා නිළියන්ගේ) නිල් වීඩියෝ (sex tapes) බැලීමට පැමිණෙන්න කියල ලින්ක්‌(link) එකක් ප්‍රදර්ශණය කරන එක සහ හොරෙන් leak (ලීක්) උන බව පවසමින් ප්‍රසිද්ධ නිළියන්ගේ අසභ්‍ය ඡායාරුප බැලීමට click (ක්ලික්) කරන්න කියල ලින්ක් පල කරන ස්කෑම්ස්. මේ විදිහට ෆේස්බුක් පරිහරණය කරන අයගෙන් 7.5% ක පිරිසක් මෙම ස්කෑම් වලට හසු වී තිබෙනවා කියල තමා අර වාර්තාවේ කියල තියෙන්නේ.


                                     scam_links



5)  මෙම කියන ස්කෑම් වර්ගය ඉහත කියන ලද වාර්තාවේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මේ වර්ගයෙන් කරන්නේ නරක ආශාවන් අවුස්සන විදිහේ වීඩියෝ බලන්න කියල උනන්දු කරවන ලින්ක් ප්‍රදර්ශනය කරන ස්කෑම් වර්ග. එහෙම ඒවට  හසුවුන ප්‍රමාණය 1%ක් විදිහට සඳහන් කරලා තියෙනවා.


                                     scam_links



මේ විදිහට ස්කෑම් වලට හසු වුනාට පසුව එම පුද්ගලයන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් වලට විවිධ බාධක එහෙම නැති නම් පෙර තිබු පරිදි ක්‍රියා කිරීමේ අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන් කියල වැඩි දුරටත් බිට් ඩිෆෙන්ඩර් මගින් කියල තියෙනවා. ඒ වගේම මෙවැනි ස්කෑම්ස් වෙනත් සමාජ ජාල හෝ ඊමේල් (email) හරහාද ඔයාලව හොයාගෙන එන්න පුළුවන්. ඉතින් ඔයාලත් ෆේස්බුක් හරි වෙනත් සේවාවක් හරි අන්තර්ජාලය හරහා භාවිතා කරන විට මෙවැනි ස්කෑම් හඳුනාගෙන ඒවගෙන් ඈත් වෙලා ඉන්න පුරුදු වෙන්න. කෙටියෙන්ම කියනවනම් තමන්ගේ හිතේ විවිධ ආකාරයේ  සිතුවිලි හෝ හැඟීම් ඇති කරන දේවල් වලට හසු වෙන්නෙ නැතුව හිත පාලනය කරන් ඉන්න එක ගොඩක් හොඳයි. එහෙනම් තවත් පෝස්ට් එකකින් අපි හමු වෙමු. ජය වේවා !!!   

Thursday, November 6, 2014

ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 1





සුභ දවසක් ඔයාල හැමදෙනාටම. මනා අද ගේන පෝස්ට් එකත් සංගීතය හා සම්බන්ධ එකක්. මේ ලියන පෝස්ට් එක මීට කලින් ලියන ලද සංගීතය සම්බන්ධ පෝස්ටුව සමග තරමක් සම්බන්ධයි.ඒ පෝස්ට් දෙක මෙතනින් සහ මෙතනින් ගිහින් බලන්න. අද මම කියන්න යන්නෙ ගිටාරය (Guitar) වාදනය කිරීමට ඉගෙන ගන්නා අකාරය ගැනයි.මේ පෝස්ටුවේ කියන සියලුම කරුණු ඉතා හොඳින් මතක තබා ගැනීම වැදගත් යැයි මනාට හිතෙනවා. ගිටාරය ඉගෙන ගැනීම සම්බන්ධ සියලුම කරුණු මෙම තනි ලිපියෙන් විස්තරකිරිම කල නොහැකි දෙයක්. ගිටාරය සම්බන්ධ සියලු කරුණු මුල සිටම පොස්ට් කිහිපයක් මගින් ඔයාලට ගෙන්න තමයි මනා අදහස් කරගෙන ඉන්නෙ. අපි දැන් එහි මුලික කරුණු ගැන දැන ගනිමු. 

මුලින්ම ගිටාරය යන සංගීත භාණ්ඩය ගැන කරුණු ටිකක් දැන ගැනීම වැදගත්. මෙය තත් භාණ්ඩයක්. ඒ කියන්නේ ගිටාරයක හඬ නිපදවෙන්නේ තත් කම්පනය කිරීම මගින්. තතක් කියල කියන්නෙ ගිටාරයේ තිබෙන ස්ට්රින්ග් (String) එහෙම නැත්තම් වයර් එහෙමත් නැත්තම් කම්බියකට කියල මතක තියාගන්නකො. සාමාන්‍යයෙන් ගිටාරයට තත් එහෙම නැතිනම් Strings හයක් තිබෙනවා. ඊට අමතරව තත් දොළහක් සහිත ගිටාරයන් ද ඇත. ගිටාරය කියල අපි පොදුවේ කිව්වට ගිටාර් වර්ග කිහිපයක් තියෙනවා. 

1) විද්යුත් පරිපථයක් ආධාරයෙන් තත් කම්පනය කර හඬ නිපදවෙන ගිටාර්(Electric Guitar
2) ස්වභාවිකව තත් කම්පනය මගින් හඬ නිපදවෙන ගිටාර්(Acoustic Guitar). 

මෙහිදී Electric Guitar තවත් වර්ග කිහිපයකට මුලිකව බෙදන්න පුළුවන්.
1) Rhythm Guitar (රිදම් ගිටාර්) 
2) Bass Guitar (බේස් ගිටාර්) (බේස් ගිටාරයට තත් හතර(4) , පහ(5) සහ හය(6) වශයෙන් තිබේ)
3) Lead Guitar (ලීඩ් ගිටාර්)

Acoustic Guitar අපි මුලිකව බොක්ස් ගිටාරය (Box Guitar) එහෙම නැතිනම් ක්ලැසිකල් ගිටාරය (Classical Guitar) ලෙස හඳුන්වනවා. සාමාන්යයෙන් ගිටාරයක් වාදනය කිරීමට ඉගෙන ගැනීමේදී මනාට අනුව නම්  Classical Guitar (ක්ලැසිකල් ගිටාරය) මුලින්ම ඉගෙන ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම ඔබ Rhythm Guitar (රිදම් ගිටාර්), Bass Guitar (බේස් ගිටාර්) හෝ Lead Guitar (ලීඩ් ගිටාර්) වාදනයට ඇල්මක් දැක්වුවත් ඒ සෑම දෙයකටම කලින් ඔබට box ගිටාරය වාදනය පිළිබඳව මුලික අවබෝධයක් තිබිය යුතුයි. එමගින් ඔබට ඉතා පහසුවෙන් මුලින් සඳහන් කල ගිටාර් වර්ග වාදනය කිරීමට අවස්ථාව උදාවනු ඇත.   

සාමාන්යයෙන් ගිටරයන් වාදනය කරන ශයිලින් කිහිපයක් තියෙනවා.  ෆ්ලෙමින්කෝ (Flamenco), ජෑස් (Jazz), බ්ලූස් (Blues) රොක් (Rock), පන්ක් (Punk), රෙගේ (Reggae) යන ශයිලින් මේ අතරින් විශේෂයි. ඒ ශයිලින් සම්බන්ධව අපි වෙනම පොස්ටු කිහිපයකින් කතා කරමු. 

ගිටාරයක් වාදනය කිරීමට පෙර එහි තිබෙන කොටස් හඳුනාගැනීම ඉතාමත්ම වැදගත්.මුලින්ම අපි ගිටාරයේ තිබෙන කොටස් මොනවද කියල දැනගෙන ඉමු. පහත තිබෙන රූපය මගින් එම කොටස් හඳුනාගන්න.




ගිටාරය වාදනය ඉගෙන ගැනීමේදී එහි ස්වර පුවරුව (Fret board) ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ස්වර පුවරුවේ ෆ්රෙට්ස් (Frets) සහ පොසිෂන් මාක්ස් (Position Marks) ඇත. සාමාන්‍යයෙන් Acoustic ගිටාරයක පොසිෂන් මාර්කස් ස්වර පුවරුව මත ලකුණු කරන්නේ නැත.   සාමාන්‍යයෙන් ගිටාරයේ ස්වර පුවරුවට ෆ්රෙට්ස් (Frets) 15ක්  ඇත.ඊට වඩා ෆ්රෙට්ස් සංඛ්‍යාවක් ඇති ගිටරයන්ද තිබේ. පහත රුපය මගින් ඔබට මම කියන දෙය වැටහේවි.


fretboard_guitar



guitar_fretboard 

















ඒ වගේම ගිටාරයේ ඇති තත් හය තිබෙන පිළිවෙළ දැනගැනීමත් වැදගත්. එය පහත රුපය මගින් ඔබට ඉගෙන ගන්න පුළුවන්.

guitar_manaa


ලෝකයේ බොහෝ දෙනෙකුගේ හුරු අත දකුණත බැවින් මෙම පොස්ට් එක මගින් කියා දෙන කරුණු දකුණත් කරුවන් සඳහා වඩාත් යෝග්‍ය වේ. වමත හුරුඅත වුනු කෙනෙකු හට ගිටාරය වාදනය කිරීමේදී දකුනත්කරුවන් වාදනය කරන ක්‍රමයට ප්‍රතිවිරුද්ධ ක්‍රමයට ඉගෙන ගත යුතු වේ. 

ගිටාරයේ ස්වර පුවරුව මත තබා ගන්නා අත වම් අතයි. මෙහිදී වම් අතේ ඇඟිලි අංක කිරීම දැනගැනීම ඉතා වැදගත් දෙයක්.ඇඟිලි අංක කරන්නේ මෙසේයි.


finger_Numbering_for_guitar


ගිටාරය සුසර (Tune) කරන්නේ කෙසේද?


ගිටාරයේ ඇති තත් හය සංගීතයේ ඇති ස්වර දොළහේ ඇති ශුද්ධ ස්වර කිහිපයකට සකසා ගැනීම සුසර(Tune) කිරීම ලෙස හඳුන්වනු ලබයි.ගිටාරය සුසර කරන්නේ එහි ඇති තත් හය නිදහසේ ඇති අවස්ථාව(එනම් බින්දු වෙනි ෆ්‍රෙට් එක) සලකා බව මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත්(එනම් තත් හය වම අතේ ඇඟිලි මගින් අල්ලන්නෙ නැති  අවස්ථාවයි). ගිටාරය සුසර කිරීම සඳහා ගිටාර් ටියුනරයක් (Guitar Tuner) හෝ වෙනත් සංගීත භාණ්ඩයක්(විදුලි ඕගනය,තවත් සුසර කරන ලද ගිටාරයක් ...) යොදා ගත හැකිය. 

ගිටාරය සුසර කරන්නේ මෙහෙමයි.

guitar_tune_notes


මෙසේ ඉහත පරිදි ගිටාරය සුසර කරගත් පසු ස්වර පුවරුවේ ඇති දොළොස්වන(12) ෆ්රෙට්(Fret) එකේදී නැවතත් අපි ගිටාරය සුසර කරගත් බින්දු වෙනි ෆ්රෙට් එකේ තිබුණු ස්වර වලම උච්ච ස්වර ලැබෙන බවත් මතක තබා ගැනීම වැදගත්. ගිටාරය සුසර කරගත් පසු එහි තත් හය(6) මගින් ෆ්රෙට්(Frets) දොළහ පුරා ස්වර සැකසෙන ආකාරය ගැන අපි දැන් කතා කරමු.

ගිටාරයේ පළමු තත (1st String) සහ හයවන තත (6th String) සංගීතයේ "ග" (E) ස්වරයට සුසර කරගනු ලබන බව ඔබ දැන් දන්නවා. සංගීතයේ ඇති ස්වර පිලිබඳ අවබෝධයෙන් එම "ග" ස්වරයේ සිට දොළොස් වන ෆ්රෙට් එක දක්වා ඉදිරියට ස්වර  විහිදී යන ආකාරය ඔබට දැන් තේරුම් ගැනීමට හැකියාවක් ඇත.
එලෙසම ඉතිරි තත් හතරත් එලෙසම දොළොස් වන ෆ්රෙට් එක දක්වා ඉදිරියට විහිදී යනු ලබයි. එය පහත රුපයෙන් ඔබට තේරුම් ගැනීමට පුළුවන් වෙයි.මෙහි 0 සිට 12 දක්වා  ලා නිල් පැහැයෙන් පෙන්වා ඇත්තේ ෆ්රෙට් වල අංක පිළිවෙලයි.

guitar_fret_notes


ඉහත රුපය මගින් පෙන්වනු ලබන ස්වර සියල්ලෙන්ම ශුද්ධ ස්වර පමණක් පහත රුපය පරිදි පෙන්විය හැකිය.

guitar_notes


මෙම රුපය බැලුවම ඔයාලට සංගීතයේ ස්වර ස්වප්තකය තැන් කිහිපයකින් හොයා ගන්න ඔයාල ටිකක් උත්සහ කලොත් පුළුවන් වේවි. උදාහරණයක් විදිහට මේ පහත රුපය බලන්න.මෙහි කොළ පැහැයෙන් පෙන්වා දී ඇත්තේ ස්වර ස්වප්තකය ඇති පළමු ස්ථානයයි.

lower_scale_guitar


දැන් ගිටාරය හා සම්බන්ධ මුලික කරුණු රැසක් ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඇති කියල මනා හිතනවා. ගිටාරය යොදා ගනිමින් කෝඩ්ස්(Chords) වාදනය කරන නිවැරදි ක්‍රම ගැන අපි ඉදිරි පෝස්ට් කිහිපයකින් කතා කරමු. එතකන් මේ පෝස්ට් එකේ කියල තියෙන මුලික කරුණු හොඳින් අවබෝධ කරගන්න. ඒ වගේම මේ පෝස්ට් එකේ නොතේරෙන තැනක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් පෝස්ට් එකකින් හමුවෙමු.ජය වේවා!!!